සිලය යනු සුදු පැහැයෙන්වත් කහ පැහැයෙන්වත් යුත් රෙදි වල
ඇතුලත් වු දෙයක් නොවන අතර මිනිසාගේ සිත, කය, වචනය සංවර කර ගැනිමකි. අපි එම සංවර බව
ඇති කර ගැනිමට අදිටන් කර ගනිමු.
අද මැදින් පුර පසළොස්වක දිනය වේ.
මේ උතුම් පිංබර දිනයේ මගේ පියා ඇතුළු මිය ගිය අනෙකුත් සියළුම ඥාතින්ටත්, රටදැය වෙනුවෙන් දිවිපිදු සියළුම විරුවන්ටත්, ඔබගෙ මිය ගිය සියළුම ඥාතින්ටත් සහ දැයට වටිනාකමක් එක් කර මිය ගිය අබේවර්ධන බාලසුරිය මහතා ඇතුළු සියළුම කලා සහෘදයන්ටත් අපි කරන්නා වු පිං අනුමෝදන් වෙත්වා!
මේ උතුම් පිංබර දිනයේ මගේ පියා ඇතුළු මිය ගිය අනෙකුත් සියළුම ඥාතින්ටත්, රටදැය වෙනුවෙන් දිවිපිදු සියළුම විරුවන්ටත්, ඔබගෙ මිය ගිය සියළුම ඥාතින්ටත් සහ දැයට වටිනාකමක් එක් කර මිය ගිය අබේවර්ධන බාලසුරිය මහතා ඇතුළු සියළුම කලා සහෘදයන්ටත් අපි කරන්නා වු පිං අනුමෝදන් වෙත්වා!
තවද මාගේ අම්මා ඇතුළු ඔබගේ ආදරණිය දෙමව්පියන්ටද මේ උතුම් දිනයේ මම නිදුක් නිරෝගි බව පතමි!
මටත් වඩා මං පිළිබඳව සිතමින් මට ආදරය කරන ආදරණිය ශ්‍යමිටත්, ඒ වගේ ම සියළුම බ්ලොග් කරුවන්ටත් සහ මාගේ මෙන්ම ඔබගේ පවුල් වල සියළුම දෙනාටත් පිංබර මැදින් පුන් මංගල්‍යයක් වේවා!
=======================================================================
පින්තුරය - http://www.dailynews.lk |
රන්
දිවයින නම් ගීත ඇල්බමයට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් ලියා ඇති පහත සඳහන් මෙම පුංචි සටහනත් සමඟ අබේවර්ධන
බාලසුරිය නම් ඒ සුන්දර මිනිසා පිළිබඳව මතය අලුත් කරමි. ෙමම පුංචි සටහන
දයානන්ද අයියාගේ අස්වැන්න තුලින් මගේ දින පොතට පිටපත් කරගෙන බොහෝම කාලයකි.
෴අපේ
රට තරම් සොඳුරු රටක් තවත් නැත. අපට පායන ඉර හඳ තරම් දිප්තිමත් ඉරක් සඳක් තවත් නැත.
අහාස තරම් නිල්වන් අහසක් නැත. අපේ පොළොව තරම් සරුසාර පොළොවක් නැත.අපේ නදී ඇල දොළ
ගංගා තරම් සිසිල දෙන ජල සම්පතක් නැත. මේ අපේ රත්තරන් රටයි.
රන් දිවයිනයි.෴
මිට වසර තුනකට පෙර එනම් 2010 මාර්තු මස 26 වන දින
දැයෙන් සමුගත් අබේවර්ධන බාලසුරිය නම් සුන්දර මිනිසා මම ඉතාමත් ආදරයෙන් අද දින
සිහිපත් කරමි. එතුමන්ගේ සෞම්‍ය හඬ සිය දහස් ගණනකගෙ හදවත් සහ සිත් නිවන්නට සමත් විය. 70
දශකයේ කලා ලොවට එක් වු එම මහතා ප‍්‍රකට ගායන ශිල්පිනී නෙරංජලා සරෝජනී මහත්මියගේ දයාබර සැමියාද වේ.
මං නැතිදා
මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //
රන් නෙර
උතුරින් ගිරි පවුරු වළල්ලක් දූපත සරසනවා
මල් බමර
බරින් රොන් සුනු වපුරා පින් කෙතට සුවඳ දෙනවා
මං නැතිදා
මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි
පා ගැටෙන
තැනින් තැන පළිඟු රුවන් මිණි මුතුලැල් දිදුලනවා
අද මිලින
මලක් බිම සරු කරවා හෙට නව මල් පුබුදනවා
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //
මං නැතිදා මේ රට ඔබටයි ඔබේ යහළුවන්ටයි යෙහෙළියන්ටයි //
මම කැමති
ඔහුගේ ගීත කිහිපයක්
අනුරාධපුරය
ඔබයි
විහඟක වු ඔබ
බඔරෙකු හැඬුවා
බොඳ මිදුම් කඳු
රැල්ලේ - මුල්ම චිත්‍රපට ගීතය
මගේ හිත පිරි
තියෙන්නේ
පියාණනේ මා
නැවත උපන්නොත්
රැලකින් තනි වි
වන මැද සරණේ
කවුරුදෝ
කවුරුදෝ - මුල්ම ගීතය
මියයන්නට මත්තෙන් ඔබ දැයට දයාද
කළ ගීත අපට අද මහඟු සම්පතකි. ඒ මියුරු හඬ අදටත්
අපගේ සිත් සුවපත් කිරීමට සමත් වි ඇත.
ඔබට ස්තුතියි
ReplyDeleteතේරුවන් සරණයි
Deleteමා කැමති අබේවර්ධන බාලසුරිය මහතාගේ ගීත.
ReplyDeleteසිහිවටනය සේ කුමක් ලියන්නද - ඔබේ සුවඳ රැඳී සැමරූ පොතේ ...
දිනක මතුදා දෛවයෝගෙන් - ඔබව හමු වේ නම් ....
ස්තුතියි සුදීක අයියේ මෙම ගීත ටික මතක් කළාට
Deleteඅද අපි සිල් ගන්නව. දැනටමත් පන්සලේ !
ReplyDeleteපන්සලටත් ලැප්ටොප් එක අරගෙන ගියාද?
Deleteඅක්කට පින් සිද්ද වෙනව් අද පෝය කියල මතක් කලාට. ලංකාවෙනම් හම්බවෙන නිවාඩුව නිසා කට්ටිය දනනවා උනත් රටින් පිට ඉන්න අපි වගේ අයට. අක්ක මේ කරන දේ ලොකු සේවයක්. ඔය අනුරාධ පුරය ඔබයි කියන එකට මමත් ආසයි පරණ කැච් එකකට කිව්වා සින්දුවක්
ReplyDeleteමල්ලීටත් පිං මේ පැත්තට ආවට
Deleteබොඳ මිදුම් කඳු රැල්ලේ..සුරංගනා රජ දහනේ..
ReplyDeleteඔබේ සිනා කඳුළු බිඳක්
හෙටත් වාසනා...
මේ අබේවර්ධන බාලසූරියගේ මම ආසන ගීතයක්..
ස්තුතියි ඔබටත් මෙය බෙදා ගත්තට
Deleteආසම සින්දු ටිකක් ආයෙත් මතක් කලාට ස්තුතියි..
ReplyDeleteස්තුතියි ඔබටත් මෙය ෙබදා ගත්තට
Deleteදවසට ගැලපෙන සින්දුව! ස්තූතියි ඔබට!
ReplyDeleteස්තුතියි ඔබටත් මෙය බේදා ගත්තට
Deleteලෝකෙට පේන්න පිං කරලා වැඩක් නෑ..අනික පිං කරන්න පෝය දවස කියල විශේෂයකුත් නෑ. පිං කරන්න වයසට යනකම් ඉන්න ඕනිත් නෑ
ReplyDeleteමිනිස්සු මේ තරම් කුහක ඇයි ද මන්දා
Deleteපින්බර සිතුවිල් තව තව පහල වේවා...
ReplyDeleteඅබේ ඉමියෙන තුරු තම ජනප්‍රියත්වය පාවා නොදුන්කොන්ද කෙලින් තබාගෙන වැඩකළ ගායන ශිල්පියෙක්. ඒනිසය් ඔහු ඔහුගේම ගීයෙන් " අද මා මළත් හෙට මා උන් සුවඳ ඇතී" කියලා ගීතයෙන්ම කිව්වේ.
ජිවිතයට ආශිර්වාදය තරම් උතුම් තවත් යමක් ඇත්ද?
Deleteඔබටත් පිංබර පොහෝදිනයක් වෙවා.
ReplyDeleteමං පරක්කුද මන්ද.
ඔයාගෙ රසවින්දනය නම් අපූරුයි
ප්‍රමාද නැ දේශ්.
Deleteරැලකින් තනි වී වන මැද සරණා
ReplyDeleteබොඳ මිදුම් කඳු රැල්ලේ
මගේ හිත පිරි තියෙන්නේ
පියාණනී මා නැවත උපන්නොත්
ඔහුගේ ගීත අතරින් මං වඩාත්ම ප්‍රියකරන්නෙ මේ ගීතවලට. ඒ අතරිනුත් "රැලකින් තනි වී" ගීතය විශේෂයි.
මටත්...
Deleteස්තුතියි දෙන්නටම මෙය බේදා ගත්තට
Deleteහොඳ බ්ලොග් එකක්.මගෙන් සුබ පැතුම්
ReplyDeleteඔබටත් පිං.
ReplyDeleteෙත්රුවන් සරණයි
Deleteදවසේ වටිනා කමට සරිලන ලිපිය මෙයයි. ඒ වගේම මං තාමත් ආස සැරසිලි ගොක් කොළ ගිතයටයි
ReplyDeleteඇත්තට ඒ ගීතය ලස්සනයි
Deleteඅමතකව යන කලාකරුවන් සහ ඔවුන්ගේ ගීත යළි මතකයට නැගීම ගැන ඔබට ස්තූතියි
ReplyDeleteස්තුතියි අයියේ'
Deleteමම බැලුවෙ දයානන්ද සහෝදරයගෙ රාජකාරියට බැහැලද කියලා ...
ReplyDeleteඅනේ නැ ලොකු ජෝන්.මමත් කැමතියි ගීත වලට.දයානන්ද අයියා වගේ මට ලියන්න බැ.
Deleteඅමතක වෙලා යන ගීත ගොඩක් මතක් කලාට පින්.
ReplyDeleteඔබටත් පිං ෙම් පැත්තට අාවාට.
Delete