Friday, July 5, 2013

හද නගන සෝ සුසුම්.........................






හද නගන සෝ සුසුම් වැල්
නෙතු රැඳුණු කඳුළු බිඳු වැල්
ඔබේ ආදරේ නිසාවෙන්
මා හද සසල කළ සැමරුම්...........

ජිවිතයට දහසක් බලාපොරොත් දී  හිටි ගමන් නික්ම යාම මගේ සිතට වාවන්නේ නැ. මාව දමා යන්න තරම් අපි අතර සිදු උනේ කුමක්ද? මම, මටත් වඩා ඔයාව විශ්වාස කරා. මගේ අතින් වැරැද්දක් උනත් ඔබේ අතින් එහෙම දෙයක් වෙන්නේ නැ කියලා හිතුවා. හැම වේලාවකම ඔබේ උපදෙස් අවවාද මගේ ජිවිතය සාර්ථක කර ගන්න උදව් උනා. කිහිප සැරයක් මාව වරදින් මුදවා ගත්ත. දිනෙන් දින මගේ හිතේ බලාපොරොත්තු ඇති උනා. එක් අවස්ථාවක ඔයාට මම කිව්වා මතකද මට වඩා හොද කෙනෙක් ඔයාට ලැබෙන්නේ ඕන කියලා. ඒ තරමටම ඔයා හොඳ කෙනෙක්. ටිකෙන් ටික මම ජිවිතය ගැන සැලසුම් කරන්න පටන් ගත්තා. ඔයාගෙන් ඉගෙන ගත් දෙවල් බොහෝය. ඒ දෙවල් මතක් වෙන කොට මට හරි ලෝභයි. ඇයි අපට දෛවය මේතරම් සරදම් කරේ. දෙවියෝ මාව  මැව්වේ ඔයා වෙනුවෙන්  කියලා ඔයා දවසක් කිව්වා. ඒ සොඳුරු මතකයන්  නැවත නැවත මගේ සිත සසල කරනවා.


හිත කීරිගැහී සැළුනා ඔය අමුතු කතාවෙන්
නෙතු  නුඹ සොයාන ඇඳුනා මා හදටත් රහසින්
දස දහස් හැඟුම් පිපුනා හිත් කොනක හෙමි හෙමින්
මේ හිත කඩාන වැටුනා ඔබ ඇයි දුරක ගිහින්.............
තුන් හිතකින්වත් මම නොසිතු වඳන් ඔබේ මුවින් පිට වෙද්දී ....? ඔයා සොයමින් නොගිය තැනක් නැ. හදවත ඒපා කියද්දී මේ දැස් ඔයාව දකින්නට වෙහෙසුනා. ඒ තරම් ආදරයක් මේ දෙනෙත් තුල තවමත් තියෙනවා. හිතේ කොනක සැඟවුණ පැතුම් තවමත් එලෙසම ඔයා එනකම් බලා හිදිනවා. ඔයත් සමඟ ජිවිතය බෙදා ගන්න මම පෙරුම් පිරුවා.. අසරණකමක්ද මාව දමා යන්නට ඔයාට තිබුණේ. කියන්න මාව මෙතරම් හඩවන්නේ නැතිව. හිත හදා ගන්නට මගෙන් යන්න හේතුව කියන්න.

ඉරි තැළුණු නියන් පොළොවට වැහි බිඳුවක් වැටෙන්න
ආදරේ මිරිඟු සයුරේ තව එපා මා දමන්න
කිරි කෝඩු හිතට මෙතරම් බැහැ තවත් දුක් දරන්න
ආදරෙන් තව එක වරක් ඔබ හිනා වෙලා යන්න.............
තවමත් මේ හිත ඔයාට පමණයි අයිතියි. සිහින ලොවක අතරමං නොකට එන්න නැවතත් ඔයා වෙනුවෙන් හදවත බලාගෙන ඉන්නවා. දුක් විඳලා පුරුදු නැ මට. එන්න තවත් දුක් නොඳි. එක වරක් හෝ ඇවිත් බලලා යන්න. අපි ඇවිද ගිය තැන් අද පාළුට ගිහිං. එක් වරක් කියන්න මට මොකද්ද මාව දාල යන්න හේතුව බබී. අමනාපයක් නැ මම ඔයත් එක්ක. මේ හිත හදා ගන්න එක වචනයක් කියන්න.ඒ ඇති මට. මගේ බබී...........කුරිරු සිහිනය එතැකින් නිමා විය. මුළු ගතම දහාඩියෙන් තෙත් වී තිබුණි. පෙරදා ඔබත් සමඟ ඇති වු පුංචි අමනාපයක් සිතේ තබාගෙන නින්දට ගිය මම, භායානක සිහිනයක ගිලුණි.පසුව  එතැන් සිට නොනිදා රැය පහන් කළේ සිතුවිලි දහාසක් අතර මා සිත රඳවාගෙනය. තවද පසුදින ඔබව හමු වි සමාව ගන්න අදිටනින්ය. 

ගායනය :- උමේෂ් ඉසුරු දිසානායක.
පද රචනය :- අසංකා දිල්හාරි වැල්පිටිය.
තනුව :- සහන් ලලින්ද පෙරේරා.

විරහාව සිහිනයක් පමණක් වේ  නම්..... ඒත් ඉතිං අකුරු දමා වචන ගළපා හැඩ දැම්මත් ප්‍රායෝගිකව එය එසේ සිදු නොවන්නකි.  විවිධ සිතුම් පැතුම් තුල ජිවත් වන අපි,එකිනෙකාගේ අදහස් වලට ගරු කිරීමට මත්තෙන් තමන්ගේ සිතුම් සඵල කර ගැනිමට කැමැත්තෙමු. ආදරය තුලද විරහාව ඇත්තේ ඒ නිසාවෙනි. 
සෑම හමුවිමක්ම විවාහයෙන් කෙළවර වන්නේද නැත. මොන යම් හේතු කාරණාවක් නිසා වෙන්විමට සිදුවන අවස්ථා සුලභය. අපි ඒ යථාර්තය තේරුම් ගත යුතුය. එහෙත් අපි මොහොතක් කල්පනා කළොත් බොහෝ ශක්තිමත් බැඳිම් පවා පුංචි හේතුවක් නිසාවෙන් වෙන් වෙන තැනටම දුර ගොස් ඇත. විවාහ විමට මත්තෙන් තිබු සුන්දර සංවේදි සිත විවාහයෙන් පසුව කුරිරු ස්වභාවයන්ට පත් වන්නේ සිත ක්‍රියා කරන ආකාරයට වේ. මිනිස් සිත නිදහස්ය.එම නිසා සිතේ හට ගන්නා සිතුවිලි වලටද නිමක් නැත. විවාහයට පෙර තිබු සංවේදී හිතම තමයි තවතමත් ඇත්තේ. වෙනස් විමට ලක් වි තිබෙන්නේ සිතුවිලි පමණයි. ඉතිං ඒ සිතුවිලි වලට පණ දෙන්නට ඕනෑම දෙයක් පරිත්‍යාග කිරීමට සිත හැඩ ගැසෙති. මම මුලින් පැවසුවා සේ තම තමන්ගේ සිතුම් පැතුම් කෙරෙහි උනන්දු විම තුල අනෙකුත් සෑම දේම අමතක කර දමන ස්වභාවයක් ඇති වේ.විරහා ගීත මේ තරම් අපේ හඳවත් වලට ලෙනගතු වන්නේ ඒ නිසාවෙනි.
මම ඔබට අසන්නට සලස්වන මේ ගීතය තුලද ඇත්තේ විරහාවය. පරාජිත අහිමි පෙමක විලාපයයකි. එහෙත් මෙම ගීතය මුලින්ම මා දෙසවන් වැටෙන විට මම මහත් ලෙස ඒ ගීතය තුල ජිවත් විය. ගීතයට පණ පොවන්නා මේ ගීතය හඳවතින්ම ගායනා කිරීම නිසා  එහි ඇති වේදනාව වඩාත් හදවතට දැනෙයි. එපමණක් නොව මෙහි තනුවට මම ඊටත් වඩා ඇළුම් කරමි. ගීතයට අනුව පරාජිත ප්‍රේමයක් වුවත් දෙසවන් වැකෙන විට තව කෙනෙකුට ආදරයක් දැනෙන ලෙස පද රචනය, තනුව, සහ ගායනය නිර්මාණය වි ඇත. විරහාවක් උනත් බොහෝම සන්සුන්ව ගයානා කිරීම නිසා දුකකට වඩා දෙයක් හදවතට දැනේයි. එහෙත් සමහරක් ගීත ගායනා කරන විට හිතට ඇති කරන්නේ වෛරක් සහ තරහවක් පමණකි. එහෙත් මේ ගීතයේ මට එවැනි හැඟිමක් ඇති නොවේයි. සමාජයට ගෙන යන පණිවිඩක් සෑම විටම සාධාරණ විය යුතුය. කුමක් වුවත් සමාජය එය වැළඳ ගන්නා බැවිනි. ඒනිසා නිතරම පණිවිඩය උපදෙසක්, ආදර්ශයක් විය යුතුය. එකම වැරැද්ද තව කෙනෙකු කරන්නට පොළඹනවා වෙනුවට එය ඇසිමෙන් දැකිමෙන් එය වරදක් බව තමන්ට අවබෝධ විය යුතුය. එපමණක් නොව ඒ දේ වැරැද්දක් බව පිළිගෙන එය තමන් අතින් සිදු නොවිය යුතුය යන මානෂිකතත්වටය පත් කරලිමට හැකි විය යුතුය. වැදගත් වන්නේද එයමය. විරහාව වේදනාවක්,  ඒ දුක අපි තවත් හදවතකට දීය යුතුද?

ගීතයක් ගායනා කළ පමණින් එහි පැවැත්ම රඳ පවතින්නේ නැත. තනු නිර්මාණය බොහෝ සේ එයට බලපානු ඇත. ගීතයේ පද වල තිබෙන විරහාව සන්සුන් කිරීමට ගී තනුවකට හැකිය. මෙම ගීතයේ වචන ටිකටද ඕනෑම තනුවකට නිර්මාණය කළ හැකිය. එය ගහගන්නා ස්වභාවයකට තනුව දමා ගායනා කළා නම් සමහරක් විට මේ තිබෙන සන්සුන් බව වෙනුවට  සිතේ වෛරයක් තරහාවක් ඇති කරලිමට හැකිය. ගීතයක වටිනාකම සහ සර්ථකත්වය රඳා පවතින්න බොහෝ විට එම ගීතයේ තනුව බලපානු ඇත.


ජනප්‍රියත්වයට වැඩි අවස්ථාවක් ලබා දිම නිසාවෙන් අපි අතින් ගිලිහි යන දේ බොහෝය.
32 Comments
Tweets
Fb Comments

32 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. හ්ම්, මේ මොකෝ මේ විරහ ගීත ගැන ලියන්න හිතුනේ.

    මොනවා උනත් හොදට ලියලා නම් තියනවා, එකේ දෙකක් නැහැ.

    ගුඩ් ගුඩ් නගෝ

    ReplyDelete
    Replies
    1. අඩේ මන් නේද පළවෙනියා, හුරේ

      Delete
    2. ඉදිරියට පැමිණ ඔබට හිමි ත්‍යාගය සහ සහතික පත්‍රය පිළිගන්න! ( සභාවේ අත්පොලසන් නාදය)

      Delete
    3. අනෝ
      ඒක ඔයට නොදැනුනාට හිතට දැනෙන හැගීමක්

      Delete
    4. ඔයා වරද්දගෙන යාලුවා මම ගීතය වෙනුවෙන් කී දෙයක් නොවේ.ඩොක් අය්යා වෙනුවෙන් කල විහිළුවක් පමණයි.ගීතය වෙනුවෙන් මගේ අදහස පහතින් තියෙනවා.ආදරයේ සොඳුරු බව වගේම විරහවේ වේදනාවත් මම හොඳට විඳලා තියෙනවා.තනිකඩ නාකියෙක් වෙන්න එක හේතුවක් වුනෙත් විරහා වේදනාව තමයි.

      Delete
    5. ස්තුතියි ඩොක් අයියේ.

      Delete
  2. ලස්සනයි හොදට ලියලා තියෙනවා ,
    ජය___

    ReplyDelete
  3. සින්දුව හොදයි ඉටත් වඩා ඔයාගේ විචාරය නියමයි
    කෙන්ජි අය්යා තමයි "ත් " කියලා දුන්නේ

    ReplyDelete
  4. මෑතක ඇසුන පරිපුර්ණ ගීතයක් කියලා කියන්න පුළුවන්.හොඳින් පුහුණු කල හඬක් තියෙන තරුණ ගායකයෙක්,සංගීතය ගීතයේ අදහසටම ගැලපෙන විදිහට යොදාගෙන තියෙනවා.ගීතය සම්බන්දව ගයානි ගේ විචාරය එක්ක එකඟය.එකිනෙකාගේ යහපත වෙනුවෙන් ආදරයෙන් වෙන්වීමද සැබෑ ආදරයේම කොටසක් යයි සිතමි.

    ReplyDelete
  5. ආදරය විදින අයට වඩා විරහව විදින අය වැඩි නේද....
    ලියවිල්ල හොදයි...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළී.ඔව් ඊට හේතුව තමන් ගැන හිතන නිසා.

      Delete
  6. අනේ මං අහලා නැනේ

    ReplyDelete
    Replies
    1. ඉතිං දැන් අහන්නකෝ.

      Delete
  7. සිංදුව නම් ඇහුවෙ පළවෙනි වතාවට..
    "විරහව ගැන කතා කරන්නට අකමැති නිසා කිසිත් නොකියමි"

    ReplyDelete
  8. අපිත් ගොඩ වැදුන ඕන්.

    හිතට දැනෙන්න ලියල තියෙනව.
    නියමයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තට පැමිණියාට.

      Delete
  9. මේ සටහන මගින් ඔබ දෙන පණිවිඩය හරිම වටිනවා ගයනි. ආදරය අතරට වෛරය එන්න බෑ. ආදරය කල හිතකින් කොහොමද? වෛර කරන්නෙ. ආදරේ සදාකාලිකයි. එතන දුකක් දැනුනත් විරහවේ දී වෛරය උපදින්න විදිහක් නම් නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සන්දි අක්කේ.හැම විටම මම උත්සහා කරන්නේ එක දෙයයි.ඒ සමාජයට යහපත් පණිවිඩයක්.

      Delete
  10. Replies
    1. ඕන්න මමත් ගියා ඒ පැත්තට.

      Delete
  11. ගීතයටම හරියන විචාරයක් . ගිතයක් එක එක්කෙනා දකින විදිය හරිම වෙනස් එක අතකින් අලුත් විදියට හිතන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දයානන්ද අයියේ.මට හමුවන මම දකින ඕනෑම දෙයක් තුල සමාජයට පණිඩිඩයක් දෙන්න පුළුවන් නම් මම හැම විටම බලාපොරොත්තු වෙන්නේ සමාජයට යහපත් පණිවිඩයක් දෙන්න.

      Delete
  12. සින්දුව නම් ඇහුවේ නෑ තාම.. මං මේක දැක්ක ගමන් කල්පනා කළා ගයනි මොකෝ මේ විරහ කවි කියන්නේ කියලා... පස්සේ දැක්කේ සින්දුවක් කියලා... හි හි...

    ප්‍රේමයේ විරහව නම් දැනිලා නෑ මට... හැබැයි මං හිතන්නේ කෙනෙක්ට දැනෙන තදබලම හැඟීමක් තමයි ඔය විරහව.. බැලුවාම ලෝකේ වැඩිපුරම තියෙන්නේ විරහ ගීත, ඒ සම්බන්ධ මාතෘකා ලියවුනු පොත්, ෆිල්ම්ස්... කලාවයි විරහවයි කියන්නේ හරි ළඟින් යන දෙයක්.. ජීවිතේට කවි නොලියපු අය බූට් එකක් වැදුනම කවි ලියනවා... හි හි ( මේ ඉස්කෝලෙ යන කාලේ දැකපුවා... හි හි)

    ReplyDelete
    Replies
    1. සින්දුවත් අහන්නකෝ.විරහාව දැණුනේ නැ කියන්නේ හිරු වාසනාවන්තයි.

      Delete
  13. අාදරය විවාහෙය් පුරුකක්ද// අෙන් මන්ද..

    ReplyDelete
  14. //ගීතයක වටිනාකම සහ සර්ථකත්වය රඳා පවතින්න බොහෝ විට එම ගීතයේ තනුව බලපානු ඇත.//
    එකෙන්ම !

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...