Sunday, January 27, 2013






 ෴පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!











සිල් ගත් දෝතට පියුම් පිපෙනවා!
පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!
මිත්තනියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//

බෝසත් සිරිතේ කථා කියා දී
බෝසත් ගතිගුණ පුරුදු කළා
බෝසත් දරුවන් රටකට බිහි කළ
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!
නුඹ නිවන් දකිනවා!

බාලේ සිට අප තුරුලට අරගෙන
ආල වැඩු අම්මා වාගේ  
පෑ සෙනෙහස රන් රුවන් වටිනවා!
මිත්තනියේ නුඹ නිවන් දකිනවා!

සිල් ගත් දෝතට පියුම් පිපෙනවා!
පිං හිත පුර හඳ  බුදුන් වඳිනවා!
මිත්තනියේ නුඹ සිල් රෙදි පොරවා
පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා//


මිනිසුන් කොටස් දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත. ඉන් එක කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමා ගන්නා අයයි. මගේ පියා නිතර උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වි සිටින ලෙසයි. එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරඟයක් නැති බැවිනි. තරඟය ඇත්තේ වැඩ නොකර ලකුණු ගන්නා මිනිසුන් අතරයි”. මහත්මා ගන්ධි තුමා එසේ පවසා ඇත.
    
     මගේ මිත්තනිය මෙතරම් දාර්ශණික නැත. එහෙත් ගත කළ ජිවන රටාව තුල, මහත්මා ගන්ධිගේ දර්ශණයට අනුව පළමු කොටස තුල මගේ මිත්තනියද සිටි බව  මම නිතර දුටිමි. මහපොළවට ණය නැති ඇය ජිවන චක්‍රයේ එක්තරා යුගයක කළ පවක් මේ භවයේ ගෙවා අවසන් කරමින් සිටින දිරිය මවකි.

දරුවන් හත් දෙනෙකුගේ මව වන ඇය මුණුපුරන් මිණිපිරියන් දහහතර දෙනෙකුගේ මිත්තණිය වේ. අවාසනාවකටද වාසනාවකටද මන්දා අදටත් තමන් විසින් උපයන මුදලින් තම ජිවිතය පමණක් නොව දරුවන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේද දුක ළඟ තම ශ්‍රමය ශක්තියක් ලෙස තබති. සීයා මිය ගිය දින සිට හැම විටම දරුවන්ගේ බඩගින්දර නිවාලිමට සමත් විය. එහෙත් අදටත් ඇය විශ්‍රාම නොගැනිම පිළිබඳව මම සිටින්නේ කනස්සල්ලකිනි. උත්තමිය නඩත්තු කිරීමට මටද හැකියාව ඇත. එහෙත් ඇය ඉගෙන ගත් ධර්මයට අනුව කා හටවත් අත නොපා ජිවත් විම අපටද ආදර්ශය කි. දරුවන් දුන්නොත් ගන්නවා මිස ඉල්ලන් කෑමක් ඇයගේ ජිවන දැක්ම තුල නොමැත. දැනටමත් ඇය සිත තුල මොන මොන බලාපොරොත්තු රැදි ඇත්ද කියලා මම නොදනමි. එහෙත් මිය යාමට පෙර ඉෂ්ඨ කර ගත යුතු පැතුම් තවමත් සිතුවිලි පමණක් වි ඇති බව නොරහස කි.

සුවිසල් මැදුරු වල නුඹේ දරුවන් සුව විඳිති. එහෙත් ඔබ තවමත් නුඹට පණ මෙන් ආලය කළ ආදරණීය ස්වාමියාගේ සුවඳ රැඳි පුංචි නිවහනේ කාලය ගෙවිමට තරම් නිහතමානී විය.

පින්වන්ත මව් කෙනෙකුගේ දියණිය විමට මට මඟ එළි කළ දුන්නේ නුඹයි  මගේ මිත්තනියේ. ඇය තරමට නුඹ මට කරුණාවන්ත විය, ඇය තරමටම සෙනෙහස නුඹද දුන්නෙමි අපට, මම කරන්නා වු සියළු යහපතේ බලයෙන් තව චිරාත් කාලයක් නිරෝගිව සිට දුකක් නොමැතිව මෙම භවයට සමු දෙන්නට නුඹට ඒ පිං අනුමොදන් වෙත්වා!

මගේ මිත්තණිය සේ ඔබේ මිත්තණියත් මව්වත් ගුණ වලින් යුක්ත බව මම සිතමි. සමාජය දෙස විමසිලිව බලන විට දසදහස් වාරයක් ඔබ දෙපාතුල වැතිරෙන්නට මට සිත් විය. ඒ මන්ද යත් ඔබ වැදු දරුවන් දුසරිතයෙන් තොර ජිවිත ගෙවන බැවිනි. එහෙත් ඔවුන් ඔබට සාධාරණයක් ඉටු කර ඇත්ද? යන වග මට නම් ප්‍රෙහේළිකාවකි. එහි හිස් කොටු ඇත. හිස් කොටු පුරවන්න ඔබේ දරුවන්ට තවමත් නොහැකි වි ඇති බව මම පවසමි. සමාජයට බරක් නොවන දරුවන් බිහිකර දි අද දුක් විඳින දෙමාව්පියන් නම් කොතරම් ඇත්ද? අම්මා අප්පා හඳුනන්නේ නැති සාමාජයක අප්පා දුව තම ‍ලෙයින් උපන් බව අමතක කරන යුගයක සිටින අපි, එවන් වු කැත උලුප්පා පෙන්වන ගමන් ම සමාජයට නොපෙනෙන එහෙත් දිරිය පියවරු මව්වරු අගය කර සමාජය ඉදිරියේ පිදිය යුතු නොවේද?අද දකින පුවත් සියල්ලක්ම පාහේ ‍මරණ දැන්විම් ය. එහෙත් ඊට වඩා වැදගත්  ධනාත්මක සිතුවිලි වලට පණ පොවන අපේ පියවරු මව්වරු දරුවන් ද පෙන්විමට අපි කාරුණික වෙමු.
 
34 Comments
Tweets
Fb Comments

34 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මිත්තනියේ නුඹ සිල් රෙදි පොරවා
    පන්සල් ගිය හැටි හිතේ මැවෙනවා....
    එඩ්වඩ් ජයකොඩිගේ ගීතයට ඔබ හොඳ නිර්මාණාත්මක පසුවදනක් එක්කර තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මලා.

      Delete
  2. ලස්සන ගීතයක් සමග අනගි පසුවදනක් ..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බින්දි.

      Delete
  3. ලස්සන වැදගත් නිර්මාණයක්..... මටත් මගේ අත්තම්මව මතක් වුනා. එයා දැන් ජිවතුන් අතර නෑ.......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී.

      Delete
  4. ඔබේ මිත්තනිය ආදර්ශමත් කාන්තාවක්..! ඇයට චිර ජීවනය නිදුක් නිරෝගී සුවය පතනවා. ඔබේ නිර්මානයත් අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන.

      Delete
  5. ඇත්තටම හොඳ ලිපියක්.මම දෙතුන් පාරක්ම කියෙව්වා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රභාත්.

      Delete
  6. අදමයි ආවෙ මේ පැත්තට මගේ හිතේ.. ගීතෙට ලියපු පසු වදන අනර්ඝයි.. ජය වේ!
    CSK LANKA

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුපුන්.

      Delete
  7. සැබවින්ම.මගේ අම්මගේ අම්මා තුල නම් හොද ගති ගුණ මං දකිනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ධම්මික.

      Delete
  8. හැම අම්මා කෙනෙක් තුළ ම, අඩු හෝ වැඩි වශයෙන් ඒ ගුණ තිබෙනවා.. ඔබේ අත්දැකීම මටත් ඒ විදියට ම තිබෙනවා. මට තියෙන එක ම භය, ඇයට තියෙන ණය ගෙවන්න මට අවස්ථාවක් ලැබෙයි ද කියන එක.

    ජය වේවා!!

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත රැංගෝ.

      Delete
  9. බොහොම අගෙයි සොයුරියේ.ඒ වගෙම දහමෙහි හැසිරෙන්නන් අතේඇගිලි ගාණටත් අඩු කාලෙක මේ බ්ලොගය කියවන විට මට හිතෙන්නේ ඔබ වන් දියණියක් ලැබීම මවගෙත් මිත්තණියගෙත් පින් පලදීමක් කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වර්ෂා .

      Delete
  10. අදමයි මෙහෙට ගොඩවුනේ. ඉතාම හොඳ ලිපියක්...

    ReplyDelete
  11. bohoma apuru postuwak..
    Ape aththamma gana hithapuwahama mata pudumath hithenawa,maara,adarayak karunawak tiyenne..

    Api giya welawata apita salakanna pudumaakara widiyata wehesenawa..

    Hathurukam karana kenekta unath pudumaakara widiye karunaawak dakwana kenek.
    E tharam karunawak thiyana wena kenek mata nam thawamath muna gahila na..

    Apuruwata postuwa liyala thiyenawa..
    Jayama wewa !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දමිත්.ඔබටත් තේරුවන් සරණයි!

      Delete
  12. අත්තම්මට නිරෝගී සුව ප්‍රර්ථනා කරනවා ,
    එයාල එක්ක එයාලගේ කතා අහන් ඉන්න තමයි මමත් වැඩියම ආස

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබටත්.

      Delete
  13. ඔබගේ ලිපිය කියවාගෙන යන අතරම මාගේ සිත නොදැනුවත්වම ගොස් නතරවී තිබුනේ මාගේ ආදරනීය ආත්තම්මා (මගේ අම්මාගේ අම්මා) ලඟයි. ඇය ගැන සඳහන් කරන්නේ නම් ඔඹගේ ලිපියට බොහෝ සෙයින්ම සමාන දෙයක්ම තමා සදහන් කරන්න වන්නේ.

    දරුවන් දොලොස් දෙනෙකුට මවක් වූ ඇය මේ වන විට මිනිබිරි/මුනුබුරන්ගේ දරුවන් පවා දැකගන්න තරම් වාසනාවන්තියක්. මතකය හොදටම දුබලව ඇතත් ගතින් නිරෝගීව (ඇයගේ වැඩ ඇය විසින්ම කරගනිමින්) ජීවත්වන ඇය මේ වන අවුරුදු අනූව පසුකර වසර කීපයක් ගත වෙලා.

    ඔබගේ අත්තම්මටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඔබේ අත්තම්මටත් නිදුක් නිරෝගි සුව ප්‍රාර්ථනා කරමි.

      Delete
  14. ලස්සන ලිපියක් ...පොඩි කාලේ ආච්චි අම්මලත් එක්ක හිටපු හැටි මතක් උනා ...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කසුන්.

      Delete
  15. ලස්සන වැදගත් නිර්මාණයක්.....

    ඔක්කොම එකම තැනක

    ReplyDelete
  16. බොහොම සොදුරු මතකයක් මට නම් අත්තම්මා....
    මගේ ආච්චිලා දෙන්නම දැන් දිවියලෝකෙ ගිහින්... ඔබේ අත්තම්මාට නිරෝගි සුව පතනවා

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...