Wednesday, November 7, 2012

සඳ හොරෙන් හොරෙන්...........



ඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කථා
අසා සිටිනවා අසා සිටිනවා

කඳුළු බිදු ගලා සදේ තුරුලතා පුරා
සියෝලඟම සැලී මගේ නොහිම් සිතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.. මහද වියරුවෙන්

කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා......ම්...ම්... ඔබේ සිසිලසින්

දැයේ පිනට පහල වු ගන්ධර්වයන් දෙදෙනෙකු ගේ අපූර්ව සංකලනයෙන් බිහි වු තවත් එක් අශ්චර්යකින් ඊයෙත් අදත් හෙටත් ඇවිලුණු ඇවිලෙන ඇවිලෙන්නට නියම දහසකුත් හදවත් නිවාලයි. මානවීය සංගීතය යනු ලොකයටම පොදු භාෂාවකි. එහි රසය මෙලොවදී ලබාගැනීමට හැකියාවක් නැති මිනිසා අභාග්‍ය සම්පන්න පුද්ගලයෙකි.

(පුංචි කථාවක් මට ඇසුනා)

“අපේ කේමදාස මාස්ටර් මෙම පද වැල අතේ තබාගෙන ගෙදර මිදුලේ තණ ප‍ලසේ පුටුවක් තියාගෙන වඩිවෙලා මහා රැ එකට පමණ පදවැලට තනුවක් කල්පනා කරා.පද වැල බරපතලය,මෙම පද වැලේ බැලු බැල්මට තිබෙන ගොරහැඬි බව සහ රාගීක බව මරන්න සර්ට ඕන උනා.ඔහොම කල්පනා කර කර ඉන්න කොට සර්ට පිරිතක් ඇහුණලු.ධම්සක් පැවතුම් සුත්‍රය, සර් වයලින් එකෙන් ගහලා බැලුවා. ධම්මසක් පැවතුම් සුත්‍ර‍යට ගහන්න පුළුවන් උනා ස්වර තුනේ පහේ පරාසායට. විතරාගී බවක් ඇති ධම්සක් පැවතුම් සුත්‍රයේ තනුවට හැදුවා මේ අපුරු ගීතය. දඟලන ගතිය නැති කරලා ගීතයට ගුණාත්මක බවක් ඇති කරා.” 


ළඟ ඉන්න ගැහැණු ළමයා දුෂණය කරන්න හිතෙන පද වැලක් වීතරාගී වන ලෙස තනුවක් නිර්මාණය කරපු අපුර්වත්වය.
කියඹු වැල් ඒ කියන්නේ ගැහැණු ළමයගේ කේස් සුළඟට හමාගෙන ඇවිත් පෙම්වතාගේ කොපුල් තලේ වඳින විට ඔහුගේ සිතුවිලි සසල වෙනවා.සසල වු හැඟිම් ඔහු පාලනය කර ගන්න හැටි බලන්න.
 







49 Comments
Tweets
Fb Comments

49 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මං පුදුමාකාර විදියට රස විඳින ගීතයක් ගයනි... අපිට මේ වගේ ගීත නිර්මාණය වෙච්ච කාලය ඉර වෙලාද කොහෙද දැන් නම්...

    ඇත්තටම මේ කතාව නං දැනගත්තේ අද...

    ReplyDelete
    Replies
    1. ඔව් හිරු අපි මැරෙනකම් අපට ඒ රසය විඳින්න පුළුවන්.එත් අපෙන් පස්සේ මට සැකයි.

      Delete
  2. මා නිතරම අහන ගීත කීපයෙන් එකක්....
    බොහොම ස්තුතියි..සැඟවුනු කතාවක් එක්ක ආවර්ජනයක යෙදුනාට.(ගීතයේ...අකුරු කීපයක පොඩි වෙනස හදන්න )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අඩුපාඩු පෙන්නුවට.

      Delete
  3. අනේ.... මං ආසම ආස සිංදුවක්...... :)

    මාත් මේ කතාව දැන ගත්තේ නම් අද තමා.....

    ReplyDelete
    Replies
    1. අහන්න සතුටුයි.මේ ගීත අපි අපෙන් පසු පරම්පාරවට අහන්න සැලැස්විය යුතුය.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  4. බොහොම ලස්සන සිංදුවකට බොහොම අර්ථාන්විත පසුවදනක් සපයා තිබෙනවා ගයනි. මේ පද වැල තවත් විස්තර කළානම් තවත් අගෙයි. සිංදුවක් දානකොට පද රචකයා හා ගායකයා ගැනත් සටහනක් කරන්න.

    ReplyDelete
    Replies
    1. අඩු පාඩු පෙන්නල දෙනවට බෙහෝමත් ස්තුතියි අයියේ.අයිගේ බ්ලොග් එකත් මම මගේ ගුරුවරෙයෙකු විදියට තමයි අධ්‍යයන කරන්නේ.

      Delete
  5. මේ පද වැලේ සැගවිච්ච අරුත හරියටම දැන ගත්තේ අද! ඇත්තටම අපූරු ස්වර සංකලනයක්!

    ReplyDelete
    Replies
    1. ඇත්තටම නාඩියෝ මේ වගේ අපි නොදන්න තව බොහෝ ගීත ඇති.

      Delete
  6. මම ආස තවත් එක ගීතයක් ගයානි...මේ ගීතය අහද්දී දැනෙන්නෙ හදවත පිරිමදිනවා වගේ...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම භාවනාවක් වගේ

      Delete
  7. වැඩක් නෑ අක්කියෝ...මමත් පට්ට ආස සින්දුවක් ඕක...සින්දුව වගේම මනසින් දිවියට බ්ලොග් එකත් සුපර්..

    ReplyDelete
    Replies
    1. බෝහෝමත් ස්තුතියි මල්ලීයෝ.

      Delete
  8. මා මිලට ගත් පළමු සංගත තැටියේ තිබුන ගීතයක් මේක. එදා වගේම තාමත් එකම අයුරින් රස විඳින්න හැකියි.

    දෙලොවක් අතර සිට

    ReplyDelete
  9. මාරයි අප්පා.. මම කවදාවත් මේ වගේ සින්දු අහල නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රසවිඳින්න මේ පැත්තට ආවට.

      Delete
  10. ගොඩක් සංයමයෙන් රස විඳින්ඩ පුලුවන් ගීයක්.ආයේ ඉතින් කේමදාස මාස්ටර්ගේ වැඩක් කිව්වම අහන්නත් දෙයක් යෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම් ඒත් සර් ගෙන් අපි හරියට වැඩ ගත්තේ නැ වගේ හැඟිමක් ඇති වෙනවා.

      Delete
  11. Replies
    1. ස්තුතියි ගීතය රසවින්ඳාට.

      Delete
  12. දැහැනකට සමවැදුනා වගේ අහන්න පුලුවන් ගීතයක්.. ඔය කත්හාව මම දැනගෙන හිටියේ නෑ..

    ReplyDelete
    Replies
    1. ඔව් අංකල් භාවනාවක් වගේ.

      Delete
  13. අමරදේව මාස්ටර් මගේ ප්‍රියතම ගායකයා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළයේ බිහි වූ අග්‍ර‍ගණ්‍ය ගාන්ධර්වයා ඔහු බවට කිසිදු විවාදයක් නෑ... ඔහුගේ කටහඩේ තිබෙන ප්‍රාණවත් ස්වරූපය නිසාම.. පදපෙළේ අරුත මැනවින් ප්‍රේක්ෂකය සමූහයා වෙත සන්නිවේදනය කරන්න එතුමා හැබෑ හපනෙක්...

    මේ මහා චරිතය සමග වරක් කථාබහේ යෙදෙන්නට සිරා හට අවස්ථාවක් ලැබුනු බවත් කියන්න කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔයා වාසනාවන්තයෙක්.

      Delete
  14. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා කියන පද ටික ඇහෙද්දීම සින්දුවට හිත ඇදිල ඉවරයි.අපුරු ගීතයක්

    ReplyDelete
    Replies
    1. එක හොරෙන් එකයි තිබිලා තියෙන්නේ එකට මාස්ටර් තව හොරෙන් දෙකක් එකතු කරලා.

      Delete
  15. Replies
    1. ගොඩාක් අය කැමති විම ලොකු සතුටක්.

      Delete
  16. හරිම ලස්සන ගීතයක්...මේ කතාව නම් දැනගත්තෙ අදයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ලස්සන වගේ ම මනස නිදහස් වෙනවා.

      Delete
  17. niyama post ekak..e wageamayi sinduwath... :)

    ReplyDelete
  18. හරිම ලස්සන ගීයක් ගයනි. නලින් කීවා වාගෙ විස්තර ටිකක් දාන්න අයෙත් ලියන කොට. කාටත් ප්‍රයෝජනවත් නංගී. මේ කතාව නම් දැනගත්තෙ අදයි මම.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කා.මම පිළි ගන්නවා.ඊළඟ පාර එහෙම කරන්නම්.

      Delete
  19. "ළඟ ඉන්න ගැහැණු ළමයා දුෂණය කරන්න හිතෙන පද වැලක්" කියලා කියනවට වඩා ළඟ ඉන්න ගෑනු ළමයට ආදරණීය බලහත්කාරකමක් කරන්න හිතෙන පදවැලක් කිව්වොත් නරකද ? "දුෂණය" කියන වචනේ හරි අමුතුම දෙයක් තියනවා වගේ. මට හිතෙන විදිහට.(අනේ මන්දා මම හරියට ලිපිය තේරුම් ගත්තේ නැතුවද කියලා)

    ReplyDelete
    Replies
    1. බලහත්කාර කමක් කවදාවත් ආදරණිය වෙන්නේ නැ නේද? පැතුම්.ගීතයේ රාගය මරලා තියෙන්නේ.තනුවේ තිබෙන ප්‍රබලත්වය නිසා තමයි ගීතය පිළිබඳ අපි මෙච්චර වර්ණනා කරන්නේ .එහෙම නැතිව අරෙහන් මෙහෙන් ගහලා දමන තනුවක් උනා නම් දුෂණය උපදවන හැඟිමක් තමයි එන්නේ.විවාදාද්මක හැඟිමකට නොගොස් නිසොල්මනේ අහන්න පුළුවන් විදියට මාස්ටර් එකට තනුව හදලා තියෙනවා.

      Delete
  20. මගේ ලෝකයේ ඉන්න විශිෂ්ඨයින් දෙදෙනෙක්. මාස්ටර්ගේ තනුව වගේම අමරදේවයන් මේ මධුර ගායනය හිත නිවා සනහනවා සදාකාලයටම.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ.අපි පිං කරලා තියෙනවා එවන් අශ්චර්යයක් විඳින්න.

      Delete
  21. මමත් ආදරේ කරන ගීතයක්... ගීතයට තනුව නිර්මාණය වුණු කතාවත් හරිම අපූරුයි. අද කාලෙ ගීතයක් ලියද්දි, තනුවක් නිර්මාණය කරද්දි, කලා කෘතියක් නිර්මාණය කරද්දි මිනිස්සුන්ගෙ හිත සද්බවින් පුරවන්න, ශාන්තිමත් කරන්න ඕන කියල හිතන නිර්මාණකරුවො ඉන්නෙ කොයි තරම් අතලොස්සද?

    ReplyDelete
    Replies
    1. ඔයා කියන්නේ සම්පුර්ණ ඇත්ත කථාවක්.

      Delete
  22. "කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි"
    මේ ගීයේ මමත් ගොඩාක් කැමතිම කොටස තමා ඒක. ගීතයේ තනුව නිමවුන අන්දම අදම තමා ඇහුවේ. ඇත්තටම මේ මාස්ටර්ල දෙපළ මමත් ඉතාම ගරු කරන ශ්‍රේෂ්ටයන් දෙපොළක්...

    ReplyDelete
    Replies
    1. ඒ පද ටික අමුතු හැඟිමක්.

      Delete
  23. මමත් ගොඩක් ආස කරන ගීතයක්

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...