Sunday, February 24, 2013

බුදු බණ කිව්වා නිරන්තරේ බුදු බණ ඇසුවා නිරන්තරේ








බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//

බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා

සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එකඉර හඳ යට හිනහෙන දවසක්
යළි කවදාවත් නේ විද මන්දා

        මගේ ජිවිතය සමබරව හසුරුවා ගැනිමට ධර්මය මට පිටුවහලක් විය. ජිවිතයට දෛවය කළ සරදම් සහ අභියෝග පිළිගැනිමට පළමු කොට මනස සංවර සහ සනසුන් කරගත යුතුය. ඒ සඳහා උපදෙස් ලබා දීමට මට මිතුරියක් හෝ මිතුරෙකු ළඟ නොසිටිය අතර, ධර්මය කියවන විට සිතට සැනසිමක් සහ අවබෝධයක් ලබා ගැනිමට හැකිවිය. ජිවිතයට හිරිහැර වන මොහොතක් මොහොතක් පසා මම කරන කියන දේ පිළිබඳව සැළකිලිමත් විමට පටන් ගත්තෙමි. ඒ මන්ද යත් මෙයින් පසු උපදින භවයේදීවත් එවැනි හිරිහැර මා වෙතට නොයෙන විශ්වාසය ධර්මය මට වටහා දුන් නිසා ය.

අද පිංබර නවම් පොහෝ දිනය යි.
  • ·       බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එම උතුම් තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.
  • ·       බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.

මෙවැනි වු විශේෂ උතුම් කටයුතු කිහිපයක් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදු විය.

පිංබර දිනක මම මෙසේ ප්‍රාර්ථනා ගෙන එමි.
  
ඔබටත් මටත් ජිවය දුන් ආදරණීය දෙමව්පියන්ට, ඔබට මට ලෙන්ගතු සියළුම දෙනාටත් ඔබේ ආදරයට නතු වන සියළුම සත්වයින්ටද, යන එන මඟ ඔබට මට වචනයකින් හෝ උපකාර කළ සියළුම මිනිස් සම්පතටද උදා වු අද දින නිරෝගිමත් දිනයක් වේවා!  

ඔබට මට හිරිහැර කරන සියළුම සිත්  නිවි පහන් වේවා!
14 Comments
Tweets
Fb Comments

14 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අද හිත නිවා ගත්තා මේ සටහන කියවලා. ඔබට බොහෝම පින් නංගි. අපි මේ සමාජය හැමදා යහපත් කරන්න ට උත්සාග ගනිමු. ඒ අපේ අදිටනයි. අප කොපමණ වීර කම් කලත් අසරණ වන අවස්ථාවක් එන බව හිතන්න. එදාට පිළිසරණ ධර්මයම පමණයි. ඉන් එහාට සරණක් ඇත්තේම නෑ. පින් පුරවා දහමේ සැනසෙන්නට නිතරම උත්සාහ ගනිමු. තෙරුවන් සරණයි!

    ReplyDelete
  2. කිසිම භේදයක් නැතුව හැමෝටම හොඳක් වෙන්න කියල පතන එක හොඳ දෙයක් නේ. එහෙම කරද්දී වුනත් හිතට දැනෙන සැහැල්ලුව මොන තරම් ද..
    හොඳ සටහනක් මේක..!

    ReplyDelete
  3. ඉතාම වටිනා ලිපියක් මේ පින්බර පොහෝ දිනයේ.

    ReplyDelete
  4. සාධු! සාධු! සාධු!

    ReplyDelete
  5. පිංබර සිතුවිල්ලක් බොහොම පින් අද පෝය දවසේ වැදගත්කම කියල දුන්න එක ගැන.

    ReplyDelete
  6. වටිනා පෝස්ටුවක්,, පෝය දවසේ..

    ReplyDelete

  7. "ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ"

    ඇත්ත කොයිතරම් පින්දහම් කළත් මිනිසුන් ඒබව වටහා ගන්න දිනක් නොඒ නම් අපි වනන්තරේම තමයි..

    තෙරුවන් සරණ ලැබේවා..

    ReplyDelete
  8. සාධු සාධු සාධු....... අද පොහොය කියල මතක් කරලා දුන්නට.


    "බුදු බණ ඇසුවා නිරන්තරේ
    ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ"
    මේ කතාවනම් මසුරන් වටිනවා.

    ReplyDelete
  9. මා කුඩා කළ අපිටත් මහණ වෙන්න පුළුවනි නම් කියා සිතුවෙමි. දැන්නම් භික්ෂුණී සාසනය තිබෙනවා. නමුත්, මාගේ සිතුවිල්ල වෙනස්. එහෙත් බුද්ධාගමෙන් ලත් දේ කියා අපමණයි.

    ReplyDelete
  10. යහපත් ප්‍රාර්ථනාවක්!

    ReplyDelete
  11. ධර්මය නිවැරදිව වටහා ගැනීම හා එය තුල හැසිරීම මගින් එම මොහොතේම ප්‍රතිපල ලබාගන්න පුළුවන්. ඔබ හඳුනා ගැනීමට ලැබීම සතුටක්.

    ReplyDelete
  12. සිත පහන් කරන ලියමනක්!

    ReplyDelete
  13. බුදු බණ මෙතරම් අහන රටක් තවත් නැතුව ඇති...ඒත් දැන් දැන් සිදුවෙන අපරාධ ගැන නම් කියලා වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. සිරා ඔය අපරාධ කරන්නේ බණ අහන අය නෙවේ. බන ඇහෙන අය.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...