Saturday, February 2, 2013

෴අනාගතය සහ මගේ සිතුවිලි෴


කෙටි කාලය තුල මගේ ඇස ගැටුණු සේයාරූ


     රජකාරිය යනු ජිවිතයට තරමට ම වටිනාකමක් දිය යුත්ත කි. එම වගකිමට පිටු පෑමට නොහැකි ය. එහෙත් වර්ථමානයේ සුලබය නම් එයට පටහැනිව ක්‍රියා කිරීම සහ දුලබය නම් එයට අනුකුලව ක්‍රියා කිරීමය. බලය මිනිසා අතට පත්විම කනස්සල්ලකි. එහි විපාක අපටමය. යටත් පිරිස් බොහෝ අවස්ථා වල අපහසුතාවයටත් අසරණතාවයටත් පත් කරලීමට බලතල වලට හැකියාව ඇත. එහෙත් ඒ සියළු ම සන්තාප යටත් සේවකයා ඉවසා සිටින්නේ මුනිවත අවධි කලහොත් යැපෙන්නෝ කුස ගින්නේ අතරමං වන හෙයිනි. බලය අතගත්තෝ විටෙක අමනුෂ්‍යයෝ බවට පත් වෙයි. විටෙක සාන්තුවරයෝ සේ පෙනි සිටිමින් අමනුෂ්‍යයෝ ලෙස ක්‍රියා කරයි. මම මේ පිළිබඳව තව දුරටත් කථා නොකරමි. පවතින සමාජ රටාව තුල මම දකින දේ සරල පෙන්වා දිමක් පමණි.
    ආරම්භය තුලින්ම ඔබ වරදවා තේරුම් නොගෙන මධ්‍යස්ථව කියවන්න. කාහටවත් කඩේ යෑමක් නොවන, පවරපු රාජකාරිය කරන අතර තුර, මම දුටුවන් මත හටගත් සිතුවිලි පමණ කි. එය එක් පැතිකඩක් විමටද හැකිය. මෙහි තවත් විචාරයන් ඔබට ඇත.
තේමාව අනාගත නායකයෝවිවිධ ජාතීන්, විවිධ තරාතිරම්, විවිධ සමාජ පසුබිම් තුල ජිවත් වන පුංචි ශ්‍රි ලංකීකයින් ගේ එකතුව කි. පාඨමාලාව සම්පුර්ණයෙන් සැලසුම් කර තිබුණේ අපේ දින චර්්‍යවන් වලට අනුකුලව ය.
විශ්වවිද්‍යාලයට සුදුසුකම්ලත් සැපට දුකට හැඳුනු වැඩුනු දරුදැරියන් මෙම පුහුණුවට රජය මඟින් අනුයුක්ත කර තිබුණි. රම්‍ය, සුරම්‍ය, සුභ සැපත විඳි, එමෙන්ම සුනීත සෝපාකලා ලෙස සමාජය හදුන්වන දරුදැරියන්ද මේ අතර විය. මම වින්දනීයත්වයට පත් වෙච්ච පළමු ජයග්‍රහනය නම් ඒ සියළුම කුල වලට අයත් දරුවන් එකම ආකාරයකට පිළි ගැනිමට අපට හැකිවිමය. ආරම්භයට  ඔවුන් එතරම් කැමැත්තක් නොදැක්කු බව පෙන්වු පළමු නිදසුන ලෙස කියනවා නම් බඳවා ගත් දිනයේදී, පාඨමාලාව කරගෙන යාමේදී පිළිපැදිය යුතු කරුණු සහ ගත කළ යුතු දින චර්‍යාව පිළිබඳව මට භාර දුන් කණ්ඩායම දැනුවත් කිරීමේදි සමහරක් දැරියන්ගේ මුහුණු අඳුරු වනවා මම දුටුවෙමි. ඒ බව මට තේරුම් ගැනිමට අපහසු නොවිණි. පන්දර 0500 ට “උදැසන තේ එක රැගෙන ඒම සඳහා එක් කණ්ඩායමකින් දෙදෙනෙකු දෛනිකව යා යුතුව තිබුණු අතර, එය දිනකට තෙවතාවක් සිදු කිරීමට තිබිම ඔවුන්ගේ සිත් ගත්තේ නැත.
මගේ පැහැදිලි කිරීම අතරතුර ප්‍රශ්ණ වලට පිළිතුරු දෙන්නටද මට සිදු විය.

මිස් මගේ tea එක විතරක් මට අරගෙන එන්න බැරිද

අක්කේ tea එක ගන්න නැති අයත් යන්න ඕනද?”

මිස් මට පන්දර අවදි වෙන්න අමාරුයි මට නම් යන්න බැ

මෙවැනි ප්‍රශ්ණ වලට මම එකම පිළිතුරක් දුන්නා. නංගි ඔයාලා හැමෝම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ පාඨමාලාවට සහභාගි වෙලා තියෙන්නේ එක නිසා මේ සියල්ලම කැමැත්තෙන් කරන්න”. එච්චර දුර හිතන්න එපා ගෙදර සිට හිතේ තියාගෙන පැමිණි රිනාත්මක සිතුවිලි අයින් කරගෙන පාඨමාලව තුලින් මොනවා හරි දෙයක් රැගෙන යන්න කියලා මම ඔවුන්ට පවසන ලදි. ඔවුන්ගේ සිත් තුල තිබු පළමු චකිතය අපි ඔවුන්ව පිළි ගන්නා ආකාරය පිළිබඳවයි. එම චකිතය මගේ පළමු පැහැදිලි කිරීම අවසාන වනවාත් සමඟ මඟ හැරි යනවා මම දුටුවෙමි. ඒ මන්ද යත් ප්‍රධාන දොරටුවේ සිට සිනාහවක්වත් නොතිබුණු දැරියන් මාත් සමඟ සුහදව මගේ පැහැදිලි කිරීම අවසානයේ මමත් සමඟ ඔවුන් සිටි බැවිනි.

පළමු දින රැය පහන් කර අළුයම ඔවුන්ව අවධි කර ගැනිමට අපේ අයට වෙහෙසක් ගැනිමට සිදු විය. එහෙත් ඉතාමත් ඉවසිමකින් අපට පැවරු රාජකාරිය කිරීමට නිතරම උත්සහා ගන්නා ලදි. ඒ මන්දයත් ජනමධ්‍ය අවධියෙන් ඔවුන්ගේ උගුසු ඇස් නිතරම සීරුවෙන් විපරමින් සිට නිසාවෙන්ය. මොනයම් හෝ පුංචි සිදුවිමක් වුවද වැරදි ලෙසට සමාජයට යාම සහ දෙමාව්පියන් එයින් බියටත් කලබලයටත් පත් වුවහොත් තත්වය වෙනස් විමට බොහෝ ඉඩකඩ තිබුණු බැවිනි. තවද දැරියන්ගේ විවිධ හැසිරිම් රටා පිළිබඳව අපට මහත් විමසිල්ලකින් සිටිමට සිදු විය. ඔවුන්ගෙන් සමහරක් දැරියන් ගේ අසනීප තත්වයන් අධ්‍යයනය කරමින් ඔවුන් ක්‍රියාකරම් කරන විට ඒ පසුපසින් නිතර ගැවසිමට අපි බැඳි සිටින ලදි.  ඊටත් වඩා දෙමාව්පියන් නැතිව ගත කරන පළමු රැය නාවික කඳවුරක ගත කරන පිරිසක්ද ඒ අතර විය.

පෙරදා රැයේ අකමැත්තෙන්  සිටි සිසුවියන් දෙදෙනකු ම ඔවුන්ගේ කණ්ඩායමට තේ එක ගෙන  ඒමට පන්දර 0500 ට තේ පෝච්චිය රැගෙන යනවා මම ඈත තිබෙන බංකුවක සිට බලාගෙන සිටියා ය. මම ඒ දසුනෙන් අස්වාදජනක ප්‍රබොධයක් ලැබුවෙමි. ඔබත් දුටුවා නම් මට හැඟි ගිය හැඟිම් දැනෙනු ඇත. මෙම වැඩ පිළිවෙල පිළිබඳව බොහෝ අදහස් ඇත. එහෙත් මොහොතකට හෝ අපිට මේ සුහදත්වය ලබා ගැනිමට හැකිනම්!
    ලක් මාතාවද සුහදත්වයේ සුවඳ මොහොතකට හෝ විඳ සැනසුම් සුසුමක් හෙලන්නට ඇති බව මම විශ්වාස කරමි. ඔවුන් තුල තිබෙන මමත්වය පෙරටු කර ගත් සිතුවිලි පරයමින් සුහදත්වයේ සුවඳ මා සිටි දෙසට හමාගෙන එන ලදි. ඒ සුවඳ මමද විඳ ගත්තේ දෙනෙත් පියාගෙන . සුන්දර වචන ගලපා ලියු සටහනක් ලෙස ඇතමෙකුට හිතෙන්නට පුළුවනි. එහෙත් හදවතින්ම දුටු සුන්දරත්වය පමණි. මුස්ලිම් දැරියන් දමිල දැරියන් මේ ආකාරයට සිංහල දැරියන් සමඟ එකට එක් වි සති දෙකක පුහුණුව ආරම්භ කරන ලදි. අපි පුරුදු පුහුණු වු පිළිවෙලකට ඇඳ ඇතිරිලි සකස් කිරීම, පිළිවෙලකට ඇඳුම් අල්මාරිය සකස් කිරීම, නිසි ආකාරයට නානකාමර වැසිකිළි පිරිසිදුව තබා ගැනිම යන මේවා ඔවුන්ද පුරුදු පුහුණු විය. විවිධ වු ගති පැවතුම් ඇති දරුදැරියන් සිටි අතර, ඔවුන්ගේ එම නුසුදුසු ගති පැවතුම් ද නැති කර ගැනිමට මෙය අවස්ථාවක් විය.  
    
    මිනිසා විසින් නිර්මාණය කර ගන්නා ලද මිනිස් වර්ගිකරණය නිසාවෙන් ඇති කර ගන්නා මාන්නය නැමති විෂ මේ අනාගතය තුලද ගෑවි ඇති බව මම දුටුවෙමි. එහෙත් පළමු දවසේ ම එම විෂ නැති කරන්නට අපට පුළුවන් විය. සමහරක් විට ඔවුන් ඇතමෙක් අකමැත්තෙන් එය සිදු කරන්නට ඇත. එහෙත් බොහෝ දෙනෙක් තුල මාන්නය නැමති විෂ පහව යන ලදි. වෙන මොනවත් අවශ්‍ය නැත, ඒ සුහදත්වය පිළිගත්තා නම් අනාගතයද සුවදායක විමේ බලාපොරොත්තුව ඇති කර ගැනිමට පුළුවනි. සුනීතලා සෝපාකලා ශ්‍රී ලංකාවට අවශ්‍ය නැත. මෙහි සිටින්නේ  හොඳ සහ නරක පමණි. අපි නැති කළ යුත්තේ ඒ නරක ය. මිනිසා නොව මිනිසා සතු ගඳ ගසන ඇවතුම් නැති කිරීමට හැකි නම් එය ම වේ ජයග්‍රහනය.
    
     ඔවුන්ගේ සතුට රැඳි තිබුණු තවත් එක් අවස්ථාවක් වුයේ සුන්දරත්ව කැටි වු ස්වභාවික කදු ගැටිය තරණය කිරීම ය. කන්ද තරණය කර එක්තරා ස්ථානයක දී ඔවුන්ගේම අතින් පිසන ලද ආහාර ඔවුන් විසින් අනුභව කරන ලදි. ලුනු ගෙඩියක්වත් සුද්ද නොකරපු, දර දැමු ගින්දර ලිපක් ළඟවත් නොසිටි දරුදැරියන් ඉතාම කැමත්තකින් දිවා ආහාර ඔවුන් විසින්ම පිළියෙල කර ගන්නා ලදි. තවද කෑලැව තුලින් ම සොයා ගත් අමුද්‍රව්‍ය වලින් සකසා ගත් ඉතාමත් අලංකාර කුටියක්ද ඔවුන් අතින් නිම විය. මෙම ගමන තුල සාමුහිකත්වය වර්ධනය වන ක්‍රියාකාරකම් කිහිපයක් ම සිදු විය.
     
        මෙම පාඨමාලාව පිළිබඳ ගුණ අගුණ පැවසිමට කිසිවිටෙකත් මම උත්සහ නොකරමි. ඔබටත් මටත් අපි කැමති අකමැති බොහෝ දේ මේ ජිවන මඟ ගෙවන ගමන් පිළිගැනිමටත් සහ සිදු කිරීමටත් වෙයි. ඒ සෑම අවස්ථාවක්ම අපි පසු කළ යුතුය. එවිට අපි අකමැති කරුණු කාරණා වලට සහභාගි විමට සිදු වෙයි. එවැනි අවස්ථා වලින් මනුෂ්‍ය ජිවිතයට වටිනා යමක් එකතු කර ගැනිම ට ඇති කුමන හෝ යමක් එහි ඇති බව විශ්වාසයේ තබාගෙන එයට මුහුණ දෙන්න. එවිට මානව දයාවෙන් පිරි ගති ද මේ අකමැති සහභාගි විම් තුලින් වැළඳ ගැනිමට හැකි වෙයි. එවැනි අවස්ථා මඟ නොහැර ජිවිතයට යා කර ගන්න අපට පුළුවන් නම් ඒ නොහද අතර අපට එහි අවසානය සැහැල්ලුවෙන් විසිර යාමට හැකිවනු ඇත.   

නායකත්ව හැකියාව සහ ධනාත්මක ආකල්ප වර්ධනය පුහුණුවට සහභාගි වු ලක් මතාවගේ දු පුතුණි, ඔබට යමක් ඒ තුලින් ලබා ගැනිමට හැකියා ව ලැබුණු බව මම දුටුවෙමි. එම නිසා ලබා ගත් මනුස්සත්වයේ ගුණදායක වගාව රටේ අද දවස සුවදායක කිරීමට උපයෝගි කර ගන්න. මෙහෙයවන්නාගේ බලාපොරොත්තු කුමක් වුවත්, ඔබටත් මටත් පිහිටා ඇති බුද්ධිය තුලින් මෙ සියල්ලම දෙස උපෙක්ෂාවෙන් බලන්නට පුළුවන්කමක් ඇත. 

ගාල්ල පොද්දල ප්‍රදේශයේ පිහිටි අහිංසක දරුවන් ඉගනුම ලබන පාසලකි
ගාල්ල පොද්දල ප්‍රදේශයේ ඵෙතිහාසික පුජා භුමිය











































ගාල්ල පොද්දල ප්‍රදේශයේ ඵෛතිහාසික පුදබිමකි











පන්සල පිරිසිදු කරමින්






අනාගතයේ දවසක අඩුම තරමින් ඔබ හැදුවැඩු දෙමාව්පියන් ඔබට බරක් සේ සිතා ඔබේ පහසුව පිණිස ඔවුන්ව මහළු මඩමක රඳවා තබන සිතුවිල්ලකටවත් ඔබේ සිත පත් නොවේවා!!! මම ප්‍රාර්ථනා ගෙන එමි!
30 Comments
Tweets
Fb Comments

30 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මෙහි සඳහන් අත්දැකීම් මා විවේචනය නොකරමි. නමුත්, මෙම පුහුණුව මඟින් පාලන පංතිය බලාපොරොත්තුවන දෙයක් තිබේ. කෙටියෙන් මොළ සේදීමයි.
    ඔහුන්ගේ බලාපොරොතුව මල් පල දැරුවෝත් අනාගතේ දරුවන්ට අහිමිවන දෑ ද බොහෝය. අප තේමාව අදට වඩා හෙටට බලපාන අයුරුත් සිතිය යුතුය.

    ReplyDelete
    Replies
    1. නිර්මලා මම කථාව පටන් ගැනිමේදි වැදගත් කරුණක් ලෙස ඔබ කියන පැත්ත ගැන කිව්වා.ඔබටයි මටයි ඔවුන්ගේ තීරණ වලට අකමැති වුවත් ඒ දේම කරන්න වෙනවා.එතනදි කරන්න පුළුවන් දේ තමයි කියලා තියෙන්නේ.

      Delete
    2. ඔව්. නමුත්, මට එම ගැලපීම එකවර ග්‍රහනය කරගන්න බැරි වූවා. මන්ද යත්, අතපසුවූ බ්ලොග් ගණනාවක් අද දින කියවමින් පැමිණි බැවිනි.

      Delete
  2. මම නම් ඇත්තටම හිතන්නේ නෑ මෙතනදි මොළ සේදීමක් වෙනවා කියලා.... ඒත් එ‌ෙහම බැලුවාම විශ්ව විද්‍යාලයේ නවක වදයෙනුත් කරන්නේ මොළ සේදීමක් තමයි...

    එහෙම දෙයක් වෙනවා උනත් මේක අස්සෙත් කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා... මම දැක්කා ගයනි ඒ තමන්ට කරන්න පුළුවන් දේ උපරිමයෙන් කරන්න උත්සාහ කරලා තියෙනවා කියලා.... විශේෂයෙන් දුප්පත් පොහොසත් බේදය මේ ළමයින්ගේ හිත් වලින් අයින් කරන්න පුළුවන් නම් විශ්ව විද්‍යාලයේ තියෙන කෲර නවක වද තත්වයන් නැති වෙයි නිකම්ම.... ( ගොඩක් වෙලාවට වැඩි පුර නවක වදයට ලක්වෙන්නේ නගරබද වි.වි වල නම් දුර පළාත්වල ළමයි, දුර පලාත්වල වි.වි නම් නගරබද ජීවත් වෙච්ච ලොකු ඉස්කෝල වලට ගිය ළමයි..) මම කැම්පස් ගිහින් නෑ.. එත් මගේ නංගි ගියා පේරාදෙණිය කැම්පස් එකට.. එතනදි පවා මේ කතාවම තමයි කියවුනේ...

    මම හිතනවා ගයනි මේ තත්වය හරියට තේරුම් අරගෙන තමන්ට කරන්න පුලුවන් උපරිමය කරලා තියෙනවා කියලා... බොහොම ස්තූතියි ගයනි මේ තොරතුර බෙදා ගත්තට....

    ReplyDelete
    Replies
    1. සිරාවට අපිත් මුලිං හිතං හිටියේ බ්‍රේන් වොෂිං කියලා තමා..
      ඒත් කැම්පස් යන එවුංට මේක මාර වටිනවා...
      ගයනි අක්කා බූස්ස කෑම්ප් එකේද??????
      සිරා ඈ...

      Delete
    2. මමත් මේ කියමන සමග 100% එකඟයි

      Delete
  3. මගේ යාලුවොත් මෙ පාර ගියා මට ලියුම ආවත් මම නොගියෙ ඊළග පාර සහභාගි වීමට සිතාගෙනය..
    කිසිවෙක් මෙහි අඩු පාඩු කීවෙ නැත කීවා නමි ඒ එකම දෙය කාලය ඉක්මනට ගෙවී ගිය පමණි...
    ඇත්තටම පාලක පංතිය කුමන අරමුණකින් සිදු කළද එයින් ළමයා පාලක පංතියේ මතයට වඩා වැඩි වටිනාකමක් සහිත දෙයක් එයින් ගන්නවානමි වැදගත් වන්නෙ එයයි....

    ReplyDelete
  4. ඇත්තෙන්ම මේ නායකත්ව පුහුණුව සිසුන්ට ඉතා වැදගත්. ඔබ පැවසූ ආකාරයට මාධ්‍ය මේ පිළිබඳව දැඩි අවධානයෙන් සිටින්නේ.

    අපි ශ්‍රී ලංකා නිවුස්

    ReplyDelete
  5. ඔබගේ අඩවියේ ලියැවුණු හොඳම ලිපිය මෙය ලෙසයි මා දකින්නේ..

    ReplyDelete
  6. හමුදා විනය සිවිල් සමාජයට, විශේෂයෙන් නිදහස් මත දැරියයුතු විශ්ව විද්‍යාල සිසුන්ට පැටවීම අහිතකරය.පාලක පන්තියට කැමති ලෙස නැටවිය හැකි උගත් පිරිසක් බිහිකිරීම මෙහි අරමුනයි.

    ReplyDelete
    Replies
    1. හමුදා විනය කියලා ඔබ හඳුන් වන්නේ කුමක්ද?

      Delete
    2. හමුදා විනය යනු යම් පුද්ගලයෙකු විසින් ලබාදෙන උපදෙස් හෝ නියෝග විචාරයකින් හෝ තර්ක කිරීමකින් තොරව පිළිපැදීම ඇතුළුව ආහාර ගැනීම ඇඳුම් පැළඳුම් භාවිතය ආදී බොහෝදේවල් යම් නිශ්චිත රටාවකට සිදු කිරීම බව ආසන්න වශයෙන් පැහැදිලිකිරීමක් කලහැකිය.හමුදාවසහ පොලිසිය වැනි ආයතන සඳහා මෙවන් වැඩ පිළිවෙලක් ඉතාමත් යෝග්‍ය වන අතරසිවිල් සමාජය හමුදා විනය වැන්නකින් පාලනය කිරීම උත්සහ ගැනීම ඉතාමත් වැරදි සහගත දෙයකි.චීනයේ මාවෝ සේතුං යුගයේ මෙවන් වැඩපිළිවෙලවල් සිදුවූ අතර,පසුකලෙක තලෙයිබානුවන් විසින් ඇෆ්ගන් සමාජයට කලේද මෙවන් දෙයකි.වෙලාවට කන, බොන,අඳින මිනිසුන් රැසකින් සමාජයක ප්‍රගමනයක් සිදු නොවන අතරම ඒ වෙනුවට සිදුවන්නේ එකතැන පල්වෙන සමාජ ක්‍රමයක් ඇතිවීමයි.බොහෝවිටම ලෝකය වෙනස් කලේ සමාජ ක්‍රමය තුල උඩුගම් බලා පිහිනු මිනිසුන්ය.බුදුන් වහන්සේ යේසුස් වහන්සේ උදාහරණයට ගත හැකිය.රජය විසින් කල්පනා කලයුත්තේ තමන් සැමදා බලයේ නොසිටින බවත් තමන් විසින් අද දින තම පැවැත්ම වෙනු වෙන් කරන දේවල් අනාගතයේ තමන්ටම පාරාවළල්ලක් වීමට ඉඩ ඇති බවයි.

      Delete
    3. ඔබ මට වඩා බුද්ධිමත් සහ උගත් ඇති..?
      එහෙත් මම ඔබෙන් අසමි,නියෝග පිළිපඳින්න වෙන්නෙ හමුදාවකට විතරද?අඳින පළඳින විදිය,කෑමබිම ගන්න විදිය කියලා ඔබ අර්ථ දක්වන දේ මට පැහැදිලි මදි.වෙලාවට කෑව කියලා සමාජය එක තැන පල් වෙන්නෙ කොහොමද?,උඩුගම් බලා පිනාන්නේ රටටත් තමන්ටත් වෛර කරන අය.මම මගේ කථාවේ මුලින්ම කිව්වා ඔබටත් මටත් කැමති අකමැති දේවල් මේ සමාජ රටාව තුල කිරීමට සිදු වන බව.අපි කොච්චර කථා කිව්වත් තමන් අකමැති දේ හමුදාවන්ට විතරක් නෙමෙයි කරන්න වෙන්නෙ බුද්ධිමත් යහළුවා.ඒ අකමැති තැන් වලට ගියාම ගන්න පුළුවන් දේ ගන්න.

      Delete
    4. මා උගතෙක් හෝ බුද්ධිමතෙක් යයි කිසිවිටක නොසිතමි.මා සරසවියට ගොස් ඇත්තේ පාසල් මිතුරන් මුණගැසීමට සහ සංගීත ප්‍රසංග නැරඹීමට පමණි.මා අදහස් කරන්නේ සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ඕන නැති බවයි.සියලු දෙනාටම නායකත්ව ගුණ බලෙන් ඇතිකළ නොහැකි බව වටහා ගතයුතුය.සරසවි සිසුන්ට වෙනත් බොහෝ ගැටළු ඇත.නේවාසික පහසුකම් නොමැති වීම.ආර්ථික අපහසුකම්,සරසවියෙන් පිටවූ පසු විරැකියා පෝලිමට එකතු වීම ආදිය ඉන් ටිකක් පමණි.නායකත්ව පුහුණුවට වියදම් කරන විශාල මුදල් ප්‍රමාණය සරසවිවල යටිතල පහසුකම් වැඩිකිරීම පිණිස යෙදවීම වඩාත් යහපත් බව මගේ අදහසයි.සමාජය තුල උඩුගම් බලා පිහිනන්නන් රටටසහ තමන්ට දේවේශ කරන්නන් යයි ඔබ කියන්නේ මන්දැයි නොවැටහේ.ලොව පුර සිටින මහා විද්වතුන් කලාකරුවන්,දාර්ශනිකයන් බොහෝදෙනා අසම්මත ලෙස සිතු සහ ඒ අනුව ජීවත් වූ ය වුහ.බුදුන් වහන්සේ පවා අසම්මත ගමනක යෙදුනෙකු විය.මා මෙතනදී ඔබව විවේචනය නොකරමි ඔබ විශාල යන්ත්‍රයක කුඩා දැති රෝදයක් බඳුය.ඔබ කරන්නේ ඔබට පැවරී ඇති දේවල්ය.කලකට ඉහත මාද ඔබ මෙන්ම කටයුතු කල බව පමණක් කියමි.

      Delete
    5. ඔබට මං කියන දේ වැටහුනේ නැ.ඔබ මගේ සටහන සම්පුර්ණ කියවන්න.එතකොට තේරේවි.මම ඒ පුහුණුව ගැන ගුණ අගුණවත් වැදගත්ද නොවැදගත්ද ගැන නෙමෙයි කථා කරන්නේ.ලැබුනු දෙයින් ප්‍රයෝජනයක් ගන්න කියලා.බුදුන්ටත් අභියෝග කරනවද?ඔබට මත ඉදිරිපත් කිරිමට හැකියාව ඇත.එහෙත් ඔබ සැඟවි කරන ප්‍රතිචාර එතරම් මම අනුමත නොකරමි.

      Delete
    6. ඔබේ ලියමන කියවුවෙමි.මට ඔබ සමඟ මතවාදී ගැටුමක් නැත.ක්‍රියා පටිපාටිය විවේචනය කලෙමි.පවතින ක්‍රමය අගය කිරීමට බිය විය යුතු නැත එහෙත් එය විවේචනය කිරීමට බිය වෙමි.මන්දයත් මා අනාරක්ෂිත මිනිසෙකු බැවිනි.මරණය මට ඉතාමත් සමීප වුවද මගේ ආදරණීයන් එයට සමීප නැති බව කියමි.

      Delete
    7. ඔබව කියන දේ මට වැටහෙයි.

      Delete
  7. කොහොම හරි රටේ උන්ටික හැදෙනවානං එච්චරයි :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අඩවි රජ.ඔබටත් සුබ වේවා!!!

      Delete
  8. මගෙත් අදහසක් තිබුනා හමුදාවට බැඳෙන්න. කොහෙද අපේ ගෙවල්වල අයත් එක්ක බැහැනේ. දැන් නම් නාකි වැඩියි.

    ReplyDelete
  9. නායකත්ව පුහුණුව අද අපේ දරුවන්ට අත්‍යාවශ්‍යම දෙයක් කියල මම නම් හිතන්නෙ. අපි මේ පුහුණුවන් ලබා ගත්තෙ මුදල් දහස් ගණන් ගෙවලයි. අපි දැන් ඒවා දරුවන්ට කියාදෙන්නෙ ඔවුන්ගේ යහපත සඳහායි. හැම කෙනෙක් තුලම නායකයෙක් ඉන්නවා. ඒ සහජ දේවල් එළියට ගැනීම තමයි මේ පුහුණුවන් වලදී කරන්නෙ. මේ හැම දරුවෙක්ම අපිට වටිනවා, ඒ වගේම සමාජයට වටිනවා. එමෙන්ම ඒ අය ඒ අයටම වටිනවා. එයාල ඒක දන්නෙ නෑ. තමන් ගැන අවතක්සේරු කරගෙනයි ඉන්නෙ. සමාජය ගැන ද්වේශයෙන් ඉන්නෙ. අනෙක් අය ගැන ද්වේශයෙන් ඉන්නෙ. ඒ අය හිතන්නෙ නෑ අනෙක් අය ගැන. ඒ හැමදෙයක්ම අතරේ තමන් වගේම අනෙක් අය දෙසත් කරුණාවෙන් බලා උදව් පදව් කරගෙන ඉන්නා සමාජයක් අපි ප්‍රාර්ථනා කරනා නිසයි මේ වැඩ සටහන් වැදගත් වෙන්නෙ. තම රටේ දේ ආරක්ශා කරගෙන ඒවා අන් අයටත් පරිහරනය කරගන්න පරිස්සම් කරන එක අපේ වගකීමක්. මේ විස්තර දැක්කාම අවංකවම සතුටු උනා ගයනී. අපි දෙන්නාත් කාලයක් මෙවැනි වැඩ සටහන් කල නිසාවෙන්.
    මට මතකයි සමහර වැඩ සටහන් වලදී ජීවිතේට තමන්ගෙ අම්මාට වැන්දෙ නැති දරුවන්, අම්මාට කවමදාකවත් ආදරෙයි කියා නොකියාපු දරුවන් අපිට හමු උනා. කොතරම් සෝචනීයද? ඒ අය හඬා වැටුනා පසුව. කාලයක් එහෙම කිසිම දාක අම්මෙක්ට ආදරය නොකරපු අය අද බොහොම සුහදව දෙමාපිය ආශීර්වාදයෙන් යහමඟ ගොස් ඉන්නවා.
    ඔබ ගැන බොහොම ආඩම්බරයි නංගී.
    ඔන්න අද ඔබේ ඉල්ලීම ඉටුකලා. පියුම් විලට ගොස් බලන්න.

    ReplyDelete
  10. අපේ රටේ අධ්‍යාපනය ගැන වැරදි වැටහීම් තිබේ..එකක් පොතපතේ දැනුම පමනක් ඒක කෙන්ද්‍රීය වූ...ප්‍රායෝගික අත්දැකීම් නැති අධ්‍යාපන රටාව ඉහ මුදුනින් තබා ගැනීම මීට හේතුවයි. මෙම ක්‍රම්යේ රජයේ පාර්ශවය බලාපොරොත්තුවන යම් දෙයක් ඇති ඒත් එතනින් එහාට අපි යම් දෙයක් උකහා ගතහැකිනම් එය මනාය.

    ReplyDelete
  11. නියම ලියැවිල්ල ගයනී. brain wash එකක හොද පැත්තක් මෙන්න නරක පැත්තක් තියෙනවා. ඒක පුද්ගලයා මත තමා තිරනය වෙන්නේ.

    ඔබට ජය !

    ReplyDelete
  12. ඕගොල්ලන්ටත් නියම අත්දැකීම් නේ විඳින්න හම්බ වෙන්නේ. නියමයි
    නියම අත්දැකීම් ටිකක් ජීවිතයට එකතු වෙලා.

    ReplyDelete
  13. මමත් නම් කැමතිනෑ සරසවි සිසුන්ට මෙවැනි පුහුනුවක් දෙනවට මෙයින් එක් ආකාරයකින් හිතන්න තියෙන නිදහස අවුරනවා වගේ හැගීමක් එන්නේ.

    ReplyDelete
  14. ආදී මානසිකත්වයෙන් ඉන්න හැමෝටම මානය බිඳින්න ලැබෙනවනම් ලොකු දෙයක්. මොවුන් සමාජෙට ගියපු දවසට දුප්පත් මිනිසුන්ව පෙන්නේ වහලුන් වගේ .ඒ වගේම තමා කිසි සමාජයකට යන්නේ නැති පොතටම සිමා වෙලා ඉන්න ළමයින්ව සමාජය කියන්නේ මොකක්ද කියන දේ තේරුම් ගන්නා හොඳ අවස්තාවක්.

    ReplyDelete
  15. මෙවැනි දෙයකින් සහභාගී වෙන අයට යහපතක් වෙනවා නම් ඇත්තෙන්ම ඒක හොඳයි. මේ සඳහා සහභාගී වුනු අයගේ අත්දැකීම් කියවල තිබුනත්.. ඒ වැඩසටහන කාර්යයන් වලට සහභාගී වෙන අය මෙහෙයවූ.. ඔවුන්ට කරුණු පැහැදිලි කර දුන් අයකුගේ ලිපියක් විදිහට කියවපු පළමු ලිපිය මේ. ඔබ ඔබේ අත්දැකීම් ලස්සනට ලියල තියනවා.

    ReplyDelete
  16. මේ පෝස්ට් එකද මට කලින් පෙන්නුවේ නැත්තේ.. අයියෝ කොච්චර හොද ලිපියක්ද?

    බොහෝ අය මේ පුහුණුව ගැන දොස් කියනවා.ඒත් මම දකින්නෙත් අනාගතයට සෞඛ්‍ය සම්පන්න පිරිසක්,මානුෂීය ගුණාංග වලින් පිරී පිරිසක් බිහි වන බවයි.මොකද මාත් කෙඩෙට් කලා.එතනදී මම ඒවගේ තියෙන වටිනාකම අත්දැකීමෙන්ම දන්නවා.

    සමාවෙන්න පරක්කුවෙලා ආවට

    ReplyDelete
  17. කඳවුරක් ගත කල ජීවිතය ගැන මගේ සොයුරිය කිව්වා. ඒ එක්කම ඔබේ මේ අත්දැකීම් ටිකත් එක්ක මට මේ ගැන දෙවිදියටම දකින්න හැකියාවක් ලැබුණා.

    ReplyDelete
  18. මුලින්ම මේ අඩවියට ආවේ අදයි...

    මේ නායකත්ව පුහුණුව ගැන හොඳ මෙන්ම නරකත් අපට අසන්නට ලැබුනා... ඒ කෙසේ වෙතත් මේ සමගම සරසවි සිසුන්ගේ අනෙකුත් ගැටළු ගැනත් අවධානය යොමු විය යුතුයි..

    පින්තූර වල හැටියට නම් මේ බූස්ස නිපුණ කඳවුර වගේ ...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...