Saturday, September 29, 2012

Commander of the Navy


නව නාවික හමුදාධිපතිතුමා,වයිස්අද්මිරාල් ජයනාත් කොළඹගේ

Commander of the Navy,
Vice Admiral Jayanath Colombage, RSP, VSV, USP, rcds, psc
MSc (DS), MA (IS), Dip in IR, Dip in CR, AFNI (Lond)

18 වන නාවික හමුදාධිපතිතුමණි ඔබ තුමාට පළමුව  තෙරුවන් සරණයි.

හිටපු නාවික හමුදාධිපතිතුමා විශ්‍රාම යාමට දින කිහිපයකට පෙර නැගෙනහිර විධානයට පැමිණි අවස්ථාවේ ඔබතුමා පිළිබඳ කල අර්ථ කථනය විශිෂ්‍ඨයන් අතර ඔබ අතිවිශිෂ්ඨ බව පිළිබිඹු විය.
1957 වර්ෂයේ ජයනාත් කොළඹගේ නම් පින්වත් පුතු මේලොවට දායාද කළ දෙමාපියන්ට මුලින්ම පිං දෙමි. ගුණයෙන් සහ නුවණින් යුත් පුත්‍රයෙකු රටට දායාද කිරීම පිළිබඳව.
මේතුමා 1978 වන වර්ෂයේ ශිෂ්‍යභට නිළධාරියෙකු ලෙස නාවික හමුදාවට එක් වි ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පිඨයේ අධ්‍යාපනය සහ නිසි පුහුණුව ලබා එම බඳවා (නාවික හමුදාවේ නිළධාරින් බඳවා ගැනිමේ 07 වන බඳවා ගැනිම ) ගැනිමේ දක්ෂතම ශිෂ්‍යභට නිළධාරියාට හිමි ගෞරවණිය අසිපත හිමි කර ගැනිමට සමත් විය.
            තවද නාවික ජිවිතයේ නිළධාරියෙකු ලබන වටිනා විදේශිය පුහුණුවිම් රාශියකට හිමිකම් කියන ලදි.
          කලාකාමි හඳවතක්ද පිරිබව ඔබ නැගෙනහිර විධානයේ ආ‍‍ඥාපතිව සිටි කාලයේ අප දුටුවෙමු. තවද ශ්‍රිමා කොළඹගේ නම් ඔබගේ ප්‍රිය බිරිඳ ,එම මැතිණිය ගැනද වචයක් කිව යුතුමය.එම විධානයේ සිටියදී නාවික පුද්ගලයින්ගේ පවුල් වල දරුවන්ට ඔබතුමිය සොඳුරුතම මවක් විය.සෑම මොහොතකම තම කාලය එම දරු පැටවුන්ගේ සුභ සිද්ධිය සඳහා කැප කරන ලදී.එපමණක් නොව කාන්තා නාවිකයන් ගේ ගැටළු හමුවේද ඔබතුමිය ක්‍රියා කරන අන්දම අපේ පැසසුමට ලක් වන අනෙකුත් කරුණ වේ.   

ආතීතයට යනවානම් නාවික හමුදාවේ මුලික අකුර මා කියවන ලද්දේ ශ්‍රීලංනානෞ රංගල ආයතන‍යේදීය. එවකට එම විධාවයේ නියොජ්‍ය ආඥාපතිතුමා ඔබ විය. ඔබතුමාගේ තිබු සුහදශිලි බව,නීහතමානි බව ආධුණික අපට නාවික හමුදාව තුල ස්ථිර බව ඇති කිරීමට මහත් පිටුවහලක් විය.

මිනිසෙකු තුල කලාතුරකින් පිහිටන බොහෝ මනුෂ්‍යකම් ඔබතුමා තුල ඇත.

ඉන් පසුව ඔබතුමා උතුරු විධානයේ ආඥාපතිව සිටින කාලය තුල මමද එම විධානයට අයත් එක් ආයතනයක රාජකාරි කරමින් සිටියදී ඔබතුමා බැහැ දැකීමට වාසනාව ලබන ලදි. එම මොහොත නාවික ජිවිතයේ මා ලබපු වැදගත්ම විනාඩි කිහිපය විය. ඔබතුමා හැමදාමත් වගේ එදාත් "එන්න පුතා" වාඩි ‍වෙන්න කියලා මාව සම්මුඛ පරීක්ෂණයට ලක් කලේ ඉතාමත් සුහදශීලී ලෙසය .ඔබතුමා බැහැ දකින්න පෙර එදා මා මහත් සිත් තැවුලකින් ද  පිඩාකාරී මනසිකින්ද සිටි කාලයකි.එහෙත් ඔබතුමාගේ වචන මාව නව සිතුවිල්ලකට ගෙන යන ලදී. ඔබතුමාගේ සුපුරුදු නිහතමානී කථා විලාසය ඔබතුමා ඉදිරියට එන ඕනෑම පුද්ගලයෙකුට ආශිර්වාදයකි.මා යම් අධිෂ්ඨානයක් අහස දෙස බලා එදා කළෙමි.එම ප්‍රාර්ථානව අද සැබෑවක් විම පිළිබඳ මම මහත් සොම්නසින් සිටිමි.මා ජිවිතයේ දුටු උතුම් මිනිසුන් කිහිප දෙනා අතර ඔබතුමාද ඇත.

ලබපු උතුම් පත්විම කරගෙන යාමට සියළු දෙවි දේවතාවන්ගේ රැකනරණයත් බුද්ධරත්නයේ ආශිර්වාදයත් දේවියන්ගේ කැමැත්තත් නිරතුරුවම ඔබතුමා හට ලැබේවා! 
-ජිඒම්-
6 Comments
Tweets
Fb Comments

6 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අපෙත් උත්තමාචාරය...

    මා මව්බිමට දේශපාලනයට අතකොළු නොවී වැඩකරන සෙන්පතියෝ අවශ්‍යයි..

    ජය !

    ReplyDelete
  2. ඔව් එක එහෙමයි.ස්ත්තුයි ඔබට

    ReplyDelete
  3. නව නාවික හමුදාපතිතුමාට අපෙනුත් සුභ පැතුම් :)

    ReplyDelete
  4. ඔයාලෙෙග් සුභ පැතුම් ඒතුමාට අශිර්වාදයකි

    ReplyDelete
  5. සුභ පැතුම් සෙන්පතියාණනි....

    ReplyDelete
  6. ඔබටත් ජය!බට්ටියෝ

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...