Sunday, January 13, 2013

෴අඳුරත් එළියත් අතර දෝලනය වන අප සිත්෴




         
 රඹුම ට මනස  සනසුන් කර ගැනිමට මම මහත් පරිශ්‍රමයක් ගත් බව මුලින්ම පැවසිය යුතු කරුණකි. මිනිස් සිත දෝලනය වන්නේ දවසින් දවස සිදු වන අසාමාන්‍ය සිදුවිම් අතර ය.
          
           මට මේ සිදුවිම් බලා කරන්න පුළුවන් එකම දේ නම් එවන් වු අවස්ථාවන් ඔබ ඉදිරියට පැමිණි විගස එය මඟ හරින්න කියලා විතරයි. සිදු වු සිදු කර ඇති අවාසනාවන්ත සිදුවිම් ඔබ අතින් වෙන්නට ඉඩ නොහරින්න. ජිවිතය ඔබ සතුය. එය පරිස්සමින් හසුරුවන්න ඔබ ඉගෙන ගත යුතුය. සාමාජය පාසල සේ සිතා සිදු වන සිදුවිම් විෂයය මාලාව යනුවෙන් හිතන්න. අවබෝධය හැම විටම තම යහපත් ජිවිතයේ උත්තෙජකය වෙයි.
"හන්තානයට පායන හඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුර හඳ ඔබට හැකිය දකින්න"

බොහෝමත් සුන්දර අරුත්බර නිහතමානි සිතුවිලි අප හිත් තුල උපදින ගමන් බොහෝමත් කුරිරු අභාග්‍යය සම්පන්න, මිලෙච්ඡ සිතුවිලි වලටත් පණ පොවයි.

හයියට පිරිමි හිතක් ඇති සෑම පවුලකම ඒ හිතට කරනා අයාචනයකි මේ, තම දුව, අම්මා, සහෝදරිය බිරිඳ පිටරටක බැලමෙහෙවරට යවන්න එපා කිසිදිනක. ඔවුන් වෙනුවෙන් ඔබ පුංචි කැප කිරිමක් කරන්න. වේලක් හැර වේලක් හරි ඔවුන්ගෙ බඩගින්දර නිවන්න. ඇයව අසරණ කරන්න, තනිකරන්න එපා කිසි විටක. ඔබ ඇයගෙන් යැපෙන්න උත්සහා නොකරන්න. මෙ අතර තුර පින ඇත්නම් ඔබ සැමටත් එළියක් ලැබෙවි. ඒ එන තුරා හිත හදාගෙන ඉඳින්.

හයියට පිරිමි හිතක් නැති අම්මට,දුවට,සහෝදරියට බිරිඳකට කරන අයාචනයකි මේ, කරන්නට මොකුත්ම නැති නම් ළඟම නගරයේ ඇති ඉරිදා පොළේ කීර පලා විකුණපන්. පිටස්තර ලෝකය හැම විටම ඔබට වෙනස් කම් කරයි. කුඩම්මා කෙනෙකි ඔබට. රටින් පිටව ගොස් ඔබ විදේශිකයන්ගේ බැලමෙහෙවර කර උපයන නෝට්ටු ඔබව පරාජිතයෙකු මිස සාර්ථක ඵල ඇත්තියෙකු නොකරයි.

මම පුංචි සමික්ෂණයකින් පසුවයි මේ ලියන්නේ. අරාබි රටවල් ඇතුළු අනෙකුත් රටවල් වෙත බැලමෙහෙවර කරන්න ගිය අපේ කාන්තාවන් සිටින පවුල් පනහක් අතුරින් එකම එක පවුලක් හැර අනෙකුත් සියළුම පවුල් වල තිබෙන්නෙ කඩා වැටිම් පමණකි. උපයා ගත් කාසියකුත් නැ අන්තිමට දුක් විඳ හදා ගත් දරුවන්ද අයාලේ ගොස් ඇත.‍ එහෙමත් නැති නම් ස්වාමිපුරුෂයා ඔහුගේ ලෝකය තුල විපිරියාස භුක්ති විඳමින් සිටියි.

තමා තුල තිබෙන ශක්තිය, ශ්‍රමය තම දරුවන් වෙනුවෙන් යොදවන්න. ඔබේ ශක්තිය පිටස්තර ලෝකයකට දායාද කරලා ඔබ නැවත මව් බිමට පැමිණෙන්නේ දුර්වල තැනැත්තියෙකු ලෙස නම් ඔබ ලැබු ජයක් ඇත්ද?

ඉතිරි කොටස ලියන විට හිත සලිත වෙයි. ඔහු ඇයගේ පියා ය. පියා යනු දියණියකගේ පළමු ආරක්ෂකයා ය. එහෙත් එහෙත් එවන් වු පිරිමිකමට නිඟා කරමින් තම දියණිය දුෂණය කර ඇත. මෙවන් වු පාපතරයින් හිස ගසා මරා දැමිය යුතු කාලය එළඹ ඇත. හයක් හතරක් නොතේර අහිංසක දැරිය තම කාම ආශාවන් සපුරා ගැනිමට යොදා ගැනිම කෙතරම් නම් පහත් ක්‍රියාවක්ද. කුඩම්මා වුවත් ඇයත් ගැහැණියකි. එහෙත් ඒ ගැහැණුකමට ඇයද නිඟා කර ඇත.

අසංවර හිත් සංවර කර ගැනිමට අපේ ගෞතම බුදුරඳුන් ධර්මය දේශනා කර ඇති මුත් අද ඒ ධර්මය දකින්න උත්සහා නොකිරීම කණගාටුවට කරුණ කි. ආගම් බේද ඇති කරමින් තම අරමුණු පසු පස යන සාමාජයක ජිවත් වන අපි දකින්නේ ඇස්බැන්ඳුම් පමණි. තම මතය සාමාජ ගත කිරීමට යනවා මිස දේශණා කොට වඳාල ධර්මය අවබෝධය කර ගැනිමට උත්සහා නොකරයි. බුදු හමුදුරුවෝ ධර්මය දේශණා කළේ මිනිසාට සංවර විමට මිස ආගමක් ලෙස වැළඳ ගැනිමකට නොවෙයි. මෙතරම් විපත් අපිට අසන්නට දකින්නට ලැබෙන්නේ ඇයිද? සංවර මනසක් අපරාධකරුවන් තුල නොමැති නිසාවෙනි. වර්ථමානයේ හිස් පරමාර්ථ සඵල කර ගැනිම උදෙසා නින්දිත ලෙස බුද්ධ ධර්මය තුරන් කිරීමට පිරිසක් උත්සහා කරයි. උත්සහා කළ යුත්තේ මිනිසාට වැළඳ ගැනිමට නොව අවබෝධ කරලිමටය. තර්ක කරමින් කරුණු කරණා ඉදිරිපත් කරමින් තම අදහස් උදහස් සත්‍ය බව පෙන්විමට උත්සහා කරයි. එහෙත් අවසානයේ එම උත්සාහයන් නිසාවෙන්ම අපි මනුෂ්‍යයෙකු ලෙස පරාජය වී ඇත. නොවනස් වෙන එකම දේ වෙනස් විම පමණයි. ඒ වෙනස් විම තුල අනිත්‍ය දකින්න,එය අවබෝධ කර ගැනිමට කාලය එළඹි ඇත. වැළඳ ගැනිමක් ලෙස නොව සංවර බව ඇති කිරීමට හැකි කරුණු පමණක් මිනිසා අතරට යැවිමට හැකි නම් එයයි වටින්නේ. එහෙම නැතිව ආගමක් ලෙස තමන්ගේ ආගම වැළඳ ගන්න කිය කියා හඬ නැඟිම අයහපත් ප්‍රථිපල ගෙන දෙන කටයුත්තකි.

එසේ නෙමෙයි විය යුතු දේ මෙසේ යයි කියමින් තර්කානුකුලව හිතුවාට මොකද එහි විපාක තමන්ටවත් හිතා ගැනිමට නොහැකිය. ඔබ දිනුවා කියලා හිතුවාට මනුෂ්‍යයෙකු ලෙස ඔබ පරාජිතයෙකු වි ඇත. කොන්ද කෙලින් උනාට අත් පය වෙන වෙනම පිහිටියාට රිසි සේ ජිවිත් විම පාපයකි. තමන්ගේ ඕනෑ ඒපාකම් වලට ධර්මය ආයුධයක් කර ගැනිමත් පාපයකි. ධර්මය සියල්ලන්ගෙ හිත සුව පිණිස මිස ජිවිත අවුල් කරන මිනිසා වර්ග කරන යමක් නොව. යථාර්තය හරි හැටි අවබෝධ කරගෙන මිනිසා මිනිසාට උදව් කළ යුතුය. එහෙම නොවුනොත් දින දින උග්‍ර වන පිළල බඳු මිනිසා නැති කිරීමට නොහැකි වනු ඇත. ඔබට හරි දේ නොව දේශයට ඔබින දේ අවබෝධ කරන්න.

වැරදිකරුවන් වෙනුවෙන් පෙනි සිටින්නා මුර්ගයෙකි. ලෝගුව දමාගෙන සත්‍ය යටපත් කරමින් අසත්‍ය මතු කරමින් උපයන මුදල් තමන්ටම දවසක අවාසි ගෙන දෙන්නකි. දෑස් වැසුණු කල සත්‍ය නොව අඳුරය දකින්නේ.

තවත් පිරිසක් එකම අරමුණක් වෙනුවෙන් පැති වලට බෙදි තමන්ටත් තම සඟයින්ටත් පමණක් බුක්ති විඳිමට හැකි වන අයුරින් අනෙකුත් සියළු හඬවල් නිහඬ කිරීමට උත්සහා කරති. සියළුම තීන්දු තීරණ ඔවුන්ගේම යහපත පිණිස මිස මෙරට සාමාන්‍ය ජනතාවගේ සිහින නොවෙයි. අසත්‍ය පුවත් තම වාසියට හරවාගෙන හෝ සත්‍ය පුවත් අසත්‍ය පුවත් ලෙස මවමින් අහිංසක ජනතාව මුලා කරමින් ගෙන යන ප්‍රචාරක වැඩ සටහන් ද අද බහුලව දකින්නට ලැබෙන ජනප්‍රිය අංගයකි.
වර්ථමාන ශ්‍රී ලංකාවේ දකින්නට අසන්නට ලැබෙන යමකට පුංචි පිළිතුරකි.

ජිවිතය වැරදුන තැන කා හටවත් දොස් නැඟිම සාධාරණ නොවේයි.

35 Comments
Tweets
Fb Comments

35 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. jeevithaya weraduna thena kahatawath dhos naegema sadharana nowei.

    ReplyDelete
    Replies
    1. ඔබ කුමක්ද මෙයින් අදහස් කළේ?

      Delete
    2. පොස්ට් එකේ හැම දෙයක්ම ඇත්ත. මගේ හිතගිය වාක්‍ය ඒක. මොකද දහස් වාරයක් මට ඔහොම හිතිල තියනව. වෙන විශේෂ අදහසක් නෑ

      Delete
  2. සම්පුර්ණයෙන්ම එකඟ වෙමි..ලංකාවට ලැබෙන විදේශීය විනිමය වගේ නෙවෙයි ඒ මිනිසුන්ගේ පවුල් ජීවිතය කොච්චර අපායක් ද?.මේක රජයේ මැදිහත්වීමෙන් කෙරෙන වහල් වෙළඳමක්.

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් ම.රජය මේ පිළිබඳව ක්‍රියාමාර්ගයක් ගත යුතු කාලය එළඹි ඇත.

      Delete
  3. ඇත්ත... ඒත් මේවා මිනිස්සු කවාදා තේරුම් ගනීද කියන එකයි ප්‍රශ්නේ......

    ReplyDelete
    Replies
    1. සමනළී ඔයා බලන්න මගේ සටහනට ලියපු ප්‍රතිචාර දෙස.නිර්ණාමික ප්‍රතිචාර දෙස බැලුවම හිතා ගන්න පුළුවන් නේද ඔවුන් වගේ අය තමයි මේ රට වැඩි හරියක් නැති කරන්නේ.ඔවුන්ගේ අදහස් ශ්‍රි ලංකීක මනුෂ්‍යයෙකු හඩවල් නෙමෙයි.

      Delete
    2. නිර්නාමික අදහස් ඔබ කියන තරමට නරකද?

      Delete
  4. මාත් දු‍ටු දේනම් විදෙශයන්ට ගොස් තිබෙන (මව) පවුල් වල තත්වය ශෝචනීයයි.

    ReplyDelete
    Replies
    1. ඔබ කියනවා වගේ වීයා අම්මා නැතිව පවුලේ ජිවිත හසුරුවන්න වෙන කාටවත් අපහසුයි.

      Delete
  5. විදේශ විනිමය ඉපයූවට එයින් ඇති වී තිබෙන සමාජ ප්‍ර‍ශ්න තක්සේරු කල නොහැකි තරම්... ඒ නිසා රජය දැනට වඩා මේ කෙරේ සංවේදී විය යුතුයැයි සිතමි...

    ReplyDelete
    Replies
    1. වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙන්න කවදාද එදාට මිනිසුන්ට සැනසිමේ ජිවත් විමට හැකියාවක් ලැබෙයි.

      Delete
  6. ජීවිතේ බොහෝ දේ දැක ඇති මට මේ සිදුවීම් එකිනෙක දිහා බලා ඔබට වගේම ආවේ මහ දුකක්. පසුගිය අවුරුද්දේ බිඳුනු බිලින්දා, කරුමක්කාරී වැනි පොත් කියවා ඒ සමාජයන්ට සාප කෙරුවෙමි. දැන් අප සමාජයෙහි ද වෙනසක් නොදකිමි. මෙයට මූලික හේතුව දහම් අධ්‍යාපනයෙන් සමාජය බැහැර වීමයි. ගොඩක් අම්මලා හිතන්නෙ දරුවන් හොඳට ඉගෙන ගෙන ලොකු රස්සාවක් කලාම ඇති කියලයි,නමුත් දහම් අධ්‍යාපනය තමයි ඔවුන්ව සුමගට යොමු කරන්නෙ. ආනන්ද ස්වාමීන් වහන්සේට දීපු ඔවදන් ටික ඕනේම කෙනෙක්ට වටිනවා. එහෙම තමයි ස්ත්‍රිරියක් දෙස අප බැලිය යුත්තේ කියල හැම පිරිමියෙක්ම දැන ගන්නට ඕනෙ. මේ දේ දැනගත්තොත් කිසිම විටෙක කාටවත් හිරිහැරයක් වෙන්නෙ නෑ. මම වෙලාවක පියුම් විලේ ඒ සටහන දමන්නම් නංගි.
    සටහනේ අවවාද පිළිපැදීමට කාලයයි. හැම දේම රට සල්ලි වලින් මනින්න බැහැ. ජිවිතේ වරද්දා ගෙන පවුල් කඩාගෙන ඉතිරිවන අසහනයෙන් මොන සැපක් ද?

    ReplyDelete
    Replies
    1. මේක ජෝක් එකට ලියපු එකක්ද?

      ගැනු රට යන්නේ ඉවසගන්ඩ බැරි දරිද්‍රතාවය නිසා. ලමයින්ට කන්ඩ දෙන්ඩ! දහම් අද්‍යාපනයෙන්වත්, ආනන්ද ස්වාමීන්වහන්සේගේ ඔවදන් වලින්වත් ඒ ලමයින්ගේ බඩ පිරෙන්නේ නැහැ නොවැ! අනික් විකල්පේ ලමයිත් එක්ක ගඟකට මූදකට පනින එක. ඒකත් පහුගිය කාලේ වුනා.

      Delete
    2. ඔව් චන්දි අක්කෙ ඇත්තටම හතක සංවර කමක් නැති මිනිසුන් ඇති බව ඔබටත් මටත් පෙන්නම තියෙද්දි තවත් මොන කථාද?මේ වගේ මිනිස්සු ඉන්න රටක් හැමදාමත් ඉතිං ඒ විදියටම තියෙවි.
      ඔවදන් ටික දමන්න.

      Delete
  7. මෙහෙමයි ගයානි පිරිමියෙක් තමන්ගේ ගෑනිව රට එවනවා කියන්නේ ඒ මිනිහට කොන්ද පන නැහැ කියන එකයි මොකද මෙහෙ ඇවිත් ගෑනු කරන කියන දේවල් අපිට පේනවා දකිනවා දැන් අවුරුදු 23ක් තිස්සේ. මම කියන්නෙත් තමන්ගේ ගෑනිව වහල් වදටනම් එවන්න එපා කියලා. එක තමන්ගේ බිරිඳව සහෝදරියව,කවුරුහොවෙවා ගණිකා වෘතියට විකිණීමක් හා සමාන වෙනවා.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයෝ රටේ රැකියා අවස්තා නැත්නම් ඌට පස් කන්නද කියන්නේ, අවස්තාව තියෙන්නේ ගෑනිට නම් යවනව හැර විකල්පය මොකද්ද?

      Delete
    2. යකෝ තමුන්ගේ ගෑනි විකුණන් කන්න කලින් වහ ටිකක් බීපිය..

      Delete
    3. ඔව් කෝරලේ මහත්තයා ඔය ටික තෙරුම් ගන්න පුළුවන් අය අතර ඉන්නවා.එත් මේ වගේ උන් ඉන්නවානේ.රටක රැකියාකට ගියාට කම් නැත,එහෙත් බැලමෙහෙවර කරන්නේ නැතිව.

      Delete
  8. හදවතින්ම එකඟයි මේ අදහසට!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි අයගේ පවුල් වල ඉපදෙන සහෝදරියන් වාසනාවන්තයි.

      Delete
  9. මෙවා කියන්න ලියන්න නම් ලස්සන වචන. ඒත් ඔවා කරන්ඩ නම් ලේසි නැනේ.

    දල ජාතික නිශ්පාදනය කීයද, ඒකෙන් කීයක් ආරක්ශක අමාත්‍යශෙටද, කීයක් අද්‍යාපනයටද කියල බැලුවම, තව අවුරුදු 100ක් ගියත් ඔච්චර තමයි. ඒ බැලමෙහෙ කරන සල්ලි වලින් තමයි රට දුවන්නෙ. හමුදාවල ඉන්න කිසිම නිශ්පාදනයකට දායක නොවන අය මේන්ටේන් කොරන්න දේශීය සමාගම් වලට බදු ගහල, ඔය බැලමෙහෙ කරන අයගෙනුත් අරන්, දේශපාලකයෝ සුරසැප විඳිනව.

    ReplyDelete
  10. අඩේ මේවා ගැන මෙහෙම කියන්න බෑ. රටේ පාලන ව්‍යුහයේ වැරදි නිසානේ මේ ඔක්කොම

    ReplyDelete
  11. මුලුමනින්ම කුණුවෙමින් යන සමාජයක එක පැතිකඩක් විතරයි ඔය.. හැබැයි උදේට රේඩියෝ එක දම්මොත් පිරිත් සහ බණ.. හන්දියක් ගානේ බුදු පිලිම.. බෝ පැලයක් ගානේ බෝධිපූජා..

    ReplyDelete
    Replies
    1. එක පැතිකඩක් හරි ජිවිතයෙ හදා ගත්තම අනෙක් පැති කඩවල් ඒ අනුව හැඩ ගැසෙවි.පිරිත් සහ බණ ඇහැවුවටවත් බුදු පිළිම වැන්දටවත් වැඩක් නැ අවබෝධයකින් ඒ දේවල් ධරණය කර ගන්නේ නැති නම්.මම කියන්නෙත් එකම තමයි.ධර්මය අවබෝධ කර ගත යුතුය.ඔඩොක්කු බණ ලෙස නැතිව.

      Delete
  12. ධර්මයෙන් නම් අඩුවක් නැහැ ගයානී,ගුවන් විදුලි නාලිකාවල අමු දවාලෙත් ධර්ම දේශනා ඇහෙනවා.ත්‍රී රෝද රථ වල මේ බුදුන්ගේ දේශය වගේ දේවල් ලියලත් තියෙනවා.රට පත්වෙලා තියෙන තත්වයට හේතුව පාලක පන්තිය නීතිගරුක නොවීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට කරන අයුතු බලපෑම බවයි මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. ධර්මයේ අඩුවක් නැති උනාට මිනිසුන් අවබෝධ කරගෙන තියෙන ප්‍රමාණය අඩුයි.සරලව ම කිව්වොත් මැරෙන්න නැ වගේ මිනිසුන් ජිවත් වෙන්නේ.සමබරතාවය,මධ්‍යම ප්‍රතිපාදව බුදු හමුදුරුවෝ ඒදා කියලා දුන්නා.ඒ ධර්මය තේරුම් ගත්ත නම් මේ තරම් විපතක් අද වෙන්නේ නැ.පාලක පන්තියට ඒ දේවල් කරන්න ඉඩ නොතබන්න තරම් ශක්තියක් නැති කම කණගාටුවට කරුණක්.එකා වගේ ඉන්න ඕන.යුද්ධයක් දිනුව අපිට ඒ ටික කරන්න බැරි කමක් නැත.එලොවටත් නැති මෙලොවටත් නැති වදන් කියන ඇත්තෝ ඕනෑ තරම් මෙ රට තුල ඉන්නවා.හමුදා පුද්ගලයෙකු ලෙස එක් වි රට ජාතීය වෙනුවෙන් දිවි පිදු රනවිරුවාටත් අපහස කරන මිනිසුන් කොටසක් ඉන්න රටකයි අද අපට ඉන්න සිදු වෙලා තියෙන්නේ.

      Delete
  13. මට හිතෙන විදියට මිනිසුන් තුල අධ්‍යාපනයක් නැති කම තමා මේ සියල්ලටම මුල.අධ්‍යාපනය කියන්නේ සහතික ලැබීම නොව හදවත ඇතුළෙන්ම එලියට ඉදිරිපත් කරන නිෂ්පාදනයටයි. මම මගේ සමකාලීනයන් අතර සාපේක්‍ෂ වශයෙන් ගත් කල මුදල් අතින් ධනවතෙක් නෙමෙයි.එහෙත් මගේ පියා ගැන සිතුවොත් එතුමාට වඩා ඉහල ජිවන තත්වයක් භුක්ති විඳිනවා. ඉහල සහතික දරනවා.මගේ මුත්තාට වඩා ඉහල ජිවන මට්ටමක් සහ සහතික පියාට තිබුන බව මට මතකයි. මගේ පුතා මට වඩා ඉහල ජිවන තත්වයක් භුක්ති විඳිනවා. ප්‍රශ්නය තියෙන්නේ අද සමාජය බහුභාණ්ඩික වීමට යත්න දැරීමේ වරද කියලයි මට හිතෙන්නෙ.

    අනෙක මිනිසුන්ගේ ගැනුන්ගේ හොර මගුල් උලුප්පලා පෙන්වන tele drama. සිංහල සමාජය හරිම liberal එකක්. ඒකෙ ඕනෑ තරම් හොර මගුල් තිබුනා.කවුරුත් ඒවා උලුප්පලා පෙන්නන්න ගියේ නැ .ඒවා එලියට ආවේ මැදී වියේ ගැනු දෙන්නෙක් සන්ඩු කරන විට විතරයි.ඊට පස්සේ ඒක එතනනින් අමතක කරනවා. අද tele drama. කරන්නේ මිනිසුන්ගේ ගැනුන්ගේ හොර මගුල් උලුප්පලා පෙන්වන එක.
    සමරසේකර

    ReplyDelete
    Replies
    1. ඔබේ ප්‍රතිචාරය තුල ඔබ තුල තිබෙන අවබෝධය පැහැදිලියි.ඔබේ අදහස් සමඟ මම එකඟයි.

      Delete
  14. ඇත්තටම යම් කෙනෙක් ජීවිතය වරද්ද ගන්නෙ තමන්ගෙම වරදින්.. නැත්නම් නොසැළකිලිමත්කම නිසා

    ReplyDelete
  15. දුප්පත්කම වෙනුවෙන් නොකරන දෙයක් නැති තරම් ඒත් මම හිතනවා සවුදිය වැනි රටවලට වහල් වෙලඳාම කලා ඇති කියලා.

    ReplyDelete
  16. “ජිවිතය වැරදුන තැන කා හටවත් දොස් නැඟිම සාධාරණ නොවේයි.“

    හ්ම්ම්ම්

    ReplyDelete
  17. ගයනි එකගයි ඔබේ ඇතැම් කරුණු ගැන.

    ReplyDelete
  18. මේක ලේසියෙන් ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.මිනිසුන්ගේ හැගීම් පාලනය කිරීම තමා අපහසුම කාර්යය.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...