Wednesday, March 20, 2013

මිනිසා ට මේ තරම් බිය වන්නේ මන්ද?



             
          මට අද  ලියන්න අදහසක් නැත. එත් හිතන්න යමක් ඔබට භාරයි. දෛනික රාජකාරිය නිමා වී නිවාසයට (mess) එන අතර මඟදි අහිංසකයින් තිදෙනෙකු සෙල්ලම් කරනවා මම දුටුවෙමි. මම මොහොතක් නතර වී ඒ දෙස බලාගෙන සිටියෙමි. මෙතුමිය එතනට ළං වි එම දසුන සුන්දර මතකයට එක් කර ගැනිමට සැරසුණාය. ඒ සමඟම ඇසුරු සැනින් මගේ ජංගම දුරකථනයේ පුළුල් තීරයට ඔවුන්ව හසුකර ගන්නවාත් සමඟම...................ඇයි මිනිසුන්ට මේතරම් අහිංසක සතුන් බිය වන්නේ? මිනිසා යනු හිතන්නට කියවන්නට මනසක් පිහිටා ඇති සත්වයෙකි. එහෙත් ලැබුණු වරම අනිසි ලෙස යොදවයි. අනෙකුත් සතුන් මෙතරම් බිය වන්නේ ඒ නිසාද?.
      
         මම ඔවුන්ව පසු කරගෙන එන විට "ජුරාසික් පාර්ක්" චිත‍්‍රපටයේ රූප රාමු සිහි කළෙමි. මිනිසාද පෘථිවි තලයට දරා ගන්න නොහැකි වු කළ  මිහිපිටින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වඟ මට දැනෙයි.

මුව පැංචගෙන් මම මේසේ අසන ලදී. ඇයි නුඔ මේ තරම් මිනිසාට බිය වන්නේ. මිනිසා පිළිබඳව නුඔ කුමන ආකල්පයක සිටිනවාද?
46 Comments
Tweets
Fb Comments

46 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අප මිනිසාට මෙතරම් බය වන්නේ ඔවුන් සතුව ආයුධ තිබෙන නිසා නොව ඒවා පාවිච්චි කිරීමට තරම් දරුණු සිත් ඇති නිසාය. කුහකත්වය, ඉරිසියාව වැනි නපුරු ගුණාංග වලටයි අපි බය. මේවා බොහෝ විට තිබෙන්නේ වැඩිහිටියන් තුලයි. කුඩා ළමයි දුටු විට අපි නොදුවන්නේ එනිසාය.

    ReplyDelete
  2. "මිනිසාද පෘථිවි තලයට දරා ගන්න නොහැකි වු කළ මිහිපිටින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වඟ මට දැනෙයි."

    ඒ කතාවත් එක්ක මම නම් සම්පූර්නයෙන්ම එකගයි..

    ReplyDelete
  3. මිනිසාට ඔවුන් මෙතරම් බිය වන්නේ සමහර මිනිසුන් ලඟ ඇති තිරිසන් ගති, තිරිසනුන් වන ඔවුන් සතු නොවන නිසා වන්නට ඇත..

    ReplyDelete
  4. ඒ බය අවුරුදු දස දහස් ගණනක් තිස්සේ සතුන්ට කා වැදුණු දෙයක් වෙන්න ඇති. ශෝක් ෆොටෝ එක.

    ReplyDelete
    Replies
    1. ඔව් ලස්සනයි චන්දන.සැබවින් දැක්කම ඊට වඩා සුන්දරයි.

      Delete
  5. මමත් බයම සතා මිනිසා.

    ReplyDelete
  6. මිනිස් සතා අනිත් සත්තුන්ට කල්ප කාලයක් තිස්සේ කල නපූරුකම් හිරිහැර ගැන දැනීම ඒ සත්තුන්ට උපතින්ම ලැබෙනවා ගයනි.. අපි සතුන් මරාගෙන කෑම කරන ගමන් බඩේ උන්ගේ මස් තියාගෙන දත් අස්සෙ මස් කෑලි තියාගෙන ආදෙරේ කරන්න යාම විහිලුවක්.. ඒ සුවඳ උන්ට දැනෙනවා

    ReplyDelete
  7. මනු සතුන් එන විට ඈත දුර සිට
    වන සතුන් වන අහිංසක අප හට
    අපේ ලේ සුවද දැනේ නාස්පුඩු වලට
    නොදුවා සිටින්නේ කෙසේ ඇති බියට.

    ReplyDelete
  8. මිනිහා තරම් තේරුම් ගන්න/ විශ්වාස කරන්න බැරි සතෙක් ලොවෙත් නෑනේ..මං හිතන්නේ ඒකයි කාරනාව

    ReplyDelete
    Replies
    1. පැතුම් කියන කථාවත් ඇත්ත.

      Delete
  9. තන්හාය ජායතී සෝකෝ...එසේම බියට හේතුවත් තන්හාවමය.

    ReplyDelete
  10. සමහරක් සත්තුන්ගෙ මස් කමින් අනිත් සත්තුන්ට ආදරේ කරන්න කරුණාව දක්වන්න පුලුවන්ද ?

    ReplyDelete
  11. කුහක කමයි ආත්මාර්ථකාමී බවයි වැඩි නිසා තමයි. තමුන්ගේ බඩ වැඩේනවනම් අනෙක් උන්ට හෙන ගහපන් කියල හිතන මිනිස්සුන්ට වැඩි ආයුෂ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔව් කෝරලේ මල්ලී කියන කථාව ඇත්ත.

      Delete
  12. සතුන් මිනිසාට අයිති වස්තුවකි, නමුත් එය පර්වේසමෙන් පරිහරණය කලයුතුය. එසේ නොමැති උවහොත් අපතේ මේ සුන්දර පරිසරය අහිමිවීම වැඩි ඇතක නැත.

    ලස්සනයි නගෝ ඔයාගේ අදහස්, දිගටම ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩොක් අයියා.

      Delete
  13. ඕව ඔච්චර හිතන්න එපා...!
    මිනිස්සුත් මිනිස්සුන්ට බය එකේ.!

    ReplyDelete
    Replies
    1. හිතන්න නැතිව ඉන්න බෑ නේද වීයා.

      Delete
  14. මනසින් උසස් වුනත් අැත්ෙතන්ම මිනිසා මනසින් පහත්ෙන්
    මිනිසා මිනිසාටම බය ෙවන ෙකාට තිරිසනුන් මිනිස්සට බය ෙනාවි තිෙයයිද

    ReplyDelete
  15. මට Bambi ෆිල්ම් එක මතක් වෙන්නේ ඉතිං මේකත් එක්ක......

    ReplyDelete
    Replies
    1. එක මම බැලුවේ නැද්ද මන්දා?

      Delete
  16. මිනිසා මනසින් උසස්ය.. නුවණින් මුහුකුරා ගොස් ඇත.. එනිසා අති පණ්ඩිතය.. මිනිසාට බිය විය යුත්තේද එනිසාය.. මිනිසාගෙන් එහා ගිය සතෙක් මිනිසාට නැත. ඇතැම් විට (බොහෝ විට) මිනිසාට මිනිසාවම ද නොපෙනෙන තරම්ය.. එනිසා මිනිසාද මිනිසාට බයෙන් පසු වෙති....

    ඒ මිනිසාගේ හැටිය... එය අපි දනිමු.. එහෙත් අහිංසක සත්තු කෙසේ නම් දැන ගන්නද... එය උන්ට ඉවෙන් මෙන් තේරෙන්නේ එය ඔවුනට සොභා දහමෙන් අපූරූ ලෙස උරුම වූ නිසාය.. එහෙත් කරුමෙක මහත.. මිනිසාට ඉව නොදැනේ.......!

    ReplyDelete
    Replies
    1. අපුරු පැහැදිලි කිරීමක්.

      Delete
  17. //මිනිසාද පෘථිවි තලයට දරා ගන්න නොහැකි වු කළ මිහිපිටින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වඟ මට දැනෙයි//
    කට්ටිය ලෝක විනාසේන් බේරෙන්න ප්ලෑන් ගහගෙන හිටියට ඒක සිද්ද වෙන්නේ කවුරුවත් හිතන්නෙම නැති වෙලාවක

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පසුගිය දවස් වල තිබුණු සුනාමියක් වගේ

      Delete
  18. පිංතූරයේ හැටියට නම් දුස්කර පළාතක් වගෙයි.මිහිදු මහ රහතන් වහන්සෙත් දෙසුවා "මහරජ ඔබ මේ වනයේ අයිතිකරු නොව භාරකරුවාය" කියලා. එයින්ම වැටහෙන් නේ සතුන්ටද ඒ අයිතිය තිබිය යුතු බවයි.

    ReplyDelete
    Replies
    1. ඔව් දේවල් අපිට දැන් අමතක වේලා.මේ අයියේ ත්‍රිකුණාමලයේ.

      Delete
  19. මිනිස්සුන්ට බය නොවී ඉන්න තිබ්බ අක්කේ මිනිස්සුත් කොටි වලස්සු වගේ මිලේච්ජ නොවී හිටියා නම්!

    ReplyDelete
  20. අන්තිම ටික නම් පට්ට ඇත්ත. //මිනිසාද පෘථිවි තලයට දරා ගන්න නොහැකි වු කළ මිහිපිටින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වඟ මට දැනෙයි.//

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මදාරා මේ පැත්තට පැමිණියාට.

      Delete
  21. මනුස්ස වෙසින් ඉන්න තිරිසන්නු ඉන්නවා ඕනි තරම්.
    ඒත් තිරිසන් වෙසින් ඉන්න උසස් ගති ඇති සත්තු කොච්චර ඉන්නවද මේ ලෝකේ.
    මනුස්ස ආත්මයක් ලැබුනු පමණට මනුස්සයෙක්ක් වෙන්න බෑ ලේසියෙන්.

    ReplyDelete
    Replies
    1. මනුෂ්‍යෙයා් වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය.

      Delete
  22. මිනිසා කියන සතා ගැන හරියට දන්නවා නම් ඉව දැනෙන දුරකින්වත් ඉන්න එකක් නෑ. මිනිස්සු එන්න එන්නම යහපත් ගති හීන වේගෙන යන සත්ව ජාතියක්නෙ

    ReplyDelete
  23. හම්ම්...පොඩ්ඩක් නෙමෙයි ගොඩක් හිතන්න වෙනවා.

    ``මිනිසාද පෘථිවි තලයට දරා ගන්න නොහැකි වු කළ මිහිපිටින් තුරන් වන කාලය වැඩි ඈතක නොවන වඟ මට දැනෙයි.``

    මේ කියමනට එකගයි.මිනිසා විසින්ම මිනිසත්බව විනාශ කරන යුගයක් මේ.ඉතිං සතුන් බය වෙන්නෙ මිනිසුන්ගෙ නොමිනිස් ගති අදුන ගත්ත ඉවට වෙන්න ඇති.

    (මුලින් ඇවිත් ගියාට අද තමා හරියට කම්න්ට් එකක් දැම්මෙ)

    ජය!!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...