මහා පොළවද අපිද හෙම්බත් වී ඇති කාලයක දකින්නට, සිතන්නට
ඇත්තේ දුක්බර බව කැටි වු කතන්දර ය. අපි පසුකර යන්නේ පුවත්පතක තිබෙන වෙළඳ දැන්විම්
තරමට භිෂණය, වැළපිම, වංචාව, දුෂණය, අරගල බහුල මෙන් ම අලාංකාර කර පෙන්වන කාලය කි.
පුවත්පත් දෙස නොබලා පුස්ථකාලය ඇතුලත පිහිටි පොත් රාක්ක
වෙත මාගේ දෙනෙත් නැවතුණි.
හෙළ ජනකතා ග්‍රන්ථය
එච්.එම්.එස්. තුන්දෙණිය මහතා විසින් ජනකතාව ගලා ආ
ජනවහරින් ම අකුරු කර තිබිම අගය කරමි.
෴පන්දම් පෙරහරක්෴
පරංගීන්ගෙන්
කෝට්ට රාජ්ජය බේරාගන්නට වීරිය කරපු රජෙක් තමයි, සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ. ඒ වාගේ
තමයි, කන්දඋඩ පස්රටත් ඔය කිව්ව පරංගීන්ගෙන් බේරාගන්ට වැරවීරිය කරපු රජෙක් විදියට
දෙවැනි රාජසිංහ රජ්ජුරුවනුත් අපට හැමදා ම සිහියට එනවා. එයා අවුරුදු දහසයක ගැටවර
කාලේදී රන්දෙණිවෙලේ හටනින් පරංගි හමුදාවක් පරද්දලා තියෙනවා. දෙපැත්තක් යුද්ද කරනකොට
ඒ කවුරුත් යුද්දෙන් ජයගන්නට එක එක උපක්‍රරම කරනවා. ඒක කොයි කාලේදීත්, කොයි රටේත් සිද්දවෙලා
තියෙන දෙයක්. අද වුවත් ඒ වාගේ ජාති සිද්ද වෙනවා. ඔන්න ඔය විදියට දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්
කරපු අර විදියේ වැඩක් ගැන මෙන්න මෙහෙම ජනකතාවක් තියෙනවා.
ඔන්න පරංගි හමුදාවක් මහනුවර රාජ්ජය අල්ලා ගන්ට
ආවා. ඔය හමුදාව කොළඹ ඉඳන් හතරකෝරළේ මැදින් ඇවිත් දන්තුරේ වෙල පහු කරලා ඕන් ගන්නෝරුවට
ම ආවා. ඔය දවසේ මහවැලිගඟ පිරිලා. වතුර බහින තුරු එගොඩනේට විදියක් නෑ. ඇයි, ඒ කාලේ පාලම්
තිබ්බ එකක් යෑ. රාජසිංහ රජ්ජුරුවන්ට ආරංචි වුණා, පරංගි හමුදාව මහනුවර අල්ලන්ට ඇවිත්
ගන්නෝරුවේ වාඩිලාගෙන ඉන්නවා කියන එක. දැන් ඉක්මනට තුන්හාරසියයක් එකතු කරගෙන පන්දන්
පත්තු කරගෙන බහිරව කන්දේ ඉඳලා මහවැලිගඟේ ඉවුරට පන්දම්
පෙරහරක් එන්ට සැලැස්සුවා. කට්ටියක් ඒ විදියට පන්දන් පත්තු කරගෙන ගං ඉවුරට එනවා. ඒ ගොල්ල ඉවුරට ඇවිදින් අර ගෙනා පන්දන් නිවලා
ආය ම කන්දට නඟිනවා. එතකොට තව කට්ටියක් පන්දන් පත්තු කරගෙන පහළට එනවා. ඔය විදියට
පාන්දර වෙන තුරු ම ඔය පන්දන් පෙරහැර ගිහිල්ලා තියෙනවා. පරංගි හමුදාව මේ දිහා බලන් ඉන්නවා.
මොන එකක්ද වැල නොකැඩි සිංහල හමුදාව ගං ඉවුරට රොක්වෙනවා. තොරතෝංචියක් නෑ. මෙච්චර
විසාල හමුදාවක් ඉන්නකොට ඒ ගොල්ලන් එක්ක යුද්ද කරන්නේ කොහොමද? කියලා, පරංගි හමුදාව බයවෙලා
මහනුවරට එන ගමන ටිකක් නතර කරලා තියෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි, කොහේදෝ නැති වැස්සක්
වැහැලා පරංගින්ගේ වෙඩිබේත් දියබාවෙලා තියෙනවා. පහුවදා ඉර හොඳටම පායලා තියෙනවා.
එතකොට ඒ වේලාගන්ට ගන්නෝරුවේ වෙලේ තුනීකරපු වේලාවේදි තමයි, රාජසිංහ රජ්ජුරුවෝ කුරුමාණන්
අල්ලලා ඊතලේ අගට කරුංකා ගෙඩියක් අමුණලා, ඒකට ගිනි තියලා අර කිව්ව වෙඩිබෙහෙත් වලට විදලා
තියෙන්නේ. ඉතින් මේ කියපු සිද්දි දෙකම බහිරවකන්දේ දී වුණා කියන එකයි කියන්නේ මේ
වාගේ කතා ගොඩාක් බහිරවකන්ද වටේ ගෙතිලා තියෙනවා.
ඒක නං වටිනවා තමා පොත...
ReplyDeleteපොත බොහොම ලස්සන ඇති කියලා හිතෙනවා. රාජසිංහ රජ්ජුරුවෝ ගැන බොහොම ලස්සන ජන කතා ගොඩාක් තියෙනවා නේ.
ReplyDeleteකොහොම නමුත් ඔය කියන විස්තරේ නම් දැනට ගන්නොරුව සටන පිළිබඳ අපි දන්නා ඉතිහාසයට වඩා ටිකක් පරස්පරයි. මොකද ගන්නොරුවේදී පෘතුගීසින්ට උඩරට හමුදා පහර දෙන්නේ මහ නුවර නගරයෙන් ආපසු පසු බහිනකොට. ඒ දෙසට එනකොට නෙවෙයි.
අනික ගන්නොරුවට එනකල්ම රජ්ජුරුවෝ ඒ ගැන දැනගෙන හිටියේ නැහැ කියන්නත් බැහැ නේ.
රන්දෙනිවල සටන වුනේ 1630. ඒකෙදි පෘතුගීසි කපිතාන්-ජෙනරාල් කොන්ස්තන්තීනු ද සා මරණයට පත් වුනා. 1638 දී ගන්නෝරුවේ සටනේදී කපිතාන්-ජෙනරාල් දියෙගෝ ද මේලෝ මරණයට පත් වුනා. එහෙම තමයි උඩරටට එල්ල වුනු අන්තිම පරංගි ආක්‍රමණ දෙක අවසාන වුනේ.
දැන් මතක් වෙච්ච දෙයක්. ඇත්තෙන්ම ගන්නොරුව සටන ගැන මේ ජනකතාව තිබුනාට රන්දෙනිවල සටන ගැනත් මේ වගේම ජනකතාවක් තියෙනවා. මගේ දැනුමේ හැටියට ගන්නොරුව සටනේදී වැස්ස නිසා වෙච්ච බාධාවක් ගැන සඳහනක් නැහැ. නමුත් රන්දෙනිවලදී ධාරානිපාත වර්ෂාවක් නිසා වෙඩි බෙහෙත් තෙමිලා තුවක්කු පාවිච්චි කරන්න බැරි වෙච්ච බව සඳහන්. සමහරවිට අතීත ජනකතාකරුවා පස්සේ මේ ජනකතාවම ගන්නොරුවටත් ආදේශ කලාද දන්නේ නැහැ.
Deleteවටිනා පොතක් නේ. මාත් ගන්නොරුව සටන ගැන නම් අහල තියන්නේ උඩරටින් පරංගි පහු බහිද්දී වුනු දෙයක් හැටියට.
ReplyDeleteරජකාලේ ටෙක්නික් තමා ඉතිං...
ReplyDeleteමරු ඈ...
ලැජ්ජාවෙන්වුනත් කියනවා අද වෙනකල් මේ කතාව දැනගෙනහිටියේ නෑ කියලා..අවංකවම පිළිගන්නවා රටේ ඉතිහාසය ගැන උගන්වන දේට වඩා දෙයක් දැනගන්න වුවමනාවක් තිබ්බේ නෑ කියලා..
ReplyDeleteමේ කතාව එහෙන් මෙහෙන් අහලා තිබ්බා.. ඒත් ඉතිං අගක් මුලක් නම් හෙව්වේ නෑ..
ReplyDeleteගොඩ කාලෙකින් මේ පැත්තේ ආවේ ගයනි.. සොරි හොඳේ...
වටිනා ඉතිහාසයක් තියෙන අපි ඒකෙන් දන්නෙ කොපමණ සුළු ප්‍රමාණයක් ද? ගයනි. ඇත්තටම ලැජ්ජාවෙන්න ඕනෙ. මාත් ඔය විස්තරේ දැනගත්තෙ අදයි නංගි. ස්තූතියි! පොස්ට් එකට.
ReplyDeleteමට එදා ඉඳලම එපාම කරපු විෂය තමයි ඉතිහාසය.. අනාගතය කියල විෂයක් උගන්නනව නම් මං ගොඩක් කැමතියි..
ReplyDeleteපොත මටත් කියවන්න ආස හිතුණා... ස්තුතියි තොරතුරට
ReplyDeleteඈ.... මාත් මේක අහල තිබ්බේ නැද කොහෙද....
ReplyDeleteහොඳ පොතක් වගේ. ජනකතා කියන්නෙ එක විදිහකට ඉතිහාසය රසවත් කරල කීමක්. ජනකතා ගැන මංනං ආසම දේ තමයි එකම කතාවෙත් ප්‍රබේද කීපයක් තියෙන එක. ඔය පොත වගේම ලස්සන ජනකතා එකතුවක් තියෙව “මග දිගට ජනකතා“ කියල. පුළුවන්නම් පොඩ්ඩක් හොයල බලන්න. දෙවෙනි රාජසිංහ රජතුමා ගැන කියවෙන ජනකතා ගොඩක් ඒ පොතේ තියෙනව.
ReplyDeleteඒක නම් මාර වටිනවා අක්කි
ReplyDeleteමාත් ආසයි ඔය වගේ පොත් කියවන්න.
ReplyDeleteඑක වතවක් ඉස්කොලෙදි මග දිගට ජනකතා කියලා පොතක් කියෙව්වා එක මරු.
පුලුවන් වෙලාවක පියසේන කහඳගමගේ මහත්තැන් ලියපු පොත් හොයන් කියවන්න. ඒවා කියෙව්වම අපට අපේ කම ගැන මනාව තේරුං ගන්න පුලුවන්.
potha bohoma raswath athi kiyala hithenawa..
ReplyDeleteApita thram prawuda,rasawath ithihasayak thawath koinda..
Wade wela tiyenne,godak denek ithihasaya gana danaganna almak nathi ekane.
Penawane,ape rajawarunge nuwana...
පැරණි කතා විලාශයක් අනුගමනය කරලා ලියල තියෙන හැඩයි.
ReplyDeleteතොරතුරට ස්තූතියි, බොහොම රහට කථා පෙළගස්වා ඇති බව පේනවා...
ReplyDeleteඇත්ත තමා ලියල තියෙන බාසාව හොඳට කතාව ගලාගෙන යන්න උපකාර වෙනවා.
ReplyDeleteකතිත බස ලිඛිත බසට වඩා කියවන්න පහසුයි. අපූරු පොත්ටිකක්. මේවායින් තමයි කියවිම දියුනු කර ගත හැක්කේ.
ReplyDeleteනූතන පරපුරට කියවන්න...අවශ්‍යම පොත් පත් තමා..!
ReplyDeleteමම අදමයි මේ කතාව ඇහුවේ.බොහොම ස්තුති මේක කිව්වට.
ReplyDelete