Friday, November 30, 2012

ජය ජය ශ්‍රි!



මේතුමිය මේ දවස් වල පුහුණු විම් වල.කැමති ම ක්‍රිඩාව.අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලි ය.ගියවර එනම්, 2011 වර්ෂයේ උතුරු මැද පළාත වෙනුවෙන් ක්‍රිඩා කරලා අනුශුරයෝ බවට පත් විමට සිදු විය. දුර්වල පන්දු යැවිම හමුවේ ජයග්‍රාහනය පෙනි පෙනි තිබියදී පරාජය උරුම විය. මෙවර නැගෙනහිර ප්‍රදේශයේ පුහුණු විධානය නියෝජනය  කරන අතර, ශුරතාවය ලබා ගැනිම තමයි එකම අරමුණ.
          තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ රුහුණු පුරේ ඒ කියන්නේ දකුණු විධානයේදී ය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්වෙන නිසා අන්තර් ජාලයේ රැදි සිටිමට අවස්ථාවක් ලැබේවිද මන්දා.
          මෙය ලියන මොහෝතේදී ගියවර මතක සැමරුම් බලන්නද මම අමතක නොකරෙමි. එයින් බිඳක් ඔබටද දැක ගැනිමට සලස්වමි. එහෙනම් ඉතිං හෙට පන්දරින්ම දක්ෂිණ දීශාවට ගමන් අරඹමි. 15 දෙනෙකුගෙන් සැදුම් ලත් දක්ෂාතා වලින් පිරිපුන් කණ්ඩායමක් අප සතුව ඇති අතර, මෙවර අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලියේ ශුරියන් විමේ අධීෂ්ඨානයෙන් යුතුව දක්ෂිණ දේශය වෙත පිය නඟමි.  ඔබ සැමටත් තරඟාවලියට සහභාගි වන සියළු කණ්ඩායම් වලටත් අපි පසු කර යන කළුතර බෝ සමිදුගේ අශිර්වාදයත් කන්ද විහාරයේ අධිපතිගේ ආශිර්වාදයත් ලැබේවා!.ඔබටත් එම අශිර්වාදයේ බලයෙන්  ඔබ කරන සියළු කටයුතු සර්ථකව නිම කර ගැනිමට හැකි වේවායි මම ඒ සමඟම ප්‍රාර්ථනා ගෙන එමි.

සම්මා සම්බුදු සරණයි!
21 Comments
Tweets
Fb Comments

21 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මම ඉන්න අඩවිය අයිති දලදා හාමුදුරුවන්ට. ඉතින් නංගිටත් දලදා සමිදු පිහිට පතනවා
    ජය වේවා !

    ReplyDelete
  2. ජයෙන් ජයම වි වසන්තයෙ පැතුම් මල් පුදිවා...

    ReplyDelete
  3. කප් එක අරගෙනම එන්න හොඳේ... හි හි..
    අපි බලං ඉන්නවා....

    ජය ‌වේවා....

    ReplyDelete
  4. ජය වේවා ගයනි... කප් එක අරගෙනම එන්න.... :)

    ReplyDelete
  5. hureeeee....
    jaya shreeee.....!

    http://katumatige.blogspot.com/

    ReplyDelete
  6. ජයවේවා ..!

    ReplyDelete
  7. ජයග්‍රාහි කණ්ඩායම බවට ඔබේ කණ්ඩායම පත්කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබේවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  8. හදවතින්ම සුභ පතනව! දිනල එන්න, ජයම වේවා!!

    ReplyDelete
  9. කොහොම හරි ජය ලබාගෙන එන්න නංගි. සැමට ජයම පතනවා.

    http://piyumvila.blogspot.com/2012/12/5.html

    ReplyDelete
  10. ගයානි......... දිනලා මිසක් ආයේ සයිබරේ පස් පාගනවා එහෙම නෙවෙයි. දඬුකඳේ තමයි ගහන්නේ දිනන්න බැරි උනොත්. (විහිළුවක් කලේ) මම නම් මුළු හදවතින්ම සුභ සහ ජය පතනවා!!!!!!! Wish you all the very best

    ReplyDelete
  11. වැඩේ ගොඩ වගේ...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...