Friday, November 23, 2012

ගිනි නිවිම



මෙවර මම නිවාඩු ගිය අවස්ථාවේ අසල වෙළඳ සැලක් ගිනි ගැනිමට ලක් වන ලදී. එම වෙළඳ සැල අයිතිව තිබුණෙ කාන්තාවකටය. එහි පැත්තක ගිනි නිවිමේ උපකරනයත් තිබිලත් එයින් ප්‍රයෝජනයක් ලබා ගැනිම පිළිබඳව දැනුමක් ඇයට නොතිබිම හේතුවෙන් සිදු වු අලාභය සුළුපටු නොවිය.
මෙම සිද්ධිය සමඟ  මේ පිළිබඳව මා ලබා ගත් දැනුම මේසේ සටහන් කිරීමට සිත් විය.

පළමුවෙන් ගින්නක ස්වභාවය පිළිබඳව කෙටි හැඳින්විමකී.

පදාර්ථයේ ඇති ස්වභාවය අනුව ලොකයේ ඇති සියලුම ද්‍රව්‍ය, ඝන, ද්‍රව, වායු ලෙස වෙන් වි පවති. මේවා අතුරින් ගිනි ගන්නා වායු පමණක් එම වායුවල ඇති මුලද්‍රව්‍ය ජවලන උෂ්ණත්වයේ දී ඔක්සිජන් ක්‍රියාවලියට සහභාගි වි ගින්නක් ඇති වේ.
ගින්නක් ආරම්භ විම සඳහා මුලික වශයෙන් ඇවිලෙන සුළු ද්‍රව්‍ය (Fuel ) ඔක්සිජන්(O2) සහ තාපය (heat) යන සාධක 3 එක්විය යුතුය. මෙම සාධක තුන ත්‍රිකෝණයක පාද 3 ක් ලෙස සලකා අඳිනු ලබන ත්‍රිකෝණය ගිණි ත්‍රිකෝණය ලෙස හැඳින් විය.

ඉහත මුලික සාධක එක්විමෙන් පසුව එම ගින්න නොනැසී දිගටම දාමයක් ලෙස පවත්වා ගෙනයාම Chain Reaction නම් වේ.දිගින් දිගටම Free Radical පිටවිම ගින්න පැතිරිමට සහ ඉක්මන් වර්ධනයටද බෙහෙවින් බලපානු ඇත.එම සාධකය ද ඉහත ත්‍රිකෝණය ට එක් වු විට Free Tetrahedron (ගිනි චතුරස්‍රය) නිර්මාණය වේ.

ගිනි ඇතිවිම වළක්වා ගැනිම

  • නිතරම තම අවට ප්‍රදේශය පිරිසිදු තත්වයේ පවත්වාගෙන යාම,අනවශ්‍ය ස්ථාන වල විසිරි ඇති තෙල් තැවුරුන රෙදි කැබලි වැනි දේ අනවශ්‍ය ලෙස එකතු විමට ඉඩ නොදිය යුතුය.

  •  උෂ්ණත්වය වැඩි ස්ථාන වල වාෂ්පීකරන ද්‍රව්‍යයන් ගබඩා කිරීම හෝ පාවිච්චි කිරීම ඉතාමත් වගකිමෙන් යුතුව කළ යුතුය.

  •  දුම්පානය කිරීමේදී සැලකිලිමත් විම

  •  විදුලි බල්බයෙන් ක්‍රියා කරන උපකරණ නිසි ලෙස භාවිතය සහ භාවිතයෙන් පසු විදුලිය විසන්ධි කර තැබිය යුතුය.

  •  ගිනි නිවන උපකරණ සහ ගිනි නිවිමේ පද්ධතීන් නිසි පරිදි ක්‍රියා කාරීත්වයෙන් පවත්වාගෙන යාම හා නිසි ලෙස ස්ථාන ගත කර තැබිම.

  •  රත්විම වලට භාජනය වන ස්ථාන වල රෙදි වේලීම් වැනිදේ නොකළ යුතුය.

  •  විදුලි ස්ත්‍රික්ක භාවිතයෙන් පසු විදුලිය විසන්ධි කර සම්පුර්ණයෙන් ම නිවිමෙන් පසු ගබඩා කළ යුතුය.

  •  කාමරයකින් හෝ තමන් සිටින ස්ථානයකින් පිටව යන විට දී එහි ඇතුලත ඇති අනවශ්‍ය විදුලි පහන් හා විදුලි පථ වැනි දේ විසන්ධි කළ යුතුය.



ගින්නක් ඇති වු විට නිවිමේ ක්‍රම(METHOD OF EXTINGUISHER )
     Cooling system
            Smothering
            Starving
            Quenching of free radical

Cooling :- ගිනි ගන්නා ද්‍රව්‍ය Cool කිරීමෙන් පසු එහි උෂ්ණත්වය (ජවලන) අඩු විම.

Smothering :- ගිනි ගැනිමට අවශ්‍ය ඔක්සිජන් වායුව එම ගිනි ගන්නා ස්ථානයට ලබා දීම වැළැක්වීම මෙලෙස හඳුන්වයි.

Starving :- ගිනි ගන්නා ස්ථානයෙන් ගිනි ගන්නා සුළු ද්‍රව්‍ය ඉවත් කිරීම.‍

Quenching of free radical :- Free Radical මැඩ පැවැත්වීම මෙලෙස හඳුන්වයි.එවිට ගින්නේ දාම ප්‍රතික්‍රියාව බිද දැමිම හැක


ගිනි වර්ග සහ ගිනි නිවිමේ උපකරණ සහ එය භාවිතා කරන අන්දම පිළිබඳව තව දින කිහිපයකින්......// 
36 Comments
Tweets
Fb Comments

36 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ෂැහ්..
    ගින්දර ගැනත් නොදන්න දේවල් ගොඩයිනෙ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අපි නොදන්න දේ තියේනවා ගින්දර ගැන.

      Delete
  2. ගොඩක් වටින පොස්ට් එකක් .... ජය

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබට.ඔබටත් ජය!

      Delete
  3. ගින්දර ගැන නොදන්න දේවල් ගොඩක් තිබිලානේ...

    ReplyDelete
  4. එතකොට නංගි විදුලි කාන්දුවකින් ඇති වෙච්ච ගින්නක් නම් ? ඒක නිමන්නේ කොහොමද ?
    තව දෙයක් තමා ගින්නකින් පිච්චුන කෙනෙක්ට දෙන්න ඕන ප්‍රථමාධාර ගැනත් කියන්න පුලුවන් ද

    ReplyDelete
    Replies
    1. ඊ ළඟ ලිපියේ ඒ ගැන තියෙනවා අයියේ.

      Delete
  5. හ්ම්ම්ම්ම් ! මේ ගැන දැන ගැනීම හරිම ප්‍රයෝජනවත්...ස්තුතියි ගයානි

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්ත්තියි ළිහිණී ලිපිය කියෙව්වට

      Delete
  6. ගින්දර ගැන වුනත් දැන ගන්න දේවල් බොහොමයි නේ. ලියන්නකෝ ඉතුරු ටිකත්.

    ReplyDelete
    Replies
    1. ලියන්නම් ඉතිරි ටිකත්

      Delete
  7. අධ්‍යාපනිකයි නොවැ

    ReplyDelete
    Replies
    1. ඔව් සෑම්.එහෙමත් හිතන්න පුළුවන්

      Delete
  8. කාටත් එක සේ වටිනා ලිපියක්. මේ ගැන දැනුම්වත් කළාට ස්තුතියි ගයානි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නලින් අයියේ ලිපිය කියෙව්වට

      Delete
  9. මේ ක්‍රම වේදයන් අනුගමනය කළහොත් වඩාත් ලොකු අනතුරු වළක්වාගන්න පුළුවන්

    ReplyDelete
  10. කලින් මං අහල තිබුනෙ ත්‍රිකෝනය ගැන විතරයි, දැන් බලනකොට චතුරස්‍රයක්ද තිබේ!

    ReplyDelete
    Replies
    1. ඔව් ගින්න පැතිරිම වර්ධනය විම චතුරස්‍රක් පරිදි වේ.

      Delete
  11. ගින්දර කිව්වම මතක් උනේ. අපේ කාර්යාලයේ තියනව ගිණිනිවන උපකරණ කට්ටලයක්. ඒ කියන්නෙ සිලින්ඩර දෙකකට පුරවල තියන දෙවර්ගයක ගිනි නිවීමේ ද්‍රව්‍ය. එකක් සාමාන්‍ය ගින්නකදී, අනෙක විදුලි කාන්දුවකදී. මේ උපකරණ දෙක කාලයක් තිස්සේ කාර්යාලයේ තියනව. ඒ වගේම අවුරුද්දකට සැරයක් අදාල උපකරණ සැපයීමේ සමාගමෙන් පරණඑක අරගෙන අලුත් එකක් දෙනව. (ඒ වෙනුවෙන් රුපියල් තුන්දාස් ගානකුත් සමාගමකට ගෙවනව).
    සාමාන්‍යයෙන් කාර්යාලයේ නිතරම ඉන්න (ගින්නක් ඇතිවුනොත් නිවන්න) නිලධාරී කොට්ටාසය වෙච්ච සුළු සේවකයන් කිහිප දෙනෙකු මේ ගැන ඇහුව. ඒ සිලින්ඩර් දෙක පාවිච්චි කරන විදිය ගැන කාටවත් අවබෝධයක් තිබුනෙ නෑ.:-)
    ගින්නක් ඇතිවුනානං සොරි තමයි.

    ReplyDelete
    Replies
    1. මේ විදියේ පාටක් අකුරු වලට යොදනව නං ඊට ගැලපෙන පසුබිමකුත් යොදාගන්න ඕන. comment අපැහැදිලියි.

      Delete
    2. වෙනස් කරන්නම්.

      Delete
  12. ගොඩක් තැන්වල ගිනි ආරක්ෂණ උපකරන තියෙනවා තමයි ඒත්..ක්‍රියාකරවන්න බොහෝ අය දන්නෙ නෑ..!

    ReplyDelete
  13. කෝ කොමන්ට් වලට රිප්ලයි?

    ReplyDelete
    Replies
    1. අනේ සමා වෙන්න ප්‍රමාද රිප්ලයි කරන්න.

      Delete
  14. අපෙ ලොකු අම්මගෙ ගිනි නිවන්න ඔය එක ක්‍රමේකටවත් ඔයාට බෑ... කීයක් ඔට්ටුද?

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා ඒ ගිනි පංතියටත් නිවාරණ තියෙනවා.

      Delete
  15. ගින්නකත් මෙච්චර දේවල් තියෙනවනේ බලද්දී.

    ReplyDelete
  16. ගින්දරත් එක්ක සෙල්ලම් කරන්න එපා කියල අපි කුඩාකාලෙ ඉඳන්ම වැඩිහිටියො කියල දුන්නේ මේකට තමයි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...