Saturday, June 22, 2013

බැතිබර පොසොන් මංගල්‍යයක් වේවා!



  • මිහිදු මහා රහතන් වහන්සේ ප්‍රමුඛ ඉට්ඨිය,උත්තිය,සම්බල,බද්දසාල යන රහතන් වහන්සේලාත්,ෂඩ් අභිඥාලාභී සුමන සාමනේරයන්ද,භණ්ඩුක නම් අනාගාමී උපාසකවරයා යන පිරිස උතුම් නිර්මල ධර්මය රැගෙන ලංකාවේ මිස්සක පව්වට වැඩමකර බු:ව 236 දී ලක්දිව බුදුසසුන පිහිටුවීම.
  • ලක්දිව ප්‍රථම මහණ උපසම්පදාව වන භණ්ඩුක උපාසක මහණ උපසම්පදාව සිදුවීම.
  • බුදු වී සිව්වන සතියේ බුදුරදුන්ගේ ශරීරයෙන් ප්‍රථම වරට සවනක් ඝණ බුදුරැස් විහිදීම.
පිංබර පොසොන් මංගල්‍යයක් වේවා!

මගේ දෙමව්පියන්ට ,ඔබගේ දෙමව්පියන්ට ,මම ඔබ ආදරය කරන අනෙකුත් සියළුම දෙනාටත් ඔබට මට ආදරය කරන සියළුම දෙනාටත් බැති බර පොසොන් මංගල්‍යක් වේවා! ජිවිතයේ අරුත වටහාගනිමින් යහපත් ලෙස, අනෙකුත් සත්වයන්ට අවැඩක් සිදු නොවන පරිදි ජිවන ගමන අවසන් වන තෙක් සැහැල්ලුවෙන් සහ නිදුක් නිරෝගි බවින් යුක්තව ජිවත් විමට ශක්තිය ධෛර්‍ය අප සියළුම දෙනාට  ම ලැබේවා!
16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ගයනිටත් මේ කියන සම්පත්තීන් ලැබේවා !!!

    ReplyDelete
    Replies
    1. ඔබ වැනි කෙනෙකුගෙන් එවැනි අශිර්වාදයක් ලැබිම භාග්‍යයක් කොට සලකමි.මොකද මම හිතනවා අයියා කාහටවත් කරදරයක් නැතිව ජිවත් වෙන සුන්දර මනුෂ්‍යෙයක් කියලා.

      Delete
  2. තුවක්කුව රැදී දැතකින් සැමදාම පෝ දිනට වගේම නිතරම වගේ ඔබෙන් ලැබෙන්නේ අපට අගනාම ඔවදන් හෝ අගනාම ලිපි. ඒ දෑත් අතර සිටිනා සංවේදී තැනැත්තිය ගේ හදවත ගැහෙනා රාවට අපට දැනේ. ගයනි ඔබටත් වාසනාවන්ත පින්බර අනාගතයක්.

    ReplyDelete
    Replies
    1. සුදීක අයියා වගේම නලින් අයියාත් සුන්දර හිතක් ඇත්තෙකු බව දනිමි.ඔබේ ආශිර්වාදයත් එසේම බැතිබරව භාර ගනිමි.

      Delete
  3. ගයනි ගැන තව විස්තර ටිකක් කියන්න බලන්න මට..වැඩි යමක් දන්නේ නැහැ ඔයා ගැන...ගයනිටත් සුබ පතනවා..තව විස්තර ටිකක් හොයාගෙන පල කරනම් වටිනවා පොසොන් පොහොය ගැන..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පිං ඔබටත්.

      Delete
  4. නංගී, සොඳුරු හිතක් , පින්බර සිතක් , හිමි ඔබට මේ පොසොන් පොහෝ දින කුසල් පිරේවා!

    ReplyDelete
  5. අක්කටත් පින්බර පොසොන් මංගල්‍යක් වේවා!

    ReplyDelete
    Replies
    1. කෝරලේ මල්ලී කොහේද ගිහිං හිටියේ.මල්ලීටත් පිං.

      Delete
  6. ඔබටත් පින්බර පොසොන් දවසක් උදා වේවා!!

    ReplyDelete
  7. ඔබටත් පින්බර ‍පොසොන් මංගල්‍යයක් වේවා !

    ReplyDelete
  8. පමා නොවන්න, ධර්මයෙහි හැසිරෙන්න, ධර්මයෙහි හැසිරෙන අය මෙලොවදිත් පරලොවදිත් සුවසේ වෙසෙයි. (ධම්මපදය)
    ඔබටත් එසේම වේවා...

    ReplyDelete
  9. ශාසනික කරුණු ඉදිරිපත් කරමින් පොසොන් පොහොයට ආශිර්වාද කළ ඔබටත් තෙරුවන් සරණයි.. මම නම් ආවෙ ඔන්න පොහොය පහුවෙලා...

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...