Saturday, November 10, 2012

සිහි කරමු අපි හඳවතින්ම ඔවුන්ව..!



මව් බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවණි ඔබටයි මේ උත්මාචාරය
AT THE GOING DOWN OF THE SUN,
AND IN THE MORNING,
WE SHALL REMEMBER THEM…!


ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!
SRI LANAKA NAVY 










පොපි මලේ ඉතිහසය 
1918 වසරේ නොවැම්බර් 11 වැනි දින 11 පැයට එතෙක් පැවති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් පළමු ලෝක යුද්ධය නිමාවිය.
 ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රාජකීය කැනේඩියානු යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ සේවය කල ලුතිතන් කර්නල් ජෝන් මැක්ක්රේ මෙම මිනිස් ජිවිත විනාශ කරන කුරිරු යුද්ධය නිසා  මහත් කම්පාවට පත්ව සිටි අතර 1918 දෙසැම්බර් මස 08 දින මිය ගිය අතර මිය යන අවස්ථාවේදී ඔහුගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළ වූයේ කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ප්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපියන්නය.
පළමු ලොක යුද්ධයෙන්  මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත රත් පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මඳ සුළඟේ නැළවෙන්නට විය. බිම් බෝම්බ හෙළු, සොහොන් වලවල් මතින් ගොඩ වූ අලුත් පසෙහි මේ මල් සීරුවට පිපෙන්නට විය.( ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි)
මින් අනතුරුව පළමුවරට යුද්ධයෙන් මියගිය විරුවන් සිහිකල දිනයේදී ලුතිතන් කර්නල් මැක්ක්රේගේ සේවය ඇගයිමට ලක් කරමින් ඇමරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කල මොයිනා මිචෙල් මහත්මිය විසින් පොපි මලක් පැලැඳගෙන මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහා යොදවන ලදි.
             පොපිමල් දිනයේ ඉතිහාසය මෙලෙස ආරම්භ වූ අතර මහා බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 ප්‍රථම වතාවට ආරම්භ විය.අඛණ්ඩව ඔවුන් මෙම සත්කාරය මේ දක්වා නොකඩවා පවත්වාගෙන එන ලදි. 1919 වසරේදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියකු වන එඩ්වඩ් ජෝර්ජ් හොනී විසින් යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යොජනාව සම්මත කරමින් එම වසරේදීම 5 වන ජෝර්ජ් රජු විසින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බවට නොවැම්බර් 7 වැනි දින නියෝග කළ අතර එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද එසේ නිශ්ශබ්දතාවය සුරකමින් වාර්ෂිකව යුද්ධයෙන් මියගිය අය සිහි කරමින් පොපිමල් දිනය සමරණු ලබයි.
අපටත් එවැනිම බිහිසුණු ආතීතයක් තිබුණු බව නොරහස කි. අපි මෙලොව අයිතිකාරයෝ නො‍වෙමු.අපි මෙහි තාවකාලික නවාතැන්කරුවෝ පමණි.එම නිසා මිහිපිට ජිවත් වන කිසිම පණනලක් නැසිමට කිසිම කෙනෙකුට අයිතියක් ද නොමැත.තවද රටක මිනිස් සම්පත විනාශ කිරීමට කිසියම් බලපුළුවන්කාරයෙකුට හෝ එක්තරා කොටසකට නොහැකිය.
එවන් වු යම් යම් අයහපත් මිලේච්ඡ්ඡ මිනිස් චින්තන යන් මගේ රට තුලද පිළිලයක් මෙන් පැතිරේයි.එම නිසා මව් බිමත් වටිනා මිනිස් ජිවිතත් ආරක්ෂා කර ගැනිම සඳහා ආරක්ෂක හමුදාවට අවි අත දරන්නට සිදු වේ.
අද ඇතමෙක් රජයේ හමුදාව යන ලේබලය යටතේ හමුදාව හඳුන්වා දුන් ද එය ර‍ට අරාක්ෂා කරන අරක්ෂක හමුදාව යනුවෙන් මම හඳුන්වමි. ප්‍රභාකරන් දිනවන්න රටේ සමහරක් ජන මධ්‍යයද වක්‍රාකාරව යමින් මෙම ලෙබලය යටතේ තමන්ගේ ප්‍රවෘත්ති විසුරුවා හරින ලදි.මේ අතර ඇතැම් සිංහල එහෙත් තමනුත් අපක්ෂපාති යන ලේබලය යටතේ අදටත් රජයේ හමුදා කියමින් ප්‍රභාකරන් නිර්දෝෂි කිරීමට පෙළඹෙති.
තවත් කොටසක් ඉන්නවා යුද්ධය සහ ජනවාර්ගීක ගැටළුව නොයෙකුත් සංකීර්ණ වචන යොදා ගනිමින් විවිධ අර්ථ කථන ඉදිරිපත් කරමින්.
මම මේ කථා කරන්නේ දමිල ජනතාව වෙනුවෙන් හඩක් නඟන සිංහල ජාතීවාදීන්ටයි.දමිළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලොකයේ කොතැනක හෝ ඔවුන් වෙනුවෙන්  හඬක් නඟන්න පිරිසක් බලා ගෙන සිටි.එහෙත් සිංහල අපි වෙනුවෙන් ලොකයේ කොතනද ඉන්නේ හඬක් නඟන්න සිංහලයින්.යුද්ධය පවතින අවස්ථාවේදී  විදේශයන් හි වෙසෙන ශ්‍රි ලාංකීක සිංහල වැසියන් පමණක් යම් යම් අවස්ථාවල අපි වෙනුවෙන් එම රටවල් දැනුවත් කරමින් විදී පෙළපාලී යනවා අපි  මාධ්‍ය හරහා දුටුවා. අසල්වැසි ඉන්දීයාවද අපේ රටේ ගැටළු අවස්ථා වලදී කණවැන්දුම්  දෙබඩි පිළිවෙතක්  අනුගමනය කරන්නේ ය.අපේ කියන්න අපට තියෙන්නේ මේ රට පමණයි.රට තුල විවිධ විවාද,තර්ක සහ විවේචන කරන්නේ ත් රණවිරුවන් නිදහස් කර දුන් නිසාවෙන් බව ඔවුන්ට අමතකයි. ප්‍රභාකරන් මේ රට පාලනය කරා නම් ඔය කියන අපක්ෂපාතී වියතුන්ට ඉන්න පුළුවන් වෙයි.එහෙත් අහිංසක සිංහලයා මරා දමයි.කිසිත් නොදත් අහිංසක සිංහලයා පමණක් නොව සිංහලයා සමඟ සම්බන්ධ වු දමිල ජනයා පවා විනාශ කිරීමට  මේ කොටියා දෙපාරක් හිතුවේ නැත.
විජය කුමරුගෙන් පැවැතෙන නිසාද මන්දා, කන්න දුන් අත හපා කන ජාතීයක් බවට පත්ව ඇත්තේ.දේශපාලනය කළ යුත්තේ රට විනාශ කිරීමට නොව රට ගොඩ නඟන්නට ය.බලය ලබා ගැනිම සඳහා ඕනෑම මිලේච්ඡ ක්‍රියාවක් කරන පිරිසක් වර්ථමානයේ දේශපාලනය කරන්නේ ය. එම නිසා නැවත යුද්ධයක් ඇති වන්නටද බැරි කමක් නැත.
එම නිසා රණවිරුවා නිදහස් කර දුන් මේ මව්බිම අයේමත් වෙන් කිරීමට කිසිවෙකු ගේ සිතකට සිතුවිල්ලක් පහල නොවේවා! කියා මම  මළවුන් සිහි කිරීමේ දිනය වන අද  දින ප්‍රර්ථනා කරමි.2012/11/11.


52 Comments
Tweets
Fb Comments

52 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ඔව්...

    "රණවිරුවා නිදහස් කර දුන් මේ මව්බිම අයේමත් වෙන් කිරීමට කිසිවෙකු ගේ සිතකට සිතුවිල්ලක් පහල නොවේවා!"

    ReplyDelete
  2. පොපි මලේ ඉතිහාසය ගන හරීත් එක දවසක් ලියලා තිබ්බා. ගොඩක් වටිනවා නංගි මේ විස්තර ටික. නාවික හමුදාවේ කෙනෙක්ම මේ ගැන ලියන නිසා අපට එයාගේ දෘෂ්ඨි කෝණයෙන් බලන්න පුලුවන් :)

    ReplyDelete
  3. වටිනා ලිපියක්... :D

    ReplyDelete
  4. ඉතා අගෙයි ගයනි....
    අපේ රටට සදා ජය....

    ReplyDelete
    Replies
    1. ශ්‍රි ලංකාවේ වෙසෙන මව් බිමට ආදරය කරන සියළුම මිනිසුන්ගේ ආශිර්වාදය නිසා තමයි යුද්ධය දිනුවේ අයියේ.

      Delete
  5. //විජය කුමරුගෙන් පැවැතෙන නිසාද මන්දා, කන්න දුන් අත හපා කන ජාතීයක් බවට පත්ව ඇත්තේ//

    ඒකනම් සත්‍යයක්..!

    ReplyDelete
  6. වටනා ලිපියක් ..

    ජය..

    ReplyDelete
    Replies
    1. ඔයාලගේ අශිර්වාදය නිසා තමයි රට බේරුනේ

      Delete
  7. රට රැකගැනීමේ අරමුණින් යුද්ධයේදී දිවි පුදන උදාර රණවිරුවා දෙවියන් වී උපදින බවට කථාවක් මම අහලා තියෙනවා පැරණි සාහිත්‍යයේ...

    ReplyDelete
    Replies
    1. පොඩි මිනිසුන් ගොනාට අන්දන්න ගොතපු කතානේ.යුද්දෙදි මැරෙන්නේ පොඩි මිනිස්සු, උන්ව රවටන්න පොපිමල්,පදක්කම් කියල හදුන්වපු තහඩු කෑලි හදුන්වා දෙනවා.ඒත් නැතිවුන ජීවිත ඒ වගේද?

      Delete
    2. සිරා ගේ කථාව ඇත්ත.ඔයාල වගේ අයගේ අධීෂ්ඨානය නිසා තමයි යුද්ධය දිනන්න අශිර්වාදය.එත් සමහරක් පර සුද්ද‍ට ගොට්ට අල්ලන මොනවා කරත් වැරදි කොණයකින් දකින පිරිසක් ලංකාවේ ඉන්නවා.උන් ගේ ඇ‍ඟේ දුවන්නේ සුද්දගේ ලේ එකයි වෙනස.උන් මොන කෙණෙහිළි කම් කලත් අපි දිනුවා රටක් විදියට.ජාතී වාදය ගැන කථා කරාට උන් තමයි ජාතී වාදීන්.සිංහලයා වෙනුවෙන් හඩක් නඟන්න වෙන කවුරුත් ලොකේ නැ.එත් දමිළ ජනතාවට අසාධාරණයක් උනොත් දකුණු ඉන්දියාව මුස්ලිම් ජනතාවටත් එහෙමයි.එහෙමයි කියලා සිංහල ජනතාව අනෙකුත් ජාතීන් සමඟ අරගල කළෙ නැ.එත් දමිළත් නොවන මුස්ලිම්වත් නොවන සමරක් සිංහල පර සුද්දට ගැති කම් කරන උන් තමයි ජාතීවාදයක් කිය කියා ප්‍රශ්ණ ඇති කරන්නේ.

      Delete
    3. http://www.youtube.com/watch?v=pqw5B8wcOiA&feature=relmfu

      Delete
  8. ප්ලාන්ඩර් කෙතේ මිත්‍ර පාක්ෂික සෙබළුන් මෙන්ම පසමිතුරු ජර්මන් සෙබළුන්ද මිහිදන් විය.වසන්තයේ පොපිමල් පිපුනේ කිසිදු භේදයකින් තොරව මුළු බිමම වසාගනිමිනි.නමුත් ඔබ කතාකරන්නේ ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයක සිට බව මගේ අදහසයි.යුද්ධයෙන් පසු එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ සිංහලයන්ට පමණක් යයි ඔබ සිතන්නේ නම් ඔබට වැරදී ඇති බව කියමි.මේ රට සිංහලුන්ට පමණක් නොව දෙමලුන්ටද මුස්ලිමුන්ට සහ අනෙකුත් ජාතීන්ටද එකසේම අයත්ය.උන්ටද යන්නට වෙන රටක් නැත.උන්ද වසර දහස් ගණනක්, අඩුමතරමේ වසර සියගණනක් පුරා මෙබිමේ ඉපිදෙමින් මිය ගියහ.යුද්ධයෙන් මියගිය සහ අබාධිත වූ සෙබළුන් සිහිපත් කලයුතුය එතනින් නොනැවතී ඔවුන්ගේ සුභ සාධනයද සැලසිය යුතුය.නමුත් දැන් යුධ මානසිකත්වයෙන් මිදී රට ඉදිරියට යා යුතුය. විදේශ රටවල් දෙස සතුරු ආකල්පයෙන් බැලීම හිතකර නැත.වියට්නාමය යුද්දයෙන් පසු තවදුරටත් ඇමෙරිකාව තම සතුරෙකු ලෙස නොසැලකු පරිද්දෙන්ම අපද අපේ විදේශ ප්‍රතිපත්ති සකස් කරගතයුතුය.එසේ නොවුනොත් උතුරු කොරියාව මෙන් පසුගාමී රටක් ලෙස අපට පවතින්නට සිදුවෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඇමරිකාව සතුරෙක් නෙමෙයි වෙන්න ඇති.එත් හිලරි ක්ල්ටන් අපට සතුරු කම් කරා කියන එක නම් කියන්න වෙනවා.අපි පසු ගාමි ‍වෙන්නේ යුද්ධය මානුෂිය නොවේ හමුදාව දමිළ මිනිස්සු මැරුවා කියා කියා පිස්සුවෙන් වගේ විදේශියන් සමඟ අත්වැල් බැඳගෙන සිටින කණ්ඩායම් නිසාය.දමිළ අයවත් මුස්ලිම් අයටවත් මේ රට අයිති නැතැයි මම කොතනවාත් කියලා නැ.කිව්වේ ඔවුන්ට ලොකේ තව කොතනක හෝ පිරිසක් ඔවුන් වෙනුවෙන් හඩක් නැඟිමට සිටිනවා.එත් සිංහලයට එහෙම නැ.මේ රට විතරයි තියෙන්නේ කියලා.එක නිසා සිංහලයා අවස්ථාවාදි නොවි මේ රට නඟා සිටුවන්න උදව් කල යුතු මිස ප්‍රභාකරන් සාධාරණය කරන්න එපා කියලා.ප්‍රභාකරන් මේ කියන ජාති තුනේම මිනිස්සුන්ව මැරුවා.ඔහුට අවනත නොවන හැම එකාම මැරුවා.එක හොඳද නරකද කියා බැලුවේ නැ.

      Delete
  9. ඇත්තටම ඔවුන් අපිවෙනුවෙන් කල කැපකිරීම් වින්ඳ වේදනා දුක් දොම්නස් අද වෙද්දී අපේ මිනිස්සුන්ට අමතක වෙලා. එක කනගාටුවට කාරණයක්. ප්‍රභා ගොයියා කිව්වා එක කාරණයක් ඇත්ත සිංහලයාට ඕනෙම දෙයක් මතක සතියයි ඊට පස්සේ අමතකයි. ආත්මාර්ථ කාමී බව කියන්නේ ඕකටයි ලස්සන ලිපියක් වගේම කාලීන අවශ්‍යතාවයක් ගයානි

    ReplyDelete
    Replies
    1. අමතක කරත් කමක් නැ අපේ මිනිස්සුවත් සමඟියෙන් ඉන්න වා නම්.කොරලේ මහත්තයා ඔයලා වගේ රටට ආදරය කරන තව බොහෝ පිරිසක් ලංකාව තුල ඉන්නවා.ඒ හැමොගේම අශිර්වාදයෙන් රට බේරා ගත්තා.

      Delete
  10. කොළඹ මහජන පුස්තකාලෙ ලඟ තියන නාදුනන මිනිසාගේ ස්මාරකයේ තියෙන වැකියේ සිංහල පරිවර්තනය මෙහෙමයි.

    " ඔබ යන්න, ගිහින් කියන්න ඔවුන්ට, අපි අපේ අනාගතය කැප කළ බව, ඒ ඔබේ හෙට දවස වෙනුවෙන්"

    දවසක් වෙලාව ගතකරන්න ක්‍රමයක් හොයන්න ගිහින් ඕක කියෙව්වා. ඒ අදහස අදටත් මතකයි

    ReplyDelete
    Replies
    1. වටිනා අදහසක් අයියේ.

      Delete
  11. හරිම අගේ ඇති සටහනක් ගයනී. අපේ පැතුමත් ඔබේ පැතුමත් එකමයි. කිසිදා මේ මව්බිම අයේමත් වෙන් කිරීමට කිසිවෙකු ගේ සිතකට සිතුවිල්ලක් පහල නොවේවා!

    ReplyDelete
    Replies
    1. අක්කලා වගේම තමයි අපේ දෙමාපියන්ගෙත් පැතුම එක. අපි ගෙදර එනකම් බයෙන් හිටපු හැටි අපිට මතකයි.

      Delete
  12. රට රකින කෙනෙක්ගේ හඬින්ම මෙහෙම දෙයක් අහන්ඩ ලැබුන එකත් වටිනවා නංගි.

    ReplyDelete
    Replies
    1. අශිර්වාදය කියන එක බොහෝ වැදගත්.ඔයාලා වගේ ශ්‍රි ලංකීකයින් නිසා තමයි රට ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගත්තේ.

      Delete
  13. ඔබෙන් කරුණක් දැනගැනීමට කැමැත්තෙමි.ඔබ නියෝජනය කරන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවද ?එසේ නැතිනම් සිංහල බෞද්ධ වෙනත් හමුදාවක්ද?ඔබ මේ කරන ප්‍රකාශ වලින් මුළු නාවික හමුදාවම වර්ගවාදී ආයතනයක් ලෙස හං වඩු ගැසෙන බව කියමි.පර සුද්දන්ගෙන් හෙවත් ඇමරිකානු නාවික සීල් වරුන්ගේ උපදේශකත්වයෙන් නිර්මාණය කල ඔබලාගේ විශේෂ යාත්‍රා බලගණය සම්බන්දව ඔබ සිතන්නේ කුමක්ද? ආවේගශීලිව ලිවීමට පෙර සිතන්න.යුද්ධය වෙනුවෙන් අනගි සේවාවක් සැලසු යුධ හමුදා කොමාන්ඩෝ සහ විශේෂ බලකායන්ට ඇමරිකානු ග්‍රීන් බෙරේ බලකායේ උපදේශ ලැබුන බව ඔබ නොදන්නවා විය නොහැකිය.එසේම පොලිස් විශේෂ කාර්ය බලකාය නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය S .A .S විශේෂ බලකායේ උපදේශ අනුව බව දනිමි.හමුදා නිලදාරිනියක් ලෙස ඔබ මීට වඩා වෘත්තීමය පසුබිමකින් යුතුව හැසිරිය යුතුය.නැතිනම් අවමානය ඔබේ නාවික හමුදාවටය.

    ReplyDelete
    Replies
    1. http://www.youtube.com/watch?v=vXQh-RkTMXs&feature=relmfu

      Delete
    2. ඔබ කථා කරන්නේ නිදා ගෙන අවදි වෙලා වගේයි.අපේ නාවික හමුදාධීපති මධ්‍ය හරයා යුද්ධය දිනන්න හේතු කරණා පිළිබඳ පැහැදිලිවම ප්‍රකාශ කරා.

      Delete
    3. මම සිංහල බෞද්ධ තමයි.හැබැයි ඔයා බෞද්ධ නෙමෙයි කියන බව නම් මනාව පැහැදිලි වෙනවා.අනික ඔයා සිංහලද වෙනත් ජාතීයක්ද කියන එක හිතා ගන්න අමාරුයි.මම හැම ජාතීයකටම හැම ආගමකටම ගරු කරනවා.එත් ඔබ මගේ සටහන හරියට කියව්නේ නැතිව කථා කර බවක් පේනවා.මුස්ලිම් ජනතාවටවත් දමිළ ජනතාවටවත් විරුද්ධව කිසිම තැනක මා සටහන් කර නොමැත.මම කිව්වේ ඔවුන්ට යම් කිසි කරදරයක් උනොත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ කියලා පිරිසක් ඉන්නවා.එත් අපට එහෙම නැ කියලා.එහෙම නැතිව ඒ ජනතාව රටින් පළවා හැරිය යුතුයි කියා නෙමෙයි.වැරදි ආකල්ප වල සිට බලන කල පොල් ගස තල් ගස විදියට පෙනෙයි.

      Delete
    4. ඔබ ඔය කියන සිද්ධාන්ත වෙනම පැත්තක්.මා කථා කරන්නේ ඔයා ඔය කථා කරන දේ ගැන නොවෙයි.වැරදියට වටහා ගැනිම පිළිබඳ මට කරන්න දෙයක් නැ.නාවික හමුදාවට අවමන් කරනවා කියන්නේ ඔයා වගේ අදහස් දරණ අය. කරුණානිදි.හිලරි ක්ලින්ටන් වගේ අය ගේ ගැත්තන්ටයි මම කථා කරන්නේ.ඔයාල වගේ අය නිසා තමයි මේ රට මෙහෙම ගමනක් යන්නේ.තමන්ගේ වාසියට වැඩ කරන අය තමයි වැඩි මේ රටේ.එත් සත්‍ය දිනුවා.රටක් විදියට එකා සේ වැඩ කරන්න බැරි අපට වෙස් මුණු දාගෙන එළියට එන්නේ නැතිව අරගල කරන පිරිසක් තවමත් රට තුල හොල්මන් කරන නිසාවෙනි.

      Delete
    5. හිලරි ක්ලින්ටන් හෝ වෙනත් විදේශ රාජතන්ත්‍රික නිලදාරීන් සහ යුරෝපා රටවල් සමග ගැටුම් ඇතිකරගෙන රටට ඉදිරි ගමනක් යාමට නොහැකිය.අද බුරුමය ඒ බව වටහාගෙන කටයුතු කරන බව පෙනේ.රටක් ලෙස අපට තෝරාගැනීම් දෙකක් ඇත එනම් ලොව සියලු රටවල් සමග මිතුරුව සිටින මලයාසියාව බඳු රටක් වෙනවාද නැතිනම් කිරිදරුවන්ට පවා ඇමෙරිකන් භීතියක් මවා ඇති උතුරු කොරියාව බඳු රටක් වෙනවාද යන්නය.

      Delete
    6. ඔබ හරියට පිට මිනිස්සුන්ට ගරු කරනවා,තමන්ගේ දෙමාපියන්ට අවමන් කරනවා වගේ තමයි වචන පවා හසුරු වන්නේ.සැරින් සැරේ ගැටුම් ඇති කරන්නේ මේ රටේ ඉන්න අන්තවාදීන් සහ ඔවුන්ය.

      Delete
    7. මේකයි මීසී ප්‍රශ්නේ. හිලරිලා මේ රටේ ප්‍රස්න ඇති කරනවා කියල ගොඩාක් කට්ටිය කියනවා. ඒත් අපි කන්නේ උන් දෙන ආධාර, ණය!
      උන්ගෙන් නය නොගෙන, ආධාර නොගෙන පොරවල් වගේ අපිට ඉන්න හයියක් අද නෑ!
      අය වැය පරතරය බිලියන් කීයක්ද නෝනේ මේපාර!
      හැබැයි යුද්දෙත් නැවතිලා,ආරක්සක වියදම් වල අඩුවක් නෑනේ! ලොක්කගේ පුතාලට රේසින් කාර් බද්ද නම් අඩු කලාලු! හෙහ්..හිහ්

      -සූස්ති ගුනේ

      Delete
    8. හිලරි ඔබතුමාට කීයක් ගෙවනවද?මුළු ඇමරිකාවම හිලරිගේ කියලා මම දැනන් හිටියේ නැනේ.එතකොට ඔය ඔක්කොම දේන්නේ හිලරිද?අයියෝ අපි සලකනවා මඳිනේ ඒ නෝනට.

      Delete
  14. well done.....Rata bera dun oba samata dalada samidu pihitai...............

    ReplyDelete
  15. හ්ම්. කියෙව්ව.

    ReplyDelete
    Replies
    1. කියවලා විතරක් හරි යන්නේ නැහැ.හිතෙන දේ ලියන්න.

      Delete
  16. //දේශපාලනය කළ යුත්තේ රට විනාශ කිරීමට නොව රට ගොඩ නඟන්නට ය.බලය ලබා ගැනිම සඳහා ඕනෑම මිලේච්ඡ ක්‍රියාවක් කරන පිරිසක් වර්ථමානයේ දේශපාලනය කරන්නේ ය. එම නිසා නැවත යුද්ධයක් ඇති වන්නටද බැරි කමක් නැත.//

    අම්මෝ! මහින්දයටත් ඔය දීල තියෙන්නෙ කනේ පාරක්!

    ReplyDelete
    Replies
    1. වැරදියට දකින තාක් කල් වැරදියටම තමයි පෙන්නේ.පළමුව ඔබ ඔබේ අන්‍න්‍යතාවයේන් පෙනි සිටින්න.ඔබ කියන දේ වැරදියි කියලා ඔබත් දන්න නිසා තමයි නමක් නැතිව පෙනි සිටි‍න්නේ.

      Delete
  17. අගේ ඇති ලිපියක් සහෝදරී!!

    ReplyDelete
  18. ජාතිය පිළිබද ඔබේ අදහස් වටිනවා.එහෙත් ස්වාදීන බවක්,දර්ශනයක් නැති හමුදාවක් සාර්ථක යුද්ධයකින් පසු රණවිරුවන් වුවත්,ඔවුන් පාලකයන්ගේ අල්ලේ නැටවෙන ඉත්තන්ම පමණක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ.අපේ හමුදාව රණවිරුවන් බවට පත් උනේ යුද්ධය නිසා.යුද්ධය අවසන් වීමට දශක කිහිපයකට පෙර තරුණ ලේ වැගිරුණු දේශයක් ඇතිකලෙත්,අමන පාලකයන්ගේ අණට යටත්ව රටපුරා භිෂණය පැතිරෙව්වෙත් , මිනිමරන්නට කදවුරු බැන්දෙත් අද විරුවන් ලෙස හැදින්වෙන හමුදාවමයි.ඒ නිසා කිසිම විටක යහපත් දේශයක් උදෙසා "යුධ හමුදාව" කෙරේ විශ්වාසය තැබීමේ කිසි පදනමක් නැහැ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මුලින් ම මේ පැත්තට ආවට.ඔබ කියන වකවානුවේ මට අවුරුදු 06 යි.එත් තවමත් ඒ ආතීතය මට මතකය.මගේ පුංවි බප්පා භීෂණ කාලයේ නිරපරාදේ මැරුවා.ඒ දුකට මගේ ලොකු ආච්චි ටික කාලයකදී නැති උනා.අපි ඒ දවස් වල හරි බයකින් ගෙදර ලයිට් නිවා ගෙන සිටියේ.එම භිෂණයේ සැබෑ අරුථ මම නම් නොදනමි.කවුරු කේසේ කිවත් අහිංසක ජිවිත ගණනාවක් විනාශ උනා.නිවාඩුවට ගෙදර ආපු හමුදා පුද්ගලයාගේ සිට මොකුත් නොදත් අහංසක සිවිල් වැසියා දක්වා නිරපරාදේ මැරුවා.ලැබුණු විමුක්තියක් මම නම් දැක්කේ නැහැ.එහෙත් ඔබත් මමත් අද මෙහෙම සංවාදයේ යෙදෙන්නේ ඔවුන් ත්‍රස්තවාදීන් සමඟ සටන් කර දිවි පිදු නිසා.හසලක විර ගාමිණි වගේ තව බොහෝ රණ විරුවන් ඉන්නවා තමන්ගේ ජිවිතය රට වෙනුවෙන් පුදපු.එවන් වු රණවිරුවන් යහපත් දේශයක් වෙනුවෙන් තමන්ගේ ජිවිතය පුජා කරා.තව බොහෝ අත්දැකිම් ඇත.මම කථා කරන්නේ ඔවුන් වෙනුවෙන්.

      Delete
  19. "එම භිෂණයේ සැබෑ අරුථ මම නම් නොදනමි.කවුරු කේසේ කිවත් අහිංසක ජිවිත ගණනාවක් විනාශ උනා.නිවාඩුවට ගෙදර ආපු හමුදා පුද්ගලයාගේ සිට මොකුත් නොදත් අහංසක සිවිල් වැසියා දක්වා නිරපරාදේ මැරුවා.ලැබුණු විමුක්තියක් මම නම් දැක්කේ නැහැ"


    විමුක්තියක් දකින්න නොලැබුණේ රටේ පාලකයන් රාජ්‍ය හමුදාව විප්ලවයට විරුද්දව මෙහෙයවපු නිසා.
    රට ජාතිය වෙනුවෙන් දිවි පුදපු මිනිස්සු සදහටම පුජනියයි.ඔවුන් වීරයන්.ඔවුන්ගේ ඒ කැපකිරීම නිසා තමයි අපි අද බියෙන් සැකෙන් තොරව ජීවත් වෙන්නේ.ඔබේ අදහසට මම එකගයි.මම සාමාන්යෙන් යුද්ධ වලට කැමති නැහැ.ඒ වගේම මිහිපිට සිදුවුණ කිසිම මිනිස් ඝාතනයක් සාධාරණිකරණය කරන්න මට බැහැ.

    "අද ඇතමෙක් රජයේ හමුදාව යන ලේබලය යටතේ හමුදාව හඳුන්වා දුන් ද එය ර‍ට අරාක්ෂා කරන අරක්ෂක හමුදාව යනුවෙන් මම හඳුන්වමි. "

    කණගාටුවෙන් උනත් කියන්න ඕන ඔබ ඉන්නේ ලොකුම ලොකු මුලාවක. දැන් රටේ තියෙන්නේ දුෂිත පාලනයක් බව ඔබ පිළිගනීවි.මේ පාලනයට විරුද්දව ජනතාව නැගී සිටියොත් ඒ ජනතාව මර්දනයට රටේ අමන පාලකයන් මෙහෙයවන්නේ කවුද මුලින් පොලිසිය. දෙවනුව හමුදාව. L.T.T.E සොල්දාදුවෝ මරන්න මානපු තුවක්කුමයි ජනතාවටත් පත්තුවෙන්නේ. ඉතින් රජයේ හමුදාව කියා නොකිය මොනවා කියන්නද.

    "දේශපාලනය කළ යුත්තේ රට විනාශ කිරීමට නොව රට ගොඩ නඟන්නට ය.බලය ලබා ගැනිම සඳහා ඕනෑම මිලේච්ඡ ක්‍රියාවක් කරන පිරිසක් වර්ථමානයේ දේශපාලනය කරන්නේ ය.

    ඔය කියන මැරවර තක්කඩි දේශපාලුවන්ගේ ආරක්ෂාවට වටේට ඉන්නේ කවුද ඔබ ඔය නියෝජනය කරන හමුදාවමයි නේද.ඒ නිසාමයි මම ඔවුන්ව ඉත්තන් විදියට හදුන්වන්නේ.හමුදාවේත් ඉන්නේ රටේ ජනතාව තුලින් බිහිවෙච්ච තරුණ කොල්ලෝ කෙල්ලෝ තමයි. රටේ ආරක්ෂාවට ඉන්න මේ වටිනා සම්පත අද මෙහෙයවන්නේ රටේ සීමිත පිරිසක් තම බලය රැකගන්න කියන එකයි වේදනාවට කරුණ.

    වැඩි විස්තර සදහා

    http://susthiposts.blogspot.com/2012/09/blog-post.html

    http://sumithniriella.blogspot.com/

    ReplyDelete
    Replies
    1. මම ඒ ලිපි දෙකම කියෙව්වා.නන්දා මලනි ගේ ගීතයත් යථාර්තය.සිවිල් ජිවිතයේ සිටින විට මමත් ඔබලාටත් වඩා හමුදාව පිළිබඳව කළකිරිමෙන් හිටියේ.එත් දැන් මා ලබපු අත්දැකිම් තුල මට කිසිසෙත් ත්‍රස්තවාදීන් පිළිබඳව දැඩි පිළිකුලකින් ඉන්නේ ඒ ඔවුන් අසාධාරණ විදියට කළ මිලේච්ච ක්‍රියා.මාත් එක්ක එකට හිටි කී දෙනෙක් නම් ජිවිත ඔවුන් විනාශ කරාද.මගේ බැජ්මෙට් කෙනෙක් රැ ඩියුටි ඉන්න කොට ඇවිත් බෙල්ල කපලා ගියා ඩෙල්ෆ් වලදි.අපේ දෙමාපියන්ගේ ඇස් වලින් ගිය කඳුළු අපි දැක්කා.නිවාඩු එනකම් ඔවුන් කන්න බොන්නේ නැතිව හිටියා.අපි හැමොම ඔයාලා වගේ අදටත් හිතුවා නම් අපට රටක් තියෙනකන් නැ.ඔයාලට මතක ඇති ත්‍රිකුණාලමය නාවික කඳවුරට කුරුම්බැට්ටයකින් ඇවිත් බෝම්බ හෙළුවා.එදා අපේ මෙස් එකේ ගැහැණු ළමයි 72 ක් හිටියා.අපේ හිටපු එකට ඒහා පැත්තට බොම්බ වැටිලා අපේ අය මැරුණා.එහි කම්පනයට අපේ නිවාසයේ දොරවල් ගැලවිලා බිමට වැටුනා.ටියුබ් ලයිට් කුඩු උනා.දරුවෝ ලැබෙන්න හිටිය අම්මලා තුන්දෙනෙක් ඇතුලේ.අපි එදා ලබපු අත්විදීම වචනයෙන් විස්තර කරන්න බැ.හිතට දුකක් ඇති වෙනවා අද ඔයාලගේ සමහරක් අදහස් නිසා.අපි මැරුණෝත් අපේ ගෙදර අයට විතරක් පාඩුව දැනෙයි.ඒ කෙසේ වෙතත් අද මට හිතෙනවා ප්‍රභාකරන් මේ රට අක්‍රමණය කරා නම් හොඳයි කියලා.

      Delete
    2. ජනතා විමුක්ති පෙරමුණ එදා කළ දේ හරිද?

      Delete
  20. මම කතා කලේ යුද්ධය ගැන නොව යුද සෙබලාගේ වර්තමාන භූමිකාව ගැනයි.යුද්දය යුදවදින සෑම පිරීසකටම කටුක අත්දැකීම් ගෙන එන්නක්.යුද සෙබලාගේ සිට මියගිය ත්‍රස්තවාදියා දක්වා එය එසේමයි.පැත්තක් නොගෙන මානුෂිකව හිතන්න.රණ විරුවට මා ගරු නොකරනවා නොවෙ.උදාවූ සාමය වෙනුවෙන් අප රණවිරුවාට ගරු කල යුතුයි.පවතින ඇත්ත නිරවුල්ව දකින්න.වරද ඇත්තේ අද රණවිරුවා මෙහෙයවන සීමිත පිරිස මතයි.

    ReplyDelete
    Replies
    1. ඔබේ සමහරක් අදහස් වලට මම ගරු කරමි.එහෙත් ත්‍රස්තවාදියා කෙරෙහි මා තුල ඇත්තේ මහත් කළකිරීමකි.ඔබ කියන වර්ථමානය ගැන මම කථා නොකරමි.එහෙත් රට වෙනුවෙන් මිය ගිය රණවිරුවා වෙනුවෙන් මම හැමදාමත් පෙනි සිටිමි.පවතින ඇත්ත ඔබටත් මටත් නිරවුල්ව දකින්න පුළුවන් ඒ පසු බිම නිර්මාණය කිරිමට මිය ගිය රණවිරුවාගේ සිට වර්තමාන දිවි ගලවා ගත් රණවිරුවා දක්වා ඔවුන් විශාල කැප කිරිමක් කරා.පුලා පුලා ඒ ගැන මෙනෙහි කරාට පව් නැත.මානුෂිය බව අද සමාජයේ නැත.අපි අපිම කොටා ගන්නා සාමාජයකි අද ඇත්තේ.ඔබ සහ ඇනෝලා කියන ඒ පැති කඩ මම ද දකිමි.එහෙත් මම කථා කරන්නේ මිය ගිය සහ ජිවත් වන ආබාධිත සෝල්දාදුවා වෙනුවෙනි.

      Delete
  21. It's truly a great and useful piece of information. I am satisfied that you shared this useful information with us. Please stay us informed like this. Thank you for sharing.

    My homepage - http://www.shareworking.com

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...