Wednesday, July 31, 2013

෴සැබෑ නායකයෙක් ගේ වියෝ විමත් සමඟ මා සිතේ උපන් සිතුවිලි෴



     මම ඔහුව සැබවින් දැක නැත. ඒනමුත් ඔහු පිළිබඳව බොහෝ දේ මාහට අසන්නට ලැබුණාය. මේ ලියමන අකුරු කරන මොහොත වන විටත් ඔහු සදහාටම දෙනෙත් පියාගෙන අවසන්ය.ඒ නිසා කථාව පෙළ ගස්වන ගමන්ම ඔහුගේ ආත්මයට සැනසිම උදාකර දෙත්වා!!! යැයි මම පතමි!!!.
     බල්ලන් උඩුබුරන හඬ ඇසෙන්නට හොඳ නැති බව පුංචි කාලයේ සිට අප දන්නා කරුණකි. නිහැඩියා මැද්දේ බල්ලෙක් උඩුබුරන හඬට මා තීගැස්සී අවදි වුවාය. ඒ මොහොතේම මගේ දෙනෙත් ඔරලෝසු මුහුණතේ කටු ළඟ නතර විය. වේලාව පන්දර 4 පසු වී මිනිත්තු 58 ගත වි තිබුණි.“කාලය මැව් වෙනසක අරුමේ. නිවසේ සිටින අවස්ථාන් වලදී බල්ලා උඩුබුරන විට අම්මා තරවටු ශ්වරයෙන් ඌව මෙල්ල කිරීමට උත්සහා ගන්නේ එය අසුභ පෙරනිමිත්තක් යන විශ්වාසය මතය.
     උඩුබුරණන හඬත් සමඟ ඒ අසුභ පණිවිඩය ඈ විසින් මගේ කණට කොදුරා පවසා සිටියාය. ඇඟේ හඬ තුලද විලාප ස්වරයක් ගෙන තිබුණාය. අපූරු මිනිසෙකුගේ අනපේක්ෂිත සමු ගැන්ම ඒ ආකාරයෙන් සැල කරන ලදී. නෙතට නෙත මුණ නොගැසුණද? සමහරක් මිනිසුන් අපේ හඳවත් තුල ගරුබුහුමන් ලබති.සැල වු අසුභ පුවතත් සමඟ මා සිතේ නොයෙකුත් සිතුවිලි වලින් හොල්මන් කරන්නට පටන් ගත්තාය. ඒ අතරම බාහිරින් ඇසුණු ශබ්දයන් තුල විලාප දෙන ගතියක් ගැබ්ව තිබුණි. මේ සියල්ල භයංකාර සිහිනයක් සේ විටෙක මට දැණුණාය. එහෙත් මේ සියළු සිද්ධින් වල අසුභ නිමිත්ත දැන් සැබෑවක් බව මම දනිමි. සමහරක් කතාන්දර අරඹයා ගොඬනැඟේන සිතුවිලි විසුරුණු ස්වභාවයක් ගන්නා අතර, ඒ සියළුම සිතුවිලි එකම කථාවක කොටස් ලෙස නිර්මාණය වීමේදී පිළිවෙලකට ස්ථාන ගත කිරීම අපහසු කරුණකි. මේ කථාවද එවැනි විසිරුණු සිතුවිලි රාශියක එකතුවකි.  
     මිනිසෙකු යනු අවසාන හුස්ම පොද ද සුළඟට එක්වෙන තෙක් හඳුනා ගැනිමට නොහැකි ගුප්ත භුමිකාවකි.ඒපමණක්ද නොව නිරන්තර පරික්ෂණයන්ට භාජනය වෙමින් නව සොයා ගැනිමක් මෙන් දින දින වෙනස් විමට ලක් වන සත්වයෙකි.මගේ කථා නායකයාද කිසිදිනක සමාජයට තේරුම් ගැනිමට නොහැකි පරිදි තම අනුගාමිකයින්ව හසුරුවා ගත් නායකයෙකි. එහෙත් දරුණු පුද්ගලයෙකු වුවද, එක්තර මොහොතක එකඳු පුද්ගලයෙකු ඉදිරියේ හෝ සංවේදීතාවයට පත් වෙනවා සේ, ඔහුද තේරුම් ගත් කිහිපදෙනෙකු මේ සමාජය තුල සිටිම සැනසිල්ලකට කරුණකි.
     සෑම නායකයෙකුගේම අවසාන අරමුණ වනුයේ ජයග්‍රාහනය සහ සාර්ථකත්වයයි. එහෙත් ඒ කරා ළඟා විමේදී අනුගාමිකයින් මෙහෙයවන ක්‍රම සහ විදී නායකයාගෙන් නායකයාට වෙනස් වේ. ඒ නිසාම සමාජය ඔවුන් දෙස බලන කෝණයද වෙනස් වේ.කෙනෙකු නායකයාගේ ක්‍රමවේදය අනුමත කරද්දී තවත් පිරිසක් ඊට විරුද්ධ අදහස් පල කරයි. නායකයින්ගේ සමහරක් තීරණ සුළු පිරිසකට අසාධාරණයක් වුවාට බහුතරයකට යහපතක් වේ. එවැනි අවස්ථා වල හිත් රිඳුණු අනුගාමිකයින් නායකයා කෙරෙහි කළකිරීමට පත්වනවා සේම විවේචනයටද ලක් කරයි.
     තවද ඇතැම්  නායකයින් තම අරමුණු සඵල කර ගැනිම උදෙසා දැඩි පාලන ක්‍රමයක් පවත්වාගෙන යන්නෝය. බොහෝ විට මේ අවස්ථා දකින්නට ලැබෙන්නේ අනුගාමිකයින් ක්‍රියා කරන ආකාරය සහ ඔවුන් දරණ ආකල්පයන් මතය. ඒ අනුව ඔවුන් හට යම් කිසි  නිතී රිතී පනවමින් අවශ්‍ය කාරණාව ඉටු කර ගැනිමට සිදුවේ. එවැනි අවස්ථාවන්හිදීද අනුගාමිකයින් තම නායකයා කෙරෙහි අපැහැදිමකින් කටයුතු කිරීමට පෙළඹේති.  
     යම් කටයුත්තක් කෙරෙහි අනුගාමිකයින් දක්වන ඇල්ම සහ ශ්‍රම දායකත්වය පිළිබඳව නායකායා අසතුටුදායක නම්, එවැනි අවස්ථාවන්හිදී ද  කුමන හෝ ආකාරයකින් තමන්ට පැවරි ඇති වගකිම සහ රාජකාරිය  ඔවුන්ට යම් කිසි පිඩනයක් එක් කරමින් සිදු කර ගැනිමට උත්සහා දරයි. එවිටද ගැටුම්කාරි සිතක් අනුගාමිකයින් ගේ සිත් තුල උපදී. එහෙත් නයාකයාගේ අරමුණ හරිහැටි තේරුම් ගෙන ඊට අනුකුලව කටයුතු කරන අනුගාමිකයින් පිරිසක්ද සිටිති. ඔවුන් කෙරෙහි නායකාය තුල විශ්වාසයක් ගොඩනැඟේනවා සේම දැඩි කැමත්තක්ද ඇති වේ.
     මාගේ කථා නායකයාද මේ සියළු ආකාරයට තමන් ගේ අනුගාමිකයින් මෙහෙය වන්නට ඇත. ඒනිසාවෙන්ම ඔහු යම් පිරිසක් අතර විවේචනයට සහ වැඩි කථාබහට නතු වුයේය. එහෙත් යම් පිරිසක් ඔහුව අගයමින් ඔහුගේ අරමුණ සාර්ථක කර ගැනිම සඳහා ශක්තියක් වි ඇත.
     මා ඉහත කියු නායකත්ත්ව ලක්ෂණයන්ට අමතරව වෙනස් වු සිතැඟි පරිදි තම අනුගාමිකයින් මෙහෙය වන නායකයින්ද සිටිති.  නායකයෙකු යනු බුද්ධියෙන් උගත්කමින්, තම සහජ කුසලතා තුලින් , විවිධ වු ශිල්පීය පාඨමලාවන් තුලින් ලබා තබා ගත් න්‍යයික  සහ ප්‍රයෝගීක දැනුම අතින් අනුගාමිකයින්ට වඩා බොහෝ ඉදිරියෙන් සිටිති. එබැවින් සෑම විටම තමන්ගේ දැන උගත් කම  හා ඔවුන්ගේ දැනුම සංසාන්දනාත්මකව ගළපන්නට යාමෙන් වැළකි සිටිය යුතුය. අනුගාමිකයින් තුලින් එවන්නක් බලාපොරොත්තු නොවිය යුතුය. ඔවුන් ඔබ තරමට ශිල්පය හදාරා නොමැති අතරම, ඒ අවසරයෙන් සිදු විය හැකි යම් යම් දෝෂයන් කෙරෙහිද සානුකම්පිතව බැලිමට හැකියවක්ද නායකයාට තිබිය යුතුය. එය සැබෑ නායකයෙකු සතු ගුණාංගයක් වේ. එවැනි නිරෝගී මානෂීකතත්ත්වයක නායකයා නොසිටියහොත් අනුගාමිකයින් තමන් කෙරෙහි දක්වන ගෞරවයද විශ්වාසයද අල්ප වනු ඇත. අනුගාමිකයින් ගේ දුර්වල ස්ථානයන් පෙන්වා දී එය නිවැරදි කර ගන්නා ආකාරය සහ නොදන්නා කරුණු ඇත්නම් එවැනි කරුණු පිළිබඳවද ඔවුන්ව දැනුවත් කිරීම් කළ යුතුය. එය නායකයා සතු වගකිමක්ද වේ. තවද තමන්ගේ අනුගාමිකයින් පිළිබඳව වෙන් වෙන් වශයෙන් දැනුවත්ව තිබිම, ඔවුන් සතු කුසලතා සහ දැනුම කෙරෙහි නිසි අවබෝධයකින් අධ්‍යනය කළ යුතුය. එවිට තමන්ගේ කාර්යය කරගැනිමට පහසු වනු ඇත.
     එහෙත් මගේ කථා නායකයා මේ සියළු කාරණා පිළිබඳව නිසි අවබෝධයකින් යුක්තව තම අනුගාමිකයින් මෙහෙය වන ලදී. විටෙක ඔහු  දැඩි තීරණයන් ගත්තද  ඔහු යනු සැබෑම වීරයෙකි.
     හමුදා පුද්ගලයෙකු හට වනය,සයුර ,ගුවන  තරණ කිරීමට සිදු වේ. කුමන හෝ අවස්ථාවක තම අවියත් සහ තමා වටා සිටින පිරිසද අහිමි වු විට තනිවම සටනට මුහුණ දිමට තරම් ඔහු තුල විශේෂ ශක්තියක් තිබිය යුතුය. මුහුණට මුහුණ කෙරෙන සටනකදී  තව කෙනෙකුගෙන් උපදෙස් ලබා ගනිමින් ක්‍රියාකාරි විමට සිදුවන අවස්ථා අල්පය. එවැනි අවස්ථාවන්හිදී තමන් කළ යුතු දේ පිළිබඳව ක්ෂණික තිරණ ගැනිම අත්‍යවශ්‍ය කරුණක් වන අතරම ඒ ගන්නා තීරණ අභියස තමන්ට සිදුවන හානීය අවම විය යුතුය. ඉතිං මගේ කථා නායකායටද අවශ්‍ය වුයේ එවැනි විර ශක්තියකින් හෙබි පුද්ගලයින් නිර්මාණය කිරීමටය.
අවසාන වශයෙන් කිව යුතු තවත් යමක් ඉතිරිව ඇති බව මට හැඟේ. ඒනම් නුහුරු කටයුත්තක වගකිම තමන් සතු වන අවස්ථාවක ඊට අදාළව කළ යුතු පිළියම් පිළිබඳව නිසි අවබෝධයක් ලබා ගන්නා තුරු අවසාන තින්දු තීරණ වලට ඒමෙන් වැළකි සිටිය යුතුය.

ඔබේ ආත්මයට සැනසිම ලැබේවා!!!යනු මගේ පැතුම වේ. රට වෙනුවෙන් ඔබ කළ නිහඬ මෙහෙවර වෙනුවෙන් ඔබ සදා අපේ හදවත් තුල අමරණීය වනු ඇත.
  • ඇය යනු මෙම කථා වස්තුව ඉදිරියට රැගෙන යාමට යොදා ගත් උපකල්පනයක් පමණි.
  • මෙම කතාන්දරය කිය විමේදී ඔබට යම් කිසි පටලැවිලි ස්වරූපයක් දිස් විය හැකිය. ඒ පිළිබඳව මා කණගාටුව ප්‍රකාශ කරමි.මන්ද ඇතැම් කරුණු සැඟවි ඇත.

14 Comments
Tweets
Fb Comments

14 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. I have not associated this great leader you mention. But, today, when he died, I heard many people were talking his these great leadership qualities... we can't measure a person by his or her toughness. But, more tough people are more sensitive inside... he was heading for great thing. We do not know when we will die... But, he is great as he has done some thing great for his motherland... For ever heroo..! May you attain Nibbhana!!!

    ReplyDelete
  2. අපි කුමන මොහොතක මියයන්නේ දැයි අපි කිසිවෙක් නොදනී ..නමුත් මැරෙන මොහොත වෙනවිට තම රටවෙනුවෙන් කැපවීම් කළ විරුවෙක් ලෙස මිය යාම ශ්‍රේෂ්ටය.. ඔබට නිවන් සුව අත්වේවා ... පිටතින් රළු ලෙස පෙනෙන අය ඇතුළතින් මුදු මොලොක්ය...පුද්ගලයෙක් විනිශ්චය කලයුතු නැත ... ඒ වෙනුවට තේරුම් ගැනීමට උත්සාහ කළාට ඔබට ස්තුතියි!

    ReplyDelete
  3. ටිකක් පැටලිලියි පලවෙනි පාර කියවනකොට . දෙවෙනිපාර යන්තම් ගොඩ :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.අපට කිමට අවශ්‍ය බොහෝ දේ යම් යම් හේතුන් මත සැඟවිම තුලින් අර්ථ දක්වන්නට සිදු වේ.

      Delete
  4. අපි පිටින් දකින රුදුරු ගතිය ආරක්ෂක අංශවල ඉන්න පුද්ගලයන්ගේ අභ්‍යන්තරේ නැති බව සැබෑවක්.

    මෙහි කියවෙන නායකයා කවරකේදැයි මට තාමත් පැටලිලි සහගතයි !

    ReplyDelete
  5. ඔබගේ දක්ෂ කම හඳුනා ගතිමි.

    ReplyDelete
  6. බොහොම ලස්සනට ලියලා තියෙනවා ගයනි.

    අර සැලියුට් එකක ගහන ෆොටෝ එක සැබෑවටම ඉතාම හොඳයි.

    ReplyDelete
  7. ඔබ ගැන දන්න කෙනෙක් ඔබ කියපු දේ ගැන සැක හිතන්නේ නැහැ. කොහොම උනත් සාරවත්ව හැගීම් ටික ලියල තියෙනවා.. අපි ඒ දෙදෙනාටම නිවන් සුව පතමු...

    ReplyDelete
    Replies
    1. මිනිස්සු කාරශා දෙස බලන විදිය හිතා ගන්නවත් බැ.ඒක නිසා ඒ අනුව අප හැඩ ගැසිය යුතු නේද?ඒ කෙසේ වෙතත් ඔබ කථාව හොඳ හැටි තේරුම් ගැනිම ගැන ස්තුතියි.

      Delete
  8. පැහැදිලි මඳි ගයානී,බොහොම දේවල් සැඟවීමෙන් කතාවේ මූලික රසයට හානියක් වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. Anonymous, we have to some time protect professional boundaries.. ethics.. she is very smart to to write protecting ethics.. without distorting the meaning of the story.. and the theme.

      Delete
    2. එයට කාලය අද නොවේ.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...