Monday, July 1, 2013

මම ඔබට ආයාචනා කරමි.




මම ලියු සටහන නොකිවුවත් කම් නැත. එහෙත් පහත තිබෙන ඡායාරෑප ටික නම් නොකියා සිටින්නට එපා.
උපත ලැබු දින සිට ගෙවෙන සෑම තත්පරයක්ම පහසු නොවනු ඇත. ජිවිතයට වසර එකතු කිරිම ඵල රහිතය. වැදගත් වන්නේ පසුවන සෑම වසරක්ම ජිවිතයට ඵල සහිත දෑ එකතු කර ගනිමින් තමන්ගෙන් සමාජයට වැඩදායක යමක් ඉටු කිරීමය.

මිනිසා යනු, මෙලොවට ලැබුණු මහඟු දායාදයකි. සෑම මිනිසෙකුම උපත්තියේදී උතුම් ජිවියෙකි. එහෙත් වැඩුණු පුද්ගලයෙකු බවට පත් විමත් සමඟම ඔහු හෝ ඇය පුරුදු පුහුණු වන චර්‍යා රටාවන් හේතුවෙන්, උපතින් ගෙන ආ ඒ උතුම් බව පරිහානියට පත් විමට ඉඩකඩ ඇත. තවද පෙර භවයේ එක්රැස් කරගත් පිනද, මේ භවය තුල අපි කරන්නා වු කර්‍යන් ගේ ඵලයෙන්ද, අප තුල පිහිටන ගති ගුණ වල එකතුව තුලින් යහපත් හෝ අයහපත් මිනිසෙකු නිර්මාණය විමට හැකිය.

අයහපත් සිත් ඇත්තෝ නිතරම ජය ගන්න ස්වභාවයක් ඔබටත් මටත් අද සමාජයේ දැක ගැනිමට තිබෙන විනිවිද ගැටළුවකි. මොහොතක් මේ පිළිබඳව සිතුවහොත් ඔබ උගත් ධර්මයට අනුව ඒ බව පසක් වනු ඇත. ජිවිතයක් ඇසුරු සැනින් අපට නොලැබේ. ඒ සඳහා පෙර භවයන්ගේ රැස් කළ පිං තිබිය යුතුය. දෙවියන් පවා අපෙන් පිං බලාපොරොත්තු වන්නේ එබැවිනි. එම නිසා පින යනු මහා බලගතු දෙයකි. අපි මේ භවයේ කෙතරම් පව් කලත් පෙර පිං වල තිබෙන ආයුෂ ප්‍රමාණය  හින වන තෙක් මමයි රජා වගේ ජිවත් විය හැකිය. එම භවයන්හි රැස් කළ පිං හින විමට මේ භවයේ අපි කරනා අකුසල් බොහෝ දුරට බලපානු ඇත. පෙර පිං බලය බලගතු නම් සමහරක් විට මේ භවය නිමා වන තෙක්ම අකුසල් එක්රැස් කරගත හැකිය. එය මා දකින සත්‍යයකි. වැරදි කරන අයට මම අනුකම්පා කරන්නේ ඒ නිසාවෙනි. බීරි මිනිසුන්ට විණා වාදනය කිරීම නිශ්පල වෑයමකි.

අවුරුදු 32 ක් වැනි දිගු කාලයක් තුල මම පසු කර නොයෙකුත් කටුක බාධක අඟ හිඟකම් පිළිබඳව අද දිනයේ ඉතාමත් නිහතමානිව සිහිපත් කරමි. ඒ සිහිකිරිම මගේ හෙට දවස සාර්ථක කර ගැනිමට මිස පසුතැවිමට නොවන බව කිව යුතුය.

අපි කෑ කෝ ගසා ලබා ගැනිමට වෙහෙසෙන්නේ මොනවද? එහෙත් අපට කරන්නට තිබෙන යුතුකම් නම් කොතෙක් ඇත්ද? අනවශ්‍ය ප්‍රිය සම්භාෂන සඳහා අපි කොතෙක් නම් මුදල් නැති නාස්ති කරයිද? එහෙත් ඒ නාස්ති කරන මුදල් වලින් අසරණ ජිවිත කීයක් නම් ගොඩා ගැනිමට හැකිද?ඔබේ සල්ලි ඔබට උවමනා පරිදි පරිහරණය කිරීමට හැකිය. එහෙත් මොහොතක් සිතන්න.
බලන්න,මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

බලන්න මොහොතක් සිතන්න

ජුනි මස 30 වන ඉරිදා ලංකාදීප පුවත්පතේ හඳ සලිත කරවන ලිපියක් තිබුණි. මගේ ජිවිතයේ වටිනාම දිනයකි අද. මගේ අතේ ඒ මොහොත වන විට රුපියල් 500 ක මුදලක් තිබුණි. එම සුළු මුදල
මීගහකිවුල
ලංකා බැංකුව,
ගිණුම් අංක 7020621 දරණ ගිණුම වෙත
2013 ජුලි මස 01 වන දින බැර කරන ලදී.  
මගේ උපන් දිනය ඒ ආකාරයෙන් සැමරිමට ලැබිම මට මහත් සතුටකි.
31 Comments
Tweets
Fb Comments

31 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ලස්සනයි නගෝ, කොහෙන්ද මේවා හොයාගත්තේ.

    බොහොම හොදයි

    ReplyDelete
    Replies
    1. මටත් අහම්බෙන් කියවන්න ලැබුණේ.

      Delete
  2. nangooooo, oya ada dawase kaladee mama godak agaya karanawa.mokada ada kale tamange amma taththatawath salakana kalayak newei . ada meewa hema thenama ahanna lebena sulaba siddin. ee wage kalayaka oyage upan dinaya wenuwen mee wage parithyagayak karanna yomu una eka gena mama mulu hadawathinma oyawa agaya karanawa. oyata dewiyan wahansege ashirwadaya nomadawa lebewi. mee kala kriyawata.

    ReplyDelete
    Replies
    1. මම කෙක් ගෙන්න කියලා මගේ යළුවෙක්ට දුන්න රුපියල් 500 තමයි බැංකු නම්බර් එක එස්එම්එස් කරලා දාන්න කිව්වේ.මම පත්තරය බැලුවේ ඒ මොහොතේ.

      Delete
  3. කමෙන්ට් නොකලට අපි ඇවිත් යනවා බං

    ReplyDelete
  4. පුවත් පතින් මම ඒ ලිපිය බැලුවා.

    ස්තුති !

    ReplyDelete
  5. උබට සුබ උපන්දිනයක්..අර්ට්වට් විදිහට උපන්දිනය සමරලා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංජිව.මෙක අපට හොද පාඩමක්.මම ඔය කෙක් ගෙන්න දුන්න රුපියල් 500 තමයි එහෙමම කෙක් ගෙන්නේ නැතිව බැංකුවට බැර කරන්න කිව්වේ.

      Delete
  6. බොහොම හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. රාජ් බොහෝම ස්තුතියි ඔබටත්.කල්පනා කරලා බැලුවොත් අපි අතින් සිදු විය යුතු දේ බොහෝය.

      Delete
  7. ඔබේ අදහස් මෙන්ම කල සත් කාර්යද අගය කරමි.

    ReplyDelete
  8. මනුස්සකම අගයන ඔබ වැනි අය තමයි ගයනි මේ රටට අවශ්‍ය වන්නේ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයිලස්.අපිට මේ වගේ බොහෝ දෙවල් මඟ ඇරෙන්න ඇති.

      Delete
  9. අමුනුස්සයන් ප්‍රසිද්ද වෙද්දී මනුස්සයෝ හැංගිලා.

    ReplyDelete
    Replies
    1. අසරණයා ඔබටත් ස්තුතියි.

      Delete
  10. පළමුව ඔබට සුබ උපන් දිනක් වේවා. පසු වුණාට සමාවෙන්න. මූණු පොතෙන් නම් සුබ පැතුවා එදින. ඒ වගේම මේ උපන් දින සැමරුම හදවතට සැහැල්ලුවක්ම වේවි. සදා සිහිවටනයක් වේවි. කර ඇත්තේ උතුම් පින්කමකි.
    අර පොටෝ දාන්න වෙහෙසුණ වෙලේ ලංකාදීප ලිංකුව දැම්මනම් හරි නේද?

    ReplyDelete
    Replies
    1. මට ලින්ක් එක හොයා ගන්න බැරි උනා නලින් අයියේ.ඔව් ඇත්තටම මේ උපන් දිනය මට අමතක වෙන්නේ නැ.හදවත සැහැල්ලු උනා අලුත් පාඩමකුත් ඉගෙන ගත්තා.

      Delete
  11. සුබම සුබ උපන් දිනයක් ගයනි නංගි. උපන් දා කල මේ සත්කාරය අපි ද අනුමෝදම් වුනෙමු. ඔබේ සංවේදී හදවත අගයමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දි අක්කේ.

      Delete
  12. ගයනි නංගියාට සුභ උපන් දිනයක් වේවා..!!
    ඕව මට සාමාන්‍ය දේවල්.
    මොකද මම පන්සිල් ගන්නවට වඩා කන කෑම එක කුසගින්නෙ හිටින කෙනකුට දීල වතුර වලින් මගෙ බඩ පුරව ගත්ත වෙලාවල් තිබුන.
    අද මම විදින සතුටු දිවියට පන්සිල් වලට වඩා,හැකි හැම විට නොහැකි අයට හැකි අයුරින් උදවු කිරීමයි කියල මා හිතනව

    ReplyDelete
    Replies
    1. හරියටම හරි කෙන්ජි අයියා.... මොනතරම් කටින් උපාසක වුණත් වැඩක් නෑ ප්‍රායෝගික දෙයක් තරම්.

      Delete
    2. මමත් පෝයට පන්සල් නම් යන්නේ අඩුවෙන්.කෙන්ජි අයියා කියන කථාව ඇත්ත.තවත් බඩගින්දරක් දැනෙන්නේ පිංවන්ත මිනිස්සුන්ට විතරයි.

      Delete
  13. සුභ උපන්දිනයක් ගයනි! උපන්දිනේ දවසේ ඔයා කරලා තියෙන්නේ බොහොම අර්ථවත් වැඩක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනළි.අහම්බෙන් මට කරන්න ලැබුණේ.හොඳ පාඩමක් අපට.කෙක් කෑව නම් එක ඉවරයි.එත් මේ වගේ දෙයක් කරාම හිතට දැනෙන සැහැල්ලුව කියලා නිම කරන්න බැ.

      Delete
  14. ඇත්තටම අක්කේ ඔවැනි සටහන් දකිනකොට හිතෙනවා අනේ ඒ වෙලාවට අපි දුප්පත් උනේ ඇයි කියල ලංකාවේ ඉන්න සම හරක් නයිට් ක්ලබ් ගිහින් පිස්සු කෙලින්න වියදම් කරන සල්ලි දවසකට ඉතුරු කලොත් මවැනි ජීවිත කීයකට සහනය දෙන්න පුලුවන්ද

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කෝරලේ මල්ලී.ඔව් සහතික ඇත්ත.

      Delete
  15. හැමෝම මේ විදිහට හිතනවානම් ලෝකේ තව ලස්සන තැනක් වේවි....

    ReplyDelete
    Replies
    1. ඔව් අපට පුළුවන් දේ අපි කරන්න ඕන අපට පුළුවන් විදියට.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...