Thursday, November 15, 2012

අන්ධකාරයේ අතපත ගා යමි










2012 ක් වු නොවැම්බර් මස 11 වන දින.
වේලාව අළුයම 0015 පැය.


සිද්ධියඃ- අහම්බයකින් කියවන්නට ලැබුණු දෛනික පුවත් පතේ තිබුණා වු පුවත, එනම් කහවත්ත නැවතත් කැළඹේයි.තවත් ද්විත්ව ඝාතනයක් වැළකි යයි,නිදි පැදුරේම අඹු සැමි යුවලක් මරා දැමිමට තැත් කිරීමක් ”. මා දැස් කම්පා විය. එම පුවත කියවිමෙන් අනතුරුව මම ඇවිදගෙන ඇවිත් පා පන්දු පිට්ටනියේ අයිනක හිඳ ගත්තේමි. හිරු අස්ථවිය එන තෙක්ම මගේ සිත් තුල විටින් විට ඇති වු සිතුවිලි දෝලනය වෙමින් තිබුණි.

    මට මතක ඇති කාලයේ සිට මේ දක්වා ම වැඩි පුරම ඇසෙන වචනය දේශපාලනය වේ. එච්චරටම ඇහුණු නිසා ද මන්දා මෙතරම් ම කළකීරුණු විෂයද වී ඇත්තේ. ජනතාව විසින් නොයෙකුත් නින්දා අපහස දහඩිය හෙළමින් ජිවිත සහ භෞතික සම්පත් විනාශ කර ගනිමින් මහත් පරිශ්‍රමයක් දරා දිනවන ජනතා නියෝජිතයෝ කාලයත් සමඟ පලවා හැරිමට සැරසෙයි. කාලය බොහෝ සේ ගෙවි යයි. තිබු තත්වය උඩුයටිකුරු වි කේසේ හෝ වෙනත් ජනතා නියෝජිතයෝ කරළියට ජනතාව නැවත රැගෙන එයි.

    තම තමන් විසින් පත් කර ගන්නා ජනතා නියෝජිතයා ජනතාවගේ බලාපොරොත්තු සුන් කළ තැන නැවත අරගලයක් හට ගනි. නැවතත් මුල සිටි තැනටම යයි. ඒ ආකාරයට ම ජිවිත දේපල බොහෝ විනාශ වු පසු ජිවත් වේලා ඉන්න උන් වෛරක්කාරයෝ ලෙසත් සීතල යුද්ධයක් ලෙස නිමාවට පත්වෙයි. එක් පැත්තක ජය පැන් භුක්ති විඳින විට තවත් පැත්තක වෙච්ච නස්පැත්තිය දෙස බලා විළාප නඟයි. ඔය අතර, තවකෙකු සුදු වතින් සැරසි දේවියන්ට පුජ වට්ටියක් පුජා කර ආරක්ෂාව පතයි. දෙවියන් මේ තුන් ගොල්ලන්ගේන් කවුරු දෙස බලනවද කියලා වර්ථමාන සමාජය දෙස බැලු කළ මනාව පැහැදිලි වෙයි. දෙවියන් යම් ඉඟියක් දෙනවා ඒත් ජය පැන් භුක්ති විඳින්නාද විළාප දෙන්නාද එය තේරුම් නොගනි. කාලයෙන් කාලයට මේ දෙගොල්ලෝ ගේ සිනහාව සහ කඳුළ දෙගොල්ලෝ මාරු  කර ගැනිම පමණක් සිදු කරයි. එහෙත් පුජ වට්ටිය අත දරන්නා ඒ බව හොඳාකාරවම දනී. ඔහු දේවියන් ඉදිරියේ තම කන්න ලව්වේ මෙහෙමද කියයි. “අනේ දේවියනේ මේ මොඩ ගැත්තන්ගේ සිත වෙනස් නොවි මාත් සමඟම සිටිත්වා කියලයි.”   

    බලයට, ධනයට, ලිංගිකත්වයට කෑදර මිනිස් වෙස් ගත් තිරිසනා දෙස බලා ලක් මාතාවද සුසුම් හෙළනවා ඇරෙන්න වෙන කරන්න යමක් ඇයටද ඉතිරිව නැත. ඇය දැන් මහළුය. වෙන ව්‍යසනයන් දෙස බලා සිටිනවා විනා සටන් කිරීමට ශක්තියක් නැත. අපි ඇයව බලා ගන්න ඕන කාලයක අපි ඇයට දුක් දිම පමණක්ද කරන්නේ? මේ යන ගමන හරිද? ඇය කොයි මොහොතක හෝ ඉවසන්න බැරි වු විට මියැදේයි.

    ලොකයේ අනෙකුත් සතුන් ලොකය බිහි වුදා සිට ස්වභාවධර්මයට අනුගතව තම පැවැත්ම සපුරා ගනිද්දි සත්වයාගේ උතුම්ම සතා වන මිනිස් කුලය පමණක් ඊට විරුද්ධව යමින් තමන්ට රිසි සේ හැඩ ගැසෙති.

          මිය ගිය හැම ඒකාම ඈත සිට අපිට මොනවාදෝ කොඳුරයි. එහෙත් සුළඟත් වර්ෂාවත්, නියඟයත් නිසාවෙන් අපට එය දෝංකාරයක් ම පමණය.

          ජනතාව මොහොතින් මොහොත වෙනස් වෙන කාලගුණය සේ යැයි මට හැ‍‍ඟේ.අපේ සිතුවිලි සුළඟත් වර්ෂාවත් නියඟයත් සේ ක්‍රියාකාරි වේයි.එකෙකුට සුළඟ උවමනා වු විට අනෙකාට වැස්ස අවශ්‍ය වේ. සමහරක් විට අවශ්‍යම නැති නියඟයට අපි කැමැත්ත දක්වයි.යමක් කරන්න පුළුවන් ඒකාත් මොකුත්ම නොකර මියැදේ.මොකුත්ම කරන්න බැරි ඒකා මොනවා හරි කරලා මියැදේ.

          තව එකෙක් ඉස්සරහා ඒකාගේ හුස්ම හිරි කරන්න යනවා ඌට මොකටද හුස්ම මට නේ ඕන කියලා.ඒකා දන්නේ නැ මට වගේම ඌටත් හුස්ම ඕන කියලා.

          පරං ගීයා කොට්ටේ ගියා වගේ ගමනක්ද අපි යන්නේ?අන්තිමට කාලය විතරක් කා දමා ඇත. අපි ඔට්ටු විය යුත්තේ තවත් මිනිසෙකු සමඟ නොවේයි ජිවිත් විමට අපේ දෛවය සමඟයි. ඒ වෙනුවෙන් අනෙකාගේ බෙල්ල කපා ජිවත් විමට හැකිය කියලා හිතාගෙන යන ගමනට කවදද තිත තියන්නේ.
   
අන්ධකාරයත් සමඟ මෙය කුරුටු ගාන ගමන් නන්දා මලනී ගේ ගීතයකටද සවන් යොමු කළේමි.

අපේ වැඩිහිටියන් අඳුරේ අත පත ගා මොනවද හොයනවා අපිද දුටුවෙමු. අපිද එයම අතපත ගා ‍සොයාමින් යයි. ඔවුන්ටද නොලැබුණු දේ අපටද නොලැබෙන බව මාගේ විශ්වාසය වේ. අපෙන් පසුවත් අපි වගේම අපි දෙස බලා  මොවුන් අඳුරෙන් එළියට ඒවිද එහෙම නැති නම් අපි වගේ ම අතපත ගා ඔවුන්ද මියැදේද?  -ජිඑම්-
 
40 Comments
Tweets
Fb Comments

40 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. තිත්ත ඇත්ත නම් ජනතාවගේ හැටියට පාලකයෝ බිහිවේ. කිසිවක් කිවනොහැක සියල්ලෝ ප්‍රෝඩාවක ගිලී ,නිද්‍රශීලීව දිවිගෙවති.

    ReplyDelete
    Replies
    1. වැදගත් කරුණක් ඔබ ඉස්මතු කර ඇත්තේ.

      Delete
  2. අපෙන් පස්සෙත් මේ විදියම තමා.හිත රිද්දගෙන මොනවා කරන්නද?

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නේ නැතිව අපි අධිෂ්ඨාන කරමු යහපත් රටක් ගොඩ නැඟිමට.

      Delete
  3. ඔහේ බය වෙන්ට එපා නංගියේ වාස් අපි එහාට පාස් කොරා. දැං ඉතිං බලමු පෝද්දල හතරක් එකතැන දපල තිබුනේ ඔහේට මතකනේ.. වාස් වැඩකරු. ටෝච් එකක් තියාගන්න කළුවර නං. හික්.

    ReplyDelete
  4. කාලේ අකාලේ...මේ මොනවද සිද්ධ වෙන්නෙ කියලා හිතා ගන්න වත් බැරිතරම් රට විනාශයකට යනවා..අර කිව්වත් වගේ අපි අඳුරේ අත පතා ගාමින් ඉන්න යුගයක් මේක..

    අපූරු සිතිවිල්ලක් ගයානි..

    ReplyDelete
  5. Replies
    1. හ්ම්...සැම් හිතන හැටි

      Delete
  6. ධනය බලය හමුවේ මිනිසත් කම් යට ගිහින්. මිනියක් මරනවා කියන එක සරල, සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා.

    ReplyDelete
    Replies
    1. ධනය ,බලය,ලිංගිකත්වය සහෝ.

      Delete
  7. හ්ම්ම් මොනවා කියන්නද මන්දා

    ReplyDelete
    Replies
    1. අපි ගොඩාක් දෙනා මුණිවත රකින්නේ කළකිරිම නිසා.ඔබත් එහෙමද?

      Delete
  8. අබුදස්ස කාළේ ලබුත් තිත්තයි කිව්වලු...

    ReplyDelete
    Replies
    1. හැමදාමක් එහෙමද කියන්න වෙන්නේ?

      Delete
  9. අනේ මන්ද තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. සුදු මහත්තයා එහෙම කියන්න එපා.ඔයාලගේ බ්ලොග් දෙස බැලුවම පෙනෙන තක්ෂණයක් අපි සතු බව හැ‍ඟෙනවා.එහෙම එකේ මම නම් ප්‍රර්ථනා කරන්නේ ඔයාලට ඒ තැනට එන්න ශක්තිය ලැබේවා කියලා.

      Delete
  10. Replies
    1. බණ්ඩටත් මට කියන්න තියෙන්නේ සුදු මහත්තයට කියපු දේම තමයි.

      Delete
  11. කාලෙන් කාලෙට යක්කු මාරු කර කර ඉන්නවට වඩා ඉන්න යකා බැඳගන්න විදියක් හිතන්නේ නෑ කුවුරුවත්...
    වී කිව්වා වගේ ජනතාවගේ හැටියට නේ පාලකයෝ... මොකෝ මේ රටේ ඉපදිච්ච එවුන් නේ දේශපාලකයොත්... උන් අපිව මුරුංගා අත්තේ තියනවා වගේ අපිට උන්ව මුරුංගා අත්තේ තියන්න බැරිද... පුළුවන්.. ඒත් හැමදේම තියෙන මේ ජාතියට එක දෙයක් අඩුයි... එකමුතුකම...

    ReplyDelete
    Replies
    1. මගේ හැම ලිපියකම වගේ හිරු මේ ලිපියටත් නව අදහසක් මතු කරලා.ඔබ තුල ඇති විශේෂත්වය නම් එයයි.හැබැයි මගේ කලින් පොස්ට්ටුව ඔයා බලලා නැ වගේ.

      Delete
  12. මේවට මොනවා කියන්නද මන්දා.

    ReplyDelete
    Replies
    1. මධුරංග ඔයාටත් මට කියන්න තියෙන්නේ සුදු මහත්තයට කියපු දේම තමයි.

      Delete
  13. හිතනවානම් වටිනා අදහසක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිර්මලා.ඔබත් යමක් කිරිමට හැකි තැනැත්තියක් බව ඔබේ බ්ලෝග් එක දෙස බැලුවම මට සිතුනි.

      Delete
  14. දේශපාලඥයො දැන් නෑ... ඉන්නෙ දේශපාලුවො

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසට මම ගරු කරමි.

      Delete
  15. දේශපාලනය කියලා දෙයක් දැන් නෑ. දැන් තියෙන්නේ තමන්ගේ මඩිය තරකරගන්න තියෙන යුද්ධයක් විතරයි.

    ReplyDelete
    Replies
    1. රට තුල තිබෙන තවත් ඇත්තකි. ඔබේ ප්‍රකාශය

      Delete
  16. අපෝ.... ඔය දේශපාලනය කියන වචනෙටත් මං නම් කැමති නෑ...... රටට, ජාතියට, මනුස්සත්වයට ආදරේ කරන මිනිස්සු හරි අඩුයි මේ කාලේ...... ඕවා ගැන ඉතිං හිතලත් තේරුමක් නෑ..... බුදුහාමුදුරුවො නම් ඒ කාලෙම මේ දැන් වෙන දේවල් ගැන විස්තර කරලා කිව්වේ කොසොල් රජතුමාගේ සිහින තුළින්...

    ReplyDelete
    Replies
    1. බුදු හමුදුරුවෝ හැම දේම කියලා තියෙනවා.එකත් ඉතිං අපේ මින්ස්සු ආගමක් කියලනේ හන්වඩු ගහන්නේ.බුද්ධිය වැඩි උනාම කියන දේ තමන්ටත් නොතේරෙන කොටසකුත් අපේ රටේ ඉන්නවා සමනළී.එක නිසා තමයි අපි විඳවන්නේ

      Delete
  17. මොනවා කියන්නද මන්දා මේවාට

    ReplyDelete
    Replies
    1. ඇයි නිශාන් කියන්න දේයක් ඇත්තේම නැතිද?

      Delete
  18. කාට කියන්නද මේ දුක....

    ReplyDelete
    Replies
    1. දුක කියන කොටවත් ස්වභාවධර්මය අනුකම්පා කරයිනේ.

      Delete
  19. හිතන්න බොහෝ දේ ඉතිරිකළ ලිපියක් .බොහොම හොඳයි. ආයිත් එන්නම්. ජයම වේවා .......
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය නලීන් අයියේ.

      Delete
  20. කාලයත් එක්ක ලෝකය අලුත් වෙනවා කිව්වට.. කාලයත් එක්ක ලෝකය වල පල්ලට යන එක තමා වෙලා තියෙන්නේ.. කොහොම වුනත් මිනිස්සු එන්න එන්නම පිරිහෙනවා. මේ වෙන දේවල් වලක්වන්න කාටවත් බැ වගේ..
    හොඳ ලිපියක් යාළු..ජය වේවා..

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝ..එත් යම් බලවෙගයකින්වත් මේ අපරාධ නැති වෙනවා නම්.

      Delete
Related Posts Plugin for WordPress, Blogger...