Tuesday, August 28, 2012

සිතුම් පැතුම්


ජිවිතය කඩා වැටුණු තැනකදි
බිදුණු සිහින තුල ඔබ මෙය දුටුවාද?
මොනයම් හෝ කරුණකදි
බලාපොරොත්තු, සිතුම් පැතුම් එහෙමත් නැති නම් සිත තුල තෙරෙපෙමින් පවතින  සිහින සැබෑ කර ගැනිමට අපට මොන තරම් නම් කැපවිම් කිරීමට සිදු වෙද? එම කැපවිම් කිරීමට අපි කිසි විටෙකත් පසු බටද නොවේ. තවද ගත සිත කෙතරම් විඩාබර බව වුවද එහි විවේක සුව පසෙක දමා තම අභිමතය සඵල කර ගැනිමේ නිරත විම යථාර්ථය වේ..
 එහි ප්‍රථිපල ලැබිමටත්  පෙර එහි රසය සිතින් විඳිම අපේ ගතියකි. තවද එහි ඵල සිතින් දැක සැනසිමට තරම් මිනිස් සිත කඩිසරය.මේ ඉක්මන් බව නිසාම කරන දේ හරි විදියට දකින්න නොහැකි විමද නිවැරදි ලෙස කිරීමටද නොහැකි වේ..අපි යම් කාරණාවක් සඵල කර ගැනිම සඳහා මහත් වෙහෙසක් ගන්නවා සේම එය සැබෑවක් බවට පත් විමට පෙර ඒ වටා පවතින අනෙකුත් සාධක පිළිබඳවද සැලසුම් දියත් කරයි.එහෙත් ඇසුරු සැනින් එහි මුලික සිද්ධාන්තය බිඳ වැටිම තුල මිනිස් සිත පිඩාවට පත් වෙයි. දෛවය අපි හිතන තරම් සංවේදි  බවින් යුක්තක් නොවේ.
බලාපොරොත්තු සඵල කර ගැනිමට යාමේදී අපි ඒතරම් කල්පනා නොකරන සහ මඟහරින තැන් සමහරක් විට බිඳ වැටුණු සිහිනයට පණ දිමට පුළුවන් සාධකයක් වන්නට පුළුවනි.එම නිසා එවන් අවස්ථා සුළුවෙන් නොතකා ඒ පිළිබඳවත් අත පතඟා යන්නට අමතක නොකරන්න. පසුවට පසු තැවිමට කාරණාව එය විමට ඉඩ නොතබන්න.
 කඩා වැටුණු සිහිනය සැබෑවක් කර ගැනිමට තවත් මඟක් ඇති බව සිතන්න. ඒ තුලින් නැවත ක්‍රියාත්මක වන්න. යන මඟදී අපට සිත් රිදවිම් ඇති විම,තමන් නොකරපු යමක්  සහ තමන් නොසිතු යමක් වුවද කිරීමට සිදු වන්න ඇති නේද?.ඒ තුලින්ද ජිවිතයට යා කර ගත හැකි යමක් ඇති නම් එයද එක් කර ගනිමින් මට පුළුවන් යන සිතුවිල්ල තුලින් නැවත නැගිටින්න.
හිත හිතා එ තුලම දුක් විඳිම නිෂ්ඵල ය. එම නිසා ලත නොවි  ඒ වෙනුවෙන් කිරීමට හැකි වෙනත් පැතිකඩකට ඔබ හැරෙන්න.
මිනිසා ජිවත් කරවන ඔසුවකි, බලාපොරොත්තු. 
-ජිඑම්-

6 Comments
Tweets
Fb Comments

6 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. බලාපොරොත්තු තියාගත්තම අපි ඒවා ඉස්ඨ කරගන්න මාන්සි වෙන්න වෙනවා...ඒකත් මහ වදයක්....

    ReplyDelete
  2. වදයක් උනත් හැම දේම අපට පිනට ලැබෙන්නේ නැ.ජිවත් විම උදෙසා ඒ බලාපොරොත්තු අපට තියා ගන්න වෙනවා

    ReplyDelete
  3. බලාපොරොත්තුවක් නැත කිසිමාකාරයක...

    ReplyDelete
  4. බලාපොරොත්තු තියෙන්න නම් ඕනි තමයි.

    ReplyDelete
  5. ඔව් ඒක හරි සිහිනයක් බිඳුනාම ඇයි ඒක බි‍ෙඳෙන්න හේතුව මොකක්ද කියලා ඊට පිලිතුරැ සෙව්වාම ඒ සිහිනය සැබෑ කර ගන්න පුළුවන්.

    ReplyDelete
  6. මගේ ගිමන් හලට පැමිණි ඔබ සැමට තෙරුවන් සරණයි!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...