පුංචි පුංචි අපි නොහිතා කරන වරදක් පිළිබඳව මෙසේ සටහන්
තැබිමට සිත් විය. දින කාලයක් තිස්සේ එකම වැරැද්දක් විවිධ ආකාරයේ ඇස ගැටුණු අවස්ථා
කිහිපයක් ම විය. “ජිවිතයක් ජිවත් කරවන්න එහෙමත් නැති නම් නඩත්තු කරන්න අද දවස වන
විට මහත් වෙහෙසක් ගත යුතු බව සෑබැව කි”.එහෙත් ඒ ගින්දර නිවා ගැනිම සඳහා තව කෙනෙකු අපහසුතාවයකට පත් නොකළ යුතුය. මුදල් යනු අද සැමට එක සේ අත්‍යවශ්‍ය භාණ්ඩයකි. එම නිසා අයිති නැති රුපියලකට වුවද අයිතිවාසිකම් කියන්න බොහෝ දෙනෙකු ඉදිරිපත් වෙති. කෙනෙකු බොහෝ සැප පහසුවෙන් ජිවත් වන විට
තවකෙකු බොහෝ දුක් ගෙන දෙන පිඩාකාරි ගමනක නියලෙයි. ඔබත් මමත් ඕනෑ තරම් දැක ඇත, එවැනි
අවස්ථා. මඟ තොට යන එන ගමනේ පසු පස ඇවිත් අත පාන මිනිසුන්. එහෙමත් නැති නම් බස් එකක
සිංදුවක් කියලා ආධාර ඉල්ලන මිනිසුන්. සාමාජය විසින් විවිධ අනුවර්තන නාමයන් යොදා
ගනිමින් මොවුන් හඳුන්වයි. “හිඟා කෑම” කියලත් ඇතමෙකු හඳුන්වයි. එවැනි විවිධ දුඟි
යාචකයින් බොහෝ ඇත.
ඒත්
මම කියන්නේ මෙවැනි විවෘත මිනිසා ගැන නෙමෙයි. ඔබටත් මටත් හමු වි ඇති, හෝ දැක ඇති වෙනත්
යාචක පිරිසක් පිළිබඳවයි.
වැඩිපුරම
මේ කියන පුද්ගලයින් හමු වන්නේ නම් බස් රථ තුල ය. දුර ගමන් සේවාවක් ලබන අයෙකුට බස් රථයකට ගොඩ වු පසු මුදල් දුන් විට ඉතිරි මුදල
ආ පසු ලැබෙන්නේ තේ පානයට බස් රථය නවතා ආ පසු යන අතර තුරය.
මම කොළඔ සිට මාතර දක්වා යාම සඳහා බස් රථයට ගොඩවිය.
රුපියල් 500 යේ නොට්ටුව කොන්දොස්තර මහතාට දුන් විට මට ඉතිරිය ලැබුණේ අම්බලන්ගොඩ
පසු වු විටය. ඒ තේ පානය සඳහා බස් රථය නවත්වන්නේ අම්බල්ගොඩ නිසාවෙනි. මාරු කාසි අත
තිබුණද කොන්දොස්තර මහතා ආ පසු ඉතිරි මුදල මට දුන්නේ රුපියල් 20 ක් අඩුවෙනි. ඒ
මොහොතේ දී මම ඉතිරි මුදල් අඩු බව දැනු වු විට ඔහු මට මොනවද දන්නවද කිව්වේ? “හරියට
නුලට ඉතිරිය ඕනෑ නම් මාරු සල්ලි අරං එන්න ලු”. මම දැන් අවුරුදු 12 ක් තිස්සේ බස් වල
ශ්‍රි ලංකාව පුරාම ගිහිං තියේනවා. ඒත් කිසි දිනක රුපියල් පහක් දහායක් අඩුවෙන් දුන්නද
ඉතිරිය පිළිබඳව ඒ තරම් සැලකිල්ල්ක් නොදක්වන අතර, කිසි දිනක ඉතිරිය අඩු බවක් පවසා
කොන්දොස්තර මහතාට පවසා නොමැත. අඩු බව දැනුණත් නොදන්නා ලෙස බසයෙන් බසීනවා. සමහරක්
අවස්ථා වල බහින ස්ථානයට හරියටම ගන්න ගාස්තුව නොදැන මුදල් දෙන අතර කොන්දොස්තර මහතා ද
ඒ නොදන්න බව දැනගෙන වැඩිපුර මුදල් ගත් අවස්ථාද ඇත. විටෙක නොදන්නා පළාතකට යන විට ළඟ
ඉන්න පුද්ගලයාගේන් විමසා මුදල් දෙන අවස්ථාද
ඇත. කොයි එක වෙතත් ගමනාන්තය දක්වා සිදු වු සිදු විම පිළිබඳව හිතමින් යනවා මම. මගෙන්
යා යුතු යමක් වෙන්න ඇති කියලා හිත හදා ගත් අවස්ථාද ඇත.
එහෙත්
ඒදා මාතර කොළඔ බස් රථය තුල සිදු වු තවත් සිදුවිමක් සමඟ එම කොන්දොස්තර මහතා පිළිබඳ මගේ
සිතේද තිබු අපහැදිම නිසාවෙන් ම ඉතිරි මුදල පිළිබඳව විමසිමක් කරා. ඒදින දෙහිවලින්
විදේශිය යුවලක් බස් රථයට ගොඩ විය. ඔවුන්ගෙන් මුදල් ගත්තේ ටික දුරක් ආ පසුවයි. රුපියල්
1500 ක මුදලක් ඔවුන්ගෙන් ලබා ගන්නවා මම
දුටුවෙමි. මම දන්නේ නැ ඔබ මේ සිද්ධි දෙස මොන ආකාරයට බලනවද කියලා. එහෙත් කෙනෙකු
තමන්ට සිය කැමැත්තෙන් මොනවා හරි දුන්නොත් මිස වංචනික ලෙස ඒ තරම් කැත විදියට
මිනිසුන්ගෙන් උපයන එක අනුමත කළ නොහැක්කකි. එම විදේශිකයන් යුවල වැඩිපුර මුදල්
ඔවුන්ගෙන් ලබා ගත් බව දැනගෙන ඒ පිළිබඳව විමසිමක් කර බස් රථයෙන් බසින්න පවා ගියා.
රියදුරු මහතාගේ උපදෙස් මත ආපසු ඉතිරි මුදලක් දෙන්නට අකමැත්තෙන් වුවද කොන්දොස්තර
මහතාට සිදුවිය. එහෙත් ඒ නාඳුනන යුවල හික්කඩුවෙන් බහින්න සිටියත් කළුතරින් බැස්සා. ඒ
ඔවුන්ගේ සිත් අප පිළිබඳව කළකිරීමකින් ය. ශ්‍රි ලංකීකයින් යනු වංචාවෙන් ජිවත් වන
කොටසක් බව සිතමින් තවත් මෙවැනි රටකට තම වෙහෙස නිවා ගැනිමට නොයෙන බවටත් දන්නා කෙනෙකුට මෙහි නොයෙන ලෙස පැවසිය යුතු යන
සිතුවිලි ඔවුන්ගේ සිත් තුල ඇති වන්නටද ඇත.
යාචකයන් නොවන යාචකයන් සේ මට දැනේ.
කෙනෙකුට
හිතෙන්න පුළුවන් සල්ලි තියෙන කෙනෙකුගෙන් එවැනි මුදලක් ලබා ගැනිම ඒ තරම් හිතන්න උවමනාවක්
නැති බව. එහෙත් මිතුරනි මනු දම් වලින් පෝෂිත අපි ඇයි එවැනි පහත් තත්වයකට පත්
වන්නේ. ආසාධරණ ලෙස ලබා ගන්නා යමක් තමන් තුල රැදිමක් නැති බව මම විශ්වාස කරමි. එවැනි
විදේශිකයින්ට හමු වන සෑම කෙනෙකුම එවැනි සිතුවිල්ලක සිටියොත් ඔවුන් මේ රටෙන් යන්නේ
බොහෝ කළකිරීමකින් ය.
එවැනි
ආ තුරයින් අතර, යහපත් විදියට තම සේවය මහජනයාට දෙන එකෙකු හෝ ඉන්නවා කියලත් කියන්න
ඕන. රුපියල පවා ආ පසු දෙන මිනිසුන්ද ශ්‍රි ලංකාව තුල තවමත් ඉන්නවා.
තවද
ත්‍රිවිල් රියදුරන්ද එවැනිම ආකාරයෙන් මුදල් උපයන බව තවත් එක් ඇත්තකි. විදේශිකයෙක්
නොව ශ්‍රි ලංකීකයෙකු වුවද ලැප්ටොප් එකක් වැනි යමක් අතින් දරා තමන් වෙතට එන
පුද්ගලයෙකුගෙන් එම රියදුරන් වැඩි මුදල් ලබා ගනි. එවැනි සිද්ධියක් අනුරාධපුරයේදී මම
දුටුවෙමි. රියදුරු මහතුන් මුහුණ බලා කෙනෙකුගේ වත් පොහොසත් කමේ ලේබලය අලවා අනිසි
ලෙස මුදල් ලබා ගැනිමට පෙළඹේති.
අප
සිත් අද එවැනි පටු සිතුවිලි වල සිර වි අවසන් ය. මෙවැනි පුංචි සිතුවිලි සිට මහා
පරිමාණයේ වංචනික සිතුවිලි වලට පණ දි අවසන් ය. තව කෙනෙකුගේ තරාතිරමෙන් නිළයෙන් අපට
වැඩක් නැත. අපෙන් ඔවුන්ට විය යුතු සේවය පමණක් ඔවුන් වෙනුවෙන් හරි විදියට කරන්න අපි
හැම විටම උත්සහා කළ යුතුය. එවිට අප ලබන සුළු ලාභයට වඩා වටිනවා අපේ සේවය පිළිබඳව පරිභෝගිකයා තුල ඇති වන හැඟිම. එය ප්‍රමාණවත්, ඇති වි නැති යන නොට්ටුවට වඩා. හෙට
දවසේ ඒ ප්‍රසංසා සැනසිමට හේතු කාරණයක් වනවා සේම සංසාරයේ නිමාවටද එය උදව්වක් විය හැකිය.
සමහරක්
අවස්ථා වල නියමිත මිලක් සඳහන් කර නොමැති රෙදි සාප්පුවක ,ජුවලරි සාප්පුවක ,භෝජනාහලක
ද මේ ආකරයෙන් අනිසි ලෙස මහජනතාව මුලා කර මුදල් ඉපයිම සිදු වෙයි. මේ කෑදරකම මෙතනින්
නතර නොවන අතර, මිට වඩා පුළුල් ලෙස මේ කෑදර කමට වහල් වි විශාල ලෙස මුදල් ඉපයිම සඳහා
දරුණු ලෙස විප්ලව කිරීමට සිත ඇඳි යනු ඇත. සක්විති රණසිංලා දක්වා මිනිසුන් නොදැනුවත්ම
යන්නේ මුදල් වලට තිබෙන දැඩි ලොල් බව නිසාවෙනි.ආරම්භය පුංචි තැනකින් වන්නට පුළුනකි.
බුදු
හමුදුරුවෝ මේ හැම අකුසල ක්‍රියාවකින්ම වැළකිමට අපට ධර්මය දේශණා කරලා යහපත් මඟ විවර
කරලා තිබෙන්නේ. අපට තිබෙන්නේ ගමනාන්තය දක්වා ඒ තුලින් ගමන් කිරීම පමණයි. ආගම කුමක්
වුවත් එහි ඇති කරුණු කාරණා අපේ ජිවිතයට යා කර ගනිමින් ජිවිතය යහපත් අයුරින් පෝෂණය
කිරීමට හැකි නම් එවැනි සිතුවිලි වලටයි අප පණ පෙවිය යුත්තේ.
මනුෂ්‍යයෝ වන අපි මිනිසත් බව වර්ධනය කර ගනිමු.
කොන්දොස්තරලානම් ඔහොමම තමයි,
ReplyDeleteරුපියල් 9ට 10ක් දුන්නම කවදාවත් ඉතිරි හම්බ වෙන්නේ නෑ.
ඔය අහින්සක මිනිස්සුන්ට කරන ජරා වැඩ නිසාම කවදාවත් ඔවුන්ට හරි ගිහිල්ලත් නෑ
එක නම් ඇත්ත ගන්න සල්ලි යා දෙන්නේ නැ නොව.හැමදාම එකම තැන
Deleteකියල තියෙන කතාව නම් ඇත්ත ..ඒත් බලාගෙන.මිනිස්සු බලන්නේ
ReplyDeleteහඳ දිහා නෙවේ ඇගිල්ල දිහා ...
ඔබ කියන දේ සහතික ඇත්ත.ඒත් ඇත්ත කියන්න ඕන වේලාවේදි එක කියන්න ඕන.
Deleteමම නම් පුළුවන් තරම් මාරු සල්ලි අරගෙන බස් එකට නගින්ෙන් ඉස්සර.. ඔය සන්තෑසිය වෙනවා කියලා දන්න නිසා.. හැබැයි එහෙම අරගෙන යන්න බැරි උනත් මට නම් කිසි දවසක ඔය වැඩේ වෙලා නෑ... බහිනකොට හරි ඉතුරු සල්ලි අනිවාර්යයෙන්ම හම්බුවෙනවා...
ReplyDeleteහොඳ මිනිසුන් අතර ඉන්න මේ වගේ කැත වැඩ කරන අය අද ගොඩාක් ඉන්නවා.තමන්ගේ වෘතිය පිළිබදව අවබෝධයක් නැතිවි අද මේ ගමන යන්නේ.පොල් කඩන මනුෂ්‍යයා උනත් ඔහුටත් තියෙනවා යම් වගකිමක්.එක තේරුම් ගන්නේ නැති කමයි තියෙන්නේ.
Deleteපුරුද්දක් හැටියට මම බස්වල යද්දී මාරුකාසි තියාගෙන යනවා.හේතුව කොන්දොස්තරගේ හෑලි අහන්න බැරි හන්දම. ඒ වගේ නූගත් මනුස්සයො එක්ක වාදෙට ගියාම ලැජ්ජාව අපිටම නිසා හුඟාක් වෙලාවට ගැහැණු උදවිය ඉතිරි ඉල්ලන්නෙ නෑ. ඒ දේම හේතුවක් හැටියට තියාගෙන කොන්දොස්තරලා ප්‍රයෝජන ගන්නවා...
ReplyDeleteමුදලට වංචා කිරීම හැමතැනකම සිද්ධ වෙනවා. සමහරු ඊට එරෙහිව කතා කරනවා.තවත් සහමරු සද්දෙ වහගෙන ඉන්නවා.
මුනිවත රකින්නේ ළිහිණියා කියනවා වගේ ඒ වගේ අයට තේරුම් කරලා දිලා වැඩැක් නැති නිසා.ඒත් රු.20 ඉල්ලාගෙන මම නැති බැරි මනුෂ්‍යයෙකුට දුන්නා.
Deleteකියලා වැඩක් නෑ.. අපි රුපියලක් හරි අඩුවෙන් දුන්නොත් තමයි බලන්න ඕන.. මාතර-කොළඹ ගොඩක් බස් කාරයො ඔහොමමයි. මං නම් දැං හැමදාම මාරු සල්ලි අරං යන්නෙ ඒ නිසා. කවදාවත් මාතර ඉඳන් ගාල්ලට රුපියල් 50ක් දුන්නොත් ඉතුරු රුපියල් 5 දෙන්නෙ නෑ. ඒ නිසා මාසෙ මුල ගෙදරින් සල්ලි ලැබුණු ගමන් මං කරන්නෙ ළඟ කඩේකින් මාරු කරන් 45 ඒව හදා ගන්නව. ඉතුරු 5 එකතු කරනව. ගිය සතියෙ කැටේ කැඩුවම 1800/- වඩා තිබුනා. අරම දුන්න නම් ඒ ගාන නිකන්ම කොන්දොස්තරගෙ සාක්කුවෙනේ....
ReplyDeleteමිනිස්සු සල්ලිවලින් පිස්සු වැටිලා. ලෝක විනාසෙ වෙනව නම් හොඳයි අෆ්ෆා, ආපහු මුල ඉඳන් හැම දේම පටන් ගන්න....
යසිත් ඔයා හරි.මේ මිනිස්සු දින දින තණුහාවෙන් වේලෙනවා.
Deleteකොන්දොංගේ හැටිනේ..
ReplyDeleteතියෙන නීතිත් තබ සතේකට වැඩක් නෑ...
ඒ හැටි කවදා නැති වේවිද?
Deleteහපෝ.... ඔය ගැන නම් කතා කරලා වැඩක් නෑ. මම නම් ගොඩක් වෙලාවට මාරු සල්ලි ගානට හද ගෙන යන්නේ. එතකොට ඉවරයිනේ.... ඔය කොන්දල ඔහොම්මමයි. සමහරු රුපියල දෙක වංචා කරලා තමා ලොකු ලොකු ගණනුත් වංචා කරන්න පෙලෙබෙන්නේ. ඒත් ඉතිං ඕවා අම්ම මුත්තා කිව්වත් මේ කපේට හදන්න පුළුවන් ඒවා නම් නෙමෙයි......
ReplyDeleteඔව් සමනළි.අපි අෂ්චර්යක් ගැන කථා කරනවා.එත් අපි තවම කොතනද?
Deleteකතාව ඇත්ත දැන් ගොඩක් මිනිස්සු හරිම වංචා කාරයෝ.අපිව රවට්ටන හැටි අපි දන්නෙවත් නැහැ.ඒවා ගැන නම් කලකිරෙනවා.
ReplyDeleteහැදෙන දවසක් හිතන්නවත් බෑ
Deleteකොන්දලත් එක්ක ඇතිවෙන්න ඇරගෙන තියෙනව එක මනුස්සයෙක් සපෝට් එකට එන්නෙ නැහැ.අන්තිමට අපිව උන් සවුත්තුමකරල දානව.
ReplyDeleteඑක නම් ඇත්ත.කථා කරොත් ඒ කථා කරන කෙනා විතරයි.
Deleteබස් කොන්දොස්තරලා කියන්නේ මහා සක්කිලි ජාතියක් අපූ මටනම් පේන්න බැහැ මම සත විසි පහටත් රැඳු කරනවා කොන්දල එන්න මට වැඩක් නැති උනත් උන් වගේ උන්ට දෙන්නේ නැහැ
ReplyDeleteඑක නම් ඇත්ත.එක අරගෙන නැති බැරි මනුෂ්‍යයෙකුට දෙන්න ඕන.උන් හැමදාමත් එකම තැන ඉන්නේ අසාධාරණ සල්ලි නිසා.නැගිටිමක් නැ වැරදි කරන අයට.
Deleteඅනුරාධපුර සිට කොළඹට මරදන්කඩවල හරහා යන 15 මාර්ග අංක දර්න බස් බොහෝමයක් සෙමි. නමුත් සමාන්‍ය ගාස්තු ද තිබෙනවා. දිනක් මා පාන්දර තුනට 03 කුරුණෑගලින් නැංගා. මට හොඳටම විශ්වාසයි එය normal කියලා. උඩ ස්ටිකරයේද N අකුර මම දැක්කා. නමුත් ටිකට් කැඩුවේ සෙමි ගාස්තු විදිහට. බසයෙන් බැහැපුවාම මම බැලුවා. එය සමාන්‍ය ගාස්තු. නමුත් රෑ කාටත් හොඳින් පෙනෙන්නේ නැති නිසා මෙහෙම වැඩි ගාස්තුවට ටිකට් කඩනවා.
ReplyDeleteනිර්මලා ඔයා කියන කථාවත් මගේ කථාවේ කොටසක්.අපි හැමදාම දුර ගමන් සේවා වල යන්නේ.මේ දවස් වල මමත් ත්‍රිකුණාමලය මාතර.සෙමි නැති එවාගේ සෙමි ගාණ ගන්නවා.මම එක පාරක් පැළිගොඩින් බැස්ස මට ඔහොම කරලා.
Deleteපොස්ට් දෙක තුනම කියෙව්වා. හිතන්න ගොඩක් දේවල් තියෙන පොස්ට් එකක් මේකත්.
ReplyDeleteවැඩට යන්න පරක්කු වෙලා. ඉතින් ලැබුවා වූ ජයග්රහණයන් සියල්ලටම සුභ පැතුම්!
ජයවේවා!
බලන්න ඇවිත්.ඔබටත් ජය!
Deleteබැරි වෙලාවකවත් අපෙන් එහෙම කීයක් හරි අඩුවෙන් දුන්න්ත් එදාට උන්ගෙන් කන පිරෙන්න අහගන්නත් පුලුවන්. මුන් මහ පුදුම ජාතියක් නංගි.
ReplyDeleteඑක නම් ඇත්ත අයියේ.මේ ජාතින් නිසා තමයි අද රටත් ණයකාරයෝ වේලා තියෙන්නේ.
DeleteSallith ekka minisunta miniskama amathaka wela. Kagen hari rupiyalak hari wadipura laba ganna thama balanne. Me lowa kawada sundara veida dannne na nanigiyo...............
ReplyDeleteමේ ගති හැදෙන දවසක් එනවා නම්.
Deleteනංගී, මෙවැනි අවස්ථා මාත් ඕනෑ තරම් දැක තියෙනවා. හරිම කනගාටුයි මේ දේවල් දැක්කහම. මම අවුරුදූ ගානක් ජීවත් උනේ අප්‍රිකානු රටක. මේ වාගේ ජරා වැඩ කලු මිනිසුන් අතර ඇත්තේම නෑ. හොරෙක් ඇරෙන්නට වංචාවෙන් කරන වැඩ කරන්නේම නැහැ. තම ආයතනයටවත් කිසිම වංචාවක් නෑ.
ReplyDeleteමේ අය හිතන්නේ මේ සසර මෙතැන විතරයි කියලා. සසර බිය දකින්නෙ නැහැ. මේවා හැදිය යුත්තේ කුඩාම අවදියේ සිටයි. ගෙදරින් දහම් පාසැලෙන් හැදෙනා දරුවන් කිසිදාක මෙවැනි දේ කරන්නේ නෑහැ. වරද ඇත්තේ හදන තැනයි. දෙමාපියන් ද වැරදි කරනා සමාජයක දරුවන් හැදෙන්නේ කෙලෙසද? ආයතනයක වැඩ කරද්දී පවා ඒ ආයතනයේ දේ වැරදි ලෙස පරිහරනය කරනවා නේ. හරිම වැදගත් මේ සටහන. ඔබට යහපතක්ම වේවා!
කමන්ගේ වෘතිය තත්වය දැන අවබොධයකින් ජිවත් වන්නට මිනිසුන්ට උවමනාවක් නැ අක්කේ.
Deleteඅනේ මන්ද මෙහෙමත් මිනිස්සු .....
ReplyDeleteමොනවා කරන්නද ජිවිත් වෙනවාට ජිවත් වෙනවා මිස හරි සැලසුමකින් ජිවිතය රැගෙන යන්න උත්සහා කරන්නේ නැ.එහෙම ගන්න දේයින් වත් හැදෙනවා නම් කමක් නැ.
Deleteඔය වගේ දේවල් නම් මමත් අත්දැකලා තියනවා. වංචාවට පුරුදු උනාම ඒවා දිගටම කරනවා. මමත් හුඟක් වෙලාවට මාරු සල්ලි අරන් යන්නේ. ඒ ඇරුනම ඉතුරු සල්ලි අඩු උනොත් නම් අනිවාර්යයෙන් අහනවා. එතකොට දුන්නත් නොදුන්නත් අපි වංචාව දැන ගත්ත කියල හරි උන් දන්නවනේ.
ReplyDeleteඅර විදේශිකයින්ට කරපු වැඩේ නම් අන්තිම කැතයි. ඕවයින් රටේ නම තවත් සවුත්තු වෙන එකයි වෙන්නේ.
ඔව් රටේ නමයි කැත වෙන්නේ.
Deleteඔය වගේ කැත කොන්දො මට නම් පේන්න බෑ...බොහොම හොද මිනිස්සුත් ඉන්නවා අන්තිම රුපියල වෙනක්ම්ම ඉතුරු හරියට බේරන...අන්න ඒ අයගෙ නම්බුවත් කනවා මේ වගේ හොරු... බස් එකේ ගෝලයා නැත්නම් කොහෙන් හරි කුඩ්ඩෙක් හොයලා කොන්දොස්තරලා විදියට පත් කරන බස් හිමියොත් මේවට වග කියන්න ඕනෙ කියලා මට හිතෙනවා... ඒ අය කොහොමද විනීතව මගීන්ට කථා කරන්නවත් දන්නෙ...
ReplyDeleteඔව්.තමන් කරන රැකියාව අවබෝධයක් මේ අයට නැ.සිරා මතු කරලා තියෙන පැත්තත් ඇත්ත.
Deleteඕනම රැකියාවක් උසස් ඒක හරියට කරනවනං.ඇත්තටම මේ රැකියාව කරන පුද්ගලයන්ගෙ මානසික මට්ටමයි උසස් තැනකට ගේන්න ඕන.එහෙම වුණොත් මේ වගේ වැරදි දේවල් සිදු වෙන එකක් නැහැ.
ReplyDeleteනිවසක පවතින වතාවරණය යහපත් ලෙස පවති නම් මෙවැනි රැකියාවක් සඳහා මනසික මට්ටම හොඳ මට්ටමක පවති.එහෙත් නිවසේ පවතින තත්වය කලබකාරි නම් මනසික මට්ටමද වෙනස් ලෙස අයහපට යනවා.
Deleteමේක කියවන්න බැහැ. තත්පර කීපයකින් geek.lk අඩවිය ඇරෙනවා.
ReplyDeleteමේක කියවන්න බැහැ. තත්පර කීපයකින් geek.lk අඩවිය ඇරෙනවා.
ReplyDeleteඑහෙම එකක් දැන් නම් නැ වගේ.
Deleteකොන්දොත් ඉන්නව හොඳ මිනිස්සුත්. ඒත් බහුතරයක් ඉතින් ඔහොම්මම තමයි... දුප්පත් මනුස්ස්ය තමයි හැමපැත්තෙන්ම තැලෙන්නෙ...
ReplyDeleteවෙලාවක මටත් ඔහොම සීන් වෙනවා. කවුරුවත් අපිට නිකරුනේ රුපියලක්වත් දෙන්නේ නෑ නේ. ඒ නිසා මේ වගේ දේවල් වලට කතා නොකර ඉන්න ඕන නෑ.
ReplyDeleteඔබ තුමිය ජීවිතය තුල මනුෂ්‍යත්වය නිවැරදිව වටහාගෙන සහෝදර මිනිසුන්ටත් මනුෂ්‍යත්වය බෙදා දෙන කෙනෙක්.. ඔබ තුල නිර්මානශීලිත්වය වගේම මනුෂ්‍යත්වය දෙකම ඉහළින්ම තිබෙන අය ඉතා අඩුයි.. ඔබ වැනි අය දුර්ලබයි.. තවත් සාර්ථකව මිනිසාට සේවය කිරීමට ඔබට ශක්තිය දිරිය, වාසනාව හා දීර්ගායු ලැබේවා!
ReplyDelete