බුදු බණ කිව්වා නිරන්තරේ
බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ ..//
බෝසත් ගතිගුණ පිහිටාන්නේ නැති
ගතියක් ඇතිවද මන්දා
මේ තරමට බුදුබණ අහනා රට
දින දින පිරිහෙන කරුමය මන්දා
සිරිත් විරිත් යහගුණෙන් පිරි ගිය
නැවුම් ලොවක් මත සිහසුන බන්දා
එකඉර හඳ යට හිනහෙන දවසක්
යළි කවදාවත් නේ විද මන්දා
මගේ ජිවිතය සමබරව හසුරුවා ගැනිමට ධර්මය මට පිටුවහලක් විය. ජිවිතයට
දෛවය කළ සරදම් සහ අභියෝග පිළිගැනිමට පළමු කොට මනස සංවර සහ සනසුන් කරගත යුතුය. ඒ
සඳහා උපදෙස් ලබා දීමට මට මිතුරියක් හෝ මිතුරෙකු ළඟ නොසිටිය අතර, ධර්මය කියවන විට
සිතට සැනසිමක් සහ අවබෝධයක් ලබා ගැනිමට හැකිවිය. ජිවිතයට හිරිහැර වන මොහොතක්
මොහොතක් පසා මම කරන කියන දේ පිළිබඳව සැළකිලිමත් විමට පටන් ගත්තෙමි. ඒ මන්ද යත් මෙයින්
පසු උපදින භවයේදීවත් එවැනි හිරිහැර මා වෙතට නොයෙන විශ්වාසය ධර්මය මට වටහා දුන්
නිසා ය.
අද පිංබර නවම් පොහෝ දිනය යි.
- · බුද්ධ ශාසනයේ අග සවු සැරියුත් මුගලන් දෙනම, එම උතුම් තනතුරු වලට පත්වීමද, නවම් පොහෝ දිනයකදී සිදු විය.
- · බුදුන් වහන්සේ පිරිනිවන් පාන්නට මාස තුනකට පෙර ආයු සංස්කාරය සිදු කළේත්, නවම් පෝය දිනකදීය.
මෙවැනි වු විශේෂ උතුම් කටයුතු කිහිපයක් නවම් පුර පසළොස්වක පෝය දිනයේ සිදු
විය.
පිංබර දිනක මම මෙසේ ප්රාර්ථනා ගෙන එමි.
ඔබටත් මටත් ජිවය දුන්
ආදරණීය දෙමව්පියන්ට, ඔබට මට ලෙන්ගතු සියළුම දෙනාටත් ඔබේ ආදරයට නතු වන සියළුම සත්වයින්ටද,
යන එන මඟ ඔබට මට වචනයකින් හෝ උපකාර කළ සියළුම මිනිස් සම්පතටද උදා වු අද දින
නිරෝගිමත් දිනයක් වේවා!
ඔබට මට හිරිහැර කරන සියළුම සිත් නිවි පහන් වේවා!
අද හිත නිවා ගත්තා මේ සටහන කියවලා. ඔබට බොහෝම පින් නංගි. අපි මේ සමාජය හැමදා යහපත් කරන්න ට උත්සාග ගනිමු. ඒ අපේ අදිටනයි. අප කොපමණ වීර කම් කලත් අසරණ වන අවස්ථාවක් එන බව හිතන්න. එදාට පිළිසරණ ධර්මයම පමණයි. ඉන් එහාට සරණක් ඇත්තේම නෑ. පින් පුරවා දහමේ සැනසෙන්නට නිතරම උත්සාහ ගනිමු. තෙරුවන් සරණයි!
ReplyDeleteකිසිම භේදයක් නැතුව හැමෝටම හොඳක් වෙන්න කියල පතන එක හොඳ දෙයක් නේ. එහෙම කරද්දී වුනත් හිතට දැනෙන සැහැල්ලුව මොන තරම් ද..
ReplyDeleteහොඳ සටහනක් මේක..!
ඉතාම වටිනා ලිපියක් මේ පින්බර පොහෝ දිනයේ.
ReplyDeleteසාධු! සාධු! සාධු!
ReplyDeleteපිංබර සිතුවිල්ලක් බොහොම පින් අද පෝය දවසේ වැදගත්කම කියල දුන්න එක ගැන.
ReplyDeleteවටිනා පෝස්ටුවක්,, පෝය දවසේ..
ReplyDelete"ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ"
ඇත්ත කොයිතරම් පින්දහම් කළත් මිනිසුන් ඒබව වටහා ගන්න දිනක් නොඒ නම් අපි වනන්තරේම තමයි..
තෙරුවන් සරණ ලැබේවා..
සාධු සාධු සාධු....... අද පොහොය කියල මතක් කරලා දුන්නට.
ReplyDelete"බුදු බණ ඇසුවා නිරන්තරේ
ගති ගුණ අතින් අපි තවමත් වනාන්තරේ"
මේ කතාවනම් මසුරන් වටිනවා.
මා කුඩා කළ අපිටත් මහණ වෙන්න පුළුවනි නම් කියා සිතුවෙමි. දැන්නම් භික්ෂුණී සාසනය තිබෙනවා. නමුත්, මාගේ සිතුවිල්ල වෙනස්. එහෙත් බුද්ධාගමෙන් ලත් දේ කියා අපමණයි.
ReplyDeleteයහපත් ප්රාර්ථනාවක්!
ReplyDeleteධර්මය නිවැරදිව වටහා ගැනීම හා එය තුල හැසිරීම මගින් එම මොහොතේම ප්රතිපල ලබාගන්න පුළුවන්. ඔබ හඳුනා ගැනීමට ලැබීම සතුටක්.
ReplyDeleteසිත පහන් කරන ලියමනක්!
ReplyDeleteබුදු බණ මෙතරම් අහන රටක් තවත් නැතුව ඇති...ඒත් දැන් දැන් සිදුවෙන අපරාධ ගැන නම් කියලා වැඩක් නෑ...
ReplyDeleteසිරා ඔය අපරාධ කරන්නේ බණ අහන අය නෙවේ. බන ඇහෙන අය.
Delete