භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ
දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි
භවන්තු තේ
සුභ ජයක්ම වේවා!-හැම දෙවියෝ
රකිත්වා!
උතුම් බුද්ධානුභාවයෙන් ඔබ සැමට සෙත
සැලසේවා!
සුපිරි සය වටයට
සුදුසුකම් ලැබු ශ්‍රි ලංකා ක්‍රිඩිකාවන්ට උණුසුම් සුභ ෴පැතුම් එක් කරමු෴
මුම්බායිහිදී 2013 පෙබරවාරි මස 05 වන දින පැවැති දිවා/රාත්‍රි
තරගයේදී ශ්‍රී ලංකා පිල ලකුණු 138 කින් සත්කාරක ඉන්දීය පිල පරාජය කිරිමට
සමත් විය. එය ලක් ඉතිහාසයේ ලියවෙන තරඟය කි. ශ්‍රි ලංකාවටත් ඉන්දියාවටත් තීරණාත්මක
තරඟයක් වු මෙම තරඟය ශ්‍රි ලංකා පිතිකාරියන් ප්‍රවේගකාරී ලෙස ලකුණු රැස් කරමින්
විශාල අභියෝගයක් ඉන්දිය පිලට එල්ල කරන ලඳි.
ඉනිමක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ඉන්දියාවට එරෙහිව ලබා ගැනිමට අපේ ක්‍රිඩිකාවන්
සමත් විය. ලකුණු 282 යනු අභියොගාත්මක ලකුණු ප්‍රමාණය කි. ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්
ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය රැස්කිරීමට ඒෂානි ලොකුසූරිය සමත් වූවාය. වේගවත් ඉනිමක්
ක්‍රීඩා කරමින් පන්දු 31 කදී හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 56 ක් රැස් කළ ඇය ශ්‍රි
ලංකා පිලට ජයග්රාහණයේ මාවත විවර කර දෙන ලදී. දීපිකා රසාංගිකාගේ පිත්තද විශිෂ්ඨ ලෙස ක්‍රියාත්මක විය.
පන්දු 109 කදී හතරේ පහර 11 ක් සමගින් ලකුණු 84
ක් ලබා ගැනිමට ඇයට හැකි විය. හොඳින් පන්දුවට
පරහ දෙමින් නායකත්වය මැනවින් විදහා පාමින් ලකුණු 59 ක් ලබා ගැනිමට නායිකා ශෂිකලා
සිරිවර්ධන සමත් විය. ශ්‍රි
ලංකීය පන්ඳු යවන්නියන්ගේ විශිෂ්ඨ පන්දු යැවිම හමුවේ ඉන්දීය කාන්තා පිලට ලබා ගැනිමට
හැකි වුයේ ඕවර 42.2 කදී සියලුදෙනා දැවී ලකුණු 144 කි.
ශ්‍රි
ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහසයේ නව පිටුවක් අරඹා ලබා ගත් මෙම පන්නරය ඉදිරියේ දී
පැවැත්වෙන සියළුම තරඟ වලට මනා කැපවිමකින් සහ අධීෂ්ඨාණයකින් යුක්තව ක්‍රිඩා කිරීමට
ඔවුන් ට හැකි බව මගේ විශ්වාසය යි.
එළඹෙන
08 වන දින පැවැත් විමට නියමිත නවසිලන්තය සමඟ තරඟයට උණුසුම් සුභපැතුම් එක් කරමු
අපි෴
ඒතා’පි බුද්ධ ජයමංගල අට්ඨගාථා
යෝ වාචකෝ දින දිනේ සරතේ මතන්දී
හිත්වාන නේක විවිධානි චුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ
බුදුරඳුන් ගේ ජය මංගල ගාථා අට
යමෙකු විසින් සෑම දවසකම භක්තියෙන්
කියතොත්
තිබෙනා නොයෙක් උවදුරු සියල්ල පහව
යයි
නුවණැති පින්වත් උතුම් නිවන ලබයි
ශ්‍රී ලංකා කණ්ඩායමට ඔන්න මගෙත් සුභ පැතුම්!
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්..!!
ReplyDeleteමගෙත් සුභ පැතුම්!
ReplyDeleteඅපේ කෙල්ලන්ට යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඔන ගයනි. එදා ඒ කෙල්ලෝ සෙල්ලං කළ විදිය අදහා ගන්නත් බැරි තරම් සුපිරියි.
ReplyDeleteඇති යන්තම්.. කොල්ලෝ ක්‍රිකට් කනකොට කෙල්ලෝ ටිකවත් ක්‍රිකට් ගහන්න පටන්ගත්තා....
ReplyDeleteඅපේ අම්මා උඩ පනිනවා මේක අහලා.. එයත් ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ හිටියලු.. හි හි..
එහෙනම් දූත් දක්ෂයෙක් වෙන්න එපැයි..!
Deleteනියම මට්ච් එකක් මම සජීවීව බැලුවා.
ReplyDeleteඅසාර්..මට චැනල් ලින්ක් එක එවන්න බැරිද?
Deleteමම බැලුවේ DST ට්ව සැටලයිට් චැනල් එකක.
Deleteඅයියෝ :( මම කොහෙන් හරි එකක් හොයා ගන්නවා
Deleteඅපේ යකඩ අක්කලා සෙට් එකට සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ReplyDeleteමම හිතන්නෙ අපේ කොල්ලන්ගේ ටීම් එකට වඩා දෙයක් ඊයේ අපේ කෙල්ලො ටික කලා..අපි හැමෝගෙම ආශිර්වාදය ඒ අයට ලැබෙන්න ඕනෑ..
ReplyDeleteජය වේවා !
වර්ල්ඩ් කප් එක ගන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ReplyDeleteමේකෙං පස්සේ ලංකාවේ කාන්තා ක්‍රිකට් වලට හොද තැනක් ලැබෙයි..
ජයම ෙව්වා..
ReplyDeleteෙකල්ෙලා් සැට් ඒක අෙග් කරලා ලිපියක් දැම්ම ඔබටත් තුති.
ලංකාෙව ෙකල්ලන්ෙග ටීම් ඒක විෙව්චනය කරල ලිපියක් දැම්ම මම කලකට ඉහත. ඒ්ක ෙහායාෙගන ෙවනම ෙපා්ස්ට් ඒකක් දාන්ෙනා්නි.
ජය !
කෙල්ලන්ට ජය වේවා..!
ReplyDeleteඅපි ඔවුන්ට සුබ පතමු..!
ReplyDeleteමමත් ඉන්දියා මැච් එක හෙන උනෙන් බැලුවේ.. ඇත්තටම කෙල්ලො ටික සෑහෙන්න පොලිෂෟ වෙලා තිබුනා පහුගිය කාලෙත් එක්ක බැලුවම.. අනිවා හොද තැනක ඉන්නවා.. තරගයක් දුන්නොත් හුගක් දුර යන්න පුළුවන්.. ජය වේවා
ReplyDeleteසුභපැතුම්..!!
ReplyDeleteසුභ පැතුම්!!!
ReplyDeleteශ්‍රීලංකා කණ්ඩායමට මගෙනුත් සිතල සුභ පැතුම්.
ReplyDeleteමම ඔබගේ බ්ලොග් අඩවිය කියෙව්වි හරිම ලස්සනයි. මගේ බ්ලොග් අඩවියටත් එන්න මගේ ජංගම දුරකථන අංකය 0718064226 හැකි නම් කතා කරන්න. මම මඟ බලා හිඳින්නෙමි.
ReplyDeleteඅපේ කෙල්ලන්ට ජය වේවා !!
ReplyDeleteමේ ආපු දුර උනත් ලොකු ජයග්‍රහණයක්.
හුරේ හුරේ.. අපේ කළු කෙල්ලොන්ට ජය වේවා!
ReplyDeleteමගෙත් සුභ පැතුම්!
ReplyDeleteඅපේ ගෙදර ඔක්කොම ක්‍රිකට් පිස්සො. මමයි පොඩි පුතයි එංගලන්තෙ පරද්දපු මැච් එක බැලුවෙ ආසිරි රෝහලේ දි. තව ඩිංගෙන් චැනල් කරපු ඩොක්ට මිස් වෙනවා. D;
ReplyDeleteඅනෙක් එක ගෙදරදී බැලුවා. සුපිරි තරඟයක්. අපේ වීරවරියන්ට ජයම වේවා! සුබ පැතුම්!
This comment has been removed by the author.
ReplyDeleteසුභ පැතුම් අපේ කෙල්ලො ටිකට..මමත් ආසම ක්‍රිකට් වලට තමයි.
ReplyDeleteඅපේ කෙල්ලන්ට ජය වේවා !!
ReplyDelete