Sunday, November 18, 2012

හිනා වෙයන් කළු හිනා වෙයන්.....!







වක්කඩ ලඟ....................
         කෙනෙකුට කලාතුරකින් පිහිටන පිහිටිමකි ඔබට පිහිටා තිබුණේ. මහගමසේකරයන් ගේ කලා හිත, කලා දෑත, කලා ඇස, කලා හඳ ඒ බව මනාව පිළිඹිබු කර අවසන් ය.
        එතුමා ගේ අතින් කුරුටු ගෑ මෙම ගීතය විවාහ වු අයට මහත් අදර්ශයක් ගෙන එන්න කී. අද සාමාජයට ගැළපෙන ආකාරයට මනාවට පෙළ ගස්වා ඇත. මහත් පෞර්ෂමය හඬක් හිමි අමරදේව මාස්ටර් විසින් පණ පොවා ඇත.
           
          දඹර වු ඇය තුන් දවසක් යන තෙක් ඔහුත් සමඟ අමනාපයෙ න් පසු වි ඇත. බත් මුට්ටිය ඉ‍‍ඳෙන කම් කිව්වට මොකද දවස් තුනක් යන තෙක් ම මේ අමනාපය අරගෙන ගියා. ඔහු ත් ඉවසන්න බැරිම තැන ඇය දෙස බලන්න ඕන කියලා හිතාගෙන ආලීන්දයට වි සිටින අතර, මෙන්න ඇය එනවා කුස්සීයේ සිට. ඒ එන ගමන් ඇය දකිනවා ඔහු ආලීන්දයේ කොනක ඉන්නවා. ඒ සමඟ ඇයටත් සිතුවිල්ලක් පහළ වෙනවා ඔහු දෙස හෙරෙන් බලන්න ඕන කියලා. දෙදෙනාම දෙදෙනාට ම නොදැනි ඇස් දෙස බලන්න සිතුවිල්ල සිත තබාගෙන ඉදිරියට එනවා. දෙන්නා දෙපැත්තට මාරු වි යන විට ආ පසු  හැරිලා එකම මොහොතේ බලද්දී දෙදෙනාගේ ම නෙතට නෙත ගැටිනි. ඒ මොහොතේ ම ඇය ගේ මුහුණ අඳුරු විය. අඳුරු උනාට මොකද කසාද බැන්ද දවසෙවත් නොදැකපු නිල් වන් දැස් දෙකක් ඔහු ඒ මොහොතේ දුටුවා.අඳුර අතරින් ප්‍රභාස්වර බවක් ඔහු දකිනවා.ඔහුට සිනහා යනවා ත් සමඟ ඇය ඔහුව පැනලා තුරුළු කර ගන්නවා.මේ සුන්දර දසුන දකින පොඩි ඒකා අත්පොඩි ගගහා උඩ පනිනවා.
         ගඟක් ගලන්නේ මහ සයුරට. විවාහය කියන එක ගලන්නේ මරණය දක්වා. අපි දෙන්නගෙන් කවුරු මැරුණත් විවාහය එතනින් ඉවරයි. හැබැයි ගඟ  ගලන කම් ගං දැලේ දෙපැත්ත සරුසාර කරමින් ගඟ බහින්නේ. ඇළ දොළ කෙත් වතු සරුසාර කරනවා. ලොකයට ජිවය ආහාර දෙනවා. ගඟ මුහුද සිප ගත්තත් ලොකු දෙයක් ඒ වෙන කොට ගඟ කරලා ඉවරයි. අපි මරණින් සමුගෙන යන දවස වෙන කොට අපි දෙන්නගේ දෙපැත්තේ ඉන්න නැදැයින් සන්තෝෂ කරන්න පුළුවන් නම්, ගඟ මැද්දෙන් දිය පාර සෞන්දර්යාත්මකව ගලනවා වගේ අපි දෙන්නා මැද්දේ ඉන්න මේ කොලු පැටියගේ අනාගතය සරුසාර කරන්න පුළුවන් නම්, අපි දෙන්නා හෙට මැරුණත් කම් නැත. ඒ නිසා විවාහයේ තිබෙන යුතුකම් ඉටු කරලා විවාහයේ තියෙන අනන්ත යුතුකම ලොකයට පුජා කරලා දෙපැත්තේ ඉන්න හතරවරිගේට සතුටු වෙන්න ඉඩ තියලා අපි සමුගෙන යමු හමිනේ කියලා ඔහු ඇයව තුරුළු කරගෙන කියනවා.

යා දෙක නොරත රත සමඟ පැහිමක් නැත.


නිසි අවබෝධයක් ඇතිව සර්ථක දිවි පෙවෙතක් ගත කිරීමට විවාහ වි සිටින සියළු ම දෙනාට මඟ එළි වේවා! යහපත් දිවි පෙවෙත ශක්තිමත් වේවා!
29 Comments
Tweets
Fb Comments

29 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අද මගේ පොස්ට් එක නිසා ඔළුව ඔල්මොරොන් දං ගහල හිටි වෙලාවේ මේක අමා වැස්සක් වගේ වුණා.
    මම සමකය වටේ (samakaya wate)රවුමක් දාන්න එන්න

    ReplyDelete
    Replies
    1. දැක්කා දැක්කා නලින් අයියා හිතන්න ඒපා එච්චර.මිනිස්සු ප්‍රභාකරන්ටවත් එච්චර අපහාස කරන්නේ නැතිව ඇති.මම දේශපාලනය කරන්නේ නැ අයියේ.එහෙත් ඒ රටට කල හොද අපි නිතර නිතර කිවට කිසි ප්‍රශ්ණයක් නැ.අනෙක් කරුණ නම් ශක්තිමත් විපක්ෂයක් ඉන්නවා නම් ඔය මිනිස්සු කියන වැරදි අණුඩු පක්ෂයට උනත් කරන්න බැ.එත් විපක්ෂයත් මරා ගන්න හදන එකනේ කරන්නේ.ඉතිං කොහොමද රටක් ගැන හිතන්නේ

      Delete
    2. ලස්සන ලියවිල්ලක්... මේ ගීතයට මම ඉතාමත් ප්‍රියයි... අව්‍යාජ ගැමි සුන්දරත්වය මොනවට කියැවෙන ගීතයක්...

      Delete
    3. ස්තුතියි සහෝ

      Delete
  2. නිස්කලංකව රස විඳින්න පුළුවන් සින්දුවක්. ඔබ එකතු කරලා තියන විස්තරයත් ලස්සනයි.
    බ්ලොග් තීම් එක වෙනස් කරලා වගේ.. :)

    ReplyDelete
    Replies
    1. බ්ලෝග් එක වෙනස් කරා සහෝ.හොඳයිද?

      Delete
  3. ලස්සන ගීතයක්.....හොඳ විචාරයක්....!!!

    මටනම් විවාහය ගැන එච්චර රොමෑන්ටික් අදහස් නෑ.ජීවිතේ විඳින්න පුළුවන් නම් එච්චරයි.

    // හතරවලි‍ඟේට//වැරදීමක් නම්; හතරවරිගේට වියයුතුයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ පෙන්වා දිම.මම එය නිවැරදි කළා.

      Delete
  4. Replies
    1. බෙහෙවින් ස්තුතියි.ඔබට ජය!

      Delete
  5. Replies
    1. අහන්න සන්තෝෂයි සහෝ සියල්ලෝගේම ගීතයක් විම.

      Delete
  6. ලස්සන ගීතයක්.
    මම අහන්න ආසම ගීත වලිනුත් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔව් මධුරංග ඒ ගීතය රසවත්

      Delete
  7. ලස්සන ගීතයක් අර්ථවත්..........

    ReplyDelete
    Replies
    1. කෝරලේ මහත්තයෝ අර්ථවත් බව තිබෙන ගීත වලින් මා වැඩි පුරම ඇලුම් කරන්නක්

      Delete
  8. ගලා හැලෙන වැහි වතුර වගේ
    හිනාවෙයන් කළු හිනා වෙයන්

    ඔය ගීයේ මම ආසම පද පේලි දෙක

    ReplyDelete
    Replies
    1. එකේ අමුතු රසයක් තිබෙනවා තමයි

      Delete
  9. ගීතය මෙන්ම සටහනත් ලස්සනයි .....

    ReplyDelete
  10. කලුට හිනා ගියා...


    (මේ fb එකට ලයික් කලාට වැඩ කලේ නෑනෙ.)

    ReplyDelete
    Replies
    1. ආයේත් බලන්න.ස්තුතියි සහෝ..

      Delete
  11. Replies
    1. ස්තුතියි සුදු මහත්තයා.

      Delete
  12. ගීතය වගේම ගිතය යාකල අදහසත් ලස්සනයි සේකර අමදේව සුසංයෝගයට අලුත් අදහසක් එකතු කිරීම ටිකක් අයෙමත් හිතන්න පුලුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් අයියේ.නැව්ම් අදහසක්

      Delete
  13. මමත් ආස සින්දුවක්.. ලිපිය හොඳයි.. ජය වේවා !!

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...