Sunday, December 23, 2012

නත්තල් පණිවිඩය




         
සිංහල බ්ලොග් ලෝකයේ සෑම් සහ සීරා ඇතුළු බ්ලොග් සහෝදරයන් ගේ එකතුවෙන් පැවැත්වෙන “සුහද හමුව” දිනය  ජනවාරි මස 27 වන දින ස්ථානය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි.

සම්බන්ධතාවයක් ශක්තිමත් විමට එකිනෙකා අතර අන්නොන්ය සුහදතායව වර්ධනය විය යුතුය. බ්ලොග් සහෝදරත්වය ශක්තිමත් කරගැනිමේ සහෘද එකතුවට, ඔබ ගේ සහභාගිත්වයද එම සම්බන්ධතාවය ශක්තිමත් විමට පුරුක කි. එම නිසා බ්ලෝග් සහෝදරයත්වය වර්ධනය කර ගැනිමට මෙම හමුව උපකාරි වන බව මාගේ හැඟිම ‍වේ.
         
විවිධාකාර අධ්‍යාපන කඩඉමි, විවිධ කුසලතා, විවිධ දේශපාලන මත නියෝජනය කරමින් තම දැනුමෙන් සහ තම අත්දැකිම් තුලින් සමාජයට හරවත් යමක් එක් කිරීමට මේ සහෘද මිනිසුන් උත්සහා ගනි. ඔවුන්ගේ දැනුමෙන් අපව පෝෂණය කරයි.එවැනි වු විවිධ   සමාජ සත්කාරයන්ද  ඔවුන් සිදු කරයි.
         
වැදගත් කරුණ නම් සිංහල බ්ලොග් ලොව තුල බහුතරය කුමන හෝ වර්ගීකරණයක් යටතේ තම අදහස් හෝ තම හැකියාවන් ඉදිරිපත් වුවද ඔවුන් සෑමගේ එකම අරමුණ කුමන අයුරකින් සමාජයට යම් සත්කාරයක් කිරීම ය.

මම මෙම බ්ලෙග් ලොවට තවම ආධුණික ය. එහෙත් එම කෙටි කාලය තුල මම දුටු යථාර්තය නම්,තම තමන් ගේ බ්ලොග් පිටුව තුල විවිධ මාතෘකා යටතේ, හේතු සාධක පෙන්වමින් සමාජය දැනුවත් කිරීමේ සාර්ථක උත්සාහක යෙදෙනවා දුටුවෙමි .තවද එම අදහස් ඔබේ අදහස් සමඟ සමාන නොවු අවස්ථා වල ඔබේ ප්‍රතිචාර සමඟ සංවාදයේ යෙදෙන විට එයින් උපයා ගත හැකි දැනුමද තර වන අවස්ථාද ඇත. බෝහෝ බ්ලොග් හිමිකරුවන් ගේ මනසේ බාහිර ලොකය පිළිබඳ උපදින සිතුවිලි සහ මනස දකින සත්‍ය තුලින් තව කෙනෙකු දැනුවත් කිරීම මිල කළ නොහැකි කටයුත්තක් ලෙස මම දකිමි. අතලොස්සක් හැරුණු කොට විශාල කොටසකගේ අරමුණ රට තුල පවතින යථාර්තය අවබෝධ කිරීම සහ ලොක‍යේ කොතැනක හෝ සිට තමා අත්දැකිම් සහ තමා ප්‍රගුණ කළ යම් විෂයයක් තුලින් සමාජය දැනුවත් කිරීමේ සත්කාරය නොවේද?

ඉතිං ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි ඔබට මෙවැනි වටිනා අදහස් ඇති  සහෘද හඳවත් හඳුනා ගැනිමට හැකිවනු ඇත.

 මගේ මව් රටේ ඉපිද අද කොතනැක හෝ සිටින සියළු කිතුන බැතිමතුන් ටත් ඔබටත් සුභම සුභ නත්තලක් වේවා!
48 Comments
Tweets
Fb Comments

48 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ස්තුති සහෝ...

    සුභම වේවා.

    ReplyDelete
  2. ම්... නුවර ඉඳන් ගම්පහට සෑහෙන දුර නිසා මටනම් එන්න වෙන්නෙ නෑ කියල කණගාටුවෙන් උණත් කියන්න වෙනවා..

    ReplyDelete
    Replies
    1. බොරු කියන්නෙපා බං..!
      අපි ගාල්ලෙ ඉඳල කොලඹට ඇවිල්ල...ආපහු ගම්පහ යන්න ඕන..බොලාට මග බැහැල යන්න ඇහැකිනේ..!

      Delete
    2. හැබැයි නුවර තියන දාටත් අපි නම් එනවා අනිවා යාන්ත්‍රකයා.ගම්පහ සිට නුවරට සැතපුම් 50ක් වත් නැ.

      Delete
    3. නුවර ඉදන් ගම්පහට සෑහෙන්න දුරයි ගල විදින්න කලින්...උඹලට සුද්දා ගල විදලා රේල් පාර හදලා දුන්නෙ ලේසියෙන් මේ පැත්තට එන්න... ඉන්ටර්සිටි කෝච්චියට නැගපන් කම්මැලි කම් නොකර... පැය 2 .5 යන්නෙ ගම්පහට එන්න...

      Delete
    4. අප්පෝ...මොනවද මල්ලෝ..ඕක අවුරුද්දටම එක පාරයි,මගෙත් පළවෙනිම සැරේ.. දැන්ම ඉදන් තාත්තට වැදුම් පිදුම් කරනවා ඕකට යන්න ඕන නිසා..ආවා නම් නරකද?

      Delete
  3. මමත් එන්න තමයි ඉන්නේ!! සුභ නත්තලක් වේවා!

    ReplyDelete
  4. අද යාන්තම් හරි වගේ. අනේ මට නම් එන්න වෙන්නෙ නෑ. අපි එදාට සිල් සමාදම් වෙනනිසා. ඒ උනාට සුබපැතුම්! හැමෝටම. නංගී හැම දෙනාම ආදරෙන් මතක් කල බව කියන්න කෝ.

    ReplyDelete
    Replies
    1. ගෙට්ටුව තියන්නෙ දෙසැම්බර් 27 පෝය දවසෙ කියලා නේද ඔයා හිතුවෙ... ගෙට්ටුව තියෙන්නෙ 2013 ජනවාරි 27 ඉරිදා දින...එදාට එන්න...

      Delete
    2. සිරා මල්ලි, අනේ ! මම හිතා උන්නෙ මේ මාසෙ පෝය දා කියලයි. එන මාසෙ නේද? කොහොමහරි එන්න බලන්නම්. ආරාධනාවට ස්තූතියි!

      Delete
  5. හේතු 2 කි..
    1.මාතර සිට ගම්පහට යාමට ඒමට දින දෙකක් අවැසිය. තනියම යන්න වෙන්නෙත්. නෑදෑයො නම් ඉන්නව ඔය පැත්තෙ.

    2.ජනවාරි 22 සිට සෙමෙස්ටර් එග්සෑම්ය. ඇඬෙනවාය.

    ඕක දකුණට ගෙනාව නම් හොඳ නැද්ද ? :D

    ReplyDelete
    Replies
    1. මේහේ එකක් තියලා දෙවනුව තෙවනුව ගෙන එමු නේද මලේ

      Delete
    2. ගම්පහ නගරයේ ඉන්න මිනිස්සුන්ගෙන් 80% මාතර මුල් පදිංචි කරුවන්... මගේ සීයත් මාතර කෙනෙක්... ඒ ගැනවත් හිතලා වරෙන්...

      Delete
    3. ඒක තමයි.අපිත් මාතර තමයි.

      Delete
  6. මටත් එන්න නම් වෙන එකක් නෑ....
    ඒත් ගෙට්ටුව සාර්ථක වේවා කියා පතනවා! ඕක ඉවර වුනාට පස්සේ ඉතිං අපිට පෝස්ට් වලින් බලා ගන්න බැරියැ කට්ටිය කරපු කියපු දේවල්.... :)

    ReplyDelete
    Replies
    1. ඇයි එන්න උත්සාහයක්වත් නොගන්නේ. අම්ම හෝ තාත්තා හෝ එක්ක එන්න බලන්න

      Delete
    2. නලින් අයියගෙ කථාවට මමත් එකතු වෙනවා...අඩුගානෙ එන්න උත්සාහයක් වත් ගන්නෙ නැති එක ගැන නම් තරහා යනවා... අපි මෙහෙම හිටියට සෑහෙන්න වසයි කෙල්ලෙ...

      Delete
    3. මාත් අලි වශයි ඈ...අම්මත් එක්ක එන්න අනේ බිල්ලො නෑ...(සිරා තම්යි කිව්වෙ.:))

      Delete
  7. මගෙනුත් සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබට නම් එන්න වෙන්නේ නැ කියා දන්නවනේ මං. ස්තුතියි සුබ පැතුමට.

      Delete
  8. ස්තුතියි ගයනි. ඒ වගේම එදිනට එන්නම බලන්න.

    ReplyDelete
    Replies
    1. අනිවර්යෙන් එන්නම් නලින් අයියේ

      Delete
  9. සුභ පැතුම් මගෙනුත් ඕක සාර්ථක වේවා කියලා

    ReplyDelete
  10. මගෙනුත් සුබම සුබ පැතුම් ..අපිත් එන්න බලන්නම්කෝ..ආ..

    ReplyDelete
  11. ස්තූතියි සහෝදරී... ගෙට්ටුවට අපේ ඉල්ලීමකින් පවා තොරව කාරුණිකව පුචාරයක් ලබා දුන්නාට...ඔබේ පැමිණීමත් අපි එදාට අපේක්ෂා කරනවා...

    ReplyDelete
  12. Oyatath subha naththalak wewa !!!

    Gettuwata emuko ehenam..

    ReplyDelete
  13. කාර්යය සාර්ථක වේවා! ඒ වගේම හැමෝටම සුබ නත්තලක් වේවා!!

    ReplyDelete
  14. Ela..sl awa dawasaka set wemu..jaya sri..

    ReplyDelete
  15. සුබපැතුම් හැමෝටම සුබ නත්තලක් වේවා!!...

    ReplyDelete
  16. math lankawe hitiya nam enawa ekenma...

    ReplyDelete
  17. ඔයාටත් සුභ නත්තලක් වේවා ගයානි!!!

    ReplyDelete
  18. එලම කිරි. එහෙනම් 27 වෙනිදා සෙට් වෙමු (උදේ ඉඳන් නේද....? )...........මේරි ක්‍රිස්මස් සහ හැපී නිව් ඉයර් ..........

    ReplyDelete
  19. සුබ නත්තලක් වේවා !
    ඒක නෙමේ හලෝ, එදාට ඔහෙත් එනවැයි ??? ඔන්න ආවොතින් අපිත්තෙක්ක වචනයක් හරි කතා කරලා යන්ඩ එන්න ඈ. :)

    ReplyDelete
  20. මමත් එන්නද?

    සුභ නත්තලක් :)

    ReplyDelete
  21. මමත් එන්න බලන්නම්..(ආසාවෙන් ඉන්නෙ) පුළුවන් උනොත් අනිවාර්යෙන්ම එනවා..

    ReplyDelete
  22. මමත් එන්න ආසාවෙන් තමා ඉන්නේ අප්පා...මම චන්දන... අයියටත් කිවුවා යමු කියලා...ගොඩාක් ආසාවෙන් ඉන්නවා බ්ලොග් ලෝකයේ දැවැන්තයන්ව දැක බලා ගන්න

    ReplyDelete
  23. සුභ පැතුම් සුහද හමුව සාර්ථක වෙන්නැයි..........

    ReplyDelete
  24. මමත් එන්න උත්සාහයක යෙදෙනවා... හොඳවැඩකි.. සුබ නත්තලක් සැමටම

    ReplyDelete
    Replies
    1. එන්න.අයියගේ පැමිණිමත් ඉතා වැදගත්.

      Delete
  25. තව ලොකු වුණාම එන්න බලන්නම්.. තාම පොඩිනෙ.
    ..ඊලිසියයි අප්පා මොනා වුණත්!

    ReplyDelete
  26. ඔයාගේ ප්‍රයත්නයට මගේ සුබපැතුම්...

    ReplyDelete
  27. This comment has been removed by the author.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...