Friday, August 3, 2012

අචාර්ය සරත් වීරසේකර


සුන්දර මිනිසත් කම
   කොළඹ අනාන්දයෙන් තම අධ්‍යාපනයේ මුලික පසුබිම සකස් කර ගනිමින් කැළණිය විශ්ව විද්‍යාලයෙන් තම ඉලක්කය පදා ගනිමින් වර්ෂ 1971 ශ්‍රී ලංකා නාවික හමුදාවට ශිෂ්‍ය භට නිළධාරියෙකු ලෙස උදාරතර කැපවිමට නව පුරුකක් ලෙස ඔහු තම ගමන ආරම්භ කරන ලදි. විදේශීය පුහුණු ලබමින් විනය පෙරටු කරගත් බුද්ධිමත් සෙන්පතියෙකු ලෙස නාවික හමුදාව තුල තම ස්ථාවරය ගොඩ නඟා ගනිමින් විනය ගරුක මිනිස් සම්පත් රටට දායාද කරන්න මඟ පෙන්වු සෙන්පතියෙකි. නාවික හමුදාව තුල විධායක නිළධාරි සිට මාණ්ඩලික ප්‍රධානී දක්වා ධුරයන් හොබවමින් අවුරුදු 35 ක කාලයක් යුද්ධයේ බිහිසුනු කඩඉමි ස්පර්ශ කරමින් මහත් කැපවිමකින් තම රාජකාරි මෙහෙවර ඉටු කරන ලදි.
ගමනට විරාමයක් ‍නොතබා සිවිල් ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ ද තම මෙහෙවර අනගි බවනීය ලෙස ඉටු කරමින් සිවිල් ආරක්ෂක බලකායට නව පිබිදිමක් එක් කරමින් සිවිල් ආරක්ෂක භටයා සමාජයේ පිළිගත හැකි සෙබලෙකු බවට පත් කරන ලදි. එම ධුරයේ වසර 03 ක කාලයක් මැනවින් මෙහෙයවන ලදි.
 ජිවිතයේ අරුත වටහා ගනිමින් සෑබැ මිනිසෙකු ලෙස කලාතුරකින් මිනිසෙකු තුල පිහිටන තවත් මිනිස් සිතක් සුවපත් කරලීමේ මහඟු බල බුද්ධ දර්ශණය මැනවින් ධරණය කර ගනිමින් සහ ඊටම ඔබින හඩකින් වචනයෙන් වචනය මනා කොට ගළපා අප සිත් සතන් තුලට කා වද්දවිමන් ඔබ කරන්නා වු මෙහෙවර මා දකින්නෙ පින්වත් බවක් ලෙසය. ඔහු තුල තිබු නිර්මාණාත්මක රසයේ තවත් සලකුණක ප්‍රතිඵලයක් ලෙස ගාමණි නම් සිනමා කෘතිය යුධ වතාවරණය සමයේ ත්‍රස්තවාදීන් තම ගොදුරු බවට පත් කර ගත් අහිංසක වැසියන් හට සිදු වු භිහිසුණු අත්දැකිම් වලින් බිඳක් සමාජය හමුවේ ගෙන හැර දැක්වන ලදි. නැරඹු ඔබ සැමට දැක ගැනිමට තිබු රූප පෙළහැර ඔබ ඉදිරියේ තබන්නට විශාල වෙහෙසක් ගත් කලා කෘතියක් ලෙස මම දකිමි. තවද තමන් ලද අත්දැකීම්, තමාගේ දැනුම සහ බුද්ධිය කැටි කරමින් කෘර්තුවරයෙකු ලෙස සාමාජයට වටිනා කෘති පෙළක් එළි දක්වා ඇත. ඒවා නම් නූතන පරෙවි සංදේශය, තොටගමුවේ ශ්‍රි රාහුල නාහිමිපාණාන් සහ සාගරය සහ ගැහැණිය යන කෘති හැඳින් විය හැකිය.
රීයර් ආද්මිරාල් සරත් වීරසේකර ආර්ඩබ්පි, යුඑස්පි, එම්පිඑච්අයිඑල්, පිඑච්ඩි
ඔබ ඉපදුණු මව් බිමට බරක් නොවන්නට මේ මහඟු දායකත්වයක් ලබා දෙමින් යන ගමන තව චිරාත් කාලයක් එවන් වු මිනිසත් කම තුලින් මේ දෙරණ ආලොකමත් කරලිමට ශක්තිය ධෛර්ය ලැබ දේවා!


- ජිඑම් -
7 Comments
Tweets
Fb Comments

7 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. එතුමාගේ පාර්ලිමේන්තු ගමන සහ ගාමණී සිනමා නිර්මාණය ගැනත් යමක් එකතු කළා නම් හොඳයි

    ReplyDelete
  2. බෙහෙවින් ස්තුතියි.ඔබ කියු පරිදි මම එය එක් කරන්න

    ReplyDelete
  3. බෙහෙවින් ස්තුතියි.ඔබ කියු පරිදි මම එය එක් කරන්න

    ReplyDelete
  4. ඔන්න මමත් අද ඉදන් ඔයාගේ බ්ලොග් එක කියවන්න ආවා.
    දිගටම කියවන්න එන්නම් ගයනි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.මට ශක්තියක්.

      Delete
  5. මමත් ගොඩක් ගරු කරන පුද්ගලයෙක් තමයි එල කිරි පොස්ටුව

    ReplyDelete
    Replies
    1. කොරලේ මහත්තයගේ පැසසුම ත් මට මහත් රුකුලක්.ඔබටත් ජය!

      Delete
Related Posts Plugin for WordPress, Blogger...