ගිනි ජලයේ දියවෙන සහ දියනොව වශයෙන් පවති.
මධ්‍යසාර, ස්පීතු, රාසයනික ද්‍රව්‍ය ජලයේ දියවන අතර, පෙට්‍රල්, ඩීසල්, භුමිතෙල්,
ලිහිසි තෙල්, සත්ව තෙල් ශාක තෙල් ජලයේ දිය නොවේති.
එම නිසා ගිනි නිවිම සඳහා ගිනි නිවාරණ
භාවිතා කිරීමේදී සැලකිලිමත්ව නිසි ගිනි නිවනය ගිනි වර්ගය අනුව භාවිතා කිරිමට වගබලා
ගත යුතු වේ. මෙවැනි අවස්ථා වල අපි කලබලයටත් බියටත් පත් විය යුතු නැත. එවැනි
අවස්ථාවකට මුහුණ දිම සඳහා අපි මනස සුදානම් කර ගත යුතුය. සමහරක් විට වයෝවෘර්ධ සහ
පුංචි දරුවන් සිටින ස්ථානයක ඔබ විතරක් විය හැකිය ඔවුන් බේරා ගැනිම සඳහා සිටින එකම
ගැලවුම් කරු. එම නිසා ඔබ යම් තරමට හෝ ගිනි නිවිම පිළිබඳව දැනුවත් විම වැදගත් වේ. ඕනෑ
ම විෂයක් පිළිබඳව දැනුවත් වු විට එම අවස්ථාවට මුහුණ දිමට පසුබට විය යුතු නැත. කළ
යුතු පළමු පියවර විය යුත්තේ තමන් සන්සුන්ව නිසි ක්‍රියා මාර්ගය ගැනිම පමණි.
ගිනි නිවිමේ උපකරණ
ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.
1. ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණ
2. ප්‍රධාන ගිනි නිවිමේ උපකරණ
මෙයින්
අපට වැදගත් කොටස වනුයේ ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණ පිළිබඳව දැනුවත් විමයි.
වැලි බාල්දි
වතුර බාල්දි
ගිනි පොරවන
ප්‍රාථමික ගිනි නිවිමේ උපකරණයන් ය.
ගෑස් සහ ජල ගිනි නිවනය(Gas and Water Fire Extinguisher)
මෙම
ගිනි නිවාරණය රතු පාටින් පින්තාරු කර ඇති අතර, නිවනයේ මුදුනත ඇති ඇණය පහතට තද කළ
විට එහි ඇති තුඩ මඟින් ඇතුළත CO2 සිලින්ඩරයේ
මුද්‍රාව කැඩී යයි. එවිට ජලය සහිත පිටත සිලින්ඩරය තුලට පිඩනයක් ඇති වී එම ජලය පීඩනයකින්
ඉහළ ඇති සිදුරෙන් පිට කිරීම සිදුවේ.මෙම ගිනි නිවනය විදුලි
ගිනි නිවිම සඳහා භාවිතා නොකළ යුතුය.මෙය පවිච්චි කිරීමෙදි හැකි තරම් ගින්නට
ලංවිය යුතුය.තවද ගින්නෙන් ඇතිවන රශ්මිය හා පිපිරිම් වලින් මුහුණ ආවරණය කර ගැනිම
සඳහා 45º ප්‍රමාණයකට ඇල කර මෙය පාවිච්චි කළ යුතුය.
ධාරිතාව :- ලීටර් 9 කි.
බලපාන දුර :- මිටර්
6-9
පවත්නා කාලය :- තත්පර 60-90 කි.
නිවිමේ ක්‍රමය :- සිසිල්
කිරිම(Cooling)
සාමාන්‍ය ගිනි නිවිම සඳහා යොදා ගනි.
මෙවා
වර්ග දෙකකින් ඇත.
Stord pressure type
Cartridge type
පෙන ගිනි නිවනය (Foam type extinguisher
)
මෙම
ගිනි නිවනය ක්‍රිම් පාටින් සහ රතු පාටින් පින්තාරු
කර ඇති අතර,වර්ග දෙකකින් ඇත. නිවනයේ මුදුනත ඇති හැඩලය වමට කරකවා උසට ඉස් වු පසු
ඇතුලත සිලින්ඩරයේ කට විවෘත වේ.ඉන්පසු කිහිපවිටක් උඩට පහතට සෙලවිය යුතුය. එවිට
රසායනික ද්‍රව්‍යයන් දෙක හොඳින් මිශ්‍ර වී ප්‍රතික්‍රියා
කිරීම නිසා ඉතා ඝන පෙන වර්ගයක් සෑදී නිවනයේ මුදුනත ඇති සිදුරින් පිටතට විදිම සිදු
කෙරේ.
ධාරිතාව :- ලීටර් 9 කි.
බලපාන දුර :- මිටර්
6-9
පවත්නා කාලය :- තත්පර 60-90 කි
නිවිමේ ක්‍රමය :- ඔක්සිජන්
වායුව ලැබිම වැලැක් විම Smothering
මෙය තෙල් ගිනි සඳහා භාවිතා කරයි.
CO2 ගිනි නිවනය
මෙම
ගිනි නිවනය කළු පාටින් සහ රතු පාටින් පින්තාරු කර
ඇත. මේ මඟින් ගින්න නිවුනු පසු ඇවිලෙන සුළු ද්‍රව්‍යයන් කිසිදු වෙනසක් නොවිම නිසා
එම ද්‍රව්‍යයන් පෙර සේම භාවිතයට ගත හැකිය. මෙම ගිනි නිවනය නිකරුනේ නාස්තී විම වළකා
ගැනිම සඳහා ක්‍රියා කරවන හැඬලයේ ආරක්ෂිත පින් එකක් මඟින් ආරක්ෂිත කර ඇති අතර, එම
පින් එක ගලවා ලීවරය මිරිකිමේදී වැල්වය ඇරි CO2
වායුව නලය දිගේ ගමන් කොට එහි කෙලවර ඇති රබර් කෝන් එක මඟින් වායුව
හොඳින් විසිරි යාම සිදු කරයි.මෙම වායුව ශාරීරයට අහිතකර නිසා වැඩි වේලාවක් පාවිච්චි
කිරීමේදී ඉතා තද සීතලක් ඇති වන නිසා නිවනයේ නලයට ප්ලාස්ටික් කවරයක් දමා ආවරණය කර
ඇත.(ආදාල හැඩලයෙන් හැර සිලින්ඩරයෙන් සහ පිටතට ගලා නලය ඇල්ලිමෙන් වළකින්න) වැඩි ප්‍රථිපල
ඇතුලත ගිනි සඳහාය.
ධාරිතාව :- 1kg - 10kg
බලපාන දුර :- මිටර්
4-6
පවත්නා කාලය :- තත්පර 8-40 කි
නිවිමේ ක්‍රමය :- ඔක්සිජන්
වායුව ලැබිම වැලැක් විම Smothering
A,B,C,E පංති සඳහා භාවිතා කළ හැකිය.
වියළි රසායනික කුඩු නිවනය(Dry
Chemical Powder )
මෙය නිල් පාටින් පින්තාරු කර ඇත.වැඩි වශයෙන් විදුලි ගිනි
සඳහා භාවිතා කරයි.මෙහි මුදුනත ඇති ඇණය තද කිරීමෙන් ඇතුළත ඇති CO2
අඩංගු සිලින්ඩරය සිදුරු විම නිසා පිටත සිලින්ඩරයේ ඇති රසායනික කුඩු
වර්ගය පිඩනයකීන් නලය දිගේ පිට වේ.මෙම කුඩුද ශාරීරයට අහිතකර බැවින් වැඩි වේලාවක් පාවිච්චි
කිරීමේදී නාස් ඇස් ආවරණය කළ යුතුය.
ධාරිතාව :- 1kg - 10kg
බලපාන දුර :- මිටර්
3-4
පවත්නා කාලය :- තත්පර 20-30 කි
නිවිමේ ක්‍රමය :- ඔක්සිජන්
වායුව ලැබිම වැලැක් විම Smothering
ඕනෑම ගිනි පංතියක් සඳහා භාවිතා කළ හැකිය.
නියමයි.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
ReplyDeleteස්තුතියි දර්ශන
Delete👆
Deleteඋබ අපෙ ගෙවල් ලගද බං ඉන්නේ. මේ දැන් පැයකට කලින් ගමම එලියට බැස්සා. මහා පිපුරම් සහිත ගින්නක් ඇතිවෙලා. තාර කම්පැනියක් පිපුරුවා.
ReplyDeleteඋබ එකටම ලියල කියල මට හිතුනේ.
ජය !
අනේ සෑම් උඹට පිස්සුද මට පිස්සුද
Deleteගයනි මේ ලිපි දෙකම පුදුම විදියට වටිනවා. මේ උපකරණ අපේ ආයතන වල හැම තැනම තිබුණට අපි ඒවයේ ක්‍රියාකාරීත්වය දන්නේ නැනේ . මේ පෝස්ට් එකෙන් බොහොම දේවල් ඉගන ගත්තා.
ReplyDeleteස්තුතියි අයියේ.
Deleteඇයි මම අහන්නෙ මොකද මෙච්චර වටින බ්ලොගියක් සින්ඩිවලට නොදැම්මේ...මට නම් අහු වුනේ අහම්බෙන්..නැ.ත්නම් අපරාදෙ මිස් වෙනවා..වටින ඒවා කාටත් බලන්න දෙන එක නෙවැ යුතුකම..
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ස්තුතියි මේ පැත්තට ආවට.
Deleteහ්ම්ම්ම් සෑහෙන්න දේවල් දැනගත්තා. මෙය හුදෙක් බ්ලොග් පොස්ටුවක් නොව සමාජසත්කාරයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්
ReplyDeleteවටිනා අගය කිරීම මහත් ශක්තියකි.
Deleteඔබ සමාජයට කරනා මෙහෙවර මේ සටහනෙන්ම පෙනෙනවා නංගී. ඊයෙත් මම කමෙන්ටුවක් දැම්මා. ඒක වැටුනේ නෑ. මේ නෙට් ප්‍රශ්ණෙ නිසා හරිම කරදර සමහර වෙලාවට ඔයාගෙ බ්ලොග් එක සේරම ලෝඩ් වෙන්නෙ නෑ. මන්දා ඇයි කියලා. ස්තූතියි! මේ වටිනා දැනුවත් කිරීමට. හරිම වටිනවා මේ දේවල් නොදන්නා කෙනෙක්ට.
ReplyDeleteඔව් මේ දවස් වල මේ පැත්තටත් නෙට් අවුල් අක්කේ.කමක් මේ වචන මට ශක්තියක්.
Deleteගිනි නිවන උපකරන තිබුනත්, පාවිච්චි කරන්න දන්නෙ නෑනෙ. එ හින්දා මේක ගොඩක් වටිනව මට
ReplyDeleteස්තුතියි මේ පැත්තට ආවට ඔබටත්
Deleteකුඩා පැහැදිලි කිරීමක් සම්බන්ධයෙන් අදහසකි
ReplyDeleteගිනි සඳහා වන A, B, C classification එක දෙවනුව දක්වා ඇති වගුවේ පරිදිනම් නිවැරදිය - එය මුලින් දමා ඇති වගුව සමග ගැටලුවක් ඇතිකරයි - නැවත වරක් බැලුවොත් මැනවි
DCP (Dry Chemical Powder) ඕනෑම ගින්නක් සඳහා භාවිතා කල හැකි වුවද සියුම් යන්ත්රසූත්ර ඇති තැන්වලට පාවිච්චි කිරීමෙන් ඒ උපකරණ විනාශ වී යා හැක - එනිසා තක්සේරුවක් සහිතව කාබන් ඩයොක්සයිඩ් පාවිච්චිය සුදුසු විය හැකිය
උදා: පරිගණක / යූ පී එස් / PLC වැනි අඩු ඇම්පියර ප්‍රමාණයක් භාවිතවන උපකරණ වලට
DCP ක්‍රියාත්මක වන්නේ smothering මූලධර්මය අනුව නොවේ
ගින්න යනු රසායනික ප්‍රතික්‍රියාවක් ලෙස සලකා මූලික ප්‍රතික්‍රියාව, දාම ප්‍රතික්‍රියාවක් (chain reaction) වීම වැලැක්වීමට රසායනිකව මැදිහත් වීමක් හරහා DCP ක්‍රියාත්මක වේ
ගෑස් නිසා වන ගින්නක් මැඩ පැවැත්වීමට නම් මේ කිසිවක් භාවිතා කල නොහැක - ඒ මන්ද යත් ගෑස් හැම තැන විසිරී යාම නිසාය
ගෘහ ගෑස් සිලින්ඩරයක් නිසා හෝ වෙනයම් ගෑස් කාන්දුවක් නිසා සිදුවන ගින්නක් මැඩ පැවැත්වීමට සුදුසුම දේ ආරක්ෂා සහිතව කාන්දුව ආවරණය කිරීමයි (උදා; රෙගියුලේටරය වැසීම)
පිටව ඇති ගෑස් නිදහසේ දහනය වීමට සැලැස්වීම, එතැනින් සෙනග ඉවත් කිරීම, ගිනි ගත හැකි දෑ ඉක්මනින් අවටින් ඉවත් කිරීම හෝ සිසිල් කිරීම, විදුලිය විසන්ධි කිරීම කල හැකි ඉතිරි දේය - ඒ පිලිබඳ යන්තම් හෝ දැනුමක් / පුහුණුවක් නැත්නම් එතැනින් වහා ඉවත්වීම කල හැකි සුදුසුම දේය
ගම අවුලූවැයි - ගිනි ගෙඩි දුඤ්ඤැයි හිතන්ට එපා ඕං ඈ!!
අදහස් ප්‍රකාශ කිරීම පිළිබඳව ස්තුතියි.
Deleteතොරතුරු වලට ස්තූතියි....
ReplyDeleteඔබටත් ස්තුතියි සහෝ.
Deleteවටිනා ලිපියක් ගයනි.... මේකේ මුල් කොටස මට මිස් වෙලානේ. දැන් කියවල බලන්න ඕනි.
ReplyDeleteබලන්න එකත් ඒ එක්කම ඇති.
Deleteඔය ගිනි නිවන සිලින්ඩර් තැන තැන එල්ලලා තිබුනට ඕකෙන් කරන දේ ගැන කවුරුත් දන්නේ නෑ
ReplyDeleteනොදන්න දෙයක් අහලා දැන ගන්න ඕන කියන පුරුද්ද අපිට අඩුයි.
Deleteවටී වටී ගොඩක් වටී
ReplyDeleteකවුරැ කවුරැත්
නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!
ඔබටත් නිරෝගිමත් දවසක්.
Deleteමේ දේවල් නම් දැනගෙන උන්නෙම නෑ..
ReplyDeleteස්තුතියි මධුරංග.
Deleteඉතා වටිනා විස්තරයක් ගයනි .
ReplyDeleteස්තුතියි ආවට.සුභ ඉල් මංගල්‍යයක් වේවා!
Deleteමේ ටික නම් දැනගෙන හිටියේ නෑ. කියල දුන්නට තුති
ReplyDeleteස්තුතියි ඔබේ වචන ටිකට.සුභ ඉල් මංගල්‍යයක් වේවා!
Deleteනියමයි
ReplyDeleteThanks
ReplyDelete