Monday, June 10, 2013

නිමා නොවන සිරිලක සුන්දරත්වය


     සෝබා අයිලන්ඩ් (Sober Island) යනු ශ්‍රි ලංකාවට අභිමානයක් ගෙන දුන් තවත් එක් උරුමයකි. ඵෛතිහාසික වශයෙන් ජාතික වස්තුවකි. සාමුද්‍රිය වශෙයන්ද අපට තිබෙන වැදගත්ම පුරාවස්තුවකි. තවද ත්‍රිකුණාමලය වරායටද ඉතා වැදගත්කමක් ලබා දිමට මේ කුඩා දුපතට හැකි වි ඇත. තවද එහි භුගෝලීය පිහිටිම සෝබා අයිලන්ඩ් දුපතට මහත් වටිනාකමක් ගෙන දි ඇත. එය  වරාය කටයුතු සඳහා අත්‍යවශ්‍ය වු පිහිටිමකි. එහි පිහිටිම සෑම අතකින්ම අනර්ඝය. ඒ බවක් අතීතයේ අපේ ඇත්තන්ට වඩා අපි යටත් කර ගැනිමට පැමිණි සෑම ජාතීයක්ම දැන සිටින ලදි. බටහිර ආක්‍රමයන්ට එදා මෙන්ම අදත් අපි නතු වෙමින් පවති. ඔවුන් අපේ රටෙන්  නික්ම ගියද අපේ රට පිළිබඳව ඇති කරගත් කෑදරකම නම් පහව ගොස් නැති බවක් පෙනෙන්ට තිබෙන කාරණාවකි.  ඒ කෑදරකම තව තවත් බලාපොරොත්තු සහිත සිහිනකයක් බවට පත් කරලිමට අපි ලබා දුන් සහ තවමත් ලබාදෙන සවිය නම් පාපයකි.




එදා ඔවුන් භාවිතා කර ටෙනිස් පිටිය












වර්ථමානයේ දෙපැත්තකට බෙදී අපි අපිම  ඇණකොටා ගනිද්දී එහි වාසිය සහ ලාභය සම්පුර්ණයෙන් විදේශීය බලවේගයන් වෙත ලැබෙණු ඇත. අපේ රට පිළිබඳව කැක්කුමක් අපට නැත. එහෙත් මේ රටේ පිහිටිමේ ඇති වැදගත්කම විදේශිකයින් අධ්‍යයනය කර හමාරය. එම නිසා ඒ උගුසු ඇස් නිරන්තරයෙන් මෙරට සිදුවෙන සෑම සිදුවිමක් දෙසම යොමු කර ඇත. අසරණ වු ලක්මතාව විජාතීයන්ගේ කෙණහිලිකම් අදත් ඉතාමත් ඉවසිමෙන් දරා ගනිති. ඒ ඇගේ නිහමානිකමය. ඈ හැදිච්ච විදිය වේ. ඒ විදියට හැදෙන්න අපි අපොසත් විය. ඒ සියල්ලම ඉවසා සිටියත් ඇය දුක් වන්නේ මෙරට ඉපදී මෙරට විදේශිකයින්ට පවා දෙන ශ්‍රි ලාංකීකයන් පිළිබඳවය. මහත් කරුමයක් සහ අපලයක තවමත් ලක් මතාව ගෙවමින් සිටින්නීය. අද ඉපිද හෙට මැරෙන යන සිතුවිල්ලක සිට අපි මෙ ගෙවන ජිවිත කෙතරම් නම් අභාග්‍ය සම්පන්නද? රටට කුමක් වුවත් මම ජිවත් වන කාලය මට සුරපුරයක් කර ගැනිමට හැකි පරිදි ඕනෑම තීරණයක් ගන්න පුළුවන් මනසක් සදාගෙන ඇත.

මේ රටේ උරුමයන් දැක ගැනිමේ විශාල කැමැත්තක සහ සිහිනයක සිටින මා, එම සිහිනය විටින් විට සෑබැ කර ගැනිමට උත්සහා කරන්නෙමි. ඒ සිහිනය සැබෑ වු තවත් එක් අවස්ථාවක් ලෙස සෝබා අයිලන්ඩ් වෙත පා තැබු දිනය හැදින්විය හැකිය. එය මම අඩම්බරයෙන් යුතුව සිහිපත් කරන්නෙමි.

සෝබා අයිලන්ඩ් දුපතේ වැදගත්කම කාලයෙන් කාලයට වෙනස් වේ. එල්.ටී.ටී.ඊ යුධ සමයත් සමඟ වෙරළ ආරක්ෂා කිරීමේ ජාලයක් ලෙස භාවිතා කරන ලදි. තවද එහි පිබිදිම සිදු වි ඇත්තේ මිට වසර 400 කට පමණ ප්‍රථමය. ප්‍රංශ ජාතීකයින්ට රාජසිංහ රජු විසින් 1672 මැයි මස 28 වන දින මෙම ගාම්භිර දුපත ඇතුළු තවත් වටිනාම සම්පතක් වු ත්‍රිකුණාමලය වරායද ගිවිසුමකින් ලියා දෙන. විජාතීන් හට ත්‍රිකුණාමලය වරාය  අත්පත් කරගැනිම සඳහා විශාල ලෙස උපකාරි වු දුපතක් ලෙසද මෙය හැදින්විය හැකිය. ඒ වගේම ඔවුන්ගේ නාවික කටයුතු, භට පිරිස් සහ භාණ්ඩ ප්‍රවාහනය කිරීමේදී අතර මැදි කඳවුරක් ලෙසද, භට පිරිස් රඳවා තැබිම,  සැපයුම් මධ්‍යස්ථානයක් සහ බර අවි ස්ථාන ගත කිරීම සඳහාද මෙම භුමිය යොදා ගෙන ඇත. දෙවන ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය ජාතීකයින්ගේ පෙරදිග නිවාසය බඳු වි ඇත. බ්‍රිතාන්‍ය ජාතීකයින් විසින් වරින් වර නිපද වු නව බර අවි  නැවත නැවත මේ ස්ථානයේ ස්ථාගන ගත කොට ඇත. මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙසද මේ ස්ථානය භාවිතා කර ඇත. විටෙක ලන්දේශින් විටෙක ඉංග්‍රිසින් මේ භුමිය අත්පත් කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරා ගෙන ඇත.  ඔවුන් මෙරට යටත් කර ගැනිමට මුලික සැකසුම් සැකසු තවත් එක් භුමියක් ලෙසද මෙම කුඩා දුපත හැදින්විය හැකිය. එකල සිංගප්පුරුවේ බිඳවැටිමත් සමඟ මෙහි වටිනාකම තවත් වැඩි වි ඇත. බ්‍රිතාන්‍ය ජාතිකයින් ජපානයත් සමඟ  යුද්ධය කිරීමේදී මෙම භුමිය වඩාත් ප්‍රයෝජනයට ගෙන ඇත. 1942 දී ජපානය විසින්ද මෙම දුපත ආක්‍රමණය කර ඇත. තවද ආතීතයේ ලාදුරු රෝගින් මෙම දුපත තුල රඳවා තබා ඇත. වර්තමානයේ  අපි භාවිතා කරන සමහරක් තක්ෂණික ක්‍රම ඔවුන් විසින් එදා යොදා ගනිමින් මේ භුමියේ නොයෙකුත් ක්‍රියාකරම් සිදු කොට ඇති බවට සාක්ෂි අදට ඉතිරිව ඇත. එම ස්ථානයට පා තබන ඕනෑම කෙනෙකුට ඒ බව දැක ගැනිමට පුළුවනි.

 ඒ භුමිය තුල ගත කරන කාලය ගතටත් සිතටත් මහත් සිසිලසක් ඇති කරයි. 

ඔබට අවශ්‍ය තවත් විස්තර මෙතනින් ලබා ගන්න.


26 Comments
Tweets
Fb Comments

26 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අනේ මටත් මේකට යන්න තියනවා නම්, අපිව එක්ක යන්න බැරිද ඕක බලන්න.

    ගොඩක් ස්තුති නගෝ අපිට මේ වගේ දේවල් කියලා දෙනවට

    ReplyDelete
    Replies
    1. අඩේ මන් නේද පළවෙනියා .

      හුරේ

      Delete
    2. යං යං.හැමදාමත් එක තමයි.

      Delete
  2. ඔන්න ඔයා අපිට සංචාරය කරන්න පුළුවන් තවත් තැනක් පෙන්නුවා. හැකි ඉක්මනින් යන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉක්මනින් යන්න ලැබේවා!

      Delete
  3. මරු තැනක්නේ.. මෙතන්ටනම් මම ලංකාවට ආවම යනවමයි..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ආවම කියන්න.ඔයාලා දෙන්නටම යා හැකිය.

      Delete
  4. හරි යන් නෑ මෙහෙම ඉදලා. මාත් යන්න ඕන බලන්න මේක.

    ReplyDelete
  5. ලස්සන තැනක්.... තාම ඔය උතුර නැගෙනහිර පළාත් වලට යන්න බැරි උනා.

    ReplyDelete
    Replies
    1. ෆොටෝ ගන්නත් නියමයි.

      Delete
  6. රාජකාරියේ ඉන්න ගමන්ම ඔවුවා දකින්නත් පින් කරලා තියෙන්න ඕනෙ.. නැද්ද මං අහන්නෙ ?

    ReplyDelete
    Replies
    1. මක්ක කථාද.පන්කාදු පහයි කථාව නම්.

      Delete
  7. හරිම ලස්සන පරිසරයක්. කවද හරි යන්න ඕන කියල හිතාගෙන ඉන්න තැන් වලට මේ තැනත් ඔන්න එකතු වුනා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ඉක්මනින්ම යන්න ලැබේවා!

      Delete
  8. යා යුතුම තවත් ලස්සනම තැනක් තවත් විසිතරත් එක්කම දැම්මනම් හරිම වටිනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
  9. ගිහින් බලන්ට වටිනවා,, මට මතකයි මේ ගැනද මන්දා තව විස්තර වගයක් නලීන් අංකල් දවසක් දාලා තිබ්බා,, ප්‍ර‍ශ්නේ තියෙන්නෙ මම රස්නෙ පැති වලට යන්න කැමති නෑනේ.. O.o

    ReplyDelete
    Replies
    1. වැඩි විස්තර මම පහළ දිලා තියෙන ලින්ක් එකෙන් ගන්න අයියා.

      Delete
  10. වටිනා විස්තරයට ස්තූතියි නංගි. ලස්සන දූපතක්. ලංකාවේ අපි නොදැකපු තැන් කොච්චර තියෙනවා ද?

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා අපි නොගිහිපු තැන් කොච්චර තියෙනවද?

      Delete
  11. පින්තූර ටික දැක්කම නම් යන්න ආස හිතෙනව. ස්තුතියි විස්තරයට..!

    ReplyDelete
    Replies
    1. පින්තුර වගේම තමයි චන්දන ගියාම ඒ සුන්දරත්වය දකින්න පුළුවන්.

      Delete
  12. ලස්සනයි නේ

    ReplyDelete
    Replies
    1. ඔව් මගේ රට ගොඩාක් ලස්සන රටක්.

      Delete
  13. ඔබගේ ලිපිය කිසියම් දේශපාලනික විග්‍රහයකට බරවී ඇති බව පෙනෙනවා. කොහොම උනත් ඒ දැක්ම හොඳයි. මෙම ස්ථානයට සංචාරයක් කිරීමට අවස්ථාවක් ඉදිරියේදී ලැබේවි කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනින්ම යන්න ලැබේවා!

      Delete
Related Posts Plugin for WordPress, Blogger...