Sunday, July 22, 2012

ප්‍රභාකරන්

මාගේ වෑයම  ඔහු  කළ වීර ක්‍රියා සටහන් කිරීම නෙවේ.ඔහු කල කී දේ බොහෝ ඇත.මෙවන් පාපතර දුරක් යාම මිනිසකු ලබන පාපයකි.මිනිසා තිරිසෙනෙකු නොවන්නෙ ඔහුගේ මොළයත් සෘජුව පිහිටා ඇති කොදු නාරටියත් නිසාවෙනි.එම නිසා ලැබු ජිවිතය මහ පොළවට බරක් නොවන්න ජිවත් වන්න.

ඔහු ලැබු ඊළම

  ජිවිත දහස් සංඛ්‍යාවකගේ නෙත් තෙත් කරමින්,මේ දෙරණට අසුන්දර ගන්දයක් ඇති කර උරණ මිනිසෙකු ලෙස අපේ හදවතට අමිහිරි ආතීතයක් එක් කරමින් මව් බිමින් සමු ගත් ඔබ,
      ඔබ ඔබගේ සිතැඟි පරිදි තම අභිමතය සමාජගත කිරීමට මහත් වේහෙසක් ගත් පුද්ගලයෙකි. ‍‍‍දහා ඔබ ධර්මය, නිතීය, සදාචාරය සහ මිනිසත් කම අමතක කරන ලදී. මා මොහු ගැන මෙහෙමද පවසමි. වර්ගයාට පරාජිත පුතෙක්, පරාජිත ස්වාමියෙක්, වගේම පරාජිත පියෙක් සහ පරාජිත හිතවතෙක් ලෙස හදුන්වමි. මට මෙහෙමද සිතේ,

 නායකයෙක් ලෙස ගත් කල මනා තික්ෂණ බුද්ධියකින් හෙබි තම සඟයන් තමාට අවැසි පරිදි හසුරුවා බොහෝ ඉලක්ක ජය ගන්නා ලද්දෙකි. සෑම පියවරක්ම සඟයන් විසින් මනාව ඉටු කරන ලදි. යම් යම් අවස්ථා වල කූරුමානම වැරදි ගියද උත්සහය අත් නොහැර ඊට වෙනත් විකල්ප සැලසුම් හදමින් ජය ටැබ කරා ගමන් කිරීමට හැකි බව ඔබ හිතන්න ඇති. විනාශ වන ජිවිත දෙස බලා සතුටින් ඔබ ඉපිල යන්නටද ඇත. එහෙත් නිහඩ වු සෑම හුස්මක් වෙනුවට තව එවන් දහසක් උපදින බව ඔබ නොදැන සිටියාද මම නොදනිමි. සිංහලයා පිළිබද වෛරයක් තම ජාතියගේ හදවත් තුලට කා වද්දවා අහිංසක ජිවිත ඔහුගේ සිතැඟි පරිදි හසුරුවා ගැනිමට ඔබ තුල තිබු හැකියාව අප්‍රමාණය. ඇස මායිමේ සිට මුහුදින් එපිටද සෑම මොහොතක්ම මනා කළමණාකරණයකින් සැලසුම් සහගතව සකස් කර ඊටම ඔබින පුද්ගලයින් යෙදවිමේ හැකියාවක් ඔබ සතු විය. ඔබේ සැතැඟි පරිදි ජය ගැනිමටහැකි විය. ඊට හොඳම උදාහරණය ලෙස මරාගෙන මැරෙන ඛේදවාචක බිල්ල බිහි කිරමින් ගරිල්ලා සටන් ක්‍රමයක් රැගෙන යාම පෙන්වා දිය හැක. පොට්ටු අම්මාන් ඔහු සොයා ගත් විශාලතම ජයග්‍රහනයක් වේ. රටකට අවශ්‍ය යුධ ශක්තිය සම්පුර්ණ විමට  යුධ නාවික සහ ගුවන් කියන ත්‍රිත්වයක් අවශ්‍ය බව ඔහු දැන  සිටි අතර එය සෑදිමටද පසුභට නොවිය. තවද සිවිල් පරිපාලනය සඳහා පොලිසියක්ද ස්ථාපිත කරන ලදි. මෙ ආකාරයට එකින් එක රටක පැවැත්මට අවශ්‍ය දේ සිරුවෙන් ඔහුගේ භුමි ප්‍රදේශයෙ සකස් කරමින් භුමිය තර කර ගැනිමටද අමතක නොකරන ලදි. බුද්ධ දර්ශණය පිළිබඳව ටිකක් හෝ වටහාගෙන තිබුණා නම් මේ තරම් විපතක් ඔහු විසින් නොකරන්න ඉඩ තිබුණි. කෙතරම් දමිල ජනතාවගෙ සිත් දිනා ගත්තාද කිවහොත් විදේශ ගත වි සිටි ශ්‍රිලාංකීය දමිල ජනතාවගේ සහ දකුණු ඉන්දියානු සහයෝගය ඕනවටත් වඩා ඔහුට ලැබුණි. විදේශිය ආධාර ගලාගෙන එන ලදී. ඔහු පවුලේ සුභසිද්දිය සහ සැප පහසුව උදෙසාද එය වියදම් කිරීමටද අමතක නොකරන ලදි. හෙත් අහිංසක දමිල ජනයා සිතුවේ ඔවුන්ගේ එකම ගැලවුම්කරු ඔහු බවය. තමාගේ දරුවන් රස බොජුන් බුදිමින් සැපවත් දිවි පෙවතක් ගෙන යද්දි අහිංසක අසරණ දරුවන් බඩගින්නේ සිටින්නට ඇත. තම පවුලත් තමනුත් සැප වින්දා මිස දමිල ජනයාට ඔහු දිපු දෙයක් නැත.දුන්නා නම් එය අහිමි විම පමණය. අද බොහෝ විදේශිය හඬවල් ඔහු වෙනුවෙන් හඩක් නඟන්නේ ඔහුටවත් දමිල ජනයාගේ අයිතිවාසිකම් වෙනුවෙන්වත් උපන් කැක්කුමකට නොවේ. ඔවුන්ගේ දේශපාලනික අවශ්‍යතාවයන් සපුරා ගැනිමටය. විදේශිය බල වේගවල ගැත්තන් බවට පත් සිටින අප රටේ ඇතැම් දේශපාලුවන් දේශපාලනික වාසි ලබා ගැනිමට දේශප්‍රේමියි කියාගත් සමානාත්මතාවය සැමට පොදු කීයා දමිල ජනතාවට නිසි අයිතියක් නෑ කියමින් හඩක් නැගිමට තවමත් උත්සහා කරයි. බලකාමයෙන් වල්මත් සිටින මෙවන් දේශපාලුවන්ට මොහොතකටවත් නොසිතෙන්නෙ මන්ද? රටක් තිබුණොත් පමණයි තමනුත් රැකෙන්නෙ කියලා. ඩෙන්සිල් කොබ්බෑකඩුව වැනි වි‍රෝධාර සෙන්පතියන් රටට අහිමි වුයේ සමහරක් බලකාමින්ගෙ තිරිසන් ගති නිසාවෙනි. ශ්‍රිලාංකාව තුල ඔහුගේ පළමු මරාගෙන මැරෙන ගොදුර බවට පත් වුයේ තවත් සෙන්පතියෙක් වු එවකට නාවික හමුදාධිපතිව සිටි අද්මිරාල් ඩබ්ඩබ්ඊසි ප්‍රනාන්දු තුමාය. ඉන් පසුව ජනාධිපති ප්‍රේමදාස, ගාමිනි දිසානායක යන නායකයින් රටට අහිමි කරවන ලදි. ජාතියක් ලෙස අපි මෙතරම් පරාජයක් ලැබුවේද ඔහු එතරම් සැලසුම් සාර්ථක කර ගත්තෙද අපේ සිටි බලකාමින් නිසා නොවේද?පක්ෂය පාට කුමක් වුවත් රටක මිනිස් සම්පත් විනාශ විම අපි ලබපු මහත් පරාජයකි. අකාරුණික ක්‍රමඋපායේ වැරදුනු එක් අවස්ථාවක් ලෙස හිටපු ජනාධිපතිනිය වු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට එක ඇසක් අහිමි කරමින්  විනාශ කිරීමට ගත් උත්සහය පෙන්වා දිය හැක. අපේ නායක හිමිවරු, ආගමික නායකයින්, කෑබතිගොල්ලෑව සමුහ මිනිස් ඝාතන කාත්තන්කුඩි ජූම්මා මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරය සහ මහින්ද විජේසේකර ඇමතිතුමා අබ්බගාතයෙක් බවට පත් කිරීම දක්වා වටිනා මිනිස් ජිවිත ඔහු මෙරටින් උදුරා ගන්නා ලදි. මිට අමතරව රටට අහිමි කල දේපල, මා එම විනාශ වු දේපල පිළිබඳ වැඩි සටහනක් තැබිමට සිතක් නැත. එ මන්ද  කියනවා නම් දේපල අපට යළි ගොඩ නඟා ගත හැකිය. එහෙත් විනාශ වු අහිංසක ජිවිත වලට යලි පණ දිය නොහැක. අපි කවුරුත් හැමදාම ජිවත් විමට පැමිණියේ නැත. එහෙත් අපට තව කෙනෙකුගේ ජිවිතයක් උදුරා ගැනිමට නොහැක. මිනිසත් බව ලැබි ඇත්තෙ කෙනෙකු ජිවත් කිරීමට මිස ජිවිතයක් නැති කිරීමට නොව. විනාශ කර ලබා ගත හැකි දෙයක් නොමැත. ලෝක ධර්මතාවයට අනුව නන්දිකඩාල් කලපුවේ එදා තීරණය වුයේ එයම නොවේද?මට කීමට අවශ්‍ය දේ මා තවම ලිවේ නැත. ප්‍රභාකරන් ඔබට මා මේ කියන දේ නොපෙනෙනා බව දනිමි. එහෙත් තවත් ප්‍රභාකරන්ලා බිහි විමට හෝ බිහි කිරීමට කිසියම් කෙනෙකු හෝ සංවිධානයක් උත්සහා කරනවා නම් මේ ඔබටය. ප්‍රභාකරන් යනු සුළුවෙන් තක්සෙරු කිරීමට පුළුවන් පුද්ගලයෙකු නොවේ. ඔහුගේ තිබු තික්ෂණ බුද්ධිය, පෙළඹවිමේ හැකියාව, පෙරික්සුම ඉලක්ක සපුරා ගැනිමේ මනා හැකියාව මේරට සංවර්ධනය කිරීම සඳහා හදවත පරිවර්ථනය කිරීමට හැකියාවක් තිබුණානම් කියලා පසුතැවිමක් ලක් මවගේ සිතේද ඇත. බුද්ධි අංශ නායක පොට්ටුඅම්මාගෙන් ලැබු අති මහත් වු සැලසුම් මේ රට නඟා සිටුවන සැලසුමක් වුවා නම් කෙතරම් අගේද? ඔබේ දැක්මේ තිබු වැරුද්දක් හේතුවෙන් වන්දි ගෙවිමට සිදු වුයේ අහිංසක ජනයාට නොවේද?ඔබ දැයෙන් මොනවද ලබා ගත්තේ? ඔබ මොනවද දැයට  දයාද කළේ?ඔබ මොනවද රැගෙන ගියේ ? මගේ මිතුරනි මට කීමට අවශ්‍ය දේ මා පවසා අවසානයි. 
-ජිඑම්-   
     


  
19 Comments
Tweets
Fb Comments

19 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. වටිනා ලිපියක්.ප්‍රභාකරන් ගැන ලියවුනු තවත් හොද විචාරයක් තියෙනවා. “ප්‍රභාකරන්, දුරාවබෝධ මනසක ඇතුලාන්තය“ කියලා. ඒකත් කියවලා බලන්න.

    ReplyDelete
  2. ප්‍රභාකරන් අපට භීතිය,ප්‍රචන්ඩ බව වගේ අහිතකර දේවලුත් එක්ක ජාතියක් වශයෙන් (ශ්‍රී ලාංකිකයන් ලෙස)එකමුතුව සිටීමේ පාඩමත් කියා දුන්න නේහ්..!

    ReplyDelete
  3. ඔව් මල්ලි.එත් ජාතියක් විධියට අදටත් එක අපට නොතෙරෙන්නේ මන්ද?

    ReplyDelete
    Replies
    1. ඒක මං හිතන්නේ අක්කේ අපේ ජාතියේ ජන්ම ගතිය..
      කොටින්ම කියනව නං අපේ ජාතිය ලෝකේ අනික් ජාතීන් වලින් වෙන් කරල අදුන ගන්නේ මේ ලක්ශනෙන් තමා..
      පිරබාහරන් ඉන්නකං එකට හිටපු අපි , දැන් අපි අපිම මරා ගන්නවනේ..

      Delete
    2. ප්‍රභාකරන් එ බව හොඳින් දැන සිටියා.ඔහු වරක් පවසා සිටියා සිංහල ජාතියට හැමදේම ටික කාලයයි මතක,ඉන් පසු හැමදේම අමතක කරනවා.එක අපට වාසියක් කියලා.

      Delete
  4. හරි ලස්සනට ඇත්ත තත්ත්වේ පෙළ ගස්සවල තියනවා....

    ReplyDelete
  5. ඔබේ වචන මාව දිරි ගන්වයි.පිං

    ReplyDelete
  6. බෙහෙවින් ස්තුතියි!

    ReplyDelete
  7. //විදේශිය බල වේගවල ගැත්තන් බවට පත්ව සිටින අප රටේ ඇතැම් දේශපාලුවන් දේශපාලනික වාසි ලබා ගැනිමට දේශප්‍රේමියි කියාගත් සමානාත්මතාවය සැමට පොදු කීයා දමිල ජනතාවට නිසි අයිතියක් නෑ කියමින් හඩක් නැගිමට තවමත් උත්සහා කරයි// සහතික ඇත්ත.

    මෙතන තියෙන විශාලම ප්‍රශ්නය වන්නේ ඕක.අපට පුළුවන් අපට විරුද්ධව කෑගහන ඇමෙරිකාවට හා බටහිර යුරෝපීයන්ට,තමිල්නාඩුවන්ට එඩිතරව මුහුණ දෙන්න.ඒත් අපේම මිනිස්සු අපිටම විරුද්ධව කේලාම් කීම නිසා ඒක කරන්න බෑ.අද ඉරානය වගේ රටක් ලේසියෙන් වට්ටන්න බෑ.මේ අවස්ථාවේ ඒ රටේ බහුතරයක් දේශපාලන පක්ෂ රට රැක ගන්න රජයත් එක්ක එකතු වෙලා.ඇමෙරිකාව මානව හිමිකම් යෝජනා ගේද්දි ඒකට උපරිම සහයෝගය දෙන්න ලෑස්ති උනා අපේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්.

    ශ්‍රී ලංකාව කල යුත්තේ ඇතුල ශක්තිමත් කරගෙන පිට ශක්තිමත් කරගැනීමයි.

    ඇමෙරිකාවේ සියළු දේශපාලන පක්ෂ තම රටේ පොදු මතය වෙනුවෙන් පෙළගැසෙනවා.මොකක්ද පොදු මතය? ලෝකයේ ඇමෙරිකන් ආදිපත්‍යය තහවුරු කරගැනීම.බලන්න.එදා ඉදලම ඇමෙරිකානු ජනාධිපතිවරු රටවල් යටත් කරගත්තා(කෙනෙඩිලා,ජෙමී ලා හැරුණු විට)බුෂ් ගැහුවා ඉරාකයටයි ඇෆ්ගනිස්ථානයටයි.ඔබාමා ඇවිත් පැරගුව අල්ලාගත්තා,දුන්නා ලිබියාවට කුඩුපට්ටම් වෙන්න.සිරියාව ගන්න දෙයක් නෑ.බලන්න එයාලගේ ප්‍රතිපත්ති කොයි නායකයා බලයට ආවත් එහෙමයි.රොමේනි ආවත් සිරියාවට ගහන එක නවත්වන්නේ නෑ.අනික පැරදුනු රජයේ ප්‍රතිපත්ති වල රට යහපත කරා ගෙන යන ඒවා තියෙනවම් නව රජය ඒවා ඒවිදිහට ක්‍රියාත්සක කරනවා.

    ඇයි ලංකාවට බැරි එහෙම වෙන්න? රජය මොකක් කරත් විපක්ෂයට වැරදියි.විපක්ෂය මොකක් කරත් රජයට වැරදියි.

    ReplyDelete
  8. ෙබෙහවින් තුති ඔෙබ් අදහස් ටිකට.

    ReplyDelete
  9. //ඔබේ දැක්මේ තිබු වැරුද්දක් හේතුවෙන් වන්දි ගෙවිමට සිදු වුයේ අහිංසක ජනයාට නොවේද?ඔබ දැයෙන් මොනවද ලබා ගත්තේ? ඔබ මොනවද දැයට දයාද කළේ?ඔබ මොනවද රැගෙන ගියේ ?//

    මේ ප්‍රශ්නය දෙමල කෙනෙක්ගෙන් ඇහුව නම් නේද වඩා හොද?සිංහල ඇහැට ප්‍රභාකරන් අප්සෙට් වුනාට දෙමල ඇහින් බැලුවම ප්‍රභාකරන් තමන්ගෙ නායකයෙක් කියල පිලිගන්න ඕනෙ තරම් අය ඉන්නව.හරියට සිංහල ඇහැට මහින්ද මාර කෙනෙක් කියල පේනව වගේ.දේවල් මතුපිටින් පේනවට වඩා ගොඩක් සංකීර්නයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රභාකරන් උනත් මහින්ද උනත් මෙවැනි යුද්ධයක් කරා නම් එක වැරදියි.ඒ අහිංසක දමිළ මිනිස්සු සමඟ මට කථා කිරීම අවස්ථා ලැබිලි තියෙනවා.ඔවුන්ගේ සිත් තුල වෛරය කා වද්දා ඔහු කර මේ අමානුෂික ගමන් මඟ ඔහුටම ශාපයක් විය.විප්ලවකාරි ගමන් මඟකින් ජිවිත ගණනාවක් විනාශ විම පමණයි සිදු වුයේ.සංකිර්ණත්වය තිබෙනවා.යුද්ධ කරලා මිනිස්සුන්ට කවදාවත් දිනන්න බැ.ජිවිත විනාශ කරලා ලබා ගත හැකි විමුක්තියක් නැ.භෞතික දේවල් නම් ඕනෑ තරම්.

      Delete
    2. යුද්ධයක් ඇතිවෙන්නෙ නිකම් නෙමෙයි නේද?දෙමල සමාජය තමන්ගේ අයිතිය වෙනුවෙන් දශක ගනනාවක් සාමකාමීව ප්‍රජාතන්ත්‍රවාදීව ඉල්ලීම් කලා.ඒවට සිංහල බහුතර ආණ්ඩු පිලිතුරු දුන්නෙ ප්‍රචන්ඩත්වයෙන්.එහි අවසන් ප්‍රතිඵලය ලෙසයි ඒ සටන සන්නද්ධ එකක් බවට පෙරලුනේ.දෙමල ජනයාගේ හිතේ වෛරය තිබුනා කියා ඔබ කියනවා නම් ඒ වෛරය අමුතුවෙන් කා වැද්දිය යුතු එකක් නෙමෙයි.ඒ අයට මුහුන දෙන්න වෙච්ච අසාධාරනකම් වල ප්‍රතිඵල ලෙස වෛරයක් ඇති නොවෙන්නේ නම් තමයි පුදුම විය යුත්තේ.සන්න්දධ ව්‍යාපාරයක් නැති තත්වයක් තුල අද දෙමල සමාජයේ තත්වය මොකක්ද?යාපන විශ්ව විද්‍යාලයේ වුනු දේ අපි දුටුවා නේද?හමුදාවට උතුරේ බලහත්කාරී පාලනයක් නේද පවත්වාගෙන යන්න වෙලා තියෙන්නේ?තමා විශ්වාස කරන දේශපාලනයක් කරපු හින්ද අතුරුදහන් කෙරුනු කුගන් ගේ දියනිය තුල වෛරයක් නැතිව ප්‍රේමයක් සිංහල ආන්ඩුව ගැන ඇති වේවිද?කුගන් අතුරුදහන් කලේ කවුද?මේ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනව නේද?ප්‍රභාකරන් කියන්නෙ දෙමල සමාජයට මුහුන දෙන්න සිදුවුනු වේදනාවන් තුලින් පැන නැගි ප්‍රතිඵලයක්.ඒ වේදනාව පීඩනය තාම එසේමයි.දෙමල සමාජයේ නිදහස පිලිනොගන්නා තාක් දුරට ප්‍රභාකරන්ලා බිහිවිම නතර කරන්න බැහැ.

      Delete
    3. රාමචන්ද්‍ර ඔබේ අදහස් සමග 100% ක් එකඟයි.
      නමුත් කරුණාකර මෙයත් පහද දෙන්න,
      -අයිතීන් වෙනුවෙන් සටන් වදින්නේ දෙමල ජනතාව පමණක් නොවෙයි ඒකාධිකාරී ආණ්ඩුව, සුදු වැන්, ඇහිරුණු ජනමාධයේ නිදහස, වැනි දේවල් තුලින් දේවල් තුලින් ඇහිරී අත්තේ අපෝ සියල්ලන්ගේම නිදහසයි.
      - අහිංසක දෙමල මිනිසුම් මෙන්ම සිංහල මිනිසුන්ද ආණ්ඩුව විසින් අතුරුදහන් කරන්න නැතිද?
      මගේ අදහස නම් නිදහස අහිමි වී ඇත්තේ දෙමල ජනතාවගේ පමණක් නොවෙයි රටේ සියලු ජනතාවගේ බවයි, එයට විසඳුම අප එක් වී අපේ අයිතීන් උදෙසා සටන් කිරීම මිස අප අප බෙදී වෛරයක් ඇති කර ගැනීම නොවන බවයි. සහෝදර දෙමල ජනතාවගේ නිදහස අහිමි වී තිබෙනවා එය අවිවාදයෙන් පිළිගත යුතුයි. නමුත් මතක තබා ගන්න ඔබ වෙනුවෙන් ඔබේ අයිතින් වෙනුවෙන් සටන් කිරීමට සුදානම් සිංහල ජනතාවක් මේ රටේ සිටින බව. අප කල යුත්තේ ප්‍රභාකරන්ලා බිහි වනතුරු බලා සිටීම නොවෙයි. එක්වී මහින්දලා ප්‍රබකරන්ලා වැන්නවුන් පන්නා දැමීමයි.

      Delete
    4. ඔබ ලා මොනවා කිව්වත් ප්‍රභාකරන් යනු මමත්වය ඔස්සේ ගිය නායකයෙකි.ඔහු දමිළ ජනතාව වෙනුවෙන් කියා අහිංසක සිංහල ජනතාව මැරිම සාධාරණිය කරන්න එපා.මගේ තාත්තට උන අසාධාරණයට මම පලි ගන්න ඕන කාගෙන්ද?අන්න එවන් පලි ගැනිමක් ප්‍රභාකරන් කලේ.ඔබ කියන සමහරක් කරුණු සමඟ මම එකඟයි.එහෙත් දමිළ ජනයා බිල්ලට තියා ඔහු ලබා ගත් ඊළම ගැනයි මම කථා කරන්නේ.ඔබ දකින කොණයත් අසාධරණයි.

      Delete
  10. රාමචන්ද්‍ර ඉහලින් කියා තිබෙනව වගේ ප්‍රශ්නය මතුපිටින් බැලීමක් තමයි ඔබ කරලා තිබෙන්නේ.
    නමුත් එය හොඳ ආරම්භයක්

    මගේත් පණ්ඩිත අදහස් කීපයක් තිබෙනවා. තරහ නොගෙන පොඩියක් කියවනු මැන.
    මා මගේ ජාතියට ආදරේ වගේම අනෙක් ජාතීන්ටත් අදරෙයි. එය බුදුදහමයි.
    ඔබ ඔබගේ දරුවන් හොඳට හැදෙන්න ආසනම් අල්ලපු ගෙදර ලමයිනුත් හොඳට හැදෙනවා දකින්න ආස කල යුතුයි. අල්ලපු ගෙදර අය නරක් වූවොත් උන් ලොකු මහත් වී ඒ පලාතම නරකාදියක් කරනු ඇත.

    ඔබගේ රචනාව ඉතාම හොඳ සිංහල පමනක් හිතෛශී රචනාවක්.
    ම'හිතනව ඔබ දන්නව ඇති ප්‍රභාකරන්ගේ භූමිකාව රඟපෑ සමාන්තර සිංහල චරිත හා ව්‍යාපාරය, ඔහුට පෙර. ඒ ව්‍යාපාරයේ නිරතව සිට ජීවත් වෙන්න වාසනාව ලැබූ අය අද පාර්ලිමේන්තුවල.
    ඒ අය ගැනත් සඳහනක් කලොත් සම්පූර්‍ණ වෙනවා නැත්නම් සම්පූර්ණ චිත්‍රය පාඨකයාගෙන් සැඟවූවා වෙනවා.
    මන්ද මේ දෙපිරිසම එකම විදියට රටේ දෙතැනක අසාධාරණයට ලක් වූ අය.
    භාශාව,
    කුලය,
    රස්සා,
    සමාජ තත්වය
    ආදිය මුල්කොටගෙන..වැදගත්ම කාරණය නම් මේ ව්‍යාපාර දෙකටම හේතු වූ සමාජතත්වයන් තවම පැවතීමයි.
    ඒ නිසා රෝග නිධානය සහමුලින් උපුටා දමා නැත.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.එහෙත් අද ලොකයේ විප්ලවකාරි ප්‍රබල නායකයින්ගේ ජිවිත විනාශ වි හාමරය.දමිළ මිනිසුන්ට නිදහස් නිජ බිමක සිහිනය තිබෙනවා.එහෙත් ඔහු එය ලබා ගන්න උත්සහා කර චින්තනය?ජිවිත හානි දෙපැත්තේම සිදු උනා.අදටත් ම‍ඟේ ඇඟ හිරි වැටෙනවා දරුවන් අහිමි වෙච්ච පියවරු අහිමි වෙච්ච ස්වාමි පුරුෂයන් අහිමි වෙච්ච මිනිසුන්ගේ ඇස් වලින් යන කඳුළු දැක්ම.ඔබ කියු කොටස මා දැනට සිටින රාමුව තුල ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැත.මම ඔබෙන් ඉල්ලිමක් කරමි.පුළුවන් නම් මට පැවසිමට නොහැකි කොටස ඔබ සම්පුර්ණ කරන්න.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...