පුංචි
කාලයේ මුද්දර එකතු කරනවා සේ මම ඩොල්ෆින් ගේ පින්තුර එකතු කරන ලදි. සත්ව ලොකයේ සිටින
සත්වයින් අතරින් සිතටත් හදවතටත් වඩාත් කිට්ටු බවක් දැනුන සත්වයෙකි මට මොවුන්. පුංචි
කාලයේ සිට ම මම පින්තුර එකතු කරමින් අස්වාදයක් මෙන්ම සතුටක් ලැබුවෙමි. මෙම සුරතලා සජිවිව
දැක ගැනිමට ලැබිම මම ලැබු මහත් භග්‍යය කි. මෙම සුන්දර සත්වයින් තෙවතාවක්ම දැක බලා
ගැනිමට මට හැකිවිය. ඇස මායිමට මෙම සුහදශිලි සත්වයා පෙනෙන විට සිතට ප්රබෝධයක් ඇති
විය.
ඩොල්ෆින්
යනු සමාජශිලි සත්ව විශේෂයකි. ඔවුන් ඉක්මනට සුහදශිලි විමට කැමති සත්වයෙකි. ‘විසිල්’
ශබ්දය ඔවුන්ට ඇසෙන විට ශබ්දය ඇසෙන දිශාවට වේගයෙන් ඇඳි එයි. පෘථිවිය මත සිටින විශාලම හා ඥානාන්විත
සතුන්ය. බොහෝ
සේ ලෙන්ගතු මොවුන් හැමෝම එකටම සිටිමට කැමැත්තක් දක්වයි. අසාමාන්‍ය හැඟීම් ඇති සත්ත්වයන් අතරෙන්
ඩොල්ෆින් සත්වයා මිනිසුන්ගේ ජීවිත බේරාගත් අවස්ථා ඇත. ඒ අතරින් දෙවන ලෝක යුද්ධයේදී මුහුදු
බත්වූ නාවිකයින් පිරිසක් බේරා ගනිමින් පාරුවක තබා වෙරළ තෙක් තල්ලුකර දැමීමේ සිද්ධිය ඔබ
දන්නවා ඇත. මිනිසා මිනිසා නැති කරන ලොකයක මිනිසා බේරා ගැනිමට ඔවුන් උත්සාහක යෙදිම මිනිසාට ද වැදගත් පාඩමකි.
ඩොල්ෆින්
යනු මත්ස්‍ය යෙකු නොවන අතර අපි වගේම ක්ෂිරපායි සත්වයෙකි. ඒ වගේම ඔවුන් පැටව් රැක
බලා ගැනිමට පසුබට නොවන ජාතියකි. මොවුන් ඉතාමත් බුද්ධීමත් සහ මිත්‍රශිලි සත්වයෙකි.
සජිවි දකින විට සිතට මහත් ප්රෙබෝධයකි. |
තුවාල වු තල්මසෙකි |
ගොඩබිම පෙනෙන ආකාරය |
රු මස්සල පන්සල |
ප්‍රදීපාගාරය පෙනෙන අයුරු |
නිල් තල්මසෙකු |
වෙළඳ නෞකාවකි |
ඩොල්ෆින්
සත්වයෝ වර්ගයා බෝ කිරීම ආරම්භ කරනුයේ වයස අවුරුදු හතරක් පිරුණු කල්හි ය. නමුත් මත්‍යසයින්
නම් පළමු අවුරුද්දෙදීම වර්ගයා බෝ කිරීමට පටන් ගනි.
ගැහැණු ඩොල්ෆින් කෙනෙකුට පැටවෙකු බිහි කිරීමට
වරම් ඇත්තේ අවුරුදු තුනකට එක් වරක් පමණි. මුළු ජිවිත කාලයටම පැටවුන් එකළොස් දෙනෙකු
බිහි කරන විට මත්ෂ්‍යයින් එක් අවුරුද්දකට ලක්ෂ 10 ක් මුදා හැරිමට සමත් වෙයි.
ඩොල්ෆින් ජනගහනය ඉතාමත් කුඩාය.
ශ්‍රී ලංකීකයින් වන අපි මහත් වාසනාවන්තය . එ මන්ද
යත් අපට මෙම සත්වයින් සියැසින් දැක ගැනිමට හැකියාව ඇති බැවිනි. කල්පිටිය මෙන්ම
මිරිස්ස මුහුදු සීමාවේ මොවුන්ම වැඩි වශයෙන් දැක ගැනිමට හැකිය.
රැකගතයුතු ජීවී සම්පතක් වන ඩොල්ෆින් මින්සුන්
දඩයම් කිරීම දිගටම කරගෙන යති. සාගරය මුදාහරින ලෝහ, ප්ලාස්ටික් සහ විවිධ අපදුව්‍ය නිසාද ඩොල්ෆින්ට වන හානිය සුළු පටු
නොවේ. පව්
සිත් ඇති නොකරගෙන මොවුන් දැකිමෙන් පමණක් සැහිමකට පත් විමට අපි වගබලා ගත යුතුය. ඩොල්ෆින්
මැරිම නීතිවිරෝධි ය. තවද ඔබ එවැනි වැරැද්දක් සිදු කළහොත් අවුරුදු පහකට සිර ගත විම
සහ විශාල දඩ මුදලක් ගෙවිමට ද සිදු වෙයි.
ජිවිතයක් නැසිම වෙනුවෙන් ලැබෙන දඬුවම ප්‍රමාණවත්ද?එය
පමණක් ඇත්ද?
මාර හුරතල් සත්තු ජාතියක්..... ඈ ගාල්ලෙ මූදෙත් ඉන්නවද ?
ReplyDeleteතල්මස්සුත් මුන් වගේමයි.. ඒත් උන්ට වඩා මුං හුරතල්
ඔව් යසිත් මිරිස්ස පැත්තට වෙන්න මේ සුන්දර මත්‍යසයා දැක ගැනිමට හැකිය.
Deleteකල්පිටියේ ඉන්නවා කියලා නම් දන්නවා,, මිරිස්සෙත් ඉන්නෝද? O.o
ReplyDeleteඔව් ශම්මි නංගියෝ මිරිස්ස මුහුදු සිමාවේ ගත්ත ෆොටෝ තමයි මම ඔය දැම්මේ.
Deleteඩොල්ෆින් කතා මාත් කියවල, බලල තියනවා. උන් ආහාර සොයා ගන්නට දඩයම් කරන්නෙත් කණ්ඩායම එකතු වෙලා නේද.. හැසිරීම් බලා ඉන්න ආස හිතෙන සතුන් වර්ගයක්. අර විසිල් නාදය උනත් සාමාන්‍ය සත්ත්ව හඬකින් එහා ගිය භාෂාවක් වගේ එකක් කියලත් කියනවා.
ReplyDeleteඔව් චන්දන.
Deleteමිනිසාට පස්සේ මනසින් දියුණුම ඩොල්පින්ලානේ..
ReplyDeleteස්තුතියි මල්ලී මේ පැත්තට ආවට.
Deleteඩොල්ෆින් මනුස්සයාගෙ හොඳම හිතවතා උනත් මනුස්සයා එයාගෙ දරුණුම සතුරා..
ReplyDeleteඑක නම් ඇත්ත.
Deleteඔවු. අද මෙම සත්ව කොට්ඨාශයද අපේ මිනිසුන්ගේ ආක්‍රමණයට, තරුජනයට ලක් වී තිබෙනවා. එමෙන්ම මා අසා ඇති පරිදි අලියා ලඟට හෝ අලියාට පෙර දියුණූ මනසක් මෙම සත්වයාට පිහිටා තිබෙනවා.
ReplyDeleteඅද සමහරක් මිනිස්සුන්ට නිර්මලා කියන වැදගත්කම වැදගත් නැත.ඔවුන්ට අවශ්‍ය විනෝදය පමණයි.
Deleteමිරිස්සේ ඉන්නවා කියලා දැනගත්ත අද. ඉතාම වටිනා සටහනක් ගයනි. මම හරි අසාවෙන් ඉන්නේ මේගොල්ලන්ගේ ෆොටෝ ටිකක් ගන්න.
ReplyDeleteමිරිස්ස සීමාවේ ගත්ත ෆොටෝ තමයි ඔය දාල තියෙන්නේ.ඔබේ අසාටු ඉක්මනට ඉටු වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
Deleteමමත් හරිම කැමති සත්තු වර්ගයක් හරිම හුරතල් මේ පාර ලංකාවට ආවම යන්න ඕනේ බලන්න කල්පිටි
ReplyDeleteකෝරලේ මල්ලී මිරිස්ස කල්පිටිය දෙපැත්තටම යන්න පුළුවන්.
Deleteමේ ඩොල්ෆින්ලා වගේම පව් නේද දවසකට සිය ගණනින් මරා දාන හාල්මැස්සොත්.හාල්මැස්සො පොඩි නිසා අපිට පව් කියලා හිත්නනෙ නෑ.මෙයාලා ලොකු හින්දද කොහෙද පව් කියලා හිතෙනව...
ReplyDeleteපව් කියලා හිතන්න තරම් මානෂික තත්වයක ඉන්නවාද කියන එක අද ප්‍රශ්ණයක්.
Deleteඉස්සර මකන ජාතියක් තිබ්බා ඩොල්පින් හැඩේට. මම ගන්නෙම එව්වා..මුහුදේ අතරමං වෙච්ච උදවියට උදව් කරන්න ඩොල්පින්ලා එනවා කියලා අහලා තියනවා.
ReplyDeleteඔව් පැතුම්.මමත් පුංචි කාලයේ ඉඳලා ඒ සත්වයාගේ පින්තුර එකතු කරනවා.
Deleteවනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ දැඩිලෙස ආරක්ෂිත ක්ෂීරපායී සතෙක් හැටියට නම් කරලා තියෙන ඩොල්ෆින් මැරුවොත් රුපියල් තිස් දහසකට නො අඩු, ලක්ෂයක් දක්වා දඩයක් හෝ / හා අවුරුදු දෙකකට නො අඩු අවුරුදු පහක් දක්වා හිර දඬුවමක් පනවන්න පුළුවන්.
ReplyDeleteස්තුතියි දැනුවත් කිරිමට.
Deleteමනසින් දිවියට ගොඩ වැදුනෙමි.... ඩොල්ෆින් මිනිසාට හිතවත්ය.. ඒ සොඳුරු ජීවිත රැක ගැනීම මිනිසාගේ යුතුකමය..
ReplyDeleteස්තුතියි සුපුන් මේ පැත්තට ගොඩවැදුනට
Deleteමාත් එක පාරක් ඒ543 ගියා ඩොල්පින් හා නිල් තල්මසුන් බලන්න. සොදුරු අත්දැකීමක්. හැබැයි ඔය බෝට්ටු සේවය නං ඩොල්පින්ලා තල්මසුන් එම පළාත් වලින් අයින් කරන්න තමා වැඩ කරන්නේ... ඩොල්පින් මරපු වාර කිහිපයක් මේ ළගදි කල්පිටියෙන් වාර්තා වෙලා තිබුනා. ඒක අන්තිම පහත් දෙයක්. හැබැයි නියම ක්‍රමවේදයක් තිබුනා නං වලක්වන්න තිබුනා.
ReplyDeleteදේශකයා දන්වා ඇති නේ දැන් ඒ 543 තමයි දැන් ජනතාව වෙනුවෙන් "Princess of Lanka" ලෙස ඩොල්ෆින් නැරඹිම සඳහා පහසුකම් සලසා තිබෙන්නේ.
Deleteමම ලඟට දැකලා නෑ. ෆොටෝ ටික දැක්කට පස්සෙ නම් එහෙම බලන්න තියෙනවා නම් කියල හිතුනා
ReplyDeleteගිමන් නිවන්නාට ඩොල්ෆින්ලා බලන්න හැකි වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
Deleteඅක්කියෝ අනේ මේ ටෙම්ප්ලේට් එක මාරු කරන්නකෝ කොමෙන්ට් බටෝන් එක හොයාගන්න අමාරු වෙලා දවස් 2 ක් ම කට්ට කෑවා.....
ReplyDeleteඅනේ දසුන් මල්ලී මට තේරුමක් නැ.මම කාට හරි කියලා ටෙම්ප්ලේට් එක මාරු කරවන්නම්.
Delete,ඔබගේ මගේ හෝ අන් අයගේ දේශපාලන මතය කුමක් උවත් මේ රජයේ පාලන ක්‍රමයට අපි පාක්ෂික හෝ නොවන එක කුමක් උවත්, මේ රට විනාශයට ඇදදැමු කොටිත්‍රස්තවාදීන්ට උඩගෙඩි දෙන උන්ට කඩේ යන එක මේ රටට සැබවින් ආදරේ කරන කෙනෙකුට ඉවසන්න අමාරුයි නේද?
ReplyDeleteමේ බ්ලොග් අවකාශයේ තිරිසනුන් කිහිප දෙනෙකු පුහු වීරයන් වෙන්න දගලන්නේ කොටින්ට පස්ස නවාගෙන අල්ලනගමන්, මාද මේ රජයේ වැඩපිළිවෙලට තදින්ම විරුද්ද මුත් මේ දක්වා බ්ලොග් වල විරයන්සේ බොරු විවේචන කර පිම්බෙන්න ගොස් නැත, එසේ වීමට දගලන, මේ රටට විරුද්දව කොටින්ට කඩේයන මාතලන් වැනි තිරිසනුන් අපි බ්ලොග් අවකාශය තුල දැන්ම හුදෙකලා කර නොදැම්මොත් ඉදිරියේදී අපට අපේ බ්ලොග්තුල උන්ට කමෙන්ට් එකක් හරි දාන දුන්න එක ගැන දුක් වෙන්න දවසක් එනවා අනිවාර්යයි.. ඔබ වැනි සන්වේදීන් එදාට හඩනු නොඅනුමානයි .
එසේනම් දැන්ම මේ පාහරයා,
ඔබේ ෆ්ලොවර්ස් අතරින් ඉවත් කර
මොහුගේ සින්ඩියෙන් ඉවත්වී
මේ පා හරයාගේ කමෙන්ට්ස් පබ්ලිෂ් කිරීමෙන් වැලකි
ඔහුගේ අඩවියට ඇතුල් වීමෙන් වැලකි
පාට පක්ෂ ජාති ආගම් බේදයකින් තොරව සිතා මෙවන් තිරිසනුන් අතුගා දැමීමට සහය වන්න..
** දේශිහිතයිශි බ්ලොග් කියවන්නෙක් **
(රාජපක්ෂ රජයට කඩේ යන්නෙක් නොවන )
තල්මසුන් පිළිබඳව අතිශය හෘදයාංගම ලස්සන බ්ලොග් ලිපියක්. හරිම ලස්සනයි. සුබ පතමි.
Deleteස්තුතියි ඔබට
Delete