Tuesday, October 29, 2013

පිරලුන පිට හොඳයි සිතෙනවාද?



බලාපොරොත්තුව,අධිෂ්ඨානය,කැපවිම සහ විශ්වාසය  මගේ සිහිනය කරා මාව රැගෙන යයි


            ජිවිතය යනු පොතකි. හිරු උදා විම හිරු බැසිම යනු පොතක් කියවනවා සේය. දවස උදා වි ඒ දවස නිමා වන තෙක් කොතෙක් නම් ක්‍රියාකාරකම් අප ජිවිතය තුල සිදු වේද? විටෙක සංකීර්ණ වුත් තවත් විටෙක සරල වුත් අවස්ථා ඕනෑ තරම් ඇත. ජිවිතයේ විවිධ වු අවධින් තුල මුහුණපාන සිදුවිම් අත්දැකිම් බවට පත්වෙමින් අනු මතෘකා ලෙස සිතේ තැන්පත් වේ. ජිවිතය නැමති පොතේ තිබේන විශේෂතත්වය වනුයේ එහි සඳහන් කරුණු තමන්ට නොගැළපේ නම් තමන්ට ගැළපෙන පරිදි සංස්කරණය කරගැනිමට හැකි විමය. අලස ලෙස ජිවිතය දෙස නොබලා හැකි උපරිම උත්සාහය යොදා ජිවිතය ක්‍රමානුකුල ලෙස ගොඩනඟා ගත යුතුය. එසේ නුනහොත් ජිවන ගමනේ අවසාන මොහොත වන විට, අසාර්ථක පොතක් කියවුවා සේ අසාර්ථක පුද්ගලයෙකු ලෙස පසුතැවිමට පත්වනු ඇත. එපමණක්ද නොව එම පොත කියවිමට විඩංගු වු  කාලයද නැවත ජිවිතයට නොලැබෙනු ඇත. අපි  විසින් කියවන පොත කොයිතරම් දුරට තම ජිවිතයට වැදගත්ද යන්න වඟ පොත කියවන අතර තුර වටහා ගත යුතු කරුණකි. ලියැවෙන සෑම පොතක්ම සාර්ථක නොවන සේ ලෝකයේ ජිවත් වන සෑම පුද්ගලයෙක්ද සාර්ථක නොවනු ඇත. පොතක සාර්ථකත්ත්වය රඳාපවතිනුයේ එහි අඩංගු වි තිබෙන කරුණු මතය. එම නිසා ජිවිත පොත සංස්කරණය කර ගැනිමට හැකි බැවින් එය තමන්ට උචිත ලෙස සකසා ගැනිම තමන් සතු වගකිමකි.

             
     අපි පුංචි කාලයේ ලොකු ලොකු සිහින තුල ජිවත් වන්නෙමු. එහෙත් වැඩිහිටියන් වු පසු බොහෝ සිහින මැකි යන අතර සමහරක් සිහින නොමැකි පවති. එම සිහින සඵල නොවුවත් බලාපොරොත්තු අත් හැරිමට කැමැත්තක් නොදක්වයි. ඒ මන්ද යත් එතරම්ම ඒ සිහින තමන්ව සතුටු කරන බව විශ්වාසයක් පවතින බැවින්ය.


පුංචි කාලයේ මගේ සිතේද එවැනි සිහින රාශියක් තිබුණි. එහෙත් ඉන් සමහරක් සිහින මැකි ගොස් නොසිතු දේ ජිවිතය තුල සිදු වි හමාරය. එපමණක් නොව තවත් බොහෝ දේ සිදු වේ යැයිද සිතමි. මේ සියල්ලම අතර ඉටු නොවු එහෙත් තවමත් බලාපොරොත්තු තබාගෙන තිබෙන සිහිනයක් දෙකක් මා සිත තුලද ඇත. අදටත් එය සිදු වේ යැයි කිමට නොහැකිය. එහෙත් උත්සහාය අධිෂ්ඨානය කැපවිම විශ්වාසය මාව ඒ කරා රැගෙන යනු ඇත.


ඔබේ අවධානය පහත සඳහන් කර ඇති කරුණ කෙරෙහිද යොමු කරනු මැනවි.

             

පහත තිබෙන්නේ  මම මිට පෙර දමා තිබු පොස්ට්ටුවට ලැබුණු ප්‍රතිචාරයකි. කිසිම ඵලයක් නොලැබෙන  මෙවැනි ආකාරයට හැසිරෙන අධම මිනිසුන් මේ රටේ සිටින බව මම දනිමි. මෙතුමා තමන් හැදු වැඩු දෙමවුපියන්ටද නැති පුද්ගලයෙකු බව කිව හැකිය. මවකගේ, සහෝදරියකගේ, බිරිඳකගේ සහ දියණියකගේ සෙවණක්, සමිපකමක්, ඇසුරක් සෙනෙහසක් විඳ නොමැති  අවජාතක උපතකි. මම නුඹට ඒ නිසා අනුකම්පා කරමි.

මම තමයි අන්තර්ජාලයේ එකම චණ්ඩියා. මගෙන් අවසර ලබා නොගෙන එකම එක මී මින්නෙකුටත් මී මිනින්නියකටවත් මම අන්තර්ජාලයේ බ්ලොග් කිරීමට ඉඩ නොදෙමි. අන්තර්ජාලයේ බ්ලොග් එකක් කිරීමට මගෙන් අවසර ලබා ගැනීමට නම් පිරිමියෙකුට කප්පම් වශයෙන් මම නියම කරන මූල්යඑ වටිනාකම ගැහැණියකට නම් මම නියම කරන ස්ථානයක දී වෙලාවකදී මා සමඟ ලිංගිකව හැසිරීමට යොමුවීමට අනිවාර්යෙන්ම යටත් වීමට සිදු වේ. මීට එරෙහි වන ඕනෑම අයෙකුට කිසිදු පුද්ගල හෝ සමාජ තරාතිරමක් නොබලා ඉතාමත් නිර්දය ලෙස කිසිදු අනුකම්පාවක් නොමැති ලෙස මුළු මහත් අන්තර්ජාලය පුරාම මඩ ගැසීමට චරිත ඝාතනය කිරීමට මා විසින් ක්රියා කරනු ලැබේ. කැමති නම් මාත් එක්ක හැප්පිලා අන්තර්ජාලය පුරාම මඩ නාගන්න අවස්ථාවක් ලබා දන්න මම
34 Comments
Tweets
Fb Comments

34 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔන්න ඉතිං ඔයත් විකාර කරන්න පටන් ගත්තා.. මගුල...

    ReplyDelete
    Replies
    1. කේන්ති ගන්න ඒපා.අපි ඒ මිනිස්සුන්ට අනුකම්පා කරමු.

      Delete
  2. මේ වගේ එවුන් ගැන පෝස්ට් දාලා මුන්ව පුම්බන්න එපා ගයනි.
    මුං මේ අනුන්ගේ ප්‍රොෆයිල් එකකට මුවා වෙලා බොරුවට කෑ ගහන ජාතියක් !
    කමෙන්ට් එක කපලා නිකා ඉන්න... පෝස්ට් දාන්ඩ හදන්නෙපා !

    ReplyDelete
    Replies
    1. මගේ සම්පුර්ණ පොස්ට්ටුව මධුරංග ඒ වෙනුවෙන් නෙමෙයි.මම ඒ පුද්ගලයාට අනුකම්පා කරන්න අවස්ථාවක් කර ගත්තා විතරයි.

      Delete
  3. ඔය යකා කොන්දක් පන තියෙන එකෙක් නම් හරි හමන් විදියට ඔරිජිනල් ප්‍රොෆයිල් එකකින් එන්න කියන්න කෝ. ඔය වගේ එවුන්ට තමයි කියන්නේ ජොලියට ***ලා කරුමෙට ඉපදුන එවුං කියලා. වෙන කියන්න දෙයක් නැහැ

    ReplyDelete
    Replies
    1. මම ඒ මනුස්සයාට අනුකම්පා කරන්න අවස්ථාවක් කර ගත්තා විතරයි.

      Delete
  4. මෙයා කවුද කියන්න මම දන්නෙ නෑ. හැබැයි මගේ බ්ලොග් එකටත් ආවා. මේ ලින්ක් එකෙන් ඇවිල්ලා බලන්න වෙච්ච දේවල්.
    http://kurutugegeepota.blogspot.com/2013/10/blog-post_11.html

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැ.

      Delete
  5. ගයානි ගැමුණූ වලට ඇවිත් පිළීගන්නව සාදරයෙන්

    ReplyDelete
    Replies
    1. දැක ගන්න ලැබිම සතුටක්.

      Delete
  6. අපොයි.....සත්‍ය අනාවරණය කරන්න හිතාගෙන යහපත් සිතින් මේ වගේ පෝස්ටු දැම්මට ඒකෙන් වෙන්නේ කොහේවත් ඉන්න එකෙක් පිම්බෙන එක.....
    දිලිනි අතිනුත් වුනේ ඒකමයි...

    ReplyDelete
    Replies
    1. මේ මිනිස්සුන්ට මම නම් අනුකම්පා කරනවා.

      Delete
  7. මේ වගේ කීබෝඩ් වීරයෝ ඕනෑතරම් ඉන්නවා. ගණන් ගන්න එපා.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අයියේ එක නම් ඇත්ත.

      Delete
  8. මේ සයිබර් අවකාශය බව තාම ඔබ හදුනගන නැ වගේ සහෝදරි. මේ කමෙන්ටුවත් පරිස්සමින් කියවා බලන්න . ගත යුත්ත ගන්න අවශේෂය අතහරින්න.

    ReplyDelete
    Replies
    1. ගත යුතු එක ම දේ ඒ මනුෂ්සයට අනුකම්පා කිරීම විතරයි.

      Delete
  9. ඕවට කම්පා උනොත් පොලොවෙපය ගහල ඉන්න බෑ

    ReplyDelete
    Replies
    1. කම්පාවක් නැ වීයා.අනුකම්පා කරනවා.

      Delete
  10. ඕවා ගැන වැඩිය හිතන්න කාලය යොදන්න එපා ගයනි.. ඒ කාලය හරවත් දෙයක් වෙනුවෙන් වෙන් කරන්න..

    ReplyDelete
    Replies
    1. ඔහුට අනුකම්පා කරන්න පුංචි ඉඩක් වෙන් කරා පමණයි.මගේ පොස්ට්ටුව ඔහු වෙනුවෙන් නෙවෙයි දිනෙශ්.

      Delete
  11. මේ යකා ඇවිල්ල තාම නමක් හොයාගන නැති ලෙඩක් තිබෙන පුරුෂ/ස්ත්‍රී දෙකටම නැති එකෙක්.
    ගැහැණු දරුවො කීප දෙනකුටම ඔය විදයට ජරා කර තිබුන.
    ඔබ ඕව ගැන නොසිතන්න.

    ReplyDelete
    Replies
    1. කිසිසේත් දුක් වන්නේ නැ.ඒ මනුස්සයාට අනුකම්පා කරනවා පමණකි.

      Delete
  12. බල්ලෙක් ඇවිත් මිදුලෙ බෙට්ටක් දැම්ම නම් ඒක අයින් කරල නිකන් ඉන්න.. ඒ බෙට්ට එහෙමම තිබ්බම ව්න බල්ලොත් ඇවිත් ජරා කරනවා.. හික්ස්

    ReplyDelete
    Replies
    1. මගේ පොස්ට්ටුව ඔහු වෙනුවෙන් නෙමෙයි.ඔහුට අනුකම්පා කරන්න පුංචි ඉඩක් දුන්නා පමණයි.

      Delete
  13. මානසික රෝගියෙක් දරුවෝ.. මකල දාල ඉස්සරහට යන්න ඔය වගෙ අය මෙවා ප්‍රසිද්ද වෙන්න වෙන්න සතු‍ටුවෙනවා.

    ReplyDelete
  14. ගයනි.......පහුගිය ටිකේ ඔය හාදයා පිස්සෙක් වගේ හැමතැනම ලිව්වා. ලෙඩෙක්.

    මේ වගේ කමෙන්ට් දැක්කොත් අතහැරලා දාන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා හරි.ඒ මනුෂ්‍යයට අපි අනුකම්පා කරමු.

      Delete
  15. Duk wenna epa ada samajaye oyawage manda manasika rogin ennawa karanna deyak ne me darma deepayeth epadenawa ne paukarayo oya dannawane ape manasa kotanada kiyala owa balanneth netiwa ata arala danna eheu aya gena nohitanna pettawath ballanna epa tharahata newei hirikitai.

    ReplyDelete
    Replies
    1. ඒ මනුෂ්‍යයට මම අනුකම්පා කරා විතරයි.

      Delete
  16. පිස්සෝ ගැන කතා කරලා වැඩක් නැහැ..

    ReplyDelete
    Replies
    1. පිස්සොන්ට අපි අනුකම්පා කරමු.

      Delete
  17. ඔබට අන්තර්ජාල ප්‍රහාරයක් එල්ලවී ඇති හැඩයි. මේ කියන අය ගැන, අටම් පහුරෙත් මා දැක්කා. එය කවුරුන්හෝ අටවා ගත් ප්‍රොෆයිලයකි.

    මීට පෙර මාගේ පෝස්ටුවේදී පොඩි වැරදීමක් විය
    GM යන්න මා සිතුවේ සුභ උදෑසනක් යන්න කියලා. ප්‍රොෆයිල් රූප කටුව මාරු කර ඇති බැවින් කවුද කියා ක්ෂණීකව සොයා ගත නොහැකි විය.

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ නම සුභ උදැසනක් වගේ තමයි.මට ඒක ප්‍රහාරයක් ලෙස සිතෙන්නේ නැ.ඒ මනුෂ්‍යයා ගැන අනුකම්පාවක් ඇති වෙන්නේ.මොකද කොයි තරමි මානසික පිඩනයක ඉන්නවද කියලා තෙරේනවා .

      Delete
Related Posts Plugin for WordPress, Blogger...