Saturday, July 27, 2013

ඇය හැඩ වුයේ අපේ වර්ණයන්ගෙන්ය.....


නොසිතු හමු විමක සුන්දර මතක සටහනක්

     මාතර නගරය පිහිටා ඇති ආකාරය සිත් ගන්නා සුළුය. එහි සංචාරය කරන අයෙකුට ඒ බව පසක් කර ගැනිමට හැකියාව ඇත. ඒ අතර ප්‍රධානතම තැනක් හිමි වන ස්ථානයක් පිළිබඳව සටහනක් තබන්නට මා හට සිතුණි. මාතර පුරවරය වර්ණවත් කරන තවත් එක් සුන්දර වර්ණයක් ලෙස පොල්හේන මුහුදු තීරය පෙන්වා දිය හැකිය. අසිරිමත් ලාලිත්‍යය විදහාපාන සාගරය විටෙක මුරන්ඩුය. විටෙක ගම්ගීරය. විටෙක නිහඬය. විටෙක දරුණුය. තවත් විටෙක ගුප්තය.
            එහෙත් සොඳුරු නිශ්කලාංක පරිසරයක පිහිටි පොල්හේන මුහුදු තීරය යනු දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දිනා ගත් සොඳුරුතම ගිමන්හලකි. එහි පිහිටිම හරි අපුරුය. තවද එම මුහුදු වෙරළ දිය නෑමට, කාන්සිය නිවා ගැනිමට මෙන්ම රසාස්වාදයටද ඉතාමත් කදිම තෝතැන්නකි. ඒකාකාරි දෛනික චර්‍ය්‍යවන්ගෙන් මොහොතකට මිදි එහි සුන්දරත්වය විඳිමට අවස්ථාව උදා කර ගන්නා ලෙස මම ඔබටද ඇරයුම් කරමි.
            මෙය සුවපහසු ලෙස ගිමන් නිවා ගැනිමට ඔබින ආකාරයට පිහිටා ඇති  වෙරළ තීරයකි. ලොකු කුඩා කාහටත් එක සේ ප්‍රිතී විය හැකි පරිදි ස්වභාවිකම නිර්මාණය වී ඇති ජල තඨාකයක් ලෙස හැඳින්විය හැකිය. එහි පිහිටිම මිනිසාගේ ම සුවපහසුව වෙනුවෙන්ම නිර්මාණය වි ඇත. ගැඹුරු සයුරෙන් වෙන් වු නොගැඹුරු මුහුදු තීරය අප වෙනුවෙන්ම සැදිපැහැදි සිටි. රිසි සේ ජල ක්‍රිඩාවන්හී නිරත විමටද අවස්ථාව සලසා ඇත. කරදිය නෑමෙන් පසුව පිරිසිදු ජලයෙන් ස්නානය කිරීමට පහසුකම්ද ඇත. ප්‍රීතිය දනවන්නන්ට පමනක් නොව තනිකම කාන්සිය ඇත්තන්ට වුවද තනිකම මකා ගැනිමට සහෘද බව ළඟා කරන තැනකි.
             
       තව දුරටත් එහි සුන්දරත්වය ගැන කථා කිරීමේදී  ගල්මල් හෙවත් කොරල් පර මෙම මුහුදු සීමාව තුල තිබුණත්, අද වන විට එවැනි වටිනා පරිසර පද්ධිති අපේම පුද්ගලයින්ගේ යම් යම් නොමනා ක්‍රියාවන් හේතුවෙන් නටබුන් බවට පත්ව ඇත. එවැනි පරිසර පද්ධති රැක ගැනිම අපේ වගකිමක් සහ යුතුමක් වේ.

තවද රිටි පන්න ධීවර කාර්මාන්තය ද මෙම ප්‍රදේශයේ සුන්දරත්වය වැඩි කරන අවස්ථාවකි. මෙහි පැමිණෙන සංචාරකයින්ට එයදැකිම විශේෂ මෙන්ම ආස්වාදජනක අවස්ථාවකි. එහෙත් එම කර්මාන්තයේ තිබෙන කටුක බව නිසාම අද වන විට එය අතහැර දැමිමට එම කර්මාන්ත කරුවන්ට සිදු වි ඇත. එහෙත්  සිරස් අතට සිටුවා ඇති ලීයක් මත තිරස් අතට බැදුන ලීයක් උඩ හිද බීලීපිත්තක් අතැතිව සිටින මිනිසා දෙස බලාගෙන අප හට භාවනාවකට සමවැදිමට හැකිය. එම දර්ශණය සිත්තමක් සේ පෙනෙන විට එය මගහැර  යාම මට නම් බොහෝ අසීරු කාරණයකි.

මේ සියළුම ප්‍රීති ලබා ගන්නා ගමන්ම තරයේ අප මතක තබා ගත යුතු කාරණා කිහිපයක්ද ඇත. ඒනම් නිරතුරුවම නොසැළිකිලිමත්කමින් සහ තමන් ගේ තරම නොදැන හිතුමතේට ඈත දියඹට පිහිනිමට යාමෙන් ඇති වන අවදානම් තත්ත්වය පෙන්වා දිය හැකිය. මීට අමතරව වෙරළාරක්ෂක නිළධාරින් විසින් ලබා දී ඇති උපදෙස් වලට  පටහැනිව තම අභිමතය පරිදි විනෝද විම අනතුරුදායකය. එම අවදානම් සහිත ස්ථාන අපහට පෙනෙන සේ සළකුණු දක්වා ඇති බැවින් එම ස්ථාන පසුකිරීමවත් ඒ ආසාන්නයට යාමෙන් වැළකි සිටිමටත් වග බලා ගත යුතුය. යෞවනය දඟකාරය. ඒ දඟකාරකම නොයෙකුත් අත්හදා බැලිම් වලට යොමු විම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් එය හැම විටම ගැළපෙන්නේ නැති බවට හොඳම නිදසුන මෙවැනි ස්ථාන වල දක්වා ඇති අනතුරු සහිත ස්ථාන තරණය කිරීම පෙන්වා දිය හැකිය. උපදෙස් කෙරෙහි තැකිමක් නොකිරීම හේතුවෙන් තම ජිවිත අහිමි කර පුද්ගලයින් බොහෝය. ඒ අතර උගත් නුගත් ලෙස වර්ග කිරීමකින් තොරව ආකාලයේ මුහුදට බිලි වි ඇති ජිවිත පිළිබඳව අවශ්‍ය නම් පෙන්වා දිය හැකිය. මා එසේ පැවසිමට හේතුව මෙවැනි අවස්ථාවන් වල වඩා වැදගත් වන්නේ දැනුවත්විම සහ ලබා දී ඇති උපදෙස් පිළිපැදිම පමණක් වන බැවින්ය. මේ අනතුරුදායක තත්ත්වයන් නිසාවෙන්ම අද වන විට සංචාරක ආකර්ශණය දිනා ගත්තද නිරුතුරුවම මිනිසුන් බිලිගන්නා ස්ථානයක් බවටද පත්ව ඇත. එම නිසා එහි දිය නෑමට යන පුද්ගලයින් ඒ පිළිබඳවද සැළකිලිමත්ව සිටිම වැදගත්ය. තවද පත්ව ඇති අවාසනාවන්ත සිදුවිම් හේතුවෙන් එම ස්ථානයේ  ජීවිතාරක්ෂක සේවාවන්ද ආරම්භ කර ඇත. මෙම සේවාව නිසාවෙන් ජිවිත රැසක්ද බේරා ගැනිමට මොවුන් සමත් වී ඇත.























අවසාන වශයෙන් පැවසිමට තවත් එක් කරුණක් ඇත. ඒනම්

පිය සටහනක් පමණක් ඉතිරි කොට මතකය පමණක් රැගෙන යන්න.

සංචාරයට ප්‍රිය පරිසරයට ඇලුම් කරන මිනිසෙකුගේ මහත්මා ගුණයත් එයම වේ.

36 Comments
Tweets
Fb Comments

36 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. පින්තුර බලද්දී නම් ආස හිතෙනවා යන්න

    ReplyDelete
    Replies
    1. පින්තුර බලද්දී විතරද?ඇයි සටහනට බය හිතෙනවද?

      Delete
  2. You write articles in range of topics... This one is about nature.. Some time you write about spiritual development. What even you write, it's very close to the heart of the reader. So, write in very simple way... You educate others, comfort our minds, give us relaxation while educating others.. Keep it up...Good work.

    ReplyDelete
  3. ගයානි මොකෝ නිවාඩුව ගතකලේ පොල්හේන පැත්තෙද

    ReplyDelete
    Replies
    1. ඔව්නේ මාස ගාණනකට පස්සේ ඒ පැත්තේ ගියේ.

      Delete
  4. මම ඔතෙන්ට ගිහින් තියෙනවා.. ඔහේ ඒ පැත්තෙයි....

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔහේ දන්නේ නැද්ද මං මාතර කියලා.ආයේ එනකොට කියලා එන්නෝ.බත් කටක් දිලම යවන්න බැරියැයි.

      Delete
    2. සොසිත් ඔය පැත්තේ...

      Delete
  5. ගාල්ලේ ඉදලත් මම දන්නෙ නෑනෙ මෙහෙම තැනක් කිට්ටුව තියෙන්වා කියලා.

    ReplyDelete
    Replies
    1. බොරු නේද?දන්නේ නැ කියන්නේ?

      Delete
  6. හපෝ මං නම් වැඩිය යන්නෙ නෑ.. මං අඳුරන 2නෙක් නැති උනා...
    මට නම් කොහොමත් පීනන්න බෑ :)

    ReplyDelete
    Replies
    1. එහෙම හිතන්න ඒපා.පිනාන්න බැරි උනාට වතුරට ටිකක් බැහැලා එන්න.යන්න ඒපා කියන තැන් වලට නොයා ඉන්න.

      Delete
  7. ලස්සනම සටහනක් හා සේයා රූ ටික.. දරුවෝ ආරංචියක් තියනවා ඒ ඇත්තද. කෝ අපට කේක්.

    ReplyDelete
    Replies
    1. අයියෝ කවුද ඔය බොරු ආරංචි කියන්නේ?ඒකට තව ටික දවසක් තියෙනවා.අනිවර්යෙන් අපියට,සුදීක අයියට කියනවා.

      Delete
  8. ලංකාවට ආපු වෙලාවක මේ කෙල්ලගෙ ගෙදරට ගොඩ වදින්න ම ඕනා.
    ඇඹුල් තියල් මාළු එක්ක බත් කටක් කන්න.

    ReplyDelete
  9. මාතර තවත් දේවල් තියෙනවා බලන්න යන්න. මම වෙන තැනකත් කියෙව්වා ඒ වගක්. ස්තුතියි දැනුවත් කලාට. ගොඩක් වටිනවා කරුණු ටික.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රතී.ඉඩක් ලැබුණොත් යන්න.

      Delete
  10. ලස්සනයි ලස්සනයි. මං නම් වෙරලක ලස්සන වැඩියෙන් දකින්නෙ උදේට සහ හවසට..

    ReplyDelete
  11. මාද ඇය රමණය කර ඇත්තෙමි අඩු ගානේ විසි වතාවක් වත්. ඇගේ ඇකයේ හිදිමින් ලද සුවය අපමණයි. රමණයට පෙර ඇති පදං රහ මෙර අරගෙන ඇතත්, කවදාවත්, බෝතල් පියනක්වත් එතැන දාලා ගියේ නැ.. අතිශයින්ම රමණීයයි..

    ReplyDelete
    Replies
    1. මළගෙදර ගිහින් සින්දු කීවා වගේ දේශකයෝ!!!

      Delete
    2. ටිකක් ඒ වගේ තමා නේද.. කෙල්ලට ලැජ්ජ හිතුනද මන්දා.. මම කීවේ නෑවයි කියන එක නේ. ඒක කොයි තරං මිහිරිද කියල තමා ඔය කියල තියෙන්නේ.. තැන්කුයි ඇනෝ ඔබගේ අදහසට...

      Delete
    3. මොකද්ද මේ දෙන්නගේ පටලැවිල්ල.

      Delete
  12. //පිය සටහනක් පමණක් ඉතිරි කොට මතකය පමණක් රැගෙන යන්න.// මේ කතාව කියද්දී යාළුවෙක් දවසක් කියුවා, “එතකොට ගෙදරින් අරගෙන එන දේවල් වලට මොකද කරන්නේ, තියල යන්නත් එපාලු, අරගෙන යන්නත් එපාලු“
    ඒකට මම දුන්න හොඳම විසදුම තමා, “ගෙදරින් එද්දී අමතර මොනවත් ගේන්න එපා.“
    මේ ලිපියට අදාලව නොවේ.
    ඔබ දවසක් ඇඹුල් තියල් ගැන ලියා තිබුණා. පුළුවන්නම් ඇඹුල් තියල් සකසා ගන්නා ආකාරය සදහන් කරන්න.

    ReplyDelete
    Replies
    1. නිර්මලාගේ ඉල්ලීම ඉක්මනින් ඉටු කරන්නම්.

      Delete
  13. පොල්හේන බොහොම ප්‍රියජනක තැනක් තමයි, නමුත් දැන් ඉතාම ජනාකීර්ණ වෙලා තියෙන්නේ.

    ගයනි මුහුදේ ෆොටෝ ගන්නකොට ක්ෂිතිජ රේඛාව ෆොටෝ එකට සමාන්තරව ගන්න උත්සාහ කරන්න. ඒ වගේම එය ෆොටෝ එකේ මාරි මැදට නොගෙන පහලින් හෝ ඉහලින් ස්ථානගත කරන්න.

    මගේ මේ පොස්ට් එක නැවතවතාවක් බලන්න.
    ඡායරුපයේ සැකැස්ම

    ReplyDelete
    Replies
    1. බෙහෙවින් ස්තුතියි අයිලාස් දැනුවත් කිරීමට.

      Delete
  14. මාවත් එක්ක යන්න.

    ReplyDelete
    Replies
    1. හ්ම්..එන්න කෝ එක්ක යන්න

      Delete
  15. ගයනි මාතරද, දැන්නෙ දන්නෙ.

    //තවද රිටි පන්න ධීවර කාර්මාන්තය ද මෙම ප්‍රදේශයේ සුන්දරත්වය වැඩි කරන අවස්ථාවකි. ......එහෙත් එම කර්මාන්තයේ තිබෙන කටුක බව නිසාම අද වන විට එය අතහැර දැමිමට එම කර්මාන්ත කරුවන්ට සිදු වි ඇත.//

    නෑ ගයනි. ඔය විදියට ගොඩබිමට ආසන්න නොගැඹුරු මූදෙ රිටිවල ඉඳන් මාළු අල්ලන්න මාළු ඉන්නෙ සාමාන්‍යයෙන් අවුරුද්දෙ එක කාලයකට විතරයි. මතක හැටියට ඔය අගෝස්තුවලින් පස්සෙද කොහෙද ඔය හරියෙ මාළු ඉන්න කාලෙ. ඒ කාලෙට ගොඩබිම ඉඳන් බැලුවම පේනව මූදෙ තැනින් තැන කළුපාටට මාළු රෑන් ඉන්නවා. එතකොට තමා ඔය කණුවක් ගෙනිහින් මූදෙ හිටවල ඔය විදියට හදාගන්නෙ, ඒත් කාලෙ ඉවර උනාට පස්සෙ ඔය හිටවපු කණු ගලවන් එන්නෙ නෑ. ඒ නිසා තමා ඒවා අත්හැරදාපු වගේ පේන්නෙ. අනික ඒ මාළු බාන අයගෙ එකඟතාවයකින් තමා දැල් දාන්නෙ නැතුව මූදෙ හිටවපු ඉන්නක් උඩ ගිනි අවුවෙ ඉඳන් අමාරුවෙන් රිටකින් බාන්නෙ. කාටවත් දැල් අදින්න දෙන්නෙ නෑ එයාලා. මොකද දැලක් දැම්මොත් මාළු රෑනම එක දවසින් අල්ලගන්න පුළුවන්. එතකොට එකදවසයි. අනික එහෙම ගොඩක් එක දවසෙ ඇල්ලුවම මාළු කුනු කොල්ලෙට දෙන්න වෙන්නෙ. ඒ නිසා මාස දෙක තුනක් හෙමි හෙමීට බානවා.

    මමත් ඔය හරියෙ හිටපු වයසක අන්කල් කෙනෙක්ගෙන් තමා සීන් එක හරියටම අහගත්තෙ. නැත්නම් දැල් දාන්නෙ නැත්තෙ ඇයි කියල මටත් හරියට වැටහීමක් තිබුනෙ නෑ.

    රිටිපන්න ධීවරයො විතරක් නෙවි, ඒ කාලෙට මුහුදු ලිහිනිත් හරියට ඉන්නවා. උන් උඩ පියාඹ පියාඹ ඉඳල එකපාරටම පහළට ඇවිත් කටින් මාළුවෙක් ඩැහැගෙන යන හැටි බලන් ඉන්න ලස්සනයි. හවස් වෙලාවක නිදහසේ ඒ දිහා බලාගෙන ඉන්න එක හරි අපූරු අත්දැකීමක්.

    ReplyDelete
    Replies
    1. ඔහේල මාතරට අදිනව නෙවද???

      Delete
    2. ඩිඩිටි ස්තුතියි මේ දැනුවත් කිරිමට.මම මාතර.ඩිඩිටි මාතරද?දේශකයා මොකද්ද ඒ කථාව?

      Delete
  16. මමත් තාම ගිහින් නැති තැනක් මාතර පොල්හේන බීච් එක. යාලුවොත් ඉන්නවා. එන්නත් කියනවා.ඒත් වෙලාව තමයි නැත්තේ.

    අපේ අය මෙවන් සුන්දර වෙරල තීරයන් බෝතල්, සිලිබෑග් වලින් අපද්‍රව්‍යවලින් විනාශ කරනවා.

    ReplyDelete
    Replies
    1. මෙවැනි ස්ථාන වල වැදගත් කම සමහරක් මිනිස්සුන්ට නොතේරෙන්නේ ඒ දේවල් වල අගයක් නැත්තේ ඇයිද මන්දා?

      Delete
Related Posts Plugin for WordPress, Blogger...