Monday, July 22, 2013

සුභ ඇසළ මංගල්‍යයක් වේවා!




     අපි හැම විටම වර්තමානයේ ජිවත් වෙමු. එය ජිවිතයට යහපතකි. අතීතය ඔබට දුන්  දුක් පිඩා තුල ඔබ තවමත් සිත නතර කර තැවෙනවාද? ඔබ ඒ ගැනම සිත සිතා දුක් වන්නේ නම් සැනසිම රැදී වර්තමානද ඔබට හිසරදයක් වන්නේය. වර්ථමානය අතීතය මෙන් කුරිරු නොවන්ට පුළුවනි. එහෙත් ඔබ තවමත් අතීත සිතැඟි තුල සිත රඳවා තිබේ නම්,වර්ථමාන සැනසිම ඔබට නොපෙනි යනු ඇත. එම නිසා හැම විටම වර්ථමානය ඔබට ලබාදෙන සැනසිම පිළි ගන්න ඔබේ සිත පිරිසිදුව නිරවුල්ව තබා ගන්නේ නම් මැනවි.
අනාගතයද එසේමය. ඔබ සැලසුම් කරන මාර්ගයට යාමට වර්තමාන මඟ නිසිලෙස විවර නොවන්නට පුළුවනි. එහෙත් ඔබේ ඉලක්කය සපුරාලිමට අවශ්‍ය  පුංචි දෙයක් හෝ වර්තමානයේ තිබේ නම් එය මඟ නොහැර ප්‍රයෝජනයට ගත යුතුය. එවිට ඔබ බලාපොරොත්තු වන  ඒ යහපත් සිතුවිල්ලට යාමට එතරම්ම අපහසු නොවනු ඇත. විඩාබර වු ජිවිතය නිවාලිමට සිසිලස සෙවිය යුත්තේ වර්ථමානයෙන්ය. මේ සියළුම කරුණු කාරණා අතර වැදගත්ම දේ නම් තමන් හැම විටම යහපත් සිත් ඇත්තෙකු විය යුතුය. වංචාව සිතේ තබාගෙන යන ගමනක් කිසිදිනක සඵල නොවන බව සිතට දැන්විය යුතුය. ඒ සඳහා නිතරම පරාර්ථකාමි මිනිසෙකු විමට උත්සහා කළ යුතුය.
පිංබර දිනයේ මා මෙසේ ප්‍රර්ථනා ගෙන එමි. මට මෙන් ඔබට මේලොව එළිය දකින්න මඟ විවර කර දුන් ආදරණීය අම්මාට තාත්තාට අපි කරන කියන යහපතේ බලයෙන් ඔවුන් සවිමත් වේවා!!!
ජිවිතය ලියන්න, දකින්න, විඳින්න උත්සහා කරන සියළුම දෙනාටත්,ජිවිතය නිසි ලෙස හසුරුවා ගැනිමට නොහැකි වි විඳවන සියළුම දෙනාගේද සිත් නිවි සැනසි ලෝකයාත් සමඟ යාමට අවශ්‍ය ශක්තිය ධෛර්‍ය නිරතුරුවම ඔබ තුල රැදේවා!!! යැයි මම හදවතින් ප්‍රර්ථනා ගෙන එමි!!!
12 Comments
Tweets
Fb Comments

12 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන



  1. සොදුරු ලියන්නි ......නුඹටත් සුබ ඇසල මංගලයක් වේවා!

    ReplyDelete

  2. ඔබටත් එසේම වේවා!
    දැන් හැමෝම වාගේ පොස්ට් පබ්ලිෂ් කරන්නේ යක්කු ගස් නඟින වේලාවට නේද? යක්කුන්ට කියවන්න ලියනවාද මන්ද....මමත් ඉතිං යකා වාගේ එකා හින්ඳා ඔන්න මහ රෑ(අකුර වෑරදිනම් සොරි හොඳේ!)ම ඇවිත් කියවලා කමේට් එකක දාලා යනවා.

    ReplyDelete
  3. වටිනා කියන සුභ පැතුමක්

    ReplyDelete
  4. දැන් සැම පෝයටම ගයනි ගෙන් පෝය පණිවිඩයක් ලැබෙනවා නේද

    ReplyDelete
  5. ඔබටත් එසේම වේවා!

    ReplyDelete
  6. සුබ ඇසල මංගල්‍යයක් ප්‍රාර්ථනය කරන ගමන්ම මේ දිනවල ඔබ ලහිලහියේ සූදානම් වන වාසනාවන්ත විවාහයටත් සුබ පැතුම් ගෙන එන්නම් මෙතැනින්ම.

    ReplyDelete
  7. ඔබටත් සතුටින් හා සැනසීමෙන් ජීවත් වීමට ශක්තිය ලැබේවා !...අරුත්බර දේ තව තවත් ලිවීමට ඔබේ නිර්මාණශීලී මනසට හා මිනිස්කමින් පිරි හදවතට ශක්තිය ලැබේවා ..!

    ReplyDelete
  8. බොහොම තුති මේ ප්‍රාර්ථනාවට....

    ReplyDelete
  9. අනුන්ටත් යහපතක් වෙන්න කියල පතන එක කොච්චර දෙයක් ද..

    ReplyDelete
  10. ඔබටත් එවේම වේවා !!!

    ReplyDelete
  11. සුභ පතමි,
    නමුත්,

    පිහිටක් නැති සරණක් නැති - සතුටක් ඇති මුහුණක් නැති
    මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ
    සිතට දැනෙනවා....
    බුදු හාමුදුරුවනේ....

    ReplyDelete
  12. ඔබ සිත උපන් මේ අදහස හැම සිත් රැව් දේවා..

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...