Friday, August 2, 2013

ජිවිතයට ආදරය තිබුණොත් හොඳයි නැතත් මොකද වෙන්නේ?



මොනවා වෙන්නද ඒත් ජිවත් වෙයි. එහෙමද?


It's amazing how you can speak right to my heart
Without saying a word you can light up the dark
Try as I may I can never explain
What I hear when you don't say a thing


The smile on your face let's me know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all


All day long I can hear people talking out loud (oh…)
But when you hold me near (oh, hold me near)
You drown out the crowd (drown out crowd)
Try as they may, they can never define
What's been said between your heart and mine


The smile on your face let me know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all…oh


Oh, the smile on your face let's I know that you need me
There's a truth in your eyes saying you'll never leave me
The touch of your hand says you'll catch me wherever I fall
You say it best, when you say nothing at all


You say it best, when you say nothing at all
You say it best, when you say nothing at all
(The smile on your face)
You say it best, when you say nothing at all
(The truth in your eyes)
(The touch of your hand)
You say it best, when you say nothing at all
(Let me know that you need me)
You say it best, when you say nothing at all (nothing at all)
You say it best, when you say nothing at all (nothing at all)
You say it best, when you say nothing at all (nothing at all)

රොනන්  කීටින්ග් - Ronan  Keating ... මේ ගීතය රසවිඳින ගමන් හිතන්න යමක්......

පුදුමයි ඔබට මගේ හදවතටම

කථා කළ හැකියි.....

එකම වචනයක්වත් නොකියා

ඔබට අදුර නැති කර ආලෝකවත් කල හැකියි



මම කොතරම් උත්සාහ කළත්, කිසිදින මට විස්තර කළ නොහැකියි.....

ඔබ කිසිවක් නොකියන විටදී මට ඇසෙන දේ....



ඔබේ මුහුණේ ඇති සිනාව

ඔබට මා අවශ්‍ය බව කියයි..

ඔබේ ඇස් දෙක කියන සත්‍ය නම්..

ඔබ කිසිදා මා හැර නොයන බවයි

ඔබේ අතේ ස්පර්ෂය කියන්නේ..

මා වැටෙන හැම විටම ඔබ මා අල්ලා ගන්නා බවයි..

ඔබ එය හොදින්ම කියන්නේ ඔබ කිසිවක්ම නොකියන විටයි.....



මුලු දවස පුරා මිනිසුන් හයියෙන් කෑගසනවා මට ඇසේ

නමුත් ඔබ මා අසල සිටින විට..

ඒ සෙනග ළග නැති බවක් මට දැනේ...



කෙපමණ උත්සාහ කළත් ඔබේ හදවතත් මගේ හදවතත් අතර සිදුවන නිහඩ සන්නිවේදනය නිර්වචනය කළ නොහැක..විස්තර කල නොහැක...

           හ්ම්............................මොකද හිතෙන්නේ ඔබට.....ඉහත ලියා ඇති ඉංග්‍රිසී ගීතය ගැන.මට අහන්න දුන්නේ මගේ හොඳම යාළුවෙක්. මේ ගීතය පුදුම විදියට මගේ හිතට නෙමෙයි, හදවතට කථා කරා.ආදරේ ගැන මම මොනවා ලියන්නද?

       මගේ කාමරේ ලියන මේසයට දකුණු පැත්තට වෙන්න තමයි කැඩපත තියෙන්නේ. කැඩපත හැම වේලාවකම මං දිහා බලන් ඉඳලා. ඒත් අද තමයි මම කැඩපත දෙස හරියටම බැලුවේ. මෙච්චර දවසක් බලලා තියෙන්නේ මගේ මුහුණ කියලා වෙන මුහුණක් දිහා..හරියටම අද මම මගේ මුහුණ දැක්ක නිසා තත්පර,විනාඩි,පැයත් ගෙවෙනකම් බලන් හිටියා. ඒ මුහුණ දිහා බලන්න බෑ ඒ තරමටම වෙනස් වෙලා. දුක වැඩි හින්දා  මුහුණ ඉවතට ගත්තා .

            තමන්ට නිවැරදිව තමන්ව දකින්න අවස්ථාව ලැබෙන්නේ ජිවිතේ එක මොහොතකදි පමණයි. ඒ මොහොත නම් ජිවිතයේ අප පරාජය වෙන විටය. හැබැයි පරාජිත වෙන මොහොතවල් ගොඩාක් අපේ ජිවිතය තුල තියෙන්න පුළුවන්. ගත්ත තීරණ මොනතරම් මෝඩ තීරණද කියලා හිතෙන්නේ ඔන්න ඔය වේලාවට තමයි. මගේ ජිවිතෙත් ඒ වගේ පරාජිත අවස්ථා කිහිපයක් තිබුණා.හෙට දවසේත් එහෙම වෙන්න පුළුවන්.

            පුංචියට පුංචියට නැතිව මහමෙරක් තරමට හිතුවොත් ආදරය,කරුණාව,මෛත්‍රීය මේ කියන වචනත් අපේ සිතුම් පැතුම් පිනවිමට යොදා ගත් නිකම්ම නිකන් හිස් වචන ටිකක් විතරයි. වයසට ගියාම මිනිස්සු ගොඩාක් වේලාවට පිං දහම් කරනවා.ඒ ඇයි දන්නවද? තරුණ කාලේ කරපු පව් සෝදා ගන්න. ආදරය කෙනෙකුට මයාවක් වෙද්දි තව කෙනෙකුට මුළු ජිවතයම වෙනවා. ආදරේ කරලා කෙනෙක් හඬන විට තව දෙදෙනෙක් ආදරේ නැමති මහා සයුරේ ගිලේනවා. මිනිසා මවලා තියෙන්නේ ඒ තරම් අසාධාරණ විදියට.මොකුත් හිතන්න බැරි සෙල්ලම් හදවත් අපට තිබුණා නම්? ආදරේ කෙනෙකුට මහමෙරක් උනාට තව කෙනෙක්ට විහිළුවක්.

ඉහත සඳහන් ගීතයේ මම කැමතිම පද අතර  The touch of your hand says you'll catch me wherever I fall You say it best, when you say nothing at all - ඔබේ අතේ ස්පර්ෂය කියන්නේ..මා වැටෙන හැම විටම ඔබ මා අල්ලා ගන්නා බවයි මෙහෙම ශක්තියක් තමයි ආදරේ කරන ඕනෑම කෙනෙකු බලාපොරොත්තු වන්නේ. All day long I can hear people talking out loud (oh…)  But when you hold me near (oh, hold me near) මුලු දවස පුරා මිනිසුන් හයියෙන් කෑගසනවා මට ඇසේ නමුත් ඔබ මා අසල සිටින විට..ඒ සෙනග ළඟ නැති බවක් මට දැනේ...ආදරේ කරන විට තමන්ට තමන්වත් අමතක වෙන්නේ මෙන්න මේ කියන මොහොත උදා වන විටය.



ආදරේ කරන ඕනෑම කෙනෙකුගේ අවසාන පැතුම..................................................................................................................

ඔබේ ඇස් දෙක කියන සත්‍ය නම්.. ඔබ කිසිදා මා හැර නොයන බවයි.



 ඒත් ඉතිං කීයෙන් කී දෙනාටද මේ අවස්ථාව උදා වන්නේ...!!! ලෝකයේ වැඩිපුරම දකින්නට අසන්නට ලැබෙන්නේ එක් හදවතක් රිදවලා, මහමෙරක් තරම් බලාපොරොත්තු ගොන්නක් දී සහ සුන්දර හීන වල රඳවලා තවත් හදවතකට හේත්තු වෙලා පෙර හිත සුසුම් හෙලද්දී ආදරය බුක්ති විඳින ආදරවන්තයින්ගේ කථාය. ඒ අය හරියට ආදරේ කරන්නේ මේ ලෝකේ ඉන්න වාසනාවන්තම පෙම්වතුන් විදියටය. තවත් හිතක් හඬවලා කරන ආදරයක් සැබෑ ආදරයක් වෙන්නේ නෑ කිසි දිනක. අත්තෙන් අත්තට පනින කුරුල්ලන් සේ යන ගමන හිතා ගන්නවත් බැරි අවස්ථාවක විදුලිය ඇති රැහනක වැදුණ දවසක ආදරය මරණයක් වේ. පිහාටු තිබෙන තාක් ඌ බල්ටි ගසමින් පියාඹනු ඇත. එහෙත් තටු සිඳෙන කළ සියල්ල නිමා වේ. හිත කියන්නේ මහා පුදුම තැනකී. අපේ අම්මා වගේ සෑම දුකක්ම දරාගෙන සාමාජය ඉදිරියේ හිනා වෙයි. තමන් කෙනෙකුට බලාපොරොත්තුවක් දුන්නොත් ඒ බලාපොරොත්තුව ජිවිතයේ අවසාන හුස්ම පොද දක්වා රකින්න පුළුවන් විය යුතුය. ඒත් ඉතිං මේ වචන ලස්සන සිත් ගන්නා සුළු කතාන්දරයක එක් වැකියක් පමණකි. සැබෑ ජිවිතේ අපි කරන්නේම තව හිතක් රිදවන එකමය. ලෝකයේ කොතැනක හෝ හිතක් සතුටු වෙන කොට තවත් හිතක් හඬයි.



තවත් පුංචි සිතුවිල්ලකට ඉඩ දෙන්න සිතුණාය. මාවතේ අපි කෙතරම් විනීතව ගමන් කළත් අපි ඉදිරියෙන් හෝ අපි පිටුපසින් එන මඟියෝ අවිනීත ලෙස අපිව යට කරගෙන යයි නම්? ඒ නිසා වෙන් හැමවිටම අපේ ජිවිත අවිනිශ්චිතයි නේද? මට කියන්න අවශ්‍ය වනුයේ ජිවිතය මගේ වුවාට එය හසුරුවන්නේ මාව හඳුනන්නේ නැති මිනිසුන් විසින්ය. මතුපිටින්, රූපයෙන් සහ නමකින් මිනිසෙකු හඳුනා ගත් පමණින්ම ඒ මනුෂ්‍යයාගේ ඇතුලත තිබෙන හිතේ සහ හදවතේ ගැහේන රීද්මය හඳුනා ගැනිමට නොහැකි නම්, ඔහුට හෝ ඇයට සැබෑ ආදරයකය හිමිකාරියක හෝ හිමිකරුවෙකු විය නොහැකිය.



මිනිස් හැඟිම් යනු මහා පුදුමාකර දෙයකි. සෑම විටම වෙනස් වෙන සුළුය. පලිබෝධ නාශක අනතුරු සහිතයි ප්‍රවේසමෙන් පරිහරණය කරන්න

  • අපට දැනේන හැඟිම් එකිනෙකාට වෙනස්ය.ඉතිං මේ හැඟිමත් ඔයාලට නුහුරු වෙන්න පුළුවන්.අපට වෙනත් කෙනෙකුගේ හැඟිම් තේරුම් ගන්න පුළුවනි නම්, තවත් හදවතකට දෙන දුකද අවම කරගැනිමට හැකි වේ.

මෙම ගීතයේ සිංහල තේරුම මට කියා දුන්නෙත් ගීතය දුන් යාළුවාම තමයි.ස්තුතියි ඔබට.
27 Comments
Tweets
Fb Comments

27 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ජීවිතය හරි සරලයි.... මෙ ලියන්නෙ ගීතය විඳිමින් .....

    ReplyDelete
    Replies
    1. ඒත් ඒ සරල බව නැතිවෙනවා අපි ඇසුරු කරන මිනිසුන් නිසා.

      Delete
  2. මලා, මමත් මෙච්චර දවසක් කැඩපත දිහා බලාගෙන මගේ රැවුල කියලා කපලා තියෙන්නේ වෙන එකෙක් ගේ රැවුලක් ද දන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක නම් කොහේත්ම වෙන්න බෑ.මොකද තමන් ආදරේ කරන කෙනාවයි අපි කැඩපතින් දකින්නේ

      Delete
  3. මම නං ඔය වගේ හිතන්නේ නෑ.. අපි හැමෝම ඉන්න ඕන.. එච්චරයි

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම ඉන්නවා.ඒත් දේශකයා වගේ නෙමෙයි හැමෝම.ඒකයි වෙනස.ඒ වෙනස තමයි මේ හැමදේම වෙනස් කරන්නේ.

      Delete
  4. මගෙ කාමරෙත් කණ්නාඩි කීපයක්ම තියනව. හරියට රාවණාගෙ මාලිගාව වගෙ.. :D

    ReplyDelete
  5. sorry for commenting in English, a good post!!! one thing.. the original song is not by Ronan Keating.. its a very old song of Keith Whitley
    http://www.youtube.com/watch?v=1GpXYKp7_Qw

    ReplyDelete
  6. යෞවනයට ආදරය අවශ්‍යය - නමුත් අත්‍යාවශ්‍ය නැත...

    (තාම සිංදුව downloading........................................................................)

    ReplyDelete
    Replies
    1. ඇනෝ ස්තුතියි ඔබේ දැනුවත් කිරීමට.

      Delete
  7. පී ඕ , මං නම් හිතන්නෙ පරාජය කියන වචනය හැදිල තියෙන්නෙ අපව දිරිමත් කරන්න. ඉංග්‍රීසි සින්දු නම් ඇත්තටම මං ප්‍රිය කරන්නෙ නැහැ. මොකද ඕව මට තේරෙන්නෙ නෑ. ඒත් ඔබේ සිංහල පරිවර්ථනය කියවා රස වින්දෙමි.ස්තූතියි ගයානි

    ReplyDelete
    Replies
    1. ඔව්.ඒක තමයි මම කියන්න උත්සහා කරේ.පරාජිත අවස්ථාවක තමයි අපිට නැඟිටින්න ක්‍රමයක් සොයා ගන්න පුළුවන්.මම නම් හිතන්නේ ගීතයක රසය තියෙන්නේ වචන වලට වඩා ගී තනුවේ කියලයි.භාෂාව කුමක් වුවත් ගීතය යම් කිසි රසයක් දැණන පසු මම එහි තේරුම් සොයන්න උත්සහා කරනවා.ස්තුතියි ඔබටත් මෙය කියවා රස වින්ද නම්.

      Delete
    2. සංගීතය කියන්නෙ විශ්ව භාෂාවක්. ඒක ඕනෑම කෙනෙකුට රස විදින්න පුළුවන්

      Delete
  8. ඔබ කෙනෙකුට සමීප විය යුත්තේ කන්නාඩියේ තිබෙන ප්‍රතිභිම්බයට සමීම වෙන ආකාරයටයි. එක් පියවරක් ලං වූ විට එක් පියවරක් ලං වන්නටත්. එක් පියවරක් ඈත් වූ විට පියවර දෙකක් දුරස්ථ වන අයුරිනුත්ය. එවිට වේදනාව ඔබට නොදැනෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ජිවිතයට මට ලැබුණු වටිනාම තිලිණියක් ලෙස මෙම ඔවදන මම පිළි ගනිමි.

      Delete
  9. ජීවිතය හරි සරලයි. ඒත් හැඟීම් හරිම සන්කීර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඒත් මිනිස්සු හිතාන ඉන්නේ හැඟිම් කියන්නේ ඇති වෙලා නැති වෙලා යන දෙයක් කියලා.

      Delete
  10. ලස්සන ගීයක් අදහසත් එක්කම සැහැල්ලුවක් දැනෙනවා. මේ තමයි නියම ක්ලැසිකල් සිංදු

    ReplyDelete
    Replies
    1. වචන හරි හැටි අපිට නොතේරුණද එහි රසය අඩුවක් නැ .

      Delete
  11. මතුපිටින්, රූපයෙන් සහ නමකින් මිනිසෙකු හඳුනා ගත් පමණින්ම ඒ මනුෂ්‍යයාගේ ඇතුලත තිබෙන හිතේ සහ හදවතේ ගැහේන රීද්මය හඳුනා ගැනිමට නොහැකි නම්, ඔහුට හෝ ඇයට සැබෑ ආදරයකය හිමිකාරියක හෝ හිමිකරුවෙකු විය නොහැකිය.

    මේ ටිකට මම හරිම කැමතියි.... ඒ තමයි ඇත්ත

    ReplyDelete
    Replies
    1. අපි මේක තේරුම් නොගැනිම තමයි දුකට හේතුව.

      Delete
  12. ගොඩක් ලස්සනයී යාළු කීප් ඉට් අප් (y)

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...