Sunday, November 17, 2013

අකීකරුද ඔබේ සිතත් හමනා සැඩ සුළඟක් වාගේ






පසුගිය දින කිහිපය තුල ලියු ලිපි කිහිපයක්ම ලිය අවසන් කර ගැනිමට නොහැකි වු බැවින් බ්ලොග් එකද පාළුවට ගොස් ඇත. ලිපිය ලියා අවසන් කර ගැනිමට නොහැකි වුයේ සිතේ පවතින නොසන්සුන් බවද යන්න වැටහිමක් නැත. ඒ නොසන්සුන්තාවයට නිශ්චිත හේතුවක් නැති වුවද කුමක් හෝ යමක් ඇති බව මට හැඟෙයි.

 අද සෙනසුරාදාවකි. අවට පරිසරය නිහඬය. ඒ නිහඬ නිශ්කලංක බවට මම තදින් ඇලුම් කරමි. මිනිසුන් සතියේ දින පහේ වැඩ කර ඉතිරි දින දෙක නිවස තුල කාලය ගත කිරීමට පුරුදු වි සිටිති. ඒ දින දෙකට මා වඩාත් ප්‍රිය කරනුයේ වටපිටාවේ පවතින නිහැඬියාව නිසාවෙන්ය. මටත් ඒ නිහැඬියාව විඳින්න ලැබෙනුයේ කලාතුරකින්ය. ඒ නිහැඩියාවත් සමඟ මට මගේ අතීතයට යන්නට සිතුණි.  

ජිවත් විම අප සිතන තරම් සරල නොවන බව මට තේරුම් ගියේ මගේ වයස  අවුරුදු 19 දීය. දෙයක් වෙන්න ඕන මිනිස්සු හඳුන ගන්න. ඒ වෙනසට මුහුණ දෙන්න දෙන්න එවකට මගේ සිත ශක්තිමත් වුවාය. අපේ තාත්තා ජිවිතයෙන් සමු ගන්නා විට මාත් මගේ නංගීලාත් පාසල් යන වයසේය. මගේ අම්මා සහ සහෝදරියන් යනු  මගේ ජිවිතයේ කොටස්ය. ඒ ජිවිත වල හෙට දවස ආලෝකමත් වන්නේ මා දල්වන එළියෙන් බව ඒ වන විට මට හැඟී ගිය කරුණකි. ඒ වැටහිමට , ඒ සිතුවිල්ලට අදට අවුරුදු 14 කී. ඒදා හට ගත් ඒ සිතුවිල්ලට පණ දෙන්න මට පුළුවන් විය. ජිවිතය දෙස ආ පසු හැරි බලද්දී මගේ ජිවිතය පිළිබඳව මම තෘප්තිමත් වෙමි. හැම විටම උත්සහා කළේ අත දුර දේට  පමණක් ඇළුම් කිරීමටය. මගේ සහෝදරියන්ටත් මා එය උගන්වන ලදී. හැමෝටම හැම දේම එකම විදියට පිහිටන්නේ නැත. එම නිසා ජිවිතයට අරමුණක් ඉලක්කයක් තිබිය යුතුය. ඒ ඉලක්කය වෙත ළඟා විම සඳහා සිත ශක්තිමත් විය යුතුය. එපමණක්ද නොව තමන්ගේ  සිත වෙනත් දේ වෙත යන විට අවශ්‍ය කාරණාව අභියස සිත රඳවා ගනිමින් සහ උචිත පරිදී සිත පාලනය කර ගැනිම තමන්ගේ වගකිම වේ.

 අපේ අය සමහරක් අවස්ථා වලදී ජිවන බර දර ගැනිමට නොහැකි වු විට  රජය වගකිව යුතු බව කියමින් දොස් පවරයි. තවත් පිරිසක් තමන්ට පැවරි ඇති වගකිම් සහ යුතුකම් ඉටු කර ගැනිමට නොහැකිව දිවි නසා ගනිති. එහෙමත් නැතිනම් එය ඉටු කර ගැනිමට නොහැකි වේ යැයි යන සිතුවිල්ලේ හිඳ ඒ ගැනම හිත හිත දවස ගෙවති.

එහෙත් මම සිතුවේ මට පැවරුණු වගකිම් සහ යුතුකම් සියල්ල කළ යුතු දෙයක් සහ එය කෙසේ හෝ මා අතින් සිදු විය යුත්තක් බවය. ඒ අනුව පළමු කොට ස්ථිර ඉලක්කයක් සිතින් සිතින් මවා ගතිමි. ඊට අවශ්‍ය මුලික පියවර මම තැබුවේ මේ ආකාරයටය. මුල්ම පියවර ලෙස මට ගැළපෙන මට කළ හැකි මා කැමති ජිවනඋපායක් තෝරා ගත්තාය.එපමණක්ද නොව හිත හිතා ඉන්නේ නැතිව මට අවශ්‍ය දේ පසුපස මම සොයා ගියෙමි. ඒ යන අතරතුර අපහසුතා විඳ ගනිමින් යම් යම් දුෂ්කර කඩඉමිද පසු කිරීමට සිදුවිය. වාසනාව වුවද හැම විටම හැමදෙනාගේම ළඟට එන්නේ නැත. එය සොයාගෙන යා යුතුය. ඒ සඳහා අවශ්‍ය කැපවිම සහ උත්සාහය තමන් සතුව තිබිය යුතුය. මිනිස්සු අපට උදව් කරනුයේ අපි ඒ මිනිස්සු ළඟට ගොස් අපට අවශ්‍ය කාරණාව පිළිබඳව ඔවුන්ව දැනුවත් කළහොත් පමණකි. මම ජිවිතය මටම ආවේණික වු ක්‍රමයකට ඉතාමත් සරලව සොයා ගියෙමි. මේ යන අතර තුර හිත රිදවිම් ඇති වු විට මා කරනුයේ ගීතයක් රසවිඳ එහෙමත් නැතිනම් සිනහා උපදවන චිත්‍රපටයක් නරඹා දුක තුනි කර ගැනිමය. සියල්ල විඳ ගනිමින් අවශ්‍ය ඉලක්කය වෙත මා අද පැමිණ ඇත.

අතීතයෙන් වර්ථමානයට ආ විට පවතින නිහැඬියාවත් සමඟ මගේ සිතේ පුංචි ලතවුලක්ද ඇත. ඒ මන්දයත් දැනට මාහට නිශ්චිත ඉලක්කයක් නැති බැවින්ය. වෙනදට වඩා මගේ සිත අද නිදැල්ලේ සැරි සරයි. ඒ නිසාදෝ මන්දා දුකත් වේදනාවත් අභියස සිත නතර වනවා සේ මට හැඟේ. මේ ගැන සිතමින් වරුවක් පමණ දෙනෙත් පියාගෙන මේ ගීත සමුච්චය රසවින්ඳාය. සිත පුදුමාකාර විදියට සැහැල්ලු වුවා සේම නව ඉලක්කයක් මා සිතේ තැන්පත් විය.

මේ රට මගේ රට මා ඉපදුණ රට ( මාලනී බුලත්සිංහල)

සෙනෙහස ඉල්ලා ( මාලනී බුලත්සිංහල)

සඳකැන් දහාරින් (මාලනී බුලත්සිංහල)

තව දිනක් ගෙවුනා (මාලනී බුලත්සිංහල මහත්මිය  සහ ජානක වික්‍රමසිංහ)

ඔබ මට තරුවකී (ලක්ෂමන් විජේසේකර මහතා සහ නේරංජනා සරෝජනි)

සුදු මුදු රළපෙළ (ටී.එම් ජයරත්න සහ නීලා විකුමසිංහ)

ඉකිගසා හඬනා  (අමරසිරි පිරිස් )

ඒපා යළි ඔබ හමුවන්නට (සුනිල් එදිරිසිංහයන්)

අඳුර බිඳින්නට (විකටර් රත්නායක)

අපි ඔක්කොම රජවරු (වික්ටර් රත්නායක)

කුරුල්ලන්ට ගී ගයන්න (වික්ටර් රත්නායක)

අපේ හැඟුම් වලට ඉඩ දී (විකටර් රත්නායක)

හිරුගේ ලොවේදී අපි වෙන් වෙමු (ක්ලැරන්ස් විජේවර්ධන)

කුවේණීගේ ශාපය (හෙන්රි ජයසේනගේ නට්‍ය ගීතයකී)

ඔබේ සිහිලැති සෙවණේ (චිත්‍ර වරකාගොඩ ජනනාත් වරකාගොඩ)

අකීකරුද ඔබේ සිතත් (එඩවඩ් ජයකොඩි)

අකරු මැකි නැ කොළ ගැල වී නැ (එඩ්වඩ් ජයකොඩි)

මේ ජීවනයේ මුළු සංසාරේ (එච් ආර් ජෝතිපාල)

මොනවද මුත්තේ මොකද කරන්නේ (රෝහණ විරසිංහ)

සොර දෙටුවෙක් (සුනිල් එදිරිසිංහ)

තීරය ඇරෙනවා (සුනිල් එදිරිසිංහ)

වළාකුලක් ගෙන (සුනිල් එදිරිසිංහ)

අද දීගෙක (සුනිල් එදිරිසංහ)

මේ අයුරින් අපි සංසාරේ (ටි.එම් ජයරත්න)

බිංදු බිංදු තාරකා (ගුණදාස කපුගේ)

දම්පාටින් (ගුණදාස කපුගේ මලනි බුලත්සිංහල)

මේ ගීත එකිනෙකට වෙනස්ය. නිවි සැනසිල්ලේ අහගෙන සිටින විට එහි අරුථ තේරුම් ගැනිමට ඒතරම්ම අපහසුවක් නැත. මනුෂ්‍ය සිතක් නිවන්න පුළුවන් හොඳම ක්‍රමය සංගීතය බව මම විශ්වාස කරමි. ආදරයටත් සිතක් නිවන්නට පුළුවනි. එහෙත් ඊටත් වඩා සිතක් නිවෙන හොඳම ක්‍රමය සංගීතය වේ.  



වර්ථමායේ අප අශ්වයන් මෙන් දුවන ගමනක ට පුරුදු වි ඇත. ඒ දුවන අතර, ගිමන් නිවා ගැනිමටද අවශ්‍යය. තමන්ගේ ගමන යහපත් මනසකින් යුක්තව යා යුතුය. ඒ සඳහා අවශ්‍ය පසුබිම තමන් විසින් සැලසුම් කර ගත යුතුය. තරහක් කේන්තියක් දුකක් දැණුන විට තමන්ව පාලනය කර ගනිමින් ඉවසිමෙන් තින්දු තීරණ ගත යුතුය.ඒ සඳහා පළමුව මනස සැහැල්ලු විය යුතුය. 
26 Comments
Tweets
Fb Comments

26 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. නිතරම අහන සින්දු ගොඩක් මේ ලිස්ට් එකේ තියනවා. හාර්ඩ් එකේ කොච්චර තිබ්බත් හැමදාම අහන ටික ඇතුලට අයිති ඒවා

    ReplyDelete
  2. හුගක් ආසාවෙන් අහපු අහන සිංදු ගොඩක්ම මේ ලිස්ට් එකේ තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ් ඔබටත් .

      Delete
  3. මේ රට මගෙ රට මා ඉපදුනු රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට

    මොන්ටිසෝරිකලෙ කියපු සින්දුවක් :) ඒ කාලෙ තමයි ඉස්සෙල්ලම ඇහුවෙ

    ReplyDelete
    Replies
    1. ඒත් තවමත් ඒ ගීත අපේ හදවත් තුල තැන්පත් වෙලා.

      Delete
  4. ලස්සන සින්දු ටිකක්

    ReplyDelete
  5. නියම ගීත එකතුවක් !

    ReplyDelete
  6. සංගීතයට මනස සන්සුන් කිරීමේ හැකියාවක් තියෙනවා කියල තේරුම් ගත්තේ බනියා හම්බවුනාට පස්සේ ඊට කලින් සන්ගීටහ්යට වැඩි කැමැත්තක් මගේ හිතේ තිබිලා නැහැ.

    ReplyDelete
    Replies
    1. හ්ම් සමහරක් විට ප්‍රශ්ණයක් හිතට ආවම තමයි මනස කොතනද තියා ගන්න ඕන කියලා හරියටම දැනේන්නේ.

      Delete
  7. // ඒ මන්දයත් දැනට මාහට නිශ්චිත ඉලක්කයක් නැති බැවින්ය. // මේකෙ හොඳක් වගේ ම නරකකුත් තියනවා මට හිතෙන හැටියට. මොනව වුණත් මේ වගේ ගීත අදටත් අපේ හිතට සැනසීමක්.

    ReplyDelete
    Replies
    1. නිශ්චිත ඉලක්කයක් නැ කිව්වේ මට හිතුණා ටිකක් නිදහසේ මගේ සිත තියන්න.මොකද මගේ ඉලක්කය මම සපුරා ගත්තේ අවුරුදු 12 ක් යොදවලා.ඒක නිසා ටිකක් විවේක ගත්තා.

      Delete
  8. වළාකුලක් ගෙන (සුනිල් එදිරිසිංහ) ගීතයේ මුල් හිමි කරු වන්නේ විජය කුමාරණතුංග ...... අවශ්‍ය නම් මුල් ගීතය ලබා දීමට හැකියි ...........

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහන් ඔබේ දැනුවත් කිරීමට.

      Delete
  9. මේ ලිපිය ආත්මය හා උසුළු විසුළු කරනවා. ඒ උසුළුවට මෙන්ම විසුළුවටත් මම බෙහෙවින් කැමතියි..ඔබට මතකද මේ ගීතය.....ගුණදාස කපුගේ ශූරින් ගැයූ....සබඳ අපි කඳු නොවෙමු...... මෙය ලියා තැබුවේ රත්නශ්‍රී යැයි මට හිතෙනවා. මා නිවැරදි කරන්න.

    ReplyDelete
  10. ඇත්තෙන්ම ගීතයට සතුරන් පවා මිතුරන් බවට පත් කරණු හැකියි. හිත සන්සුන් කර ගැනීමට ඇති හොඳම විකල්පයක් තමයි සංගීතය. හැබැයි ඝෝෂාකාරී නොවන සරල සංගීතය විය යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නිවුනු සංගීතයට තමයි එය කල හැක්කේ.

      Delete
  11. සමහර ගීත මනස සන්සුන් කරනවා විතරක් නෙවෙයි,,, වෙනම ඉසව්වක පැලපදියම් කරවනවා. මමත් ආසාවෙන් රසවිඳින අපූරු ගීත ගොන්නක්ම ඉහලින් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.ස්තුතියි ඔබටත්.

      Delete
  12. මෙතන තියෙන බහුතරයක් ගීත මගෙත් ප්‍රියතම ලැයිස්තුවෙ තියෙන ඒවා...දුරු රටක දැන් තනිවෙලා ඉන්න නිසාම ගීතයෙන් තමයි පාලුව කාන්සිය නැති කරගන්නෙ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම තනි වු මොහොතක තමයි ගීතයක නියම සුන්දරත්වය දකින්නේ.

      Delete
  13. අහම්බෙන් මමත් ආවා මේ පැත්තේ ලද දෙයින් සතුටුවන්න යන බුදු වදනට ඔබේ ලිපිය කියවන විට මතක් වුනා

    ReplyDelete
  14. //ජිවන බර දර ගැනිමට නොහැකි වු විට රජය වගකිව යුතු බව කියමින් දොස් පවරයි.//
    ඇත්ත කාරනාවකදී දොස් පවරන්න වෙනවා, ගයනී....
    මොනවා කරන්නද. නමුත් එය පුරුද්දක් නොව. සමාජ ප්‍රශ්නවලට සංවේදී බවක් තිබීමයි.

    ඔබේ රසාඥතාවය පිළිබඳව සත්තකින්ම සතුටු වෙමි. මා බෙහෙවින් කැමති ගයකයා සහ ගායිකාව
    නන්දා මාලනී සහ ගුණදාස කපුගේ යන අයයි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...