“විශ්වයේ සම්භවය සහ මනුෂ්‍යාගේ
විකාශය” නැමති ග්‍රන්ථය මම දකින ආකාරය පිළිබඳව මෙමලිපිය තුලින් මිට ප්‍රථම දිනක ගෙන එන ලදි. එහි දෙවැනි කොටස මම අද මෙසේ ලියමි. පුංචි කථාවකින් ම ඇරඹුම ලබා ගන්නම්.....අපේ පුහුණුවිම් වල ප්‍රධාන
විෂයයක් ලෙස සන්නිවේදනය හැදින්විය හැකිය. අපට පමණක් නොව ඕනෑම පුද්ගලයෙකුට එය
වැදගත් විෂයයකි. මෙහිදි අපට උගන්වන ප්‍රධාන කරුණක් වනුයේ මුලින්ම ලබා ගන්නා
පණිවිඩය හුවමාරු විමෙදී කිසිදු වෙනසක් නොකර ලබා දිමය. එහෙත් මෙය ප්‍රායෝගිකව
පුහුණු විමේදි ඉතාමත් කල්පනාවෙන් කළ යුත්තකි. එහෙම නොවුනහොත් මුලින් ලබා ගන්නා
පණිවිඩය අවසානයට යන විට සම්පුර්ණ වෙනස් ම පණිවිඩයක් විය හැකිය.
නිදසුනක් ලෙස කියනවානම් මට ලැබෙනවා මෙන්න
මෙහෙම පණිවිඩයක්.
“11 දෙනෙකුගෙන් යුත් භට පිරිසක් රැගෙන අපේ
බස් රථයක් ගාල්ල සිට කොළඹට යන අතර මඟදි කළුතර දී, කොළඔ සිට මාතර දක්වා ගමන් කරමින්
තිබු පෞද්ගලික බස් රථයක් හා ගැටි අනතුරට ලක් විමෙන් අපගේ තුන්දෙනෙකුට සහ පෞද්ගලික
බස් රථයේ පැමිණි කාන්තාවකට තුවාල සිදු වී කළුතර මුලික රෝහලට ඇතුලත් කර ඇත. මෙම
පණිවිඩය අපි දහදෙනෙකු අතර හුවමාරු විය යුතුය. පස්වෙනියාට විතර පණිවිඩය යන විට 11
දෙනෙකු නැත, ගාල්ල නැත, මාතර සහ මුලික නැත.
පණිවිඩය සෑමදෙනාටම ඇසෙන සේ කියන්නට
උපදෙස් ලැබෙන ලදි. අවසාන පුද්ගලයා ට ඇසුණු පණිවිඩය මෙසේය.“අපේ බස් එකක් කළුතරදි කොළඹ සිට ආ බස්
එකක් හා ගැටි කළුතර රෝහල කන්තාවක් සහ තවත් තුන්දෙනෙකු තුවාල ලබා ඇතුලත් කර ඇත.”
මේ කථාවත් සමඟ මට මෙහෙමද සිතෙයි. අපේ අතීතයද
වර්ථමානයට පැමිණෙන විට කොතෙක් නම් වෙනස් විම් වලට භාජනය වන්නට ඇත්ද?
අපට වැදගත් සහ අත්‍යවශ්‍ය කොතෙකුත් නම්
කරුණු කාරණා අතර මඟදි ගිලිහෙන්නට ඇත්ද?
අපට නොවැදගත් අනවශ්‍ය කාරණා කොතෙක් නම්
එක් වන්නට ඇත්ද?
මට පෙනෙන ආකාරයට වැරැද්ද සිදු වි ඇත්තේ
හරිහැටි පණිවිඩය අතීතයෙන් වර්ථමානයට නොපැමිණිමය. එතරම් සැලකිල්ලට භාජනය නොකර ලැබෙන
දේ අපට අවශ්‍ය පරිදි සකස් කර ගනිමින් භුක්ති විඳිම තුල වර්ථමානය වන්දි ගෙවයි.
විය යුත්තේ එය නොවන අතර, තිබිය යුතු
ගුණාංග ඒ ආකාරයෙන්ම තිබිය යුතු නියමිත ස්ථානයේ ගැළපෙන පරිදි තිබිමය. මගේ
රුචිකත්වයට වඩා පොදු රුචිකත්වයකට යා යුතුය. සාමාජයේම සුභසිද්ධිය උදෙසා අනාගතයට දිය
යුතුය යන වින්තනයක් නිර්මාණය විය යුතුය. එසේ නොවිමේ අනිසි විපාක ඔබටත් මටත් අද පෙනෙන්නට
ඇත.
තාත්තා දුව දුෂණය කරයි, අම්මා දරුවා
උපන්ගෙයි මරයි, සහෝදරයාට සහෝදරිය හඳුනා ගැනිමට නොහැකිය, භෞතික ආශාවන් වෙනුවෙන්
ස්වභාවික සම්පත් වන ජිවයන් විනාශ කරයි. කථාව දුර ගියා වැඩිද මන්දා?
විශ්වයේ සම්භවය සහ මනුෂ්‍යාගේ විකාශය
නැමති ග්‍රන්ථයේ වැඩිවියට පත්විම පිළිබඳව මේ
ආකාරයට සටහන් වි ඇත.
වැඩිවියට පත්විම ස්ත්‍රී පූරුෂ භේදයකින් තොරව වයස
අවුරුදු 12 දි හෝ ඒ ආසන්න වර්ෂයකදි සිදුවේ. සාමාන්‍යෙයන් පිරිමි ළමයෙක් වැඩිවියට
පත්වන්නේ අවුරුදු 12 දි පමණය. කටහඬ වෙනස්විම, උගුරු ඇටය ජේදනය විම, මුහුණේ රැවුල ඇතිවිම, ආදි කරුණු වලින්ය. ගැහැණු ළමයෙක් වැඩිවියට පත්වන්නේ
මල්වර විමෙන්ය. ඉන්පසු ඇයගේ අඟ පසඟ වෙනස්වී රූමත් වී
සිරුරේ අමුතු සිරියාවක් ඇතිවේ.
ගැහැණු දරුවෙක් මල්වර වු පසු ඇය
ගෙදරින් වෙන්කර ගේ අසල කිලි පැලක් සාදා එහි නතර
කරයි. වත්මන්හි ගෙයි
කාමරයක වෙන්කර තබයි. වතුර නාවන තුරු පිරිමින්ට ඇය මුරිච්චි වීමෙන් කරදර, හිරිහැර වලට මුහුණ පෑමට සිදුවන්නේය යන
විශ්වාසය උඩ එසේ කරයි. දැරියගේ තනියට වැඩිහිටි කතක් හෝ තවත්
තරුණියක් එහි නතර කරයි. එම අය එම පැලේම
තම
ආහාර පිළියෙල කරගෙන අනුභව කළහ. ඥාති හා හිතවත් ස්ත්‍රීහු එම අයට හාල් තුනපහ ආදිය
ගෙනවිත් දුන්හ. වත්මන්හි එම චාරිත්‍ර ඒ අන්දමින් සිදු නොවේ. වතුරවක්කර නාවන තුරු
ඇය තනිකරන්නේ නැත. තනි උවහොත් ඇයට යක්ෂ, ප්‍රේත,භුත
දෝෂ ඇතිවී මත්තට කරදර ඇතිවන්නේය යන විශ්වාසය උඩ එසේ කරති.
දැරියක් මල්වර වු පසු ස්ත්‍රීහු
දෙදෙනෙක් නැකැත්කරුවෙකු වෙත ගොස් පැමිණි කාරණය නොකියා බුලත් හුරුල්ලක් තබති. නැකැත්කරු
වේලාව බලා තත්කාල කේක්ද්රය සාදා එම අය පැමිණි කාරණය කුමක්දැයි එම අයට පවසයි. සමහර
නැකැත්කරුවෝ වැඩිවියට පත් ළදැරියගේ අංගලක්ෂණ, වැඩිවියට පත් ස්ථානය, මව්පියන්ගේ ගතිගුණ, උගත්කම්, වත්පොහොසත්කම් ආදිය ගැනද
විස්තර පවසති.
දැරිය ජලස්නානය කරවීමට නැකත් හා ගෙදර
කැවිලි පෙවිලි සෑදිමට නැකැත්ද ඔහු විසින් සාදා දෙනු ලැබේ. ඒ අනුව නියමිත දිනයේදි
පවුලේ රෙදි නැන්දා විසින් කිරි ගසක් යටදී උදේ
පාන්දර ඇය නාවා හිස වසා ගෙට එක්කරගෙන එයි. අළුත් ඇඳුම් අන්දවා ඇයට බුලත් අතක් දී
තම මව්පියන්ට, වැඩිහිටියන්ට එය දි ආචාර කිරීමට
සලස්වයි. අනතුරුව කිරිබත්, කැවුම්, කෙසෙල්ගෙඩි ආදිය සහිත තේ මේසයක් සකස්කර පැමිණි සිටින අයට සංග්‍රහ කරති.
පුරාණයේ අය දැරියක් මල්වර වු පසු ඒ ගැන
තම ස්වාමියාටවත් නොකී බව පවසයි. වත්මන්හි මෙය මහත් මංගල උත්සවයක් බවට හරවාගෙන තිබේ. නෑදෑ හිතවත්තු පැමිණ
කා බී විනෝද වී දැරියට රෙදිපිළි, මුදල් ආදිය ප්රදානය කරති. මල්වර වු පසු ඇය මව් පදවියට සුදසු තැනැත්තියක් බවට පත්වේ.
මල්වර වන දැරියට ටිකකලක් යන තුරු තනිව ඇවිදිම, දෙවටවල්වල යෑම,ගොම්මන්
වෙලාවල ඇවිදිම, පිරිමින්ට පෙනෙන සේ රෙදි ඉනීම හා
ඇඳිම, ආදිය තහනම්ය. මස් මාංස අනුභවයද කලක් යන තුරු තහනම්ය. සති කිහිපයක් යන තුරු ගම්වල
දැරියන්ට දිය ගෙන ඒම, දර ගෙන ඒම, වී කෙටිම,දර පැලීම,කුරහන් ඇඹරිම,කිරි දෙවීම ආදිය
තහනම්ය.දිය ගෙන ඒමට හෝ දිය නෑමට ළිඳට,වැවට,ඟඟට තනිවම යෑම තහනම්ය. වැව් ගම්වල දැරියන්
වැඩිවියට පත්වු විට අම්මලා තාත්තලා නිදාගන්න පැදුරුවල
නිදා ගැනීම, එම අය ඇන්ද රෙදි ඇඳිම, එම රෙදි සේදීම තහනම්ය. එසේ කරන්නේදැයි
සොයා බැලිම අත්තම්මා ඇතුලු වැඩිහිටි කාන්තාවන් ගේ කාර්ය්යයකි.
අනික් අයට දත් පෙනෙන සේ සිනාසිමද,ඉර මුදුන් ජාමයේ
බැදුම් ආදිය බැදගෙන අනුභව කිරීමද තහනම් ය.
වැඩිවියට පත්වන තරුණියන්ට තරුණයින්ගේ
හා පිරිමින්ගේ රෙදි,සරන්,බැනියම්,කමිස,පොරවන රෙදි
ආදිය සේදිම තහනම්ය. කසාද බඳින ලද තරුණියන්ට ඒවා
සේදිම තහනම් නොවේ. සත් කෝරළයේ හා වැව් ආශ්රිත
ගම්මානවල වැඩිවියට පත් තරුණියන්ට ඉහත සඳහන් තහංචි ගැන මව, ආත්තම්මා ඇතුලු වැඩිහිටි ස්ත්‍රීහු කියා දෙති. පිලේ එලා තිබෙන පැදුරු
පවා සේදිම, වේලීම, අකුලා තැබිම එම තරුණියන්ට තහනම්ය. තොප්පි,තුවා ආදිය සෝදා පවිත්‍ර
කිරිම,වේලා ගැබිම තහනම් නොවේ.
සෝදන ලද රෙදි වේලීම සඳහා අව්වේ දැමීමට
වැල් බැඳගත යුත්තේ ගෙදර මිදුලේ කොනක හෝ ගේ පිටුපසය.ගෙදරට
එන යන අයට එම වැල් යටින් යෑමට සැලැස්වීම වරදකි.කිළිටි
රෙදි වැවේ සේදිම හා ඒවා අනික් අයගේ රෙදි වනන වැලේ වැනීම තහනම්ය.
මතු සම්බන්ධයි..,
නිතී පොත් වලට ඇතුලත් නොවුනාට අපේ
මුතුන් මිත්තන් දැඩි විනය රාමුවක් තුල ජිවත් විම තුල යහපත් දිවිපෙවතක් ගත කර ඇත.
කුමන හෝ හේතුවක් මත සහ යහපත උදෙසා ගොඩනැඟුණු
සදාචාරයන් අපට අවශ්‍ය පරිදි වෙනස් කිරීම මහා විනාශයක ලකුණකි. වැදගත් නැතැයි කිව්වට
මොකද එහි ඇති වැදගත්කම මට නම් අද ඕනෑවටත් වඩා දැනෙයි.
ප.ලි. මම මේ දේවල් දැන් කරන්න කියනවා නෙමෙයි.ඊට වඩා යමක් මට ඔබට කියන්නට අවශ්‍යයි.නිහතමානිව මම කියන්නේ පුළුවන් නම් ඒ දේ තේරුම් ගන්න.
ප.ලි. මම මේ දේවල් දැන් කරන්න කියනවා නෙමෙයි.ඊට වඩා යමක් මට ඔබට කියන්නට අවශ්‍යයි.නිහතමානිව මම කියන්නේ පුළුවන් නම් ඒ දේ තේරුම් ගන්න.
ඔයාට හරියන ජාතියේ බඩුවක් ඉන්නවා ස්ත්‍රීවාදය කියලා හොයාගෙන කියවන්න. දෙන්නත් එක්කම ගල් යුගේට යන්න හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteස්තුතියි මාතලන්.
Deleteමේ කරුණු හොදයි, හැබැයි ඉතින් මේවා පරිහරණය කරන්නේ ලංකාවේ විතරයි, විදේශ රටවල ඔවා මුකුත්ම නැහැ.
ReplyDeleteඔන්න ඕකයි ඇත්ත තත්වය
ඔව් මේ දේවල් දැන් කරන්න අමාරුයි.ඒ ඉතිං ඒවා දැන් නැති නිසා.විදේශ රටවල මේවා නැති බව මමත් අහලා තියෙනවා.
Deleteහැබැයි මම මේ දේවල් කරන්න කියනවා නෙමෙයි.ඊට වඩා දේයක් මම කියනවා.
Delete
ReplyDeleteවැඩිවියට පත් උන දැරිවියක් ටික කාලයක් වහන් කරන්
ඉන්න එකෙන් නම් අදහස් කරන්න ඇත්තේ විලිබිය ඇති
කිරීම ..පිරිසිදු කම ගැන උනත් පාඩමක් ඔය සතියේ ඉගෙන
ගන්න ලැබෙනවා මොලේ තියෙන කෙනෙක් නම් ..
විශේෂෙන් පීරියඩ්ස් කාලේදී සතියක් නාන්නේ නැතුව ඉන්නවා
කියන්නේ ඉතින් 2 වරක් සිතා බැලිය යුත්තක්. ඒ වගේ අනුවණ
සිරිත් නම් අවශ්‍ය නැහැ. හොදට නාල පිරිසිදුව ඉන්න එක කියල
දෙන්න ඕනේ කාලෙම කරන්නේ අනුවණ වැඩක්නේ..
සිරිත් විරිත් කියල ගෝත්‍රික වැඩ නම් අනුමත කල නොහැකියි.
මගේ දුව වැඩි වියට පත් වෙන දාට මම නම් ඔය කිසි දෙයක් කරන්නේ
නැහැ .කරන දේවල් ටික තමයි
01. ස්ත්‍රියක් විදිහට පිරිමි එක්ක ආශ්‍රය කරන හැටි කියල දෙනවා
02.යොවුන් ප්‍රේමය ගැන කියල දෙනවා .
03.ලිංගික කරුණු ගැන කියල දෙනවා .
04.හරි විදිහට ගෑනියෙක් වෙන හැටි කියල දෙනවා .
05.එක එක ගෝත්‍රික අදහස් වලින් බේරිලා ඉන්න හැටි කියල දෙනවා .
06.අපි නැති දාක ඔලුව කෙළින් තියන් ජීවිතේ ගෙනියන්න කියල දෙනවා ...
තමන්ගේ දරුවට කියල දෙන්න අවශ්‍ය කරුණු ටිකක් හැටියට මමත් දකිනවා ඔබේ කරුණු ටික.
Deleteඕක ප්‍රාෙයා්ගිකව කරන්න අමාරුයි සහන්
Deleteඅපේ නංඟිගෙ ඔය මෙව්වා එක දවසෙ අපේ ගෙදර හාමුදුරුවො 25 නමකට දානයක් දුන්නා.. නෝ පාටීස්..
ReplyDeleteඅවශ්‍ය දේ පමණක් ගැනිමත් හොඳයි.ඔබත් කරලා තිබෙන්නේ ඒ වගේ දෙයක්.
Deleteඔය කාමර ඇතුලේ කොටු කරලා තියන එක, නාන්නේ නැතුව නැකතක් එනකල් ඉන්න එක එහෙම නම් කිසි තේරුමක් නැති දේවල්. ඕව එක් එක්කෙනාගේ අදහස් අනුව එකතු වුනු දේවල් වෙන්න ඇති.
ReplyDeleteවතුර ගේන්න තනියම යන්න එපා කියන්නේ යකා ගහයි කියල ලු. එතැන යකා කියල කිව්වට මං හිතන්නේ තනියම යෑම තුල තිබුණු අවදානම සැලකුවා වෙන්න පුළුවන්. ඒ කාලේ හැම තැනම ගෙවල් එහෙම තිබිල නැතුව ඇති නේ. නාන්න යන්න වෙන්නෙත් පාලු තැනකට.
මම කියපු දේ තෙරුම් ගැනිම පිළිබඳව ස්තුතියි චන්දන.කෙනෙකුට අවශ්‍ය පරිදි දේවල් වෙනස් විම.
Deleteමට ගයනි කියන්න යන දේ තේරෙනවා.. මේ චාරිත්‍ර ගැන මගේ අදහස කියන්නම්...
ReplyDeleteඔය ඔතන තියෙන සමහර චාරිත්‍ර තියෙනවා කිසිම තේරමක් නැතුව මේ වෙනකොට නිකම්ම සම්ප්‍රදායික චාරිත්‍රයක් විතරක් වෙලා තියෙන ඒවා.. නාවන්නේ නැතුව සති ගනං තියං ඉන්න එක, ඔය රෙදි වැල් වල නීති එහෙම.... නැකතක් හරියට හදන්න දැන් බෑ.. මම බිග් ගර්ල් කෙනෙක් උනේ ඉස්කෝලෙදි... අම්මා කතාව දන්නේ ඊළඟ දවසේ උදේ... ඉතිං හරියට වෙලාවක් කියන්න බෑනේ... ඔහොම තමයි ගොඩක් වෙලාවල.. ඉතිං නැකත් වැඩක් නෑ.. ඕනෙම නම් දවස් දෙකක් තුනක් විතර ළමයා ගෙදර තියාගෙන, ඒ දවස් වලට කරන්න ඕනේ දේවල්, පෑඩ් එක අඳින විදිය, බඩේ අමාරුවක් තියෙනවා නම් ඒක අඩු කරන්න යමක් කරන හැටි, අර පළවෙනි පාරට ඕක වෙච්ච එකේ හිතේ චකිතිය යන්න වගේ, ඕක ඉවර උනාම ළමයව නාවලා අලුත් අඳුමක් අන්දලා, අලුත් කරාබු දෙකක් එහෙම කනට දාලා, ළමයව සන්තෝස කරලා මේක ඉවරයක් කළා නම් ඇත්තටම ඒ හොඳටම ඇති.... පාටි දැමිල්ල නම් බෙබේලා බොන්න හදාගත්ත විකාර වැඩක්....
ඔය වැඩිවියට පත් වීම කියන තැනදි ගැහැණු පිරිමි ළමයි හැමෝටම ඒ ගැන අවබෝධය දෙන්න ඕනේ.. ඒ කියන්නේ 12 වෙනකොට ඔය තත්වෙ මොකද්ද කියලා තේරමක් ඇතුව අද ළමයි ඉන්න ඕනේ.. ( මම දැනගෙන හිටියෙත් නෑ.. මගේ මල්ලි දැනගෙන හිටියෙත් නෑ..) ගැහැණු ළමයෙක් ගෙට කරලා, නීති දාලා මේවා තේරුම් කරලා දෙනකම් පරක්කු කරන එක අපි ළමයින්ට කරන වැරැද්දක්... හැබැයි දෙගොල්ලන්ටම මේ කාලෙදි තමන් දැන් යම්කිසි වගකීමක් ඇති කෙනෙක් කියලා තේරුම් කරලා දෙන්න අවස්ථාවක් විදියට මේක යොදා ගන්න පුළුවන්..
ඔය චාරිත්‍ර වල මම දකින දේ මේකයි... මේක පණිවුඩයක්... ගැහැණු ළමයෙක්ට තේරුම් කරලා දෙනවා දැන් ඔයා පොඩි ළමයෙක් නෙවෙයි කියන එක... ඒ වයසේ පිරිමි ළමයි දැන ගන්නවා මේ ගෑණු ළමයව පරිස්සම් කළ යුතුයි කියලා... හරි ඒ වගේ දෙයක්... වැඩිහිටි අයට ඒ ඒ අදහස් ටික දෙනවා.. ඒ කාලෙට මේවා හරි... නමුත් මේ දේවල් අද වෙනකොට වෙනස් වෙලා... ළමයි ඉස්සර හිටියට වඩා නිදහස්.. ඒ අය මේවා පොඩ්ඩ පොඩ්ඩ දන්නවා.. අපි කරන්න ඕනේ ළමයින්ට බොරු කතා හදලා කියලා, නීති දාලා, බය කරලා අපිට අවනත කරගන්න උත්සාහ කරන එක නවත්තලා, එයාලට තේරුම් කරලා දෙන එක... පිරිමි ළමයින්ට තේරම් කරන්න ඕනේ දෙමව්පියෝ තමයි ගැහැණු ළමයෙක් කියන්නේ පරිස්සම් කළයුතු, ගෞරව කළයුතු කෙනෙක් කියන එක... ගැහැණු ළමයින්ට කියලා දෙන්න ඕනේ ඔයා පරිස්සම් වෙන්න ඕනේ වගේම, අනිත් අයගේ ගෞරවයට ලක් වෙන්න සුදුසු විදියට හැසිරෙන්න ඕනේ කියන එක...
මේ සුදුසු විදිය කියන එක, එක එක පවුල් අනුව වෙනස් වෙනවා... එක පවුලක 70 දශකේ අදහස් තියෙනවා නම් එක විදියක්... 21 වෙනි ශතවර්ශේ ඉන්නවා නම් තව විදියක්.. ලංකාවේ ඉඳගෙන ඇමරිකාවේ හිත තියාගෙන ඉන්නවා නම් තව විදියක්... ඕක තමයි ප්‍රශ්නෙකට තියෙන්නේ.. මොනවා උනත් මේ චාරිත්‍ර ගොඩක් දැන් නැති එක ගැන මගේ නම් අකමැත්තක් නෑ.. මේවා බොහොමයක් මේ වෙනකොට අදාල නෑ.. හැබැයි ඉතිං මේවා ආතරිනවා නම් අපි ඒ දේවල් වලට අවශ්‍ය විදියට වෙනස් වෙන්න ඕනේ... ඒ කිව්වේ මේවාත් අතෑරලා දාලා, අම්මට මාව හම්බුනේ කොහොමද කියලා ළමයා ඇහුවම කොකෙක් ගෙනත් දුන්නා කියලා කියන තත්වයේ හිටියොත් මේක හරියන්නේ නෑ....
දැන් ඉන්න ළමයි එක්ක ඇත්ත කතා කරන්න ඕනේ.. එයාලට මේවා තේරුම් කරලා දීලා, එයාලත් එක්ක අවබෝධයෙන් ඉන්න පවුලක් ඇතුලේ පිරිමි ළමයෙක්ට කාන්තාවන්ට ගෞරව කරන්න, ගැහැණු ළමයෙක්ට ඒ ගෞරවයට සුදුසු විදියට හැසිරෙන්න වගේම, දෙන්නටම නව ලෝකයට අදාල විදියට ජීවත් වෙන්න පුළුවන් ළමයි හදන එක ලොකු අමාරු දෙයක් නෙවෙයි....
මුලින්ම හිරුටත් ස්තුතියි මම කියපු දේ වටහා ගැනිම පිළිබඳව.මට අවශ්‍ය වුයේ මේ දේවල් හොඳයි කියන්න නෙමෙයි.මුලින් ම යම් කිසි හොඳ විදියක් තිබෙන්නට ඇත.එහෙත් දවසින් දවස ඒ දෙවල් වලට යම් යම් දේ එකතු වි විකාරයක් වි මේ දක්වා පැමිණ ඇත. අන්න එකයි මට කියන්න උවමනාව.
Deleteහිරුගේ පැහැදිලි කිරිමටත් නැවතත් ස්තුතියි.
මේ සිරිත් විරිත් පළාතෙන් පළාතෙට වෙනස් අක්කෝ..
ReplyDeleteඔව් අනිවාර්යෙන් වෙනස්.
Deleteලෝකේ කොයි තරම් දියුණු වුණත් මිත්‍යා මතත් ඒ තරමටම නැතත් යන්තං හෝ කර පින්නං ඇවිත් තියනවා අතර මග ටික ටික හල හල හරි..
ReplyDeleteඔව්..
Deleteමේ සම්බන්දයෙන් නම් බොහොමයක් පැරණි සිරිත් විරිත් සෞඛ්‍යට හිතකර නැත. මෙම අවස්ථාවේදී අදාල යුවතියට පිරිසිදුකම හා මනා පෝෂණය අත්‍යාවශ්‍යය (විශේෂයෙන් ප්‍රෝටීන් අඩංගු අහාර )
ReplyDeleteඑමෙන්ම ඇයව යම් පීඩනයකට ලක් කර කොටු කර තැබීම මානසිකව යහපත් ප්‍රයෝජන ලබා දෙන්නක් නොවේ. සිය පරෙස්සම පිළිබඳ අනිච්ඡානුග ඉගැන්වීමක් ඉන් ලැබේ දැයි විමසා බැලිය යුත්තකි. ආදරයෙන් හා තෙරුම් ගැනීමට හැකිවන ලෙස සිදු වි ඇති දෙය විස්තර කර අනාගතයේ ඇය සිදු කර ගත යුතු වෙනස්කම් ඇයට කියා දී, වගකිම් දරා ගත හැකි වැඩිහිටි වියට එනතුරු ඇය පිළිබඳ විමසිලිමත් වීමයි සිදු විය යුත්තේ. නමුත් මේ සියලු සිරිත් විරිත් අකුරට ඉටු කරන දෙමව්පියන් ඒ සැලකිල්ල තම දරුවාට ලබා දෙනවාද යන්න සැක සහිතය.
අපේ මුතුන් මිත්තන් අපිට වඩා ඉදිරියෙන් සිටින අවස්ථාද ඇත. ඔවුන් ඒ යුගයේ සිරිත් විරිත් ඇති කලේ ඒ දිනවල තිබූ පහසුකම් වලට ගැලපෙන පරිදිය. අද ඔවුන් සිටියා නම් මේ පිලිවෙත් බොහෝ සෙයින් වෙනස් කරනු නිසැකය.
කලයුත්තේ සිරිත් විරිත් බුද්ධියෙන් විමසා පිලිපැදීමය. නව යුගයය කියා සමහර වෙනස් විය යුතු සිරිත් විරිත් ඉවත් කිරීමෙන් නොනැවතී ගල්යුගයේ තිබූ මනුශ්යත්වයද නැති කර ගත් මොඩ් පොරවල්ද නැත්තේ නොවේ. ඒ ඒ එකිනෙකාගේ බුද්ධි මට්ටමය.
මම බලාපොරොත්තු වු තැනට ගිමන් නිවන්නාද පැමිණිම මට සතුටු විය හැකිය.මට අවශ්‍ය වුයේ මේ දේවල් කරන්න නෙමෙයි කියන එක තේරුම් ගැනිම පිළිබඳව නැවත වතාක් ස්තුතියි.
Deleteඅනේ අම්බේ... මම දන්නෑ ඕවා!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අඩවි රජා දැන් පොඩි දරුවෙක් නෙමෙයි හරිද
Deleteගයානී@ මා දන්නා තරමින් නම් අතීතයේ අපේ සිංහල සමාජය තුල එතරම් සදාචාරබවක් තිබුනේ නැහැ.අද අපි සදාචාරවත් දේයැයි කියන බොහෝ දේ අතීතයේ එතරම් සැලකිල්ලකට බඳුන් වුවේ නැහැ.මා කඳුකරයේ ජීවත් වෙන්නෙක් මා ජීවත් වෙන පෙදෙසේ මීට වසර 50ට 60ට පෙර එකගෙයි කෑම නම් සිරිත තිබුනා,ඒවගේම අනියම් සබදතා ඇතිතරම් තිබුනා.ඒවා කාටවත් රහස් වුනෙත් නැහැ.මගේ මගේ මිත්තනියට ඇගේ සැමියා ජීවතුන් අතර සිටියදීම අනියම් සැමියෙක් සිටියා.මගේ සීයා ඒ බව අපේ දැන සිටියත් ඔහු සමඟ ආරවුලකට කිසිදා ගොස් නැහැ.අපේ ආච්චිගේ අනියම් පෙම්වතා තනිකඩ,අහිංසක ඉඩම් හිමියෙක් විය.අපේ සීයා මිය ගිය පසු ඔහු අපේ ආච්චි සමඟ ප්‍රසිද්දියේම එකට ජීවත් වූ අතර 1974 දී ඔහු මිය යන්නේ තම ඉඩම් තමන්ගේ නොවන දරුවන්ට උරුම කරමිනි.අපේ මිත්තනිය දැන් වයස අවුරුදු 90 කෙනෙක් වන අතර අද පවා ඇය තමන්ගේ දරුවන්ගේත් අසල්වැසියන්ගේත් ආදරය හිමිකරගෙන ජීවත් වන්නීය.ඇගේ අතීතය කිසිවෙකුට ගැටලුවක් වී නැත.අනිත් අතට ළමා අපචාර එදත් අපේ ගම්වල තිබුනා ඒවා අදමෙන් ප්‍රචලිත නොවීමයි සිදුවුනේ.සමලිංගික චර්යාවන්ද සිදුවූ අතර එවැනි ක්‍රියාවන් එකල හැඳින්වූවේ දඬු @#* ගැසීම ලෙසයි.නොහොබිනා දෙයක් ලියවුනා නම් සමාවෙන්න!මම කියන්න උත්සාහ කරන්නේ කොතරම් සදාචාරය සම්බන්ද චාරිත්‍ර, වාරිත්‍ර තිබුනත් අපේ පැරණි සමාජය තුල බොහෝ නිදහස් ලෙස හැසිරුණු මිනිසුන් සිටි බවයි.
ReplyDeleteඇනෝ අදහස් සමඟ තර්කයක් නැ.ඒවා සත්‍ය කරුණුය.මම මුලින්ම කිව්වෙ ඒකයි.මුලින්ම කියන දේ පසු පසු වෙන්න සිඝ්‍රෙයන් වෙනස් වෙයි.එහෙම දේයක් අපේ සංස්කෘතායටද වි නැද්ද?
Deleteවටිනාම ලිපියක් මට කියවන්න ලැබුනෙ අද. හරියටම පහුගිය සතියෙ තමයි මගෙ දුවගෙ මල්වර නැකත් තිබුනෙත්.
ReplyDeleteපොල් ගෙඩිය බිදලා ගෙට ආවට පස්සෙ ඇයි පත්තු කරලා තියෙන පහන් අතින් නිමන්නේ කියලා කියන්න පුලුවන්ද?
ReplyDelete