Friday, January 25, 2013

෴දෙමාපියන්ට නොසළකන්නා රොඩියෙකි෴







බුදුරඳුන් එක් සමයක සැවැත් නුවර වැඩ සිටි කල්හි එක් දිනක් පිඬුසිඟා වැඩි අතර, අග්ගික භාරද්වාජ නම් බ්‍රාහ්මණයාගේ නිවස දෙසට වඩිනු දුර සිට දැක බ්‍රාහ්මණයා විසින් මෙසෙ පවසන ලදි. එම්බා හිස මුඬු කළ තැනැත්තා ඔතැනම සිටිනු, එම්බා ශ්‍රමණය ඔතැනම සිටිනු, එම්බා වසලය ඔතැනම සිටිනු මෙසේ පැවසු පසු භාග්‍යවතුන් වහන්සේ අග්ගික භාරද්වාජ බ්‍රාහ්මණයා හට මෙසේ වදාළ සේක.

“ පින්වත් බ්‍රාහ්මණය, වසලයෙකු වීම හෝ වසලයෙකු බවට පත් කරවන කාරණය ගැන ඔබ දන්නවාද?” පින්වත් බ්‍රාහ්මණය සිත හොඳින් යොමා මෙය හොඳින් අසාගෙන සිටන සේක කියා වසල සුත්‍රය දේශණා කරන ලදි.

ගාථා තිහකින් යුත් වසල සුත්‍රය මනුෂ්‍යයෙකු වසලයෙකු නැතිනම් රොඩියෙකු බවට පත් වන්නේ කෙසේදැයි බුදුරජාණන් වහන්සේ  පැහැදිලිව දේශණා කොට ඇත.

එයින් දෙමාපියන්ට නොසලකන්නා වසලයෙකු බව වදාළ සේක.


යෝ මාතරං වා පිතරං වා
ජිණ්ණකං ගතයොබ්බනං
පහුසන්තෝ න භරති
තං ජඤ්ඤා වසලෝ ඉති

යෝ මාතරං වා පිතරං වා
භාතරං භගිනිං සසුං
හන්ති රෝසේති වාචාය
තං ජඤ්ඤා වසලෝ ඉති




හොඳට කා බී වසන රිසි සේ
දරුවො පමණක් සිටිති සුව සේ
දිරන මව්පියො වසති දුක සේ
මොවුන් වසලය දනුව මෙලෙසේ




මාපියන් හා සොහොයුරන් ගැන
නෑසියන් හට හෝ දුකක් දෙන
කෝපයෙන් දොස් පරොස් පවසන
කෙනා වසලය දනුව මෙලෙසින්

අවුරුදු විස්සක් යන තුරු කන්න දී හැදු දෙමාපියන්ට ඔබ අද ඔබේ වැටුපෙන් කීයක් දෙනවද? හෘදසාක්ෂියට එකඟව කල්පනා කරන්න. දිරාපත් වෙච්ච, නොහැකියාවට පත් වෙච්ච, විඩාබර වෙච්ච දෙමාපියන්ට ඔබ සළකනවද? ගෙවි ගිය අවුරුද්දේ ඔබට එම උතුම් වගකිම ඉටු කර ගැනිමට නොහැකි වුවා නම් .... අද සිටවත් ඔවුන්ට උපස්ථාන කරන්න.
උප්පත්තියෙන් නොව කරන වැඩ වලිනුයි රොඩියෙකු නැතිනම් වසලයෙකු වන්නේ බව බුදුරජාණන් වහන්සේ අවුරුදු දහස් ගණනකට පෙර දේශණා කොට වදාළ සේක.

නව වසරේ පළමු පෝය දින සුභ ප්‍රාර්ථනාවකින් පිබිදෙමු!

මව්පියන් යනු වචන‍යකින් දෙකකින් අර්ථ දැක්විය හැකි යමක් නොවේයි. ඒ උත්තරීතර බවට නිගා කරන කොටසක්ද අද සමාජයේ සිටිති. එහෙත් දෙමාපියන් යනු දේවත්වයෙන් ගරු කළ යුතු කොටස කි. ඔබටත් මටත් ජිවය ලබා දුන් ඔවුන් දෙපළට පිංබර දුරුතු මහේ  නිරෝගිමත් බව සහ සැනසිලි බවින් පිරි දිනක් උදා වේවායි මම පතමි!


  • මගේ ජිවිතයේ සය වසරකට පෙර හමු වි එදා සිට දුකේදී සතුටු වෙච්ච තැන් වලදී මාත් සමඟ ම සිට සහෝදරියක සේ මට උපදෙස් දෙමින් මාව දිරිමත් කළ ඔබ,

  • අද දින සිට රාජකාරි ජිවිතයේ නව මාවතකට පැමිණ ඇත. ඔබගේ නව උසස් විමට මගේ හද පිරි සුභාෂිංසන ගෙන අතර, මින් ඉදිරියට ඔබහට  වගකිම් මෙන්ම අභියෝගද වැඩි වශයෙන් පැමිණෙනු ඇත. ඒ සියල්ලටම මනා මනසිකින් යුක්තව මුහුණ දිමට අවැසි ශක්තිය ධෛර්‍ය ඔබ සතු බව මම විශ්වාස කරමි!.

සියළු අභියෝග ඔබට ජය ගත හැකිය!

  • ගම්පහ පැවැත්වෙන ගෙට්ටුවට මට පැමිණිමට නොහැකි බව කණගාටුවෙන් වුවද දැනුම් දීමට සිදුවෙයි.මගේ රාජකාරි ස්වභාවය මත නිවාඩු ලබා ගැනිමට අපහසු නිසාවෙන් එයට සහභාගි වන සියළුම දෙනාට සුභ පැතිමට මෙය අවස්ථාවක් කර ගනිමි. මගේ ජිවිතයේ වැදගත් අවස්ථා බොහෝමයකට මට සහභාගි විමට නොහැකි වන ලදි. එහෙත් එවැනි අවස්ථා වල ක්‍රියා කිරීමට මනස සන්සුන් කරගෙන ජිවිතය හසුරුවා ගැනිමට  බුදුදහම මට මහත් උපකාරි වන ලදි.
32 Comments
Tweets
Fb Comments

32 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඇත්තෙන්ම, මිනිසෙකු වසලයෙකු වෙනුයේ උප්පත්තියෙන් නොව. ඔහුගේ ක්‍රියාකාලාප අනුවයි.
    නමුත්, මෙතනදී තවත් පැත්තක් කිව යුතුව තිබේ. දෙමාපියන් ද දැන ගත යුතුයි දරුවන්ගෙන් සැලකුම් ගන්න සුදුසු ලෙස දරුවන් හැදීමට. ළමයි තමන් හැදන පරිසරයෙන් උකහා ගන්නා දේ මීට තදින්ම බලපානවා යි මට සිතේ. විශේශයෙන්ම දරුවන්, දෙමාපියන් ඔහුන්ගේ අම්මා/තාත්තාට සලකන අයුරු දකිනවා....
    එබැවින් තමන් වැපිරූ දේ අස්වැන්න නෙලා ගැනීමට සිදුවන අවස්තා ද එමටයි. මා වැරැදිද....?

    ReplyDelete
    Replies
    1. එක කොටසක් දෙමාපියන් කියන නමට නිගා කරනවා කියලා මම කිව්වේ ඒකයි.

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. පෝදා අපුර්ව ධර්ම පණිවුඩයක් අගෙයි ගයනි..

    ReplyDelete
  4. පිංබර පොහෝදිනක් වේවා.....

    ReplyDelete
  5. පෝදාට මේ වගේ දේවල් කියවන්න සලස්වන එකත් ලොකු පිනක් !
    සාදු සාදු සාදු

    ReplyDelete
  6. දෙමව්පියන්ට සැලකීම සම්බන්දව ඔබ පවසා ඇති දේ සමඟ තර්කයක් නැත.මා සහ මගේ සහෝදරයා සමඟ අපේ මව ඉතාමත් සැනසීමෙන් ජීවත් වන්නීය.වයස් ගතව දුබලව සිටියද ඇය තවමත් අප නිවසේ ප්‍රධානියා ලෙස සලකන්නෙමු.කලකට පෙර ඇය ඉතාම කරුණාවන්ත හෙදියක් වුවාය.අපි ඇගෙන් ජීවිතය ගැන බොහෝ දේ උගත්තෙමු.මුල්ම අදහස් දැක්වීම කල නිර්මලා කී දේ සමඟ මාද එකඟ වෙමි.තව දෙයක් කිව යුතුය.රොඩියා සහ බුදුන් වහන්සේ දේශනා කර ඇති වසලයා යනු දෙදෙනෙකි.වසලයන් ලෙස හැදින් වුවේ වැසිකිලි පවිත්‍ර කිරීම,මළසිරුරු වල දැමීම වැනි සමාජය විසින් පිළිකුල් කල දේවල් කල මිනිස් සමුහයක් වූ අතර රොඩියන් යනු මා දන්නා පරිදි අහිකුන්ටිකයන් ලෙසින් හඳුන්වන පිරිස වේ.සංචාරක ජීවිත ගත කරන රොඩී ජනතාවගේ ජීවනෝපාය වන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර වැඩ,සුළු වෙළඳාම,ලද විට කල සුළු සොරකම ආදියයි. ඔබ සඳහන් කරන ජන වර්ග දෙක අතරේ මව් පියන්ට සලකන අය ඕනෑ තරම් සිටිති.එක කුලයක් ගැන සදහන් කර බුදුන් වහන්සේ වුවද ඔවුනට අපහාස කිරීම මා නම් පිලි නොගනිමි.

    ReplyDelete
  7. නජච්චා වසලො හොති නජච්චා හොති බ්‍රාහ්මණො
    කම්මණා වසලො හොති කම්මණා හොති බ්‍රාහ්මණො.
    මිනිසා මිනිසාගේ පැවැත්ම උදෙසා වර්ගීකරණයකට අනුව එක එක කුල හදා ගත්තට බුදු හමුදුරුවෝ කිසිම දිනක රොඩි නැතිනම් බ්‍රහ්මණයෙකු ලෙස හැඳින් වුයේ නැත.බුදුන් වහන්සේ ඔවුන්ට අපහාස කර නැත.වසලයෙකු වන්නේ ඔවුන් කරන ක්‍රියාව අනුවය.බ්‍රහ්මණයෙකු වුවද ඔහු දෙමාපියන්ට සලකන්නේ නැති නම් වසලයෙකි.වසලෙයකු කියලා කුලයක් මම අනුමත නොකරමි.

    ReplyDelete
    Replies
    1. මෙතනදී මා අදහස් කරන්නේ මෙයයි.සමස්ත කතාව ටිකකට පසෙක තබමු.බ්‍රාහ්මණයා සහ වසලයා යනුවෙන් දෙපිරිසක් වර්ග කර තිබේ කිනම් අයුරින් හෝ මෙහෙදී බ්‍රාහ්මණයා යහපත් වන අතර වසලයා යන වර්ගීකරණයට අයත් වන්නෝ නරක මිනිසුන් වේ.මෙය සාධාරනදැයි මට සිතේ.ඉතාම ගුණවත් වූ එහෙත් වසල කුලයට අයත් වූ කෙනෙකුට මේ වර්ගීකරණයෙන් අසාධාරණයක් වෙන බව මට සිතේ.

      Delete
    2. මිනිස්සු සදා ගත් වර්ගීකරණයකට බුදුහමුදුරුවෝ දේශනා කළ පිළිතුර නිවරදියි.මිනිසා වසලයා බ්‍රහ්මණයා කියලා කොටස් දෙකක් හදාගෙන තියෙනවා.බුදු හමුදුරුවෝ වසලයා කියන කොටස වෙනුවෙන් පෙනි සිට ඇත.එකයි උන්වහන්සේ දේශණා කර ඇත්තේ උපතින් වසලයෙකු කරන්න උත්සහා කරන මිනිසුන්ට සුත්‍රයකින් පිළිතුරු දි ඇත්තේ.බ්‍රහ්මණයා උපතින් බ්‍රහ්මණ උනාට කරන ක්‍රියාව වැරදි නම් ඔහුද බ්‍රහ්මණයෙකු නොව වසලයෙකු වන්නේ ඔහුම තමයි කියලා.

      Delete
    3. තෙරුවන් සරණයි! ඔබටත්.

      Delete
  8. ධර්ම කරුණු බෙදා හදා ගැනීම පිනක්..

    ReplyDelete
  9. රොඩියා කියන්නෙයි වසලයා කියන්නෙයි දෙකක් නෙවෙයිද...

    බුදුන් වහන්සේ අදහස් කලේ බ්‍රාහ්මණයා යනු හොඳ ගති පැවතුමි ඇති තැනැත්තා සහ වසලයා යනු නරක ගති පැවතුම් ඇති තැනැත්තෙක් විදියට.. ( මම හිතන්නේ ඒ කාලේ මිනිස්සුන්ට තේරෙන බාසාව ඒක නිසා ඒ නාමයන් ඒ විදියට යොදා ගන්න ඇති පැහැදිලි කිරීම සඳහා..) එහෙම බැලුවාම ලෝකේ තියෙන්නේ මිනිස් කාණ්ඩ දෙකයි.. හොඳ මිනිස්සු සහ නරක මිනිස්සු... රොඩි කියන්නේ මිනිස්සු හදාගත්ත බෙදීමක් විතරයි...

    ඉතුරු හරිය ගැන කියන්න දෙයක් නෑ.. ගයනි හරි...

    ReplyDelete
    Replies
    1. ඔබ කියන ලෙසට සරලව මිනිසුන් වර්ග දෙකකට බෙදන්න බැහැ හිරු.අනිත් අතට අපි පිලිනොගත්තා වුවත් කුලය යන සාධකය යථාර්ථයේ තිබුන දෙයක්.බුදුන් වහන්සේ එදා වේලට සිල්ලර බන කියපු කෙනෙක් නොවේ.අකාලික දහමක් දේශනා කල උතුමෙක් වුවත් මේ වර්ගීකරණයට මා එකඟ නැහැ.එය අනියමෙන් හෝ එක කුලයකට කල නිග්‍රහයක්.

      Delete
    2. එක ඔබේ අදහස.එහෙත් මගේ අදහස කුල ඇති කර ගත්තේ මිනිසා.එහෙත් බුදු හමුදුරුවෝ කුල දෙකයි තියෙන්න්නෙ කිව්වා.එකක් හොඳ අනෙක නරක.හිරු හරියටම හරි.අනිත් සෑම කුලයක්ම මිනිස්සු බේද කරන්න හදා ගත්තුවා.

      Delete
    3. තෙරුවන් සරණයි! හිරු

      Delete
  10. අක්කා ලියන්නේ මාර පොස්ටුනේ. ඇත්තෙන්ම වැදගත්

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි!මල්ලී

      Delete
  11. ලංකාවෙ වැඩිපුරම ඉන්නෙ වසලයො තමයි දැං..

    අක්ක වගේ කෙල්ලෙක් දැක්කමයි.. ඔච්චරටම ආගමට ලැදි

    ReplyDelete
  12. නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රහ්මණා. නියම කාලීන පොස්ටුව ඊටත් මේ පෝය දවසේ නියම වැඩක් ගයානි. මේවා ගොඩක් වැදගත් වෙන්නේ අද සමාජෙට.

    ReplyDelete
    Replies
    1. තෙරුවන් සරණයි ! කෝරලේ මහත්තයාටත්

      Delete
  13. තම දෙමාපියන්ට සලකන කිසි කෙනෙකුට වරදින්නේ නැහැ. ඉතාම හොඳ පොස්ට් එකක්.

    ස්තුතියි..

    ReplyDelete
    Replies
    1. අසරණයාටත් තෙරුවන් සරණයි!

      Delete
  14. දැන් නම් වැඩිපුරම ඉන්නේ වාසල අය තමයි.මාර ලිපියක් මේක.නියමයි.

    ReplyDelete
  15. දෙමව්පියන්ට සලකන්නේ නැති එවුන් ගැන කතා කරලත් වැඩක් නෑ.
    උන්ට යන්ඩ වෙනම අපායවල් හදන්ඩ ඕන.

    ReplyDelete
  16. අදමයි ඉස්සෙල්ලම ඔයාගේ බ්ලොග් එකේ post එකක් කියෙව්වේ. දෙමාපියනට සැලකීම අමතක වෙලා ගිය අද කාලයට හැටියට හරිම වැදගත් ලිපියක්, ස්තුති.තව ලියන්න :D

    ReplyDelete
  17. එවන් වසලයෙක් මට ලඟදී මුණ ගැසුණා. වසලයා යන නම මදිය කියලා මට හිතුණා.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...