Monday, December 17, 2012

ලෝක සිහිනය?




         පිටසක්වල ජිවින් මේ මුළු ලෝකයම අක්‍රමණය කරන ලදී. ලෝකයේ තිබෙන සියළු රටවලම, තම බලය තහවුරු කර ගන්නා ලදි. එහෙත්  කිසිදු ආයුධයක් මොවුන් සතු නොවිය. තිබු එකම ආයුධය වචනයේ ශක්තිය පමණකි. අපේ භාෂාවද හොඳින් කථා කර අතර, ඔවුන් කියන දේ අපට තේරුම් ගියද අපි කියනා දේ ඔවුන්ට තේරුණේ නැත. බහුබුත දොඩවනවා කියලා ඔවුන් අපට සරදම් කළා ය.
     
                     තවත් වැදගත් කරුණක් මේ අතර සිදු විය. මල් වගේ පුංචි පැටව් වෙනම තැනක තැබුවා .

ඔවුන් අපිව අක්‍රමණය කරන්න ප්‍රධාන හේතුව ලෙස පැවසුවේ අපි ස්වභාව ධර්මයට පටහැනිව අපේ සියළුම ඕනෑ ඒපාකම්  සිදු කරනවා යන්නයි.

ඉන් පසුව මෙසේ ද පවසන ලදී. මිනිසා කියන සත්වයා වැරදිමකින් මේ පොළවට ආපු එකෙක් බවත්,වරින් වර මූව හදන්න,නිවරදි මාර්ගයට ගන්න යථාර්තය අවබෝධ කර ගත් කිහිප දෙනෙකු ලොවට පහළ කලත් එය ඵල රහිත විය යනුවෙනි.

මිනිසාගේ පුදුමාකාර හැසිරිම් රටාව මැනවින් අධ්‍යයනය කළ පිටසක්වල ජිවින් පෘථිවියේ මිනිසා දන්නේ නැති කරන්න විතරක්මය, ඇති කරන්න ඉගෙන නැති බවත්ය. එම නිසා මේ ලෝකයෙන් පුංචි දරුවන් හැර අන් සියළු මිනිස් සත්වයා  අතුරුදහන් කරන ලදි. මිනිසා විසින් නිර්මාණය කළ සියළු විෂ ද ඒ සමඟ මේ ලොකයෙන් තුරන් කරන ලදි.

      ලෝකය නැවතත් නැවුම් අදහස් වලින්, පිරිසිදු දැතින් පුංචි දරුවන් විසින් නිර්මාණය කරනවා යැයි ඔවුන් විශ්වාස කරමින් යන්නට ගියේය.
කණට වැඩිපුර ඇසෙන කථාවක් නිසාද මන්දා මම ඊයේ රැයේ දුටු අපුරූ සිහිනයකි.

ඉතාමත් සරල සම්භ්‍යාවයෙන් තොර මගේ සිහිනය සෑබෑවක් ම වේ නම් මම ද කැමතිය
ඔබ ? 


ප.ලි. කෙනෙකුට හිතෙන්න පුළුවන් මගේ සිහිනය බිහිසුණු එකක් කියලා. ඒ මන්ද යත් පුංචි දරුවන් ට දෙමාපියන් නැතිවිම.එහෙත් පිටසක්වල ජිවින් අපේ ගැත්තන් තරම් නරක නැත.ඔවුන් දරුවන්ට දෙමාපියන් නැති අඩුව නොදනේන්න සැලසුම් ඇති කරලයි පිටව ගියේ. 

එහෙත් නැති කිරිමට හපන් කෙනෙකුට මගේ සිහිනය කුරිරු මනෂිකත්වයකින් පෙනෙන්ට පුළුවන්.
45 Comments
Tweets
Fb Comments

45 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අනේ. සාදු. නමුත් පොඩි ළමයි මුල ඉඳන් ලෝකේ හැදුවත් කවද හරි දවසක එයාල ලොකු වෙනකොට කලින් තිබ්බ ගාණ්ට හැදිලා තියෙයි. ඊරිසියාව, ක්‍රොධය, වයිරය තියෙන්නේ ලොකු අයට විතරක් ඈ. පොඩි උන් ගාවත් හොඳ පදනමට තියෙනවා. වැඩේ තියෙන්නේ ඒවා සපුර ගන්න ක්‍රමයක් නැති එකයි.. එළ පොස්ට් එක. ගොඩේ ගොඩ.

    ReplyDelete
    Replies
    1. මල්ලි ඇයි කලින් තිබුණ ගාණටම එයි කියලා හිතන්නේ.මෙක සිහිනයක්.පොඩි උන් කරන්නේ ලොකු උන් කරන ඒවා.එහෙම නේද?

      Delete
  2. ඒකත් නරකම නෑ,
    පොඩි එවුන්ගේ හිත් දූෂනය වෙලා නෑ නේ. හැබැයි වැඩේ තියෙන්නේ ඔය ලෝක විනාසේ එහෙනම් පරම්පරා තුනකට සැරයක් වත් එන්න ඕනි. නැත්නම් ආය ජීවත් වෙනකොට පොඩි එවුන් දුෂ්ටකම්, කුඩුකේඩුකම්, සමාජයේ තියන ජරාම දේවල එකතු කරගන්නවා

    ReplyDelete
    Replies
    1. මුදියන්සේ දැකපු පැති කඩට මම කැමතියි.

      Delete
  3. මට මේ පෝස්ට් එක කියවගෙන යනකොට චිත්‍රපටි දෙකක් මතක් උනා. ඒ දෙකෙන්ම කියවෙන්නේ ලෝක විනාශයක් ගැන. ඊට පස්සේ අළුත් ලෝකය ගොඩනගන්නේ පොඩි ළමයි. :)
    චිත්‍රපටි දෙක තමයි

    1. Knowing
    2. City of Ember

    පුලුවන් නම් හොයාගෙන බලන්න නංගි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී.

      Delete
    2. මම නංගි කිව්වහම ගයනි මට මල්ලි කියනවා. :)

      Delete
    3. අනේ සමාවෙන්න අයියේ

      Delete
    4. සමාව ඉල්ලිමට වරදක් සිදුවී නොමැත. :)
      කාලෙකට කලින් ට්‍රේනින් එකක් තිඋනා කිව්වා නෙහ් ? ඒක ඉවරද ?

      Delete
  4. මිනිසා විසින් නිර්මාණය කළ සියළු විෂ ද ඒ සමඟ මේ ලොකයෙන් තුරන් කරන ලදි. Anna ekanam hari hodai. Ape visin nirmanaya karapu de magin ape vinasa wela. Appae sithuvili darunuwela. Oya hari me lokaya kaurun visin ho nawatha goda nagiya uthui.

    ReplyDelete
    Replies
    1. ඔබ ලියා ඇති සටහන මම අගය කරමි.ඒ මගේ සටහන පිළිබඳව හොදක් කියපු නිසා නෙමෙයි.මේ සටහන ඔබ තේරුම් ගත් නිසයි.

      Delete
  5. මොනවා උනත් දැකලා තියෙන්නේ නම් හොඳ හීනයක්:D

    ReplyDelete
    Replies
    1. ඔබේ තේරුම් ගැනිමට මගේ ප්‍රසාදය.

      Delete
  6. සිරාවට එහෙම වෙනවනම් මමත් කැමතියි බොහොම ස්තූතියි සුන්දර සිහිනයක් අපිත් එක්ක බෙදාහදා ගත්තට
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයා මෙක සිහිනයක් කියලා තේරුම් අරං.සිරාවටම වෙනවා නම් කැමතියි.එයත් විශාල සතුටක්.සරලව ම කිව්වොත්.අද බොහෝමයක් කරුණු අපි පිළි නොගන්නේ එහි අනතර්ගතය අපට නොතෙරේන වචන වලින් ප්‍රකාශනය වන නිසයි.

      Delete
  7. හීනයක් උනත් ලස්සන අදහසක්.. පොඩි අය ගේ හිත් ලස්සනයි. එතනින් පටන් ගන්න පුළුවන් නම්.... හැබැයි ටික ටික ලොකු වෙද්දී ඔය ගති ආයේ මතු වෙනවා.
    වෙනස් විදිහක පොස්ටුවක්.. ජය!!

    ReplyDelete
    Replies
    1. ලොකු වෙද්දි එහෙම වෙන එකක් නැ මල්ලී.ආයේමත් එහෙම නොවන්නයි පිටසක්වල ජිවියා මෙය නැවත නිර්මාණය කර ඇත්තේ.ඔබේ කොණ්යට මගේ ප්‍රසාදය.

      Delete
  8. Replies
    1. එහෙනම් ඉතිං පොඩි ඔයාට තියෙන්නේ මේ ලොකයට යහපත් යමක් දිමය.

      Delete

  9. කොහොම උනත් තරඟ කාරී බව නැතිවෙන්නෙ නෑනෙ...එතකොට හැම ලක්ෂනයක්ම නැවත එනව

    ReplyDelete
    Replies
    1. මෙක සිහිනයක් නිසා අපි හිතමුකො එහෙම තරඟකාරිත්වයක් ඇති නොවෙනු ඇත කියලා.

      Delete
  10. පොඩි අය ලඟත් ටික ටික මේ ගති තියෙනවා ගයනි. අපේ පුංචි මුණුබුරා උපන්නාම මම හරියට එයාව අධීක්ෂනය කලා. මාස තුන හය වෙනකල් එයාට කිසිම ද්යක් බරිම කාලෙ බොහොම හුරතල්ව ඉන්නවා. අවුරුද්ද වෙනකොට ලස්සනට අම්මට සැර දාල දේවල් ඉල්ල ගන්න, කතා කරන්න බැරි උනට අතින් පයින් වද කරල ඉල්ලන්න ඉගෙන ගන්නවා. එයා ආස දෙයක් ගත්තම නොතේරෙන භාෂාවෙන් බනින්න එහෙම කොහොම ඉගෙන ගන්නවාද? මන්දා. ඔයා ගේ හීනේ මෙහෙම වෙනව නම් අපි කැමතියි. ඒත් ඒක යථාර්තය නිවෙයි නංගී, පුලුවන් විදිහට සමාජය හදමු. ඒක තමයි වටින්නෙ. දැන් ගොඩක් දරුවො හොඳ මාර්ගයට එන්න ආසයි. ඒ දරුවො එහෙම එන්න උත්සාහ ගන්න බවක් පේනවා. ඒක ලොකු ජයග්‍රහනයක්.මේ සටහනට තුති

    ReplyDelete
    Replies
    1. අක්කේ පොඩි උන් මේ දේවල් කරන්නේ ලොකු අයගේ ක්‍රියා කලාප නිසා නේද?අපිට වඩා අධ්‍යයනය කිරිමේ ශක්තියක් කුඩා කල ඔවුන්ට ලැබෙනවා.කැමතියි තිමෙන් අදහස් වන්නේ මේ ලොකය පිළිබඳව අක්කත් දන්නවා කියන එක.මගේ ප්‍රසාදය.

      Delete
  11. කතාව නම් ඇත්ත. එත් අන්තිමට මේ පිටසක්වල ජීවින් කරලා තියෙන්නෙත් නැති කරන එකම නේද???

    දෙලොවක් අතර සිට

    ReplyDelete
    Replies
    1. ඔව් පිටසක්වල ජිවියා නැති කරා.ඒත් ඒ නැති කරේ යහපත් දෙයක් වෙනුවෙන්.ඒත් අද අපේ තාත්තා අම්මා දරුවන්ගේ ගෙල මිරිකා මරණ කාලයක්.එක සිහිනයක් නොවේයි.

      Delete
  12. තව දුරටත් හීනයක් විතරයි... ඔයාට බලාපොරොත්තු අතෑරගන්න වෙනවා...:(

    ReplyDelete
    Replies
    1. බලාපෙරොත්තුවක් නැ මල්ලී.ඒත් ඒ සිහිනය ඇත්තක් වෙනවාට ඔබ කැමති නැතිද?

      Delete
  13. ඒක එහෙම වෙන්වනම් මමත් කැමතියි!!

    ReplyDelete
    Replies
    1. මගේ ප්‍රසාදය ඔබ ලොකය දෙස බලන නිසා.

      Delete
  14. මා විසින් පලකල ඇනෝ කොමෙන්ටුව ඔබ විසින් පදනමකින් තොරව ඉවත් කර ඇත.මා විසින් විමසන ලද්දේ පිටසක්වලයන් විසින් දරුවන්ට දෙමව්පියන් අහිමි කිරීම සුභ සිහිනයක් නොව බිහිසුණු සිහිනයක් බවය.මට පසුව අමිල චතුරංග විමසන්නේද එයමය.ඔබ ප\ ලි යනුවෙන් හදුන්වන්නේ මගේ කොමෙන්ටුව සම්බන්දව විය යුතුය.බ්ලොගය ඔබේ නිසා එහි පාලනය ඔබ සතු බව පිලිගනිමි.නමුත් සම්මත සදාචාර සීමා කිසිදු ආකාරයකින් උල්ලංගණය නොකළ මගේ අදහස් දැක්වීම වාරණය කිරීම සම්බන්දව විරෝදය පල කරමි.

    ReplyDelete
  15. එක එක කාලෙකට මේ වගේ හින පෙන්වා මමත් දැක්ක රජ වෙලා ඉන්නවා කාලයක්..

    ජයෙන් ජය...

    ReplyDelete
    Replies
    1. අසරණයා රජ වෙන එක හොඳයි.මෙහෙම වෙනවා නම් ඔබ කැමති නැද්ද?

      Delete
  16. එහෙම වෙනවා නම් මං මිනිස් වර්ගයාට ද්‍රෝහි වෙලා පිටසක්වලයොන්ට මේ ලෝකෙ පාවලා දෙනව.. ආපහු හැමදේම ලස්සනට පටන් ගන්න කියල

    ReplyDelete
    Replies
    1. ඔබටත් මගේ ප්‍රසාදය.මේ ලොකය ඔබ හොඳින් දකිනවා.

      Delete
  17. ඔහොමවත් වෙනවා නම් කොච්චර දෙයක්ද :)

    ReplyDelete
    Replies
    1. නිසාන්ටත් මගේ ප්‍රසාදය.මේ ලොකය ඔබත් දකිනවා.

      Delete
  18. පේන පේන හැම හීනෙම බ්ලොග් එකේ දාන්ඩ එපා නංගී!
    අපි මේ රේසින් කාර් යන හැටි බලලා, දෙමලට නැතිවෙන්න ගහලා ආතල් කිතල් එකේ ඉන්න වෙලාවේ මොනවද මේ කියන්නෙ. ?? ඔනේ නම් මහා-වීර-විභුෂන ගොට්ටාබය රාජපක්ෂ මැතිතුමාට කම්ප්ලේන් කොරන්නම් ඔයාගේ බොලොග් කටුව ගැන.. අරීද!

    ReplyDelete
  19. මට මතකයි මුතුහර සඟරාවක ගියා ඔය කාළතරණ යන්ත්‍රෙක කතාවක්... ආනාගතයට ගියාම ඉන්න එක කට්ටියක් පොඩි ළමයි වගේ... මල් වලින් මාල හදන, සෙල්ලම් කර කර, සින්දු කිය කිය නටන කට්ටියක් විදියට පරිණෘමය වෙලා... කන්නේ පළතුරු විතරයි...

    තව කට්ටියක් දරුණු වෙලා.. එයාලා ඉන්නේ පොළව යට.. රෑට ඇවිත් උඩ ඉන්න අයව පැහැරගෙන යනවා... ඔන්න ඔහොම මනුශ්‍ය වර්ගයා කොටස් දෙකකට පරිණාමය වෙලා...

    ඔන්න ඔහොමයි කතාව ...

    ReplyDelete
    Replies
    1. හිරු කැමති නැද්ද ඒ සිහිනය වෙනවා නම්?

      Delete
    2. ඔයාගේ හීනයද...?

      මම දන්නේ නෑ.. මට ඔය ගැන තියෙන්නෙ දෙගෙඩියාවක්.... මේ ලෝකේ ඇර‌ඹෙන්න ඇත්තේත් ඔය විදියට වෙන්න ඇති... නමුත් අද අපි ඉන්න තත්වේ පේනවනේ... කොච්චර හොඳ ගතිගුන ඇති සමාජයක් උණත් නපුරුකමින් සහ ආත්මාර්ථයෙන් දූෂණය වෙන්න තියෙන ඉඩකඩ හොඳටම වැඩියි...

      මේකෙදි මට මෙහෙම හිතෙනවා... පිට සක්වල ජීවීන් අර ළමයින්ට “ උඹලාගේ වැඩිහිටි පරම්පරාව මෙන්න මේ විදියට විනාශයෙන් විනාශයට ගියා.. ඒක නිසයි අපි මේ දේ කළේ.. ඒක නිසා මේ වැරදි නොකර ඉන්න කියලා තේරම් කරලා දීලා ගියොත් හොඳයි කියලා හිතෙනවා...

      බයිබලයේ තියෙනවනේ නෝවගේ කතාව... අර මහ ගංවතුරෙ කතාව.... නෝවාගේ පවුලේ අය විතරක් බේරෙන්නේ දෙවියන් වහන්සේට භක්තිමත්ව හිටිය නිසා කියලා තියෙන්නේ... ඊළඟ පරම්පරාව ඇතිවෙන්නේ නොවාගේ පවුලෙන් පැවතගෙන එන අයගෙන්... ඒක එහෙම නම් ඒ භක්තිමත් අයම නේද අද මේ තත්වෙට පත්වෙලා ඉන්නේ...

      ඔය වගේම ලස්සන කතාවක් තියෙනවා සමරසිංහ ගුණසේකර මහත්තයා පරිවර්තනය කරපු හිත හොඳ දොස්තර පොත් සෙට් එකේ එක පොතක.. ඒක සුරංගනා කතාවක්.... ඒකේ තියෙන්නේ මහ ගංවතුරෙන් ගැලවෙච්ච කැස්බෑවෙක් සහ තව සත්තු කීප දෙනෙක් තරුණ කොල්ලෙකුයි කෙල්ලෙකුයි බේරගෙන අරගෙන ගිහින් මහපොළව මත අලුත් පරම්පරාවක් ඇති කරන්න උදවු වෙච්ච හැටි සහ ඒ පරම්පරාව ක්‍රමයෙන් ආදරයෙන් ආත්මාර්ථයටත්, ඊට පස්‌ෙස් ආත්මාර්ථයෙන් නපුරටත්, නපුරෙන් දුකටත්, දුකෙන් විනාශයටත් ගිය හැටි ගැන...

      ඒක ළමා කතාවක් උනාට ඊට වඩා ලොකු ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා මට හිතෙනවා....

      Delete
    3. හිරු ඔබ මතු කර ඇති වැදගත් කරුණු වලට මගේ ප්‍රසාදය.

      Delete
  20. දෑං කාලෙ හැදෙන එවුන්ගෙ හැටියට ගයනි අක්කේ ලමයින්ගෙ හිත් වලත් විස නැ කියන්න බෑ.. උංගෙ හිත් වලටත් විස පොවල ඉවරයි!!
    බෝම බැරෑරුම් හීනයක්!! හී හි :D

    ReplyDelete
    Replies
    1. මල්ලී මම කලින් කිව්වා වගේ ළදරු මනස වැඩිහිටි මනසට වඩා දේවල් පිළිබඳ ඉක්මන් අධ්‍යනයකට එනවා පමණක් නොව පුංචි අය හරි ඉක්මනින් ඒවා දරණය කර ගන්නවා.ලොකු අයගේ වැරදි තමයි ඒ ගොල්ලෝ ගන්නේ.
      මගේ ප්‍රසාදය ඔබටත්.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...