Wednesday, October 24, 2012

යාවත්කාලීන කළ නවොද් මල්ලී‍ගේ පෙම් හසුන


අන්දොලාත්මක පෙම් හසුන මා සිහිනයෙන් විචාරය කළ අපුරුව


ඔබ මේ සාමාජය නව සුභවාදී සිතුවිල්ලක තැබුවාදෝ....!

සාමාජය තුල අද වැඩි වශයෙන් දෝෂදර්ශණයට ලක්වන්නේ තරුණ කොටසයි. ජරාවටත් අගතියටත් පත්ව ඇති මිනිස් ගති නැවත පූනර්ජිව කිරීමේ හැකියාවද ඔවුන් සතු වේ.එයට කදිම මඟක් විවර කරන්නට පාසල් සිසුවෙකු අද සමත් වි ඇත. මෙහි නිදන් කථාව ඔබ දන්වා ඇතැයි මම සිතමි. විදුහල්පතිගේ තීරණය පිළිබඳ නොයෙකුත් මත විචාර ඇත. හැමදාමත් අපේ රටේ සිදුවන බොහෝ විපත් සහ අසුභවාදී සිදුවිම් සහ ගන්නා තීරණද අසුභවාදි නිසාවෙන් රට වැසියාන්ගේ බහුතරයද සිදුවන සෑම සිදුවිමක් දෙසම වපර ඇසකින් දැකීම පුරුද්දකී.
දින දින නවීකරණය වන අපි, මවා ගත් කාර්‍යබහුලත්වයක හිර වී ජිවිතයේ වැදගත් මරමස්ථාන Short massage system කට අනුකුලව හැඩ ගසාගෙන ඇත.
ආලයද එවන් එක් මරමස්ථානයකි. කෙටි පණීවිඩයකින් ඇරඹේන වර්ථමාන ආලය එහි රසයද කෙටිම මර්ගයකින් කෙටිම ස්ථායකදි (තානායම් කාමාරයක) අහවර කොරන්නේය.අවසානයේ නාදුන මළසිරුරක් ලෙස තම පවුලේ උදවියටවත් හඳුනා ගැනිමට අපහසු වන පරිදි ජිවිතයේ තව බොහෝ දුර යන්න තිබියදි කෙටි පණිවිඩයක් මෙන් ජිවිතයට තිත තබයි.
එවන් යුගයක නවෝද් මල්ලීගේ පෙම් හසුන අපට බොහෝ පාඩම් ජිවිතයට කියා දී ඇත.
උපන් දින සහ වෙනත් සුභ පැතුම් පණිවිඩද අද විගසින් මැකි යන පැතුමකි.ගමේ තැපල් මාමාද අද රැගෙන එන්නේ බිල්පත් පමණි.
පෙම් හසුනක් අකුරු කරන්නේ තම අත්අකුරින්ය.බොහෝ දුරට එහි ලියවෙන්නේ හඳ තුල තිබෙන අවංකත්වයි.ලබන්නා මෙන්ම යවන්නාද තෘප්තිමත් වන්නේ එහි ඇමිණිලා තිබෙන ආලංකාර  වචන ටිකටය.   
    මෙම ගීතය හරහා තරුණ මනස සුභවාදී දිශාවකට රැගෙන යාමට හැකිය.ගීතය ඉතාමත් සරලයි.සරල වුවත් එහි ගැබ්ව තිබෙන අරුත සහ තේමාව පිරිසිදුයි.
මං ආසයි හිනාවෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
සිනා මලක් අරන් එන්න

මේ පද ටිකේම තියෙනවා අවංක කම,බලාපොරොත්තුව,අහිංසක පැතුමක්.නැත එහි කිසි විට සුරංඟනා සිහිනවත් අන්දෝනාවක්වත්.   

මං ආසයි යාළු වෙන්න
ජිවිතයම නුඹත් එක්ක
නොවරදවා නුඹ එනවිට
ලෙන්ගතු කම අරන් එන්න

ලෙන්ගතු කම මේ අපේ කම නොවේද?

මං ආසයි නුඹත් එක්ක
ස්නේහයේ සුව විදින්න
අද ඇවිදින් නුඹ යනවිට
තුටු කඳුලක් තබා යන්න

ස්නේහයේ සුව,තුටු කදුළු මෙ වචන දකින විටත් රාගියක් සිතුවිලි වෙනුවට නිවුණු සිතුවිලි උපදීයි.යන විට සතුට කදුලක්  මිස මිරිඟුවක් පසු පස නෙමෙයි නුඹ එන්නේ.

තානායමක කාමරක් තුල සිදු වන නස්පැත්තියෙන් පසුව  සලන කඳුළු වගේ විනාශ වු කඳුලක් නෙමෙයි මේ කොල්ලවත් කෙල්ලවත් සලන්නේ.

අද අපේ කණට ඇසෙන සිංදු වලට වඩා කෙතරම් සෙනෙහසක්,ලෙන්ගතුකමක්, පැතුමක් මේහි අන්තර්ගත වී ඇත්ද.

අවේගත්මක බවක් නැති බොහෝ සන්සුන් බවක් ඇතිව විඳින්න පුළුවන් රසයක් මෙහි ඇතැයි මට සිතේ.

          අනාගතය සුභවාදී නොවේද? අපේ තරුණ සිත තුල මෙවැනි සිතුවිලි ඇති වුවහොත් විරහාව හට ගත් විටදි පවා  බොහෝ  සාමකාමි වේවි නේද?එවිට එක තැන මිය යන්න අවශ්‍ය වන්නේද නැත.

ගජමන් නෝනා අමරදේව  මාස්ටර්, නන්දා මාලනී යුගයකට අපට ආපසු යා හැකිය. ප්‍රේමසිරි කේමදාසයන් වැනි යුග පුරුෂයන් නැවත බිහි විය හැකිය.
                  
          විචාරය අවසන් කරනවාත් සමඟ ළීහිණි සහ හිරු ඇවිදින් දෙසුවේ නැතැයි මට.මම බය වි  පියවි සිහියට පැමිණෙන ලදි. 

-ජිඑම්-



48 Comments
Tweets
Fb Comments

48 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අයියෝ.. මේ පිස්සි කරන වැඩ... හි හි...
    ඇයි බං.. දැං ඉතිං අර අහිංසක ළිහිණියයි මායි බැනුම් අහනවානේ..

    ඇති යන්තම්... මම හිතුවා අයින් කරලා කියලා ලස්සන විචාරේ....

    ReplyDelete
    Replies
    1. කමක් නැ අනේ මට ඊයේ රැ හිනෙන් බැන්නා ඔයාලා දෙන්නම.ඇත්මයි

      Delete
  2. ඇත්තටම ඒක ලිව්වේ කවුද

    ReplyDelete
    Replies
    1. හොයා ගන්න ඕන අනිවාර්යෙන්.අමරසිරි පිරිස් වගේ හඩකින් කියනවා නම් මම කැමතියි.ස්තුතියි මගේ නිවහනට පැමිණියාට.

      Delete
  3. ගුරැ පියාගේ මනා තීරණය නිසා කලාකරුවෙක් බිහි වුනා

    ReplyDelete
    Replies
    1. මගේ නිවහනට ආවාට ස්තුතියි.

      Delete
  4. ගොසිප් නයින් එකේ තිබුනනෙ..උපුටාගත්ත එකක් කියල..!
    http://www.gossip9.com/2012/10/blog-post_5888.html?utm_source=BP_recent

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒත් හිතා ගන්න බෑ තවම.බලමු නේද මගේ හිනය සෑබැවක් වේවිද කියලා.

      Delete
    2. අනිවාර්‍යයෙන් සැබෑවක් වෙනව...දැන්කාලෙ දක්ෂයො ඉන්නව ම්තුකරල පෙන්නන්න තැනැක් නෑ...!

      Delete
  5. මේ මලයගේ මේ නිර්මානේ එක එක මිනිස්සු පහත් කරලා කතා කරලා තියෙනවා මං දැක්කා..
    මේ තියෙන්නේ මගේ අදහස..
    //අර මං ආසයි හිනාවෙන්න සිංදුව ඉන්ටර්නෙට් එකෙං උස්සලා දාපු එකක් කියන්නේ..
    මං කියන්නෑ ඒම නෙමෙයි කීලා..
    ඒත් පොඩ්ඩක් හිතලා බලහංලා මචංලා ඒ කොල්ලට බයින්න කලිං..
    නිසැදස අන්තර්ජාලයේ පල උනේ 2006දිලු..
    ඒ කොල්ලා කෙල්ලට දෙන ලියුමේ ඒ නිසැදසම ඒ විදිහටම අකුරක් නෑර ලියන්නේ 2012දි..
    අවුරුදුම කීයක්ද බං??????
    අනික ඌ දැං 11 වසරේ..
    2006දි 5 වසරෙදි ඉදලා තියෙන්නේ..
    5 වසරේ උං එලකිරි එකට ලොග් වෙලා නිසැදැස් කියවනවද බං??????
    මෙවුවා ඇවිල්ලා ක්ෂනික ජනප්‍රියතාව උහුලගන්න බැරුව නිකුත් කරන මහ පඩත්තර අවලං කුහක කතා...
    යකෝ ඉස්කෝලෙ යන කොල්ලෙක්..
    මඩ ගහන්නැතුව ඌට ඉස්සරහට යන්න ශක්තියක් වෙයල්ලා...

    --තරිදු අබේසිංහ-- — at ගොසිප් 9හි ප්‍රවෘත්තිය දැක.

    විචාරයත් නියමයි අක්කේ...
    ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී.ඔබේ වචන මට ශක්තියකි.

      Delete
    2. http://www.elakiri.com/forum/showthread.php?t=7308

      ඇත්තටම ගයානි මිනිස්සුන්ට පිස්සු ඇති නේද මේ සින්දුව නවෝද් ගෙ නෙමේ කියන්න ...

      Delete
    3. Niyamai Thariyooo ;)

      Delete
  6. මේ අර කොළඹ විද්‍යාලයක ළමයෙක් ලියපු එක ගැන නේද? මම මේ සර් පෞද්ගලිකව මුණ ගැහිලා තියෙනවා. මට හිතාගන්න පුළුවන් ඒ සර් එහෙම දෙයක් කලාම. මට දුක අපේ ගොඩක් විදුහල්පතිවරු සහ ගුරුවරු ඒ විදියට නොහිතන එක ගැන.

    ReplyDelete
    Replies
    1. ආපු එක සතුටුයි.ඔව් බුද්ධිමත් උනත් උගත් උනත් මිනිස්සු විවිධාකාර මානෂීක තත්වයන් උඩ ඉන්නේ.එක නිසා තීරණ ගැනිමේදි ව්‍යාකුල වු සිතකින් ප්‍රශ්ණ විසදන්න බැ.හොඳ මානිෂික මට්ටමක හිටියොත් හැමොටම යහපත් වන තීරණ ගත හැකියි.

      Delete
    2. ව්‍යාකූල සිත් ඇති කරගන්නෙත් අපිමයි නේ...

      Delete
  7. අශෝක විද්‍යාලයේ විදුහල්පතිතුමාට තමයි මේ ගීතයේ ගෞරවය අත්වෙන්න ඕනෙ... අන්න නියම පරිපාලකයෙක්....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔබ කියන එකත් එක පැත්තකින් හරි.එතුමාගේ කලා ඇසට අසු උන නිසයි අපි අද මෙක ගැන කථා කරන්නේ.

      Delete
  8. කවුරු ලිව්වත් කමක් නෑ ..මෙහෙම නිර්මාණ ලියවෙන එක ගැන සන්තෝසයි .. (Y)

    ReplyDelete
    Replies
    1. ආවට තුති මේ පැත්තට.ඔව් ඔයා හරි.

      Delete
  9. ඊයෙ මම කිව්වා වගේ හොඳ විචාරයක්...හොඳ නැත්තේ මේක විතරයි. දිනයත් හොඳින් බලන්නකෝ

    http://www.elakiri.com/forum/showthread.php?t=7308

    ReplyDelete
    Replies
    1. ළිහිණි මට හීනයක් ලෙස මම දැම්මෙ එකයි.

      Delete
  10. ලිව්වේ කවුරු උනත් ලස්සන ගීතයක්. ඒකට ලියපු විචාරයත් හරිම වටිනවා. ඔයාගේ අදහස් හරිම ලස්සනයි ගයානි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මගේ මිතුරිය සයුරි.

      Delete
  11. හොද විචාරයක් ගයනි.
    ඇත්තට දැන් ටෙලිෆෝන් බිලයි රක්ෂණ වාරික ගෙවන්න කියල එන ලියුමයි ඇරෙන්න එක ලියුමක් එන්නේ නෑ නේ.
    මගේ නමට ලියුමක් එනව කියල නිකමට හරි හිතෙනකොටත් හිතට සනීපයි අප්පා..

    ReplyDelete
  12. අර ගීතයේ තියෙන සරල බව හරිම අපුරුයි.. ආරළු බුරළු නැහැ බොහොම සරල විදිහට ගැඹුරු අරුතක් කියන්නේ.

    ReplyDelete
    Replies
    1. මා කිසි දිනක මෙවන් යමක් කරන්න ඉගෙන ගත්තේ නැහැ.තිබු එකම හීනය තමයි හමුදාවට යන එක.ඒත් හමුදාවට ආ පසුව ඉගෙන ගන්න වෙනවා.නැතිනම් පැවැත්මක් නැ.දැනුයි ඉතිං මම ඉගෙන ගන්නේ.මම පුංචි කාලයේ හිතුවේ හමුදාවට යන්න ඉගෙන ගන්න ඕන නැ කියලා.අප්පේ වේලාවකට හිතුණා ගෙදර හිටිය නම් හොඳයි කියලා .ඒ තරම් විභාග වලට පෙනි සිටිනවා.හැබැයි තවම එකක්වත් පේල් උනේ නැ දෙවියන්ගේ පිහිටෙන්ද නැතිනම් මගේ පිහිටෙන්මද දන්නේ නම් නැතෝ...

      Delete
  13. දුව දැඩි බිඩියේ ලියනවා අකුරු හදන බවක් පෙනෙන්න නැහැ.. මේක කියවලා මකන්න..

    ReplyDelete
  14. මකන්න අවශ්‍ය නැ.ඔබ මට ගුරුවරයෙක් පියෙක් වැනිය.ව්‍යාකරණ සම්බන්ධයෙන් මම දුර්වලයි කියලා මම දන්න කාරණයක්.උත්සහා කරනවා හදා ගන්න.ස්තුතියි අංකල්.

    ReplyDelete
    Replies
    1. මේක ප්‍රයෝජනවත් වේවි. මමත් ඕකෙ පිහිට පතනවා, මගෙත් අක්ෂර වින්‍යාස දැනුම බොහොම දුර්වල නිසා. හැබැයි 100% නිවැරදි නෑ. ව්‍යාකරණ ගැන නම් දන්න අයගෙන් අහලම තමා දැන ගන්ඩ වෙන්නෙ. මමත් බොහොම දුර්වලයි ඒ අංශයෙන්.

      http://subasa.ambitiouslemon.com/spellerweb.py

      Delete
  15. හොද විචාරයක්..

    මගේ නමට ගෙදරට මාසෙටම එන්නේ ලියුම් දෙකයි. ඒකත් ඩොන්ගල් බිල් එකයි,ලෑන්ඩ් ලයින් බිල් එකයි. :)ලියුම් බෙදන කෙනා අතේ තියෙන්නෙත් ඒවා විතරමද කොහේදෝ.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉෂාන් මේ පැත්තට ආවට.

      Delete
  16. හ්ම්ම්ම් ලියුම් ලිවීමෙත් යම් අපූර්වත්වයක් ඇතිබව මටත් සිතෙන්නේය. නමුත් මමත් ජීවිතේටම ලියුමක් ලියා නැත.

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයාත් බිරියට ලියමනක් ලියලා නැ වගේ.උපන් දිනෙටවත් ලියලා දෙන්නකෝ බිරියට ලියමනක්.

      Delete
  17. මාරම විදිහට හිතට දැනුන පද ටිකක්..ඒ වගේම හරිම සරල තනු නිර්මාණයක්..ඇත්තටම ඔබේ විචාරයත් අපූරුයි! ජයම වේවා!

    ReplyDelete
  18. හිරුහිමාවීයෝ කොහොමඳ ඉතිං.ස්තුතියි නංගි.

    ReplyDelete
  19. aaaa oya pennapu paaren me peththata awa onna. Post kiyawanna welawak ne. Hadissiyema kilinochchi enna una. E nisa busy. Free welawaka kiyawannam. Para kiwwata thanks.

    ReplyDelete
  20. ඇවිත් කියවලා ගුණ දොස් පවසන්න.යන ගමන කරදරයක් නැතිව ගිහින් එන්න.තෙරුවන් සරණයි!

    ReplyDelete
  21. අ‍ගේ ඇති වැඩක්....

    ReplyDelete
  22. සින්දුවේ රසවින්දනයේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ නිර්මාපකයා අවංක නොවීම ගැනයි.

    ReplyDelete
  23. ඔව් එක නම් ඇත්තක්.

    ReplyDelete
  24. ඔයාගේ ලිපියට ගරු කරනවා අක්කියෝ...ඒත්............


    මේකත් බලන්නකෝ.......

    ReplyDelete
  25. ඕක කියෙව්වම කෙල්ලෙක්ට බෑ කියන්න හිතෙයි ද! ස්තූතියි බෙදා ගත්තට.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...