Monday, August 19, 2013

විශ්වාසය

      
විශ්වාසය යනු මිනිසෙකුට ආලෝකය වේ. අවිශ්වාසය යනු මිනිසෙකුට අඳුර වේ. විශ්වාසය ගොඩනැඟෙනුයේ සහ රඳාපවතිනුයේ  මිනිස්ගති තුලින්ය. ඒ නිසා වැදගත් වන්නේ හැම විටම මිනිසෙකුට උචිත මිනිස් ගති නිපද විමය. "ඔබ යම් දෙයක් විශ්වාස කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය". වංචාවෙන් දෙගිඩියාවෙන් ඒ දෙස නොබලන්න. යම් කිසි ගැටළුකාරී තත්වයක් ඇති වන්නෙහි නම් ඊට හොඳම පිළියම වනුයේ උචිත පුද්ගලයින් සමඟ ඒ සම්බන්ධව කථාබහා කොට විසඳුමකට හෝ එකඟතාවයකට පැමිණිමය. එහෙම නැතිව පත් වී තිබෙන ගැටළුව හිතේ සඟවාගෙන අදාළ නොවන වෙනත් යමකට හේතු දැක්විම නිශ්ඵල වෑයමකි. අප බෙහෙත් කළ යුත්තේ හටගෙන ඇති රෝගයට මිස හට නොගත් රෝගයකට නොවේ. ජිවිතය අවදානමකට පත් වනුයේ අප විසින්ම ගන්නා තින්දු තීරණ අභියසය.එම නිසා හැම විටම අපි යහපත් මිනිස් ගති බෝ කරමු.

විශ්වාසය ගොඬනැඟෙනුයේ යහපත් සිතුවිලි තුලින්ය
ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අපට ජිවය දුන් දෙමවුපියන්ටත් සැනසිම ළඟා කර දෙත්වා!!! ඔවුන් පතන යහපත් ලෝකය ඔවුන්ට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය ඔවුන් තුලම නිපද වේවා!!!
යහපතට එරෙහි වන සියළුම සිත් යහපතට නැඹුරු වන  සිත් බවට පත් වේවා!!!  
25 Comments
Tweets
Fb Comments

25 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. විස්සාසා පරමා ඥාති කියන බුදුවදන සිහිවුනා.

    ReplyDelete
  2. //ඔබ යම් දෙයක් විශ්වාස කරන්නේහිද එය සෑම විටම මෙනෙහි කිරීම වැදගත්ය//

    හරියටම හරි ..

    ReplyDelete
  3. පෝදා පැතුම බැතිබර හදින් අප පවුලේ සැම පිළිගත්තෙමු...!!

    ReplyDelete
  4. ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් අපට ජිවය දුන් දෙමවුපියන්ටත් සැනසිම ළඟා කර දෙත්වා!!! ඔවුන් පතන යහපත් ලෝකය ඔවුන්ට ළඟා කර ගැනිමට අවශ්‍ය ශක්තිය ඔවුන් තුලම නිපද වේවා!!!
    යහපතට එරෙහි වන සියළුම සිත් යහපතට නැඹුරු වන සිත් බවට පත් වේවා!!!

    ReplyDelete
  5. ලක්වාසී, ලෝකවාසී සියළු සත්වයෝ කායිකව - මානසිකව සුවපත් වෙත්වා !

    (පෞද්ගලිකව දැනට නම් මං ඔය ස්ත්‍රී ජාතිය කිසිසේත්ම විස්වාස කරන්නෙ නෑ නෑමයි)

    ReplyDelete
  6. හුඟ කාලෙකින් මේ පැත්තෙ ආවෙ.. බෝම කෙටියිනෙ අක්කෙ මෙ පෝට්ස් එක

    ReplyDelete
    Replies
    1. කෙටි සටහන ඇතුලේ ගන්න තියෙන දේ බොහෝ යි මල්ලී.

      Delete
  7. දැන් සැමදාම පෝදා සිතුවිල්ලක් ගෙනෙනවා නේද?

    ReplyDelete
  8. විශ්වාසයක් අැති වෙන විදිහේ ප්‍රතිරූපයක් ෙගාඩනගා ගන්න ඔෙන ඉතින්.

    ReplyDelete
  9. සාර සිතිවිලි!!!!!!!!!!!!!!!

    ReplyDelete
  10. Replies
    1. ස්තුතියි සුදීක අයියා..

      Delete
  11. පිවිතුරු සිතුවිලි

    ReplyDelete
    Replies
    1. මට සමිප මගේ අත්දැම් තමයි මම බොහෝ දුරට ලියන්නේ.

      Delete
  12. ඒක හරි.. විශ්වාසය කියන්නෙ ඉතා වැදගත් දෙයක්..

    ReplyDelete
    Replies
    1. මිනිසා රඳා පවතින්නේ විශ්වාසය මත.

      Delete
  13. ඔව් විශ්වාසය තමා ඉතාම වැදගත්.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...