Thursday, July 4, 2013

෴අලුත් වැස්සක්෴





කලාකරුවන් යනු අන් සැමටම වඩා මිනිස් හිතකට ළං වි ඒ හිතේ තිබෙන ව්‍යාකුලත්වය සමනය කිරිමට සහ කෙටි කාලයකට හෝ මිනිසෙකුට පැටවි තිබෙන දහාසකුත් ප්‍රශ්ණ මොහොතකට අමතක කර දමා නිදහස් ඉසව්වකට රැගෙනන යාමට සමත් පාර්ශවයකි. හිතක් තුල ඇතිවන කැක්කුම සුවපත් කිරීමට ඔවුන්ට හැකියාව ඇත. කලාකරුවන් යනු තව දුරටත් මා මේසේද හදුන්වා දිමට කැමතිය. ඔබ මට දුන් දුක නාඳුනන පුද්ගලයා නැමති කලාකරුවා ගේ හඬකින් ඉරියව්වකින් දෑත් තුලින් පන්හිඳකින් හෝ තිලි තුඩකින් උපදින විදහාපෑම්  තුලින් සමනය කිරීමට පුළුවනි.

ඉන් ගීතයට හිමි වන්නේ ප්‍රධාන තැනකි. ජිවිතය විටෙක කටුකය. විටෙක විඩාබරය. තවත් විටෙක නිසරුය. මේ සෑම අවස්ථාවක්ම ග්‍රහනය කර ගනිමින් එය සමනය කිරිමට ගීතයකට හැකිය. කලබලකාරි ඝෝසාකාරි වටපිටාවක සිට වුවද ගීතයකට අප සිත් ආකර්ෂණය කර ගැනිමේ හැකියාවක් ඇත. කාන්සිය, පාළුව, තනිකම, විශේෂයෙන් වාහනයක් පදවාගෙන යන මොහොතේ දී සිත එක් අරමුණක රදවා තබා ගනිමින් ගමනාන්තය දක්වා යාමට අවශ්‍ය මානෂික පසුබිම සකස් කර ගැනිමට ගීතය උපකාරි වේ. මෙවැනි තවත් බොහෝ  මානසික තත්වයන් පාලනය කරලිමට ගීතය සමත් වි ඇත. පද ටිකක්  පමණක් තිබු පමණින් ගීතය සම්පුර්ණ නොවේ. ඒ සඳහා උචිත ශක්තිමත් මෙන්ම සෞම්‍ය හඬක් සහ ඊටම ගැළපෙන නාද රටාවක් එකතු විය යුතුය. සාමකාමී මනසක් රඳවා තබා ගැනිමට අපි කවුරුත් කැමතිය. ගීතයට එය කළ හැකිය.

සුනිල් එදිරිසිංහයන් යනු අපට සිටින දක්ෂකලාකරුවෙකි. එපමණක් නොව සෞම්‍ය හඬක් උරුම කලාකරුවෙකි. ඔහු රටට අයිති වටිනා සම්පතකි. මා එසේ පැවසිම අසාධාරණයක් නොවෙනු ඇත. අලුත් වැස්සක් ගීතය අඩංගු සීඩි තැටියේ තිබෙන අනෙකුත් ගීතද ඉතමාත් අර්ථාන්විත පද මාලාවන්ගෙන්  යුක්ත ගී බව මට හැඟෙයි.



අලුත් වැස්සක් වහින්නට සැර සේ
පුරුදු  ආකාශේ
දිගු කාලයක් නිහඬ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

අහස වැසි වසිනා නමුත්
කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්
නියන් කල සැමදා නැතත්
කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි
අලුත් වැස්සක් වහින්නට සැර සේ

වළාකුළු අහසට ඇවිත්
මොනවාද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා
කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟමයි
දිය දහම ඒ විලසයි

අලුත් වැස්සක් වහින්නට සැර සේ
කුරුළු ආකාශේ
දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ
අලුත් වැස්සක් වහින්නට සැර සේ

          මෙම ගීතය, කලකිරුණු ජිවිතයක් නැවතත් පුනර්ජිව කරමින් නැවුම් බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් ගීතයක් ලෙස හැඳින්විය හැකිය. ගීතයේ අරම්භයේ සිටම අවසානය දක්වා අධ්‍යෛර්‍ය නොවන ලෙස එත්තු ගන්වා ඇත.

අලුත් වැස්සක් වහින්නට සැර සේ කුරුළු ආකාශේ ගීතයට පළමුව මගේ සිත ඇඳි යාමට ප්‍රධානතම හේතුව වුයේ ස්වභාවධර්මයේ චමත්කාරයද උපමා කර තිබිමය. නියඟය නිමා කරලමින් වර්ෂාවේ වසන්තය,  ගතත් සිතත් ප්‍රබෝධමත් කරනවා පමණක් නොව මිලින වු ගහකොළටද පණ දී සිඝ්‍රයෙන් ඵල දරති.

දිගු කාලයක් නිහඩ වි සිටි නුඹ වාගේ අලුත් වැස්සක් වහින්නට සැර සේ බොහෝ  කාලයක් තිස්සේ පැවති අඟහිඟ කම් නිසාවෙන් කම්පා වු ගැහැණිකගේ බලාපොරොත්තු නැවත ඉටුවන ලකුණු පෙන්නුම් කර ඇත. ඒ නිසා ඇඟේ සිතද සතුටින් ඉපිලි ගොස් ඇත.

අහස වැසි වසිනා නමුත් කවදාද ඒ වැහි වහින්නේ නොදනිම්සැපත කෙදිනක හෝ අපි කරා එන බව විශ්වාස කළ යුතුය. ඒ බව සිත තබාගෙන සිත තබාගෙන තමන්ගේ සාර්ථකත්වය උදෙසා වෙහෙස මහන්සි කටයුතු කළ යුතුය. නියන් කල සැමදා නැතත් කවදාද නියඟය ගෙවෙන්නේ නොදනිම් දුකක් වින්දොත් සැපක් ළඟමයිදුක් කම්කටලු සැමදා තමන් ළඟ නොරැදෙන බව අවබෝධ කරගෙන ඊට මුහුණ දිය යුතුය. බලාපෙරොත්තු රහිත සිත ශක්තිමත් කර ගත යුතුය.

දුකක් වින්දොත් සැපක් ළඟමයි දිය දහම ඒ විලසයි ලෝක ධර්මතාවයට අපි සැවෝම යටත්ය. ඒ නිසා ජිවිතය අතර මඟ නතර නොකොට තමන්ගේ අරමුණ කරා යා යුතුය. වළාකුළු අහසට ඇවිත් මොනවාද මේ හැටි කරන්නේ සරදම් බාධක ජිවිතයට එන බව පසක් කර ගත යුතුය. ඒ අනුව  බාධක ජය ගැනිමට සිත දැඩි කර ගනිමින් උපරිම ශක්තිය යෙදවිය යුතුය. ඇහේ තෙරපෙන දුක නිවා කවදාද වැහි බිංදු ගෙනෙන්නේ සැනසුම් හිත පිරෙන දවස වැඩි ඈතක නැත.දුකක් වින්දොත් සැපක් ළඟමයි යම් අරමුණකට ජිවිතය සැලසුම් කරනගෙන ජිවිතය ජය ගන්න උත්සහා ගත යුතුය, බාධක යනු පරාජිත ජිවිතයෙන් නැවතත් නැඟිටිමට ලබා දෙන උත්තේජකයකි. සෑම විටම ස්වභාව ධර්මයට අනුගත වන්නේ නම් මැනවි.

ප.ලි. "කුරුළු" වෙනුවට "පුරුදු" බව මගේ මිත්‍රයින් වරද නිවැරදි කරන ලදි.ස්තුතියි ඔවුන්ට.
25 Comments
Tweets
Fb Comments

25 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මම දන්නා තරමින් එය කුරුළු ආකාසේ නොව පුරුදු ආකසේ වේ
    අළුත් වැස්සක් වහින්නට සැරසේ පුරුදු ආකාසේ......

    ReplyDelete
  3. හිත පුරවන සින්දුවක් මේක... මගෙ බ්ලොගයෙ පළවෙනි පෝස්ට් එකේ මේ ගැන ලියුවා මතකයි!!!!

    ...හැබැයි සින්දුවේ තියෙන්නෙ කුරුළු ආකාසේ නොවෙයි පුරුදු ආකාසේ කියලයි අක්කේ!

    ReplyDelete
    Replies
    1. ඉන්දික,වර්ෂා ස්තුතියි.මම ඒ වැරැද්ද හැදුවා.

      Delete
  4. 100 වෙනි ලිපියද එහනම් සුබ පැතුම්

    ReplyDelete
  5. දෙන්නෙක්ම වැරැද්ද හදලා තියෙනවා. ඒ කොහොම වුණත් ඕබේ උත්සාහය අගය කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ.

      Delete
  6. //නිවහන මගේදැක්ම ශ්‍රි ලාංකිකයෙකුනම් මිනිසෙකුනම් සිතුවම් සැරිසරණවිට ඉවසිම උතුම් තපසයි//

    ඔය විදිහට බ්ලොග් එකේ උඩට දාන්නේ කොහොමද කියලා මට කියලා දෙනවද

    ReplyDelete
    Replies
    1. මම දැක්කා අටමා ඒක හදලා තියෙනවා.

      Delete
  7. 100 වෙනි ලිපියට සුබ පැතුම් ගයනි...! සින්දුව අහලා බලන්න ඕනේ...දැනුවත් කිරීම ගැන ස්තූතියි...

    ReplyDelete
  8. ජයෙන් ජයම වේවා.

    ReplyDelete
  9. සිංදුව නම් දෙතුන් වතාවක් අහලා තියෙනවා..

    100 ලිපියට සුභ පැතුම්.. තව ලියන්න ශක්තිය ලැබෙන්න කියලා සුභ පතනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිනේෂ්.තව ගීතයක් දැම්මා එකත් අහන්න.ඒක නම් අහාලා නැ මං හිතේ.

      Delete
  10. බ්ලොග් අවකාශේ සටහන් 100 ක් තැබීම ඕනෑම කෙනෙකුට කළහැකි දෙයක් වුවත්, අරුත්බර දෙයක් එක් කල සටහන් 100ක් ලිවීම ලේසි පහසු කාර්යයක් නොවේ. ඒ අතින් ඔබ ලියූ පොස්ට් සියල්ල කියවන්නාට යමක් එකතු කර ගත හැකි ඉතා වටිනා ඒවා. සිය ගණනින් තවත් බොහෝ සටහන් ලිවීමට ශක්තිය දෛර්යය ලැබේව !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදීක අයියේ.ඔබ හැමදාමත් අපි සමඟ හිටියා.

      Delete
  11. සුභ පතනවා තව ලොකු ගමනක් යන්න කියලා

    ReplyDelete
  12. 100 වැනි ලිපිය වෙනුවෙන් ඔබට මගේ සුබැපතුම්

    ReplyDelete
  13. සියවෙනි ලිපියට සුභ පැතුම් ගයනි... :)

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...