Sunday, October 21, 2012

විඩාබර වු ගතත් සිතත් නිවා ගන්න



ලංකා අසිරියේ මම දුටු තවත් අසිරිමත් පිං බිමකි
මිනිස් ජිවිතයක් ලැබු අපි කවදාවත් නොදුටු ස්ථානයක් අවුරුද්දකට වතාවක් හෝ  බලන්න යන්න ඕන. අපේ සිත් වල තිබේන ප්‍රශ්ණ සහ අසල්වැසින් සමඟ නොක්කඩු වි සිටි නම් ඒවාද අමතක වන ගමනක යෙදෙනවා නම් සිතට පුදුම සැනසික් ඇතිවෙයි.ඒ විතරක් නෙමෙයි දෛනික ජිවිතයෙන් මඳක් ඈත් වී වින්දනීය බව සහ ජිවිතය පිළිබඳව යම් කිසි අවබෝධයක් එක් කර ගැනිමට මෙයින් හැකි වනු ඇත.
            සැලසුම් කර තම ගමන ආරම්භ කරන්න.‍ඓතිහාසික බව සහ සුන්දරත්ව කැටි වු තැනක් ඔබ තෝරා ගන්නවානම් එහි සාර්ථකත්වය මෙන්ම නැවත නැවත මෙනෙහි කිරීම තුලින් සිතට ප්‍රබෝධයක් එක්වනු ඇත.
          එවන් ඓතිහාසික බව සහ සුන්දරත්වයෙන් පිරුණු තැනක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න මට සිතුණි.මිට අමතරව මට මේ සම්බන්ධව ලිවිමට මගේ මනස මාව උනාන්දු කරපු අනෙක් කරුණ නම්, බොහෝ අයට මෙය මඟ හැරෙන වටිනා ස්ථානයක් විමයි. සේරූවාවිල වැඳ ආ පසු හැරෙන සමහරක් අපේ ඇත්තෝ හරියට කතරගම ගොස් කිරිවෙහෙර වැන්දේ නැ වගේ තමයි.
          ලංකා පටුන කියු සැනින් අපගේ සිත් වල ඇඳන චිත්‍රය කුමක්ද? හේමමාලා කුමරිය සහ දන්ත කුමරු මෙරටට වඩම්මවන දන්ත ධාතුව රැගත් මනරම් චිත්‍රය නොවේද?එහෙයි.එයට තවත් වටිනාකමක් සහ සිතට සහනයක් දැනෙවි මේ පුදබිමේ ඉහලින්ම වැඩ සිටින චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියසට ගිය පසු.
          නැගෙනහිර ප්‍රදේශයේ කොළඹ ත්‍රිකුණාමලය ප්‍රධාන පාරේ කන්තලේ පසුකරන විට සේරූවාවිලට යාන පාර දක්වා ඇති මාර්ග සටහනක් සහිත පුවරු දැක ගැනිමට හැකිය.හැරිමට ඇති සෑම තැනකම මෙම පූවරු තිබෙන නිසා සොයා ගැනිම අපහසුවක් නොමැත.සේරුවාවිල කඩමණ්ඩියද පසු කර සේරුවාවිල පුදබිමද පසු කර යන විට යුද්ධයෙන් විනාශ වි නටබුන් වු බොහෝ ස්ථාන දැක ගැනිමට හැකිවේ.තොප්පූර් නම් ගම්මානයද මේ අතර තිබේ. බඩඉරුඟු සහ රට කජු මේම ප්‍රදේශයේ වැඩි වශයෙන් වඟා කරන බෝග වේ.සිංහල ගමක් ඉවර වන විට මුස්ලිම් ගමක් තවත් දුරට යන විට දමිළ වැසියන්ගේ ගම්මානයක් මේවා දකින විට හරි අභිමානයක් සිතට දැනෙනෙවා පමණක් නොව දිනා ගත් නිදහස මෙම අහිංසක වැසියන් බුක්ති විඳින ආකාරයද අද ඔබට දැක බලා ගැනිමට හැකිය.කඩිසරව තම වැටුණු සහ අනාථ වු ජිවිතය ගොඩ නඟා ගැනිමට වෙර දරන මේ මිනිස් ජිවිත දකින විට කරුණාවක් සහ සතුටක් ඕනෑම සිතකට ඇති වනු ඇත.
          මෙහි යුද්ධයට පෙර තිබු පාරවල් අද ඔබට දැක ගැනිමට නැහැ.ඒවා බොහෝමයක් අද වන විට අලුත් වැඩියා කර ඔබට කරදරයක් නැතිව ගමන් කිරීමට පහසුකම් සලසා ඇත.එපමණක්ද නොව ලංකා පටුනේ නැවති එහි සුන්දරත්වය සහ අපේ කම විදිමට විශ්‍රාම ශාලාවක්ද ඇත.
          පුදබිම ඇස ගැටෙන මායිමේ කිත්සිරිමෙවන් රජ සමයේ හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් බුදුරජාණන් වහන්සේ ගේ දන්ත ධාතුව දඹදිව සිට වැඩමවාගෙන ශ්‍රීලංකාවට ගොඩ බසින ලද ස්ථානය බව පිළීගැනෙන මුහුදු තීරය දැක ගැනිමට හැකිය.එම අතීරමණීය සුන්දර මුහුදු වෙරළ දැක ඔබ ප්‍රිතියෙන් එපිලෙනවා මට මැවිලා පේනවා.මොකද එම අශ්වාදය මමද බුක්ති වින්ඳා පමණක් නොව අදත් මම එය සිහිපත් කරන්නේ ඉතාමත් සතුටකින් විම නිසාවෙනි.
          තවද කොළඔ වරාය පන්සල දැක ඇති නම් එයද ඔබේ මතකයට නැ‍‍ඟෙවි මේ සමඟ.මෙම ස්ථානයේ වැඩ වෙසෙන චෛත්‍ය රාජයාණන් වහන්සේත් ඒ ආකාරයට නිර්මාණය කර ඇති බව පන්සලේ ලොකු හමුදුරුවෝ එක් දවසක් මාත් සමඟ පැවසුවා මට මතකය. 
          පඩි කිහිපයක් නැඟ උඩට යන විට ලංකා පටුන සමුද්‍රගිරි රාජ මහා විහාරය ඔබට දැක ගැනිමට පුළුවනි.එහි සිට අවට සිරි තවත් විචිත්‍ර ලෙස ඔබට පේනෙවි.අපේ ලොකු හමුදුරුවෝ මෙම පුජා භුමිය අද තිබෙන තත්වයට ගෙන ඒමට විශාල කැප කිරීමක් කළ හිමි නමකි.ඒ විතරක් නෙවේ යුද්ධය පැවති කාලවකවානුවෙද එඩිතරව වැඩ සිටි නායක වහන්සේ නමකි.සේරුවාවිල වැසියන්ද ඉතාමත් ආදරයෙන් මේ අවස්ථාවේ මම සිහි පත් කරමි.






-ජිඑම්-


22 Comments
Tweets
Fb Comments

22 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මීට මාස කිපයකට කලින් මමත් නැගෙනහිර සංචාරයක යෙදුනා. ඒ ත්‍රි/මලේ ගිරිහඬු සෑය, සේරුවාවිල, සහ ලංකා පටුන කියන මේ ඉසව් තුන දැක බලා මෙහොතක් එහි ගතකිරීමේ සැනසුම උදාකරගත්තා.
    මේක කියවන විට ඒගමන මතක් වුණා..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ මටත් එහෙමයි.

      Delete
  2. Replies
    1. ගියේ නැද්ද එහි සුන්දරත්වය විඳින්න.

      Delete
  3. නියම වැඩක් අක්කෙ. උදව් ඕන උනොත් කියන්න. පිට් තමයි.

    ReplyDelete
  4. ස්තුතිය් මල්ලී.වචනෙත් ඇති.

    ReplyDelete
  5. ගිහිල්ලත් නෑ... යන්න වෙන පාටකුත් නෑ.... ඒක නිසා ගිය අයගේ සිතුවිලි වලින් සහ මේ වගේ සටහන් වලින් දකින දේ තමා... ඒ ගැන පිං...

    ගයනිව දැක්කට බිලොග් එකක ලියනවා කියලා අහු වුනේ නෑ මට.. මෙකද මන්දා... ඔන්න අද තමා හොයා ගත්තේ.. පරණ පෝස්ට් ටිකත් ඔක්කොම කියෙව්වා....

    අර මහරගම බස් සෑටෑන්ඩ් එකේ කතාව නම් හැබැමයි... ස්ටෑන්ඩ් එක එක්කෝ වෙන තැනකට වත් ගෙනියන්න ඕනේ.... වැස්ස දවසට එහෙම පොඩි එවුන්, බෑග් එල්ලන් අමාරුවෙන් බස් එකක් එනකම් කී දෙනෙක් හිටගෙන ඉන්නවද.... ඒවා පේන්නේ නැද්ද මන්දා....

    ReplyDelete
  6. සාදරයෙන් පිළි ගනිමි මගේ කුඩා නිවහනට.ගියේ නැති උනාට යන්න පුළුවන්.එක නිසා මම ප්‍රාර්ථනා කරනවා ඔයාට යන්න ලැබේවා කියලා!ජය!ඔබට!

    ReplyDelete
  7. මේ පැත්තට ආවෙ අදමයි....දයල් බතී ට දාපු කොමෙන්ට් එකක තිබුන ලින්ක් එක දිගේ ආවේ...ගෙදර අයත් එක්ක මේ පුදබිමේ පය තියන්න යන්නම ඕනෙ කියල හිතුන
    මෙවන් දැනුවත්කිරීම් හරි වටිනවා‍...ජය!

    ReplyDelete
  8. මගේ නිවහනට ඔබේ පැමිණිම මට මහත් සතුටකි.ඔබටත් තෙරුවන් සරණයි!

    ReplyDelete
  9. හරිම අපූරු ලිපියක් අක්කේ..අනේ ඇත්තටම සමාවෙන්න..මට ඔබේ බ්ලොගය මිස් වෙලා තිබිල තියෙන්නේ..අනිවාරෙන්ම මින්පස්සේ මම බ්ලොග් කියවන වෙලාවට ඔබේ බ්ලොගයටත් ඒවි..ඔබේ කටයුතුත් එක්ක ඇත්තටම සතුටක් බ්ලොග් ලියන්නත් කාලය වැයකරගන්න එක..එයින් ගොඩක් අයට ප්‍රයෝජනයක් වෙනවා..

    ඔබට ජයෙන් ජයම වේවා යාලු..!

    ReplyDelete
    Replies
    1. අපි ජිවිතය ගෙවන්නේ එක්තරා රාමුවක නංගි.එත් එය එසේ සිදු විය යුත්තක්.විනය යනු අපේ පැවැත්ම.තිබෙන කාර්්‍ය බහුලත්වයත් එක්ක ජිවිතයේ වෙහෙස නිවා ගන්නේ මෙවන් වු දේ තුලින් මා.ඔබට ජය!

      Delete
  10. ම්ම්ම් ඔන්න මාත් මෙ පැත්තට අවා ජයෙන් ජයම වී වසන්තයක්ම උදා වෙවා***

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම ජයෙන් ජයම!

      Delete
  11. ගයනි අපේ පැත්තෙ ඇවිත් තිබුනාට මට ඔයාගෙ බ්ලොග් එක අහු උනේ අදනේ...!
    හරි ලස්සන බ්ලොග් එකක්.!
    ඔයා හමුදා නිලධාරිනියක්ද..?

    ReplyDelete
    Replies
    1. මම සේවය කරන්නේ නාවික හමුදාවේ.ඔයාලගේ පැමිණිම මට ශක්තියක්.ඔබටත් ජය!

      Delete
  12. බොහොම පුංචි කාලෙ දැක්කට පස්සෙ දැකල නැහැ.. සටහන අපුරුයි..

    ReplyDelete
    Replies
    1. අංකල් කිව්වට කමක් නැනේ.ඔබේ වචන මට ශක්තියක්.

      Delete
  13. අපූරුයි.. මම මේ පෝස්ට් එක කියෙව්වා දවස් දෙකකට විතර කලින්. එදා හදිසියට කමෙන්ට් කරන්න වුනේ නෑ. මම යුද්දේ ඉවර වුන කාලෙම වගේ (මට හරියට මතක නෑ දවස) ඔය පැත්තේ ගියා. හරිම ලස්සනයි. පින්තූරත් ගොඩක් ගත්තා. අවාසනාවට ඒ ටික නැති වුනා. :-(

    ReplyDelete
    Replies
    1. අපරාදදෙ පින්තූර ටික වටිනවා.කමක් නැ අයෙත් යන්න ලැබේවා!

      Delete
  14. ස්තූතියි කිව්වට මේ ගැන. ගිහින් ම බලන්නම්කෝ!

    ReplyDelete
  15. ඔබටත් ස්තුතියි මේ පැත්තට ආවට.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...