Monday, November 12, 2012

නිර්ණාමික ප්‍රතිචාරය ඔස්සේ මා සිත.....




මේ දවස් වල මම පුහුණුවිමක ඉන්නේ. ලැබෙන පුංවි විවේකයේ දී තමයි, බ්ලොග් එකේ සැරිසරන්නේ සහ මම මෙහි කුරුටු ගාන්නේ.අද දවල් කෑමට පැමිණි අවස්ථාවේ මම මගේ බ්ලොග් එක විවෘත කිරිමෙන් පසුව දුටු එක්තරා ප්‍රතිචාරයකින් නැවත මම මගේ මනස අවධි කරමි.

නිර්ණාමික ප්‍රතිචාරය ඔස්සේ මා සිත......
ඔබෙන් කරුණක් දැනගැනීමට කැමැත්තෙමි.ඔබ නියෝජනය කරන්නේ ශ්‍රීලංකා නාවික හමුදාවද ?එසේ නැතිනම් සිංහල බෞද්ධ වෙනත් හමුදාවක්ද?ඔබ මේ කරන ප්‍රකාශ වලින් මුළු නාවික හමුදාවම වර්ගවාදී ආයතනයක් ලෙස හං වඩු ගැසෙන බව කියමි.පර සුද්දන්ගෙන් හෙවත් ඇමරිකානු නාවික සීල් වරුන්ගේ උපදේශකත්වයෙන් නිර්මාණය කල ඔබලාගේ විශේෂ යාත්‍රා බලගණය සම්බන්දව ඔබ සිතන්නේ කුමක්ද? ආවේගශීලිව ලිවීමට පෙර සිතන්න.යුද්ධය වෙනුවෙන් අනගි සේවාවක් සැලසු යුධ හමුදා කොමාන්ඩෝ සහ විශේෂ බලකායන්ට ඇමරිකානු ග්‍රීන් බෙරේ බලකායේ උපදේශ ලැබුන බව ඔබ නොදන්නවා විය නොහැකිය.එසේම පොලිස් විශේෂ කාර්ය බලකාය නිර්මාණය කලේ බ්‍රිතාන්‍ය S .A .S විශේෂ බලකායේ උපදේශ අනුව බව දනිමි.හමුදා නිලදාරිනියක් ලෙස ඔබ මීට වඩා වෘත්තීමය පසුබිමකින් යුතුව හැසිරිය යුතුය.නැතිනම් අවමානය ඔබේ නාවික හමුදාවටය.
ප්ලාන්ඩර් කෙතේ මිත්‍ර පාක්ෂික සෙබළුන් මෙන්ම පසමිතුරු ජර්මන් සෙබළුන්ද මිහිදන් විය.වසන්තයේ පොපිමල් පිපුනේ කිසිදු භේදයකින් තොරව මුළු බිමම වසාගනිමිනි.නමුත් ඔබ කතාකරන්නේ ජාතිවාදී සහ ආගම්වාදී ස්ථාවරයක සිට බව මගේ අදහසයි.යුද්ධයෙන් පසු එහි ප්‍රතිලාභ ලැබිය යුත්තේ සිංහලයන්ට පමණක් යයි ඔබ සිතන්නේ නම් ඔබට වැරදී ඇති බව කියමි.මේ රට සිංහලුන්ට පමණක් නොව දෙමලුන්ටද මුස්ලිමුන්ට සහ අනෙකුත් ජාතීන්ටද එකසේම අයත්ය.උන්ටද යන්නට වෙන රටක් නැත.උන්ද වසර දහස් ගණනක්, අඩුමතරමේ වසර සියගණනක් පුරා මෙබිමේ ඉපිදෙමින් මිය ගියහ.යුද්ධයෙන් මියගිය සහ අබාධිත වූ සෙබළුන් සිහිපත් කලයුතුය එතනින් නොනැවතී ඔවුන්ගේ සුභ සාධනයද සැලසිය යුතුය.නමුත් දැන් යුධ මානසිකත්වයෙන් මිදී රට ඉදිරියට යා යුතුය. විදේශ රටවල් දෙස සතුරු ආකල්පයෙන් බැලීම හිතකර නැත.වියට්නාමය යුද්දයෙන් පසු තවදුරටත් ඇමෙරිකාව තම සතුරෙකු ලෙස නොසැලකු පරිද්දෙන්ම අපද අපේ විදේශ ප්‍රතිපත්ති සකස් කරගතයුතුය.එසේ නොවුනොත් උතුරු කොරියාව මෙන් පසුගාමී රටක් ලෙස අපට පවතින්නට සිදුවෙනු ඇත.
සිහි කරමු අපි හඳවතින්ම ඔවුන්ව..!  යන ලිපියට අදාලව ලැබුණු ප්‍රතිචාරයකි,ඉහළින් තිබෙන්නේ.

නමක් ගමක් නැති මොහුගේ ප්‍රතිචාරය පිළිබඳව මට කිසිසෙත් ම මොහුත් සමඟ අමනාපයක් නැති බව පළමුව පවසමි.අවේගයෙන් කථා කිරීම අපි පාලනය කරන්නේ අපේ මුලික පුහුණුවේදීම ය.මනා විනය යනු අපේ පැවැත්ම බව අපිට ධාරණය කිරීම දෛනිකව සිදු වන්නකි. බ්ලොග් ලියනයට මම ආධුණිකද වන අතර, මට මගේ බ්ලොග් එක සදා ගැනිමට පළමුව ඇහුම් කන් දුන්නේ රැංගෝ මල්ලී බව මම නැවත නැවත සිහි කරමි.තවද ඔහු මුස්ලිම් ජාතීක සහොදරයෙකු බව ඔබ දන්වා ඇති බව මම සිතමි. “බ්ලොග් රිඩර්” කියවනයේ මම පුංචි පණිවිඩයක් දැම්මා මට මගේ බ්ලොග් එක හදා ගන්න උදව් කරන්න කියලා.මට එම අවස්ථාවේ උදව් කර එකම පුද්ගලයා රැංගෝ බවත් ඔහු ගේ නිහතමානී ප්‍රතිචාරය මම නිතර නිතර සිහි කරන අතර, නැවත නැවත මම එය ලියමි.මම සඳහන් කළ මේ කරුණ සිත තබා ඉදිරියට කියවන ලෙස මම ඔබෙන් ඉල්ලමි. නිර්ණාමික ප්‍රතිචාරය ඉස්මතු කර තිබෙන කරුණු දෙස බැලු කල යමක් ලිවිය යුතුය කියලා මට සිතුණි.

මම ජාතීවාදය ඉස්මතු වන අන්දමින් සටහන පෙළ ගස්වා නොමැති බව අනෙකුත් ප්‍රතිචාර දෙස බැලුවම මට හැඟි යන තවත් කරුණකි. මට දමිල යළුවොත් ඉන්නවා මුස්ලිම් යළුවොත් ඉන්නවා. සමහරක් අවස්ථා වල මගේ මුස්ලිම් යහළුවෝ තමයි මට ගොඩක් උදව් කරලා තියෙන්නේ. මම මගේ “සිහි කරමු අපි හඳවතින්ම ඔවුන්ව..!” ලිපියේ  සිංහලයාට තියෙන්නේ මේ රට පමණයි යන කාරණය සහ දමිල සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලොකයේ තවත් ඉසව්වක ඔවුන් වෙනුවෙන් හඩක් අවධි කිරීමට තවත් මිනිසෙකු සිටින බව සඳහන් කිරීම ජාතීවාදයෙන් කථා කිරීමක් යනුවෙන් මගේ උගත් මිත්‍රයා පෙන්වා දී ඇත. මම නැවතත් එම කථාවම කියන ගමන් ඔබගෙන් මේසේද අසමි, සිංහල භාෂාව ලොකයේ කුමන ඉසව්වේද භාවිතා කරන්නේ සහ දමිල සහ මුස්ලිම් අයගේ බස මොන ඉසව්වේද භාවිතා වන්නේ යන ප්‍රශ්ණය.
මුරලි සහ රන්දිර් යන දෙදෙනාම මම අගය කරන දෙදෙනෙක්.රනදීර් ගේ පියා මිය යන තෙක් මගේ පියාගේ හොඳම යාළුවා.
ජාතීවාදයක් ඇති වන අන්දමින් යන සිතුවිල්ලක්වත් මගේ සිතේ නොමැත.


 සිංහල අපි ආතීතයේ සිට, හිත් තුල තෙරෙපෙන මමත්වය පෙරටු කරගත් සිතුවිලි නිසාවෙන් තමයි අද මේ තරම් රට නොමඟට යන්නේ සහ අශ්චාර්ය බොඳ වු සිහිනයක් ම වි තිබෙන්නේ. ජපානන,රුසියාව,ඇමෙරිකාව,සිංගප්පුරුව,ඉන්දියාව චිනය වැනි බොහෝ රටවල් අපි පසු කර බොහෝ දුරට ගොස් සිටින්නේ එම රටවැසින්ගේ එකමුතුකමත් සංවිධානාත්මක ක්‍රමවේදයන් එකා සේ විරුද්ධ නොවි පිළිපඳින නිසාවෙනි. එහෙත් අපි කරන්නේ හොඳටයි නරකටයි දෙකටම විරුද්ධව හඩක් නඟා සියළු සැලසුම් අවුල් කරමින් අරගල කිරීමයි.
මම පුංචි නිදසුනක් පෙන්වන්නම්,අසල්වැසි ඉන්දියාවේ හින්දී චිත්‍රපට සඳහා ලබා දෙන සම්මාන උළලෙක බලන්න වේදිකාව මත දක්වන නර්තන දෙස බලමින් ඉදිරියේ එය නරඹන ප්‍රේක්ෂක දෙඅත් එකට එකතු වි ඔල්වරසන් නඟන විලාශය. ඔවුන්ගේ මුහුණූ වලින් පිළිපිඹු වන සතුට, අවංක ප්‍රිතියකින් ඉපිලි යමින් ඔවුන් ඔල්වරසම් දෙයි.එම අංගයන් අවසන් වන තුරු ඔවුන්ව දිරිමත් කරයි.ඉතිං වේදිකාව මත රඟන අයට එම ශක්තිය ඔවුන්ගේ නිර්මාණ කුසලතාවය වර්ධනය කර ගැනිමටත් සහ ඉතාමත් හොද  අන්දිමින් එම අංගයන් ඉදිරිපත් කිරිම එහි අවසානය සනිටුවහන් කිරීමට හැකියාවක් ලැබෙනු ඇත. ජාතීය කුමක් වුවත් තමන්ගේ කම කියන එක හැමොගේම ළඟ තිබිය යුතුය.

අපේ රටේ මුස්ලිම් ජුවලරි සප්පුවකට ඔබත් මමත් ගිහින් තිබෙනවා නේද?. අපි ඒවායේ මිළ ගණන් විමසිමෙදී එහි සිටින සේවකයින් අයිතිකරු සමඟ ඒ පිළිබඳව කථා කරන්නේ ඔවුන්ගේ භාෂාවෙන් නේද. සිංහලෙන් කථා කරන්න පුළුවන් නේ.ඇයි කථා නොකරන්නේ.ඔවුන්ගේ තිබෙන තමන්ගේ කම සහ සැලසුම් සහගත ක්‍රියා පිළිවෙත් නිසාවෙනි.අපට වඩා ඔවුන් වෙළඳ පොළ ජයගෙන තිබෙන්නේ සැලසුම් සහගත ක්‍රියා පිළිවෙත් සහ එකමුතු බව නිසාය.

තවද මම හිලරි ක්ල්ටන් නෝනටත් කරුණානීදි මහත්තයටත් තව ‍අපි කරා වු ත්‍රස්තවාදීන්ගේ න් රට මුදවා ගැනිමේ මෙහෙයුම පිළිබඳ විවිධ මත ඉදිරිපත් කරමින් අපේ හමුදාවට විරුද්ධව කැරලි ගැසු අයට පර සුද්දා කිව්වා කියලා නාවික හමුදාවට වන අවමානය කුමක්ද කියා  මට නම් නොතේරෙයි.   
අපට,
අභ්‍යවකාශය තරණය කිරීමට අපහසු නැත

රෝද හතරක් නිර්මාණය කර ඒ තුල ගමන් කිරීමට අපහසු නැත

දැනට ලොකයේ තිබෙන දියුණූම තක්ෂණය යොදා ගෙන චිත්‍රපටියක් නිර්මාණය කිරිමට බැරි කමක් ද නැත.

ලොකයේ සැඟවුණු බලවවේග සහ නොදැකපු නියායන් සොයා ගැනිමට අපහසු නැත

මිනිස් සිතකින් මිනිස් අතකින් කරන අරුම පුදුම නිර්මාණ කිරිමේ සහජතා නැතුවා නොමෙයි

ලොව  වේගවත් ම මිනිසා සහ ගැහැණිය විමට අපේ කොල්ලන්ට කෙල්ලන්ට ශක්තිමත් ජාන පිහිටා නැතුවා නෙමෙයි.

     කියු නොකියු මේ සෑම දේයකටම සහජ හපනුන් වුවෝ අපට නැත්තේ එකමුතු කම,තමන්ගේ කම,නිහතමානී කම සහ ශක්තිමත් පිරිසිදු සිතුවිලි  පමණි. වාසනාව කියන තැනදී සිතුවිලි වල තිබෙන හීනතාවයත්, දුර්වල සහයෝගයත් නිසා අපි හැමදාමත් එකම තැනද මන්දා. අශ්චාර්ය සිහිනයක් ම වි ඇත.

තවද  ඉහලට එන්න බැරි විදියට ආතීතයේ සිට අපේ හිත් තුල ඇති වි තිබෙන අයහපත් ආකල්ප නිසාවෙන් ම අපට ලොකය ජය ගැනිමට නොහැකි වි ඇත. මම නැවත කියමි  විජය කුමරු යනු කවුද කියලා ඔබත් මමත් දන්නවා.ඉන්දියාවෙන් පිටුවහල් කිරීමෙන් පසුව මෙරට ට පැමිණි ඔහු කොහෙත්ම ඔබින තැනැත්තෙකු නොවන බව මම මම පවසමි.කුවේණි කුමරියට විජය කුමරු එදා කළ අසාධාරණයට ඇය කළ ශාපයෙන් අදත් අපි විඳවන්නේ ඒ නිසා වෙන්න ඇති.එදා සිට මේ දක්වා ම අපි තුල තිබෙන අමානුෂික ගති පහව නොයන්නේ මන්ද?

නාවික හමුදාව යනු මගේ හඳවත බඳුය.එවන් වු සිතුවිල්ලක සිටින මා කිසි දවසක මගේ හමුදාවට අවමන් වන කිසිත් නොකරමි.අපිට වැටුප් ගෙවන්නේ රජයෙන්.එම මුදල් මේ රටේ මුදල් ය.රටේ තිබෙන සියළුම හමුදා වල යුතුකම ඔබව ආරක්ෂා කිරීමයි.ඔබ කින්නේ රටය, එම නිසා එන ඕනෑම අභියෝගයකට අපි මුහුණ දිය යුතුය.
තෙරුවන් සරණයි!
-ජිඑම්-
64 Comments
Tweets
Fb Comments

64 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. Replies
    1. ස්තුතියි දිරි ගැන්විමට.

      Delete
  2. ගයානි නාවුක හමුදාවේ බව දැනගත්තේ අදයි. ඔයා කියපු කතාවේ ජාතිවාදී කමක් මම දකින්නේ නැහැ. මේ දවාස්වල ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ සිංහලයන් ගැන මොනම හරි දෙයක් කතා කරොත් ඒක ජාතිවාදය හැටියට හංවඩු ගහන්න පිරිසක් බලාගෙන ඉන්න එකයි....

    "සිංහල" කියන වචනේ ඇහෙනකොටත් ඔවුන්ගේ කන් වලට අමාරුයි. "සිංහල රට" කියන වචනය ඔවුන්ට තිත්තය. අරාබියට මුස්ලිම් රටක් කියනවානම් ලංකාවට සිංහල රට යයි නොකියා වෙන මොනවා කියන්නද?

    ReplyDelete
    Replies
    1. මම හැමදාමත් විශ්වාස කරපු දේයක් තමයි මිනිසත්කම.එක මට අවශ්‍ය උන අවස්ථාවක් තිබුණා මගේ ජිවිතේ එක්තරා කාලවකවානුවක.කෙනෙකුගෙන් එක නොලැබෙද්දි තවත් අය මට එක දුන්නා.රටට ඔයාලාත් එක දුන්නා.

      Delete
  3. ගමේ වැඩක් දෙන්න ඔබේ ඇත හිත http://apegamamathara.blogspot.com/

    ReplyDelete
  4. nirnamika comment ekak wenuwen post 1 danna mahansi wena eka moda wedak, eth me post eka ehema ekak nemei. Meke thiyanawa godak watina adahas. E nisa e commen eka dapu kenath hodak karala thiyenne.

    (e post 1 kiyawannath beri una thawama :P )

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්ත තරණය කළාට.

      Delete
  5. මනුස්සකමට ඔය හැම බාධකයක්ම යටත් වෙන්න ඕන. ඒකනේ සුනාමි වෙලාවේ අනන්තවත් උදව් ලැබුනේ, ජාතිය, කුලය ආගම බැලුවද නෑ. ඒකයි යථාර්ථය

    ReplyDelete
    Replies
    1. ඔව් මනුෂ්‍යයො වන අපි මිනිසත් බව වර්ධනය කර ගත යුතුය.

      Delete
  6. හැම කෙනාගෙම අදහස් සමාන නෑ නොවැ... තමන්ට විකල්ප අදහසක් අනෙකා ලග තිබුනා කියා කෝප වීමට හේතුවක් නෑ... ඔබේ වදන් සමග මම නම් එකගයි... ඔය කොයි අයියා මොන ලොකු කථා කිව්වත් සිංහලයට තියෙන එකම රට මේ සිරිලංකාව...ඒක රැකගන්න සිංහලයො හැටියට අපේ රටේ මිනිස්සු ඉදිරිපත් වෙන්නෙ නැතුව ඇමරිකාවෙන් එන්නද ? ජාතියක් විදියට බොහොම තීරණාත්මක අවධියකට අප පැමිණියහොත් ඔය කා කොටාගන්නා උන් අපූරුවට සමගි වෙලා සිංහල ජාතිය වෙනුවෙන් සටන් කරනවා මට නම් ඉර හද වගේ ෂුවර්....

    ReplyDelete
    Replies
    1. තරහක් අමනාපයක් නැ සිරා.එත් ඒ කෙනා සිංහලයා පිළිබඳ ලොකු ද්වේශයකින් කථා කරන බවක් පෙනවා.

      Delete
  7. බාධක ජයගෙන ඉදිරියට යන්න.. !

    ReplyDelete
    Replies
    1. සෑම් හුඟ දවසකින් මේ පැත්තේ.ඔබටත් ජය!

      Delete
  8. ගයනි ඔබ කව්ද කියන්නවත් නොදනිමි. ඒත් ඔබ නාවුත සාමාජිකාවක ලෙස බ්ලොගය හරහා ලද තොරතුරු මත අනුමාන කෙලෙමි.එය එසේ නම් බාල ඇනෝ කමෙන්ටුවලට මෙතරම් පිළිතුරු දිය යුතු නැත.දැනට බ්ලොග් ලොතයේ යන රටාව අනුව එය ඇතැමෙකුට වෙනස් අයුරකින් ඒත්තු ගැන්වේන්නට ඉඩ ඇත.ඔබ යන ගමන යන්න.අනෙත් දැ නොසලකා හරින්න.

    ඔබ 100%ක් හරි වුවත් අන්‍යයන්ට එය නොපිළිගනි.එය ක්‍රියාවෙන්ම ඔප්පු කරන්න.මන්ද යත් ඇතැම්හු බිලොග් ජනප්‍රිය කරවිම සඳහා අමු ප්‍රෝඩා කර ඇති බැවිනි. ඔබට හැකියාවක් ඇත. එය දුටිමි. ඒ ඔස්සේ යන්න.

    ReplyDelete
    Replies
    1. වැදගත් කරුණු දෙක තුනක් නාලින් අයියා මතු කරලා පෙන්වා දිම පිළිබඳව මම අගය කරමි.නාලින් අයියා කවුද කියන්න පුද්ගලයා වශයෙන් මමත් නොදනමි.එහෙත් ඔබ ඔබේ අනන්‍යතාවය ඔබේ ආකල්ප සිතුවිලි හරහා ගොඩ නඟාගෙන තියෙනවා.එයයි වැදගත්.අපි බොරුවක් කරනවා නම් රැවටෙන්නේ අපිමයි.සත්වයාගෙන් උතුම්ම සත්වයා අපි.රටක් විදියට එකමුතු වි සිටියොත් තමයි අපට දිනන්න පුළුවන් මම කථා කරන බොහෝ දේ මගේ ඇස් වලට දකින කන් දෙකට ඇහෙන දේ.ඒ තුලින් යම් දේයක් කිරීමට හිත ඇත්තියක්.සමාජයේ බොහෝ තැන් අනාබෝධය නිසා කඩා වැටිම් ඇති වෙන්නේ.

      Delete
  9. මේ බ්ලොග් මොලයක් තියෙන මිනිස්සුත් කියවනවා කිසිම කමකට නැති අඳ බාලයොත් කියවනවා..
    කියවලා කොන්ද පන තියෙන මිනිස්සු නමෙං කමෙන්ට් කරනවා කොන්දක් නැති උං ඇනෝ කමෙන්ට් දානවා..
    ඕවට ඔහොම දිග පෝස්ට් දාන්න ගියොත් අපිට වෙන වැඩක් නැතිවෙයි..
    ගයනි අක්කා ඕවා ඔච්චර ගනං ගන්න එපා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලී.ඒ කෙනා මොන යම් හෝ තමන් බලාපොරොත්තු උන දේයක් නොලැබුණ කෙනෙක් වගේ.සිංහලයා පිළීබඳව එච්චර කළකිරීමෙන් කථා කරන්නේ එක වෙන්න ඇති.ඔයාලගේ වචන ශක්තියක්.ජය වේවා!

      Delete
  10. අපි නිරුවත් දෑසින් ලෝකය දකින්න කොහොම උත්සහ කලත් මොනම පාටක හරි කන්නාඩියක් අපේ ඇස් ලගින් තියෙනවා..ඒක ලෝක ස්වාභාවය කියන්න පුළුවන්..කෙනෙක් දෙයක් ලියනවා කියන්නේ ඒ කෙනා තමන්ගේ ආත්මය අකුරු කරනවා කියන ඒක...ඉතින් කෙනෙක්ගේ ආත්මයක් විවේචනය කරන්නේ කොහොමද?? ඔබ ලියන දේ හරිද වැරදිද කියන දේ ඔබේ හිතෙන් විතරක්ම අහන්න,එහෙම නැතිව ලෝකය කියන හැමදේම අහන්න ගියොත් අපි ලියන දෙයින් වැඩක් නැති වෙනවා..ඔබේ නිර්මාණය ඔබේම විතරයි..

    ReplyDelete
    Replies
    1. වටිනා අදහස් ටිකක් ඔබ එකතු කරලා.අගය කරමි.

      Delete
  11. අපි වගේ වයසක උදවියට මේක කියවන්න අමාරුයි. පසුබිමේ පාට වෙනස් කරන්න කැමති නැද්ද?

    ReplyDelete
  12. ඔබගේ අදහස් වලට ගරු කරමි..ජය වේවා

    ReplyDelete
    Replies
    1. අගය කරමි ඔබව.ඔබටත් ජය!

      Delete
  13. මාත් ඇනෝ කෙනෙක්ගේ කමකට නැති කතාවකට ගයනි කලබල වෙලා කියලා හිතාගෙන මේ පැත්තේ ආවේ.. ඒත් මේ පුද්ගලයා ඇනෝ විදියට ආවත් වැදගත් විදියට තමන්ගේ අදහස ඉදිරිපත් කරලා තියෙන නිසාත් පිළිතුරක් ලබාදීම වැදගත්...

    ගයනි තුළ මම දකින ලොකුම දේ තමයි අපේ රටේ උත්තරීතර ආයතනයක නම්බුව රැකගෑනිමත් තමන්ගේ කර පිටට අරගෙන, තමන්ගේ අදහස් ඉදිරිපත් කරන්න දරන උත්සාහය... මොකද ගයනිට ඕනේ නම් තිබුනා තමන් නාවික හමුදාවේ කෙනෙක් කියන එක හෙළි නොකර බ්ලොග් එක කරන්න...

    මම දැනුයි පෝස්ට් දෙකම කියෙව්වේ... මේ ජාති වාදයයි, යුද්ධෙයි, මේ රටේ තියෙන එක එක ජාතියේ ගැටුම් දිහයි ගයනි බලන්නේත් මගේ විදියටම කියලයි මට හිතෙන්නේ... මොන දේ උනත් සිංහලයට සිංහල කතා කරන්න නිදහස තියෙන එකම රට මේක... ඔය පිට රටවල ඉන්න අය මේ පැත්තේ ආවොත් කියයි සිංහල අකුරක් දකින්නේත් බ්ලොග් එකේ විතරයි කියලා... මේක සිංහල රටක් තමයි.. කවදාවත් මේක දෙමළවත්, මුස්ලිම්වත් කියලා හඳුන්වන්න ඉඩක් දෙන්න ‌හොඳ නෑ... සිංහලයගේ හොඳකමට තමයි අදත් මේ රටේ දෙමල, මුස්ලිම් අය ඉන්නේ... නැත්තම් ඉතිං ජූලි කලබලේ වෙලාවේ ඔක්කොම මරලා දාන්න තිබුණේ නැද්ද.... ඒ වෙලාවේ තමන්ගේ අසල්වැසියන්ව බේර ගත්තෙත් සිංහල මිනිස්සුම තමයි...

    සිහලයන්ගේ වැරදි කීපයක් තියෙනවා.. ගයනි කිව්වා වගේම ලොකුම දුර්වලකම තමා එකමුතුකමක් නැතිකම... ඒ වගේම සිංහල භාෂාව පහත් කරලා සැලකීම ලොකුකමක් කියලා හිතන එක, අතීතේ ගැන වර්ණනා කර කර තාමත් ඒ විදියමයි කියලා හිතන එක... ඔක්කොම තියෙද්දි තමන්ගේ බඩ ගැන මුලින්ම හිතන එක... ( ඒක නම් අපේ රටේ දෙශපාලනේ වැරැද්ද) .. පෞද්ගලික කොන්තර පිරිමහන්න රටේ අභ්‍යන්තර ප්‍රශ්න ජ්‍යාත්‍යන්තරයට ගෙනිහින් “ මං මේ රටේ ලොක්කෙක්... මුං මට සලකන්නේ මෙහෙමයි .. ” කියලා තමන්ගේ රට, ජාතිය බිල්ලට දීලා තමන්ගේ බඩ පුරෝගන්න හදන දේශපාලකයෝ වැහි වැහැලා... ( අර මුස්ලිම් රටවලින් තාඩන පීඩන වලට මැදි වෙලා පැනලා ආපු, බේර ගත්ත කෙල්ලන්ගේ කතා දකිද්දි අපේ හිත් උණු වෙනවා වගේ මෙයාලගේ කතා අහද්දි ඒ රටවල මිනිස්සු මේ රට ගැන හිතන්නෙත් මේක මහ කරුම රටක් කියලා හිතාගෙන.. මේ ඔක්කොම කරන්නේ සිංහලයෝ කියලා හිතාගෙන..)

    දැං වෙලා තියෙන්නේ කවුරුහරි සිංහලයෙක් සිංහලකම ගැන කතා කළොත් ඒක ජාතිවාදය.... මුස්ලිම් මිනිස්සු, දෙමළ මිනිස්සු ගැන කතා කළොත් ඒක රටට තියෙන ආලය... මේ ගැන මගේ හැඟීම නම් ගයනි සිංහලයට මේ රට නැතිව ගිය දවසට හූල්ලන්න වත් එකෙක් ඉන්න එකක් නෑ... මොකද තමන් සිංහලයෙක් කියලා බය නැතිව කියන්න පුළුවන් අය උනත් දැන් ඉතුරු වෙලා ඉන්නේ බොහොම ටිකයි....

    මේ පෝස්ට් දෙකේම ගයනි කියලා තියෙන දේවල් වලට 100% එකඟයි... ඒ වගේම කියන්න තියෙන දේ හරියටම කියලා තියෙනවා...

    ඒ වගේම ඇනෝ කියලා තියෙන දේත් ඇත්තක් නැතුව නෙවෙයි... ///විදේශ රටවල් දෙස සතුරු ආකල්පයෙන් බැලීම හිතකර නැත.///

    නමුත් ඇනෝට කියන්න තියෙන්නේ මිතුරයි කියලා හිතාගෙන හිටිය ඉන්දියාව උනත් තමන්ගේ රට ගැන හිතලා අපිට සහයෝගය නොදී හිටිය තැනක් ළඟදි තිබ්බා... (ඉන්දියාවෙත් වැඩි පිරිසක් ඒ තීරණය හෙලා දැක්කා උනත්, ඉන්දියන් රජය ඒ තීරණය ගත්තේ තමන්ගේ ඡන්ද ජයග්‍රහණ ගැන හිතලා... එහෙම එකේ අනිත් රටවල් ගැන කුමන කතාද..)

    ඇමරිකාව වගේම කැනඩාවත් අපේ රටේ ප්‍රශ්න ගැන කතා කරන්නේ අපිට තියෙන ආදරේකට නෙවෙයි කියලා ඕනෙ බබෙකුට තේරෙනවා... ඒක ඔවුන්ගේ දෙමළ සහ මුස්ලිම් ඡන්ද පදනම රැක ගන්න කරන බයිස්කෝප් එකක් විතරයි.. එහෙම එකේ එයාලව නලවන්න ගියානම් තාම යුද්ධෙ එහෙම පිටින්ම.. ඒ වෙලාවේ එයාලට කතා කරන්න දෙයක් ඉතුරු උනේ නැති නිසා කටවල් වහන් හිටියා... දැං උනත් එයාලා ඔය නටන්නේ අපේ උන්ම දීපු තුරුම්පු කීපයක් අල්ලගෙන නෙවෙයිද... යුධ මානසිකත්වය අතෑරලා දාලා, ඉදිරියට යන්න ඕනේ කියන එකත් ඇත්ත.. ඒත් අවුරුදු 30ක යුද්ධේ අතුරුඵල ඔක්කොම අවුරුදු 3-4කින් නැති කරන්න පුළුවන්ද....

    ReplyDelete
    Replies
    1. හිරු පළමුව මම ඔබට ගරු කරමි.ඒ ඔබ තුල තිබෙන අවබෝධාත්මක බව නිසා.අපි අපේ දියුණුව උදෙසා අනෙකුත් රටවල් සමඟ මිත්‍රව කටයුතු කළ යුතුය.එය ඇත්තකි.එහෙත් කිසි දවසක ඔවුන්ව විශ්වාස නොකළ යුතුය.ඕනෑ තරම් උදාහරන ඇත.නිර්ණාමික ප්‍රතිචාර දක්වපු කෙනා කවුරු උනත් එයා ලොකු මානෂික ගැටළුවක සිටින බවක් පෙනේ.දකින දේ නෙමෙයි එයා හිතන්නේ.ලොකු ද්වේශයකින් සිංහලයා පිළිබඳව කථා කරන බවක් පේනවා.ඒයා බලාපොරොත්තු උන දේයක් එයාට ලැබිලා නැ වගේ.යන්නේ කොහේද කියලා ඇහුවම මල්ලේ පොල් වගේ කථාවවක් එයා කියන්නේ එක නිසා.ගැටළු සහගත මානෂික මට්ටමක සිට සාමාජය දෙස වපර ඇසකින් බලනවා.උදාහරණයක් ලෙස පෙම්වතුන් දෙදෙනෙකු විරසක උනමා සමස්ත ගැහැණු එහෙමත් නැති නම් පිරිමි දෙස ඒ තරහා සිතුවිල්ලෙන්ම එකම නිගමනයකට පැමිණේ.

      Delete
  14. ඕවා නම් ගනන් ගන්නෙපා. නිර්නාමිකව මොනවා නම් කියන්න බැරි ද..
    අනිත් එක පල ඇති රුකට නෙව ගල් ගහන්නේ. ඔයාගේ බ්ලොග් එකත් ගොඩක් වටින නිසා ඒක කඩාකප්පල් කරන්න ආපු එකෙක්ගේ වැඩක් කියලා හිත හදාගන්න.

    ප.ලි. - ඒක නෙමේ නංගි, මොකද්ද මේ ජීඑම් කෑල්ල ? නමේ අකුරු දෙකක් ද ?
    මට හිතෙන විදිහට ඒක නමේ අකුරු දෙකක් නම් පින්තූරේ මැද්දටම දාන්න එපා. එතකොට ඔයා පින්තූරෙන් දෙන්න හදන අදහස එන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි අයියේ.මගේ නමේ අකුරු දෙක තමයි.ස්තුතියි වැරැද්ද පෙන්වා දුන්නට.

      Delete
  15. බ්ලොග් එකක් ලියද්දී විවිධාකාර ප්‍රතිචාර ලැබෙනව. තමන්ගේ මතයට එකඟ වගේම එසේ නොවන ඒවත්. ඒ වගේම නිර්දය ලෙස ප්‍රහාර එල්ලකරන උදවියත් ඉන්නව. ප්‍රතිචාරය නිර්නාමික වේවා නාමික වේවා ශිෂ්ටසම්පන්න ආකාරයට ලියවී ඇත්නම් කුමන ආකාරයකට හෝ ප්‍රතිචාර දැක්විය හැකියි.
    කොහොම උනත් විවිධ මතධාරීන් මේ සමාජයේ ඉන්නව. අපි කොතරම් අපේ මතය ලිව්වත් ඔවුන් එකඟ නොවෙන්න පුළුවන්. කරන්න දෙයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඕන මතයක් දරන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. රාජ් මම තාරතිරම් නොබලා මගේ වැරුද්දක් පෙන්වන වානම් හදා ගන්න සුදානම් සිටින කෙනෙක්.මම හමුදාව තුල ඉගෙන ගත් පළමු දේ තමයි එකමුතුකම,නැති නම් එතන ජයකුත් නැ කියලා.අපට ආපු දවසේ ඉදලා එකම අණකට හීලෑ කරන්නේ නිකම් නෙමෙයි.යුද්ධයක් නෙමෙයි රටක් විදියට උනත් සංවර්ධනය වෙන්න නම් අපි අවනත විම ,විනය ගරුක විම,නිහතමානී විම,අන් අයට ඇහුම්කම් දිම කළ යුතුය.එහෙත් කළාහාකාරි ලෙස තම අදහස් ප්‍රකාශ කිරීම තුලින් ඔහු හෝ ඇය ද්වේශයෙන් කථා කරන බවක් පෙනේ නම් එතන අරගලයක් ඇති කිරීමක් සහ කඩාකප්පල් කිරිමක් ඇති කිරිමක්.

      Delete
  16. මම නම් කියන්නේ ඔය ගනන් ගන්න එපා කියලා. මොකද හොඳ දෙයක් කරගෙන යනකොට අපිට මුන ගැහෙන බාධක වැඩියි.

    ReplyDelete
    Replies
    1. බාධක නම් ජය ගන්නවා කියන්නේ ජිවත් වෙනවා කියන එක නේද?ඔයාලගේ වචන මට ශක්තියක්.ඒ ප්‍රතිචාර දක්වපු පුද්ගලයා ලොකු ද්වේශයකින් කථා කරන බවක් පේනවා.

      Delete
  17. ඔය නිර්නාමික කමෙන්ටු වලට නම් බය වෙන්න එපා ගයනි. ඔය ඔහොම එන්නෙ කෙලින් කතාකරන්න බය උදවිය නොවැ. කෙලින්ම දෙයක් කියන්න පුලුවන් අය නොබියව ඒ අයගෙ මතේ කියනවා. කෙනෙක් හරියට දෙයක් කරනකොට එන බාදා අපමණයි. ඒ වගේම ඔබට ඔබේ ආයතනයෙන් ලබුන ශික්ෂණයක් තියෙනවා නෙ. ඒ නිසා නිස්කාරනේ මේ වට කාලය නහස්ති කරන්නට එපා. කට්ටියක් ඉන්නවා ඕනෙම දේකට , ඒ කියන්නෙ ආගමට උනත් ඕනෙ වෙලාවක ගරහන්න බලාගෙන. ඔය කියන අයගෙ කිසිම කෙනෙක් සමහර විට රට දැය වෙනුවෙන් එක කඳුලක් හෙලා නැතිව ඇති. අපි අපේ රට රැක ගත්තේ නැත්නම් ලෝකෙ කොහෙන්වත් එන්නෙ නෑ අපේ රට රකින්න. අපේ සිංහලයනට තියෙන එකම රට මේකයි කියන එක එයාලට අමතකයි.

    ReplyDelete
    Replies
    1. නැ අක්කා මට ඒ ප්‍රතිචාරය දක්වපු කෙනාත් සමඟ කිසිම අමනාපයක් නැ.අනුකම්පාවක් තියෙන්නේ.මොකද ඒ කෙනා කවුරු උනත් ලොකු මානෂික ගැටළුවක සිට කථා කරන්නේ.එය බලාපොරොත්තු උන දේයක් එයාට ලැබිලා නැ කියලා මම විශ්වාස කරනවා.සිංහලයාත් බුද්ධාගමත් පිළිබඳව ලොකු ද්වේශයකින් කථා කරන්නේ.

      Delete
  18. ඔබේ කලින් ලිපියට අදහස් දැක්වූ ඇනෝවා වෙමි.මුලින්ම කිව යුත්තේ ඔබ සමඟ මා හට කිසිදු අමනාපයක් නොමැති බවයි.බ්ලොග් අවකාශය තුල මට මිතුරන්ද, සතුරන්ද නැත.කල්ලිද නැත.මුණු පොතේද මා නැත.කෙටියෙන් කීවොත් මා වනාහි පරිපුර්ණ ඇනොවෙකි. කෙනෙකුට නපුංසකයෙකු, කොන්ද පන නැත්තෙකු,දේශද්‍රෝහියෙකු ආදී කවර ලෙසකින් හෝ මා හැදින්වීමේ නිදහස ඇති අතරම ඒ සම්බන්දව මගේ අහිතක් නැත.ඔබේ බ්ලොග් ලිපිය සම්බන්දව මට දැනුනු දේ සටහන් කලෙමි.ඒ දේවල් ඉල්ලා අස්කර නොගනිමි.මා නැවතත් කියන්නේ සිංහලයන්ට මෙන්ම මෙරට වාසී අනෙකුත් ජාතිකයන්ටද ලංකාව හැර වෙන මව් බිමක් නැති බවය.මෙරට දෙමල වැසියෙක් තමිල් නාඩුවට ගියවිට ඔහු එරටට ආගන්තුකයෙක් වෙනවා සේම මෙරට මුස්ලිම් ජාතිකයෙක් පාකිස්තානයට ගියවිට ඔහුද එරටට ආගන්තුකයෙක් වෙයි.තවද සිංහල ජනතාවගේ භේදවීම ගැන ඔබ කම්පා වෙනු පෙනේ.ඒ ගැන එතරම් සිතන්නේ මන්ද?ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විවිද මත තිබීම එයට හේතුවයි.මේ වනවිට යුද්ධය අවසන්වී වසර 3 ඉක්ම ගොස් ඇත.දැන් කලයුත්තේ අතීත මතකයන් සිත් තුල පමණක් තබාගෙන සියලු ජාතීන් එක්ව සමගි සම්පන්නව ජීවත් වීමට උත්සහ ගැනීමයි.අවසන් වශයෙන් මේ දෙය කියමි මෙහි අදහස් දක්වා ඇති සියලුම දෙනාට වඩා මා මේ රටට ආදරය කරන මිනිසෙකු බවය.අතටම ලැබුණු සුදුකරපටි රැකියා ඉවත දමා යුද සේවයට බැදී උතුරු නැගෙනහිර වනාන්තර පීරමින් කලකට ඉහතදී කොටි සාමාජිකයන් සොයා ගියෙමි.රළු පොලවේ නිදාගත්තෙමි,රළු ආහාර ගත්තෙමි.සගයන් මිය යනු දුටුවෙමි.අවසානයේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජීවිතය පමණක් බේරී.ඇවිද යාමේ හැකියාව ඇතුළු බොහෝදේවල් අහිමි කර ගත්තෙමි.ඉහත අදහස් දැක්වූ තරියා කියනසේ මා කොන්ද පන නැති අයෙකු වෙමි.ඔබට කැමති නම් නපුංසකයෙකු හෝ වෙනත් ඕනෑම ලෙසකින් මාහැදින්වීමට පුළුවන.

    ReplyDelete
    Replies
    1. ඔබ කවුරු උනත් සිංහලයා පිළිබඳවත් බුද්ධාගම පිළිබඳවත් තමන් කළ රැකියාව පිළීබඳවත් තෘප්තියක් නැති කෙනෙකු බව නම් පෙනි යනවා.මටත් ඔබත් සමඟ කිසිම අමනාපයක් නැ.ඔබ යම් මානෂික ගැටළුවක සිට සාමාජය දෙස බලන බවක් පෙනේ.ඔබ නැවත නැවත ජාතීවාදයක් ගැන කථා කීරීම මානෂික ගැටළුවක් හැටියට මම දකිමි.ඔබේ සිතේ තිබෙන යම් කාරණයක් තුලින් ඔබ මගේ ලිපිය දෙස බලා ඇත.මම කොතනකවත් කියලා නැ සිංහලයා හැර අනෙකුත් ජාතීන් මේ රටෙන් යා යුතු ය කියලා.ඔබ සංකීර්ණව කථා කළාට ඒ තුල කිසිම ශක්තිමත් කමක් නැ.මට ඔබෙන් ඉගෙන ගක හැකි යමක් නැත.බොරු සංකිර්ණතවයක් මවා ඔබ මගේ ලිපිය අන්තවාදී ඇසකින් බලා ඇති බවක් පෙනේ.මම අද එක් වන ආධුණිකයෙකුගෙන් උනත් ඉගෙන ගැනිමට යමක් ඇත්නම් මම ඔහුට හෝ ඇයට ඇහුම්කම් දෙමි.මොකද අපි එක එක මත වල සිටියාට අපි හැමොම එක වේලාවක එක අණකට ක්‍රියා කළ යුතුය.එවිටයි ජයක් ලැබිය හැක්කේ.එත් අන්තවාදී ලෙස බලන විට එය මඟ හැර යාම තමයි හොඳම විකල්පය

      Delete
    2. මගේ ලිපියෙන් ඔබ කිසිවක් ඉගෙන ගත යුතු නැත.එවැනි බලාපොරොත්තුවක් මට නැත.සියලු පෘතග්ජනයෝ උම්මත්තකයෝ යන බුදු වදන අනුව බැලුවිට මටද ඔබටද මානසික ගැටළු තිබීමට ඉඩ ඇත.

      Delete
  19. බල්ලෝ බිරුවට කඳු පාත්වෙන්නේ නැහැ. ගයානි ඔබ ඕවාට සැලෙන්න එපා. මොකද අපි ගමනක් යනවිට භාදක එනවා ඒවාට මුහුණ දීගෙන යමු. අපි ඉන්නවා ඔබ සමගින්. මගේ මුල් අවවාදය මතක තියාගන්න. මමනම් කොහොමත් ඇනෝලව ප්‍රතික්ෂේප කරන අනොලට කැමති නැති දැඩිව ඔවුන්ව පිටු දකින කෙනක්. කොන්ද පන නැති කම නිසයි හැංගිලා ලියන්නේ කෙලින් ලියන් බය කම. අපි ලියන්නේ එලිපිට ඒ නිසා ගනන්ගන්නවත් වැටෙන්නවත් එපා.

    ReplyDelete
    Replies
    1. මම බ්ලොග් කියවන්න පටන් ගත්ත දවසේ සිට ඔබේ අදහස් වලට ගරු කරන කෙනෙක්.කෝරලේ මහත්තයා ඔබ පවසා සිටින දේ මම පිළිපඳිමි.අපි සත්වයාගේ උසස්ම උතුම්ම සතා වේ.මම අපේ රටේ දැකපු එක ඇත්තක් කියන්නම්.මගේ කන් වලට අනන්තවත් ඇසි ඇති දේයක්.තමන් කරන රැකියාවට අවමන් කර කර මාසේ අන්තිමට එතනින්ම වැටුපක් ගන්නවා.එතනින් කාලා එතනට බැනලා තමයි එතනින් නැගිටින්නේ.විශ්‍රාම ගිහිල්තත් කරපු රැකියාව විවෙචනය කර කර විශ්‍රාම වැ‍ටුපක් ගන්නවා.

      Delete
    2. ගයානි මම මේ යුරෝ එකක් හොයනවා ඔයාගේ කටට දාන්න. මසුරන් වටිනා කතාවක්. කොම්පැනියට බැන බැන එතැනින්ම පඩිය හම්බවෙනකොට දෝත බැදන් අරන් යනවා. අපේ ලංකාවේ කලගුණ කියන එක ගොඩක් ඉක්මනට අමතක කරන මිනිස්සු කොටසක් ඉන්නේ. මම දැනුයි දැක්කේ ඇනොගේ කොමෙන්ටුව

      "මා වනාහි පරිපුර්ණ ඇනොවෙකි. කෙනෙකුට නපුංසකයෙකු, කොන්ද පන නැත්තෙකු,දේශද්‍රෝහියෙකු ආදී කවර ලෙසකින් හෝ මා හැදින්වීමේ නිදහස ඇති අතරම ඒ සම්බන්දව මගේ අහිතක් නැත"

      මොකද පෝරම දන්නවා මෑන් ඒ වගෙයි කියල අහිතක් හිතන්න බැහැ. බ්ලොග් ලොව සමකාලීන මිතුරියක සහෝදරියක වශයෙන් කියන්නේ සැලෙන්න එපා Take a chill pill sis....... :)

      Delete
    3. ස්තුතියි සහෝ....බුදු සරණයි.

      Delete
  20. හැමෝගෙම අදහස් එක වගේ නෑ...හැමෝම එකවගේ හිතන්නේ නෑ..විවිධ මත විවිධ අදහස් සාමාන්‍යයි. ඕවට මරා ගන්න ගියොත් අපිට අපේ ගමන යන්න වෙන්නේ නෑ.. කතාවක් තියනවනේ "ඔබට බුරන සියලු බල්ලන්ට ගල් ගැසීමට මග නතර වුනොත් ඔබ කිසිදා ගමනාන්තයට ලඟා නොවනු ඇති." කියලා.

    ReplyDelete
    Replies
    1. මරා ගැනිමක් නැ පැතුම්.ප්‍රතිචාරයට ප්‍රතිවාරයක්.

      Delete
  21. මට නම් කියන්න තියෙන්නේ ඕවා එච්චර ගණන් ගන්න එපා කියලයි.

    ReplyDelete
    Replies
    1. ගණන් ගන්නේ නැ මඩියෝ.ඔහුට පිළිතුරක් දුන්නා.

      Delete
  22. අදමයි ආවෙ. ගයානිගෙ නිදහස් අදහස් වලට ලැබුණු නිර්නාමික පිළිතුරක් ගැන හිතලා වටිනා කාලය නාස්ති කරගන්න එපා. විෂමවූ ලෝකයෙ ව්ව්ධ අදහස් දරන පුද්ලගයින් ඉන්නවනෙ. තමන් ලබන අත්දැකීම් වගේම, සමාජ පසුබිම මතත් මේ අදහස් එකිනෙකට වෙනස් වෙනවා. කවුරුන් මොනවා කීවත්, තමන්ගෙ අදහස් වලින් කාටවත් හානියක් නැතිබව විශ්වාසයි නම්, ගයානි, මේ ප්‍රතිවිරුද්ධ මත පන්නරයක්ම කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් එක ඇත්ත.බෙහෙවින් ස්තුතියි මේ පැත්තට ආවට.නැවතත් එන්න.තේරුවන් සරණයි!

      Delete
  23. matath kiyanna thiyenne akki uda kattiya kiyapu kathawama thamayi. issara mamath anonymous comments nisa aulen hitiya. eth dan ehema na. mokada eyala ehema karanne thiyena niwata bayagulu kamata nisa. anika blog ekak kiyanne thamange adahas prakasha karanna puluwan nidahas awakaashayak bloggerslatai, readerslatai. eka nisa owa gananganna epa

    oya anola nathiwunaata, aduwen comment karathh api me lipi kiyawanawa. yamak igenagannawa. e nisa akka anolata noliya anith ayata liyanna.

    jayama wewa!

    PS: sinhala type karanna welawa madi nisa mehema type kare

    ReplyDelete
    Replies
    1. මල්ලී මම කිසිම දවසක කිසිම හමුදාවකට අපහාස කරලා නැ.හිත කළබලයක් නැ.එවැනි මානෂික මට්ටම් වල ඉන්න මිනිස්සු සමඟ අපි වැඩ කරලා තියෙනවා.ඒ කෙනා කොච්චර පුරසාරම් හෙළුවත් කවදාත් සෑබැ නොවන පුහු තර්ක ගෙනල්ලා එයාගේ සිතුවිල්ල සත්‍ය කියා පෙන්වනවා.ඒ කෙනා කියන කිසිම දේයක් මම මගේ ලිපි වල සටහන් කරලා නැ.සෑම දමිළ ජනතාවට කොතනකදීවත් ත්‍රස්තවාදින් කියලා හදුන්වලා නැ.අනිත් එක මම මගේ ආයතන අදහස් කියලා එකක් කොතනකදී වත් කියලා නැ.මම ලියපුවා විකෘති මනසකින් බලලා.මට හිතේන්නේ පුදුම වෛරයකින් ඉන්න කෙනෙක් කියලා.

      Delete
  24. යා යුතු දුර බොහොයි
    කටු කොහොල් බිමයි
    සිත දිරි ගනින් නුබ
    මෙ ගිමන් නිවන්නට
    කාලයක් නොවෙයි...........

    ජයෙන් ජය.... පතන මම සචි....

    ReplyDelete
  25. එක්තරා මං සන්ධීයක්වෙත සෙබලු දෙදෙනෙක් දෙපසකින් ලඟාවුහ. ඒ මං සන්ධියේ මැද දැන්වීම් පුවරුවක් විය. දකුනින් ආ සෙබලා දු‍ටුවේ සුදු පැහැති පසුබිමේ කලුපැහැති අකුරින් ලියු යමකි.. දෙදෙනා මුන ගැසුණුවිට දකුනින් ආ කෙනා අර පුවරුවෙ සුදු පසුබිම මත කලුවෙන් ලියා ඇතැයි කීය උතුරෙන් ආ අය එය පිලිකෙවු කරන්මින් එය ලියා ඇත්තේ කලු පසුබිමෙහි සුදෙන් බවට තර්ක කලේය. අවසානයේ දෙදෙනා කඩුපත් ඇදගනිමින් එකිනෙකාට අභියෝග කරන අතරේ තුන්වැන්නෙක් පැමිණෙයි. තුන්වැන්නා දෙදෙනාගේම බස් අසා දෙදෙනාටම දෙපැත්තම පෙන්වූ විට ඇත්තෙන්ම ඒ පුවරුවෙ දෙපැතේ දෙපාටකින් ලියා ඇති බැවින් එක්කෝ දෙදෙනාම වැරදි බවත් එසේත් නැත්නම් දෙදෙනාම හරි බවත් පිලිගැනීමට සිදුවිය. එබැවින් ඔය දෙදෙනාගේම හරි අදහස් ඇති බැවින් ඒවා එකතුකර පොදු මතයක් සාදා ගැනීමට අපි වෙර දැරීම වාදයක පරමාර්ථය වියයුතු යයි මම සිතමි.. (අපූරුව නම් මේ වාදයේ දෙදෙනාද සෙබලුන් වීමයි !)

    ReplyDelete
    Replies
    1. කදිම උපමාවක්.ස්තුතියි සරත් අංකල්.මොහුත් සමඟ මට පෞද්ගලික තරහක් නොමැත.මම කිසිම පක්ෂයක්,ආයතනයක් කාගේ වත් ගැත්තේකු වත් නොවේ.ප්‍රතිචාරයට ප්‍රතිචාරයක් පමණයි.එහෙත් ඔබේ ඔවදන නම් මරු.

      Delete
  26. ස්තුතියි මහත්මයා, ඇනොවෙක් නිසා බොහෝදෙනාගේ නිග්‍රහයට ලක්වුණා.මේ බ්ලොග් කතුවරිය පවා මා උමතු රෝගියෙක් බවට ඉඟි පළකර තිබුන බව දුටුවා.බ්ලොග් කතුවරිය හැමවිටම පවසන්නේ ඇගේ අදහස් සිතුම් පැතුම් ඈ නියෝජනය කරන ආයතනයට සම්බන්ද බවයි.මෙයයි මට ඇති ගැටලුව මා ලැබූ දුෂ්කර හමුදා පුහුණුවේදී අපට කියාදුන්නේ මෙය ජාතියක ආගමක පැවැත්ම තහවුරු කරන යුද්ධයක් නොව ත්‍රස්තවාදයකට එරෙහිව කිරීමට ඇති යුද්ධයක් බවයි.එසේම අප මරාගෙන මැරෙන කමිකාසේ වරු නොව වෘතීමය මිනිසුන් බවත්ය.එසේම අපේ ජාතිය ආගම පුහුණුවේදී නොසලකා හැරිණි.අපේ පුහුණු උපදේශකයන් පැවසුවේ සියලු කොටින් දෙමල ජාතිකයන් වීමේ වැඩි ඉඩක් තිබුනද සෑම දෙමල මිනිසෙකුම කොටියෙකු නොවන බවය.එසේම යුද සිරකරුවන් අත් අඩංගුවට ගැනීම සහ ඔවුන් සමග කටයුතු කරන ආකාරය පිලිබදව ලබාදුන් පුහුනුවෙදී අපේ සිත්වල තිබු ජාතිවාදී,ආගම්වාදී සිතුවිලි බොහෝදුරට ඉවත්ව ගිය අතර,පුහුණුව අවසානයේ හිස පැලදී ***** පැහැති හිස්වැස්ම ඇති ජාතිය ආගම රාජකාරියට අදාල කර නොගත් වෘතීමය මිනිසුන් පිරිසක් බිහිවූ අතර මා ඉන් කෙනෙකු වීමි.මේ බ්ලොග් කතුවරිය ලියන දේ ඇගේ ආයතනයේ අදහස් නියෝජනය කරයි නම් ඇය ලබා ඇති පුහුණුව සහ විනය සම්බන්දව මම බිය වෙමි.මට නොවලක්වියහැකි ලෙස නාසි ss බලකාය සිහිපත්වේ.

    ReplyDelete
    Replies
    1. ඔබට ජාතියක් ආගමක් නැති ‍නිසා වෙන්න ඇති නිර්ණාමික පෙනි සිටින්නේ.උමුතු රොගයක් කෙසේ වෙතත් ඔබ මගේ ලිපිය නම් උමුතු ඇසින් බලා ඇත.සරත් අංකල් කියන්න වගේ මගේ සුදු අකුරු කළු පාටින් පේනවා ඇති.මම නැවත කියමි ඔබ කුමක් හෝ හේතුවක් හෝ නුඹේ තිබෙන සිතුවිල්ලක සිට සෑම දේම බලනවා.මම නම් කොතනකවත් ලියලා නැ සියළුම දමිළ මිනිසුන් ක්‍රස්තවාදින් කියලා.එකෙන් ම පේනවා ඔබ උමුතු තරහකින් මගේ ලිපිය කියවා ඇති බවක්.පුහුණුවේදී ඔබට කුමක් හෝ දේයක් සඟවා කියා දීලා වගේ.අනික ඔබ මගේ ආයතනයටත් අපහස කරලා බොහෝ සේ.ඔබගේ පුහුණුව පිළිබඳ මා තුලද ඇත්තේ බයකි.ආයතන අදහස් කොතනද මා ලියා ඇත්තේ.මට පේන විදියට ඔබතුමාට නායකත්වයක් ලැබිලා නැද්ද කොහේද?ඉස්සර වෙලා කියලා තියෙන දේ වටහා ගන්න බොරු සංකිර්ණත්වයක් මවා පලා ඔබේ අදහස් මගේ අදහස් බවට පෙරලන්නනේ නැතිව.මට හිතේන්නේ ඔබ එක්තරා දේශපාල පක්ෂයක් නියෝජනය කරනවා කියලා.මට ආගමක් තියෙනවා,මට ජාතියක් තියෙනවා,ඔබට එක නැ කියලා වගේ පෙන්නුවට ඔබ ජිවිත් වෙන්නේත් ඒ තුලින්.වෙසක් උත්සවය ඔබ සිටි හමුදාවේ තියෙන්නේ නැතිව ඇති.හැබැයි මා දුටු යුධ හමුදාවේ නම් එවැනි චාරිත්‍ර වලටත් ප්‍රධාන තැනක් දෙනවා.ඔබ එතනට ඔබින්නේ නැති නිසා අයින් කරපු කෙනෙක් ලෙසත් මට හැඟි යයි.තමන්ගේ ජාතියට ආගමට නැති කෙනා කේසේද වෙනත් ?තමන්ට තමන් කියන දේ විශ්වාසයක් නැති පුද්ගලයින් තමයි හැංඟිලා විවේචන කරන්නේ.ඔබට ඔය තරම් වියරු ලෙස අදහස් ප්‍රකාශ කරන්න තරම් කිසිම දේයක් මම කොතනකවත් සඳහන් කරලා නැ.එත් ඔබ සිටින මානිෂිකත්වය තුල ඔබට එහෙම දැනේන එක සාධාරණයි.

      Delete
    2. මම බුද්ධාගමේ උනා කියලා මම කියලා නැ අනෙකුත් ආගම් බොරු කියලා
      මම සිංහල උනා කියලා මම කියලා නැ අනෙකුත් ජාතින් මේ රටෙන් යායුතු කියලා
      මම නාවික හමුදාවේ කියලා මම කියලා නැ අනෙකුත් හමුදා පිළිබද විවේචන
      විනය යනු සිරුවෙන් සිටිම පහසුවෙන් සිටිම නෙමෙයි.එහෙත් ඔබ අපහස කරලා තිබෙන විදියට ඔබ තුල විනයක් සංහමයක් තියෙනවද කියලා මට හිතා ගන්න බෑ.ඔබ හමුදා පුද්ගලයෙකු ලෙස ඇයි ඔය තරම් කැත විදියට හිතන්නේ.මම නොසිතන දේවල් පවා ඇයි ඔබ විකෘති ලෙස පෙන්නලා තියෙන්නේ.මට ඔබ ගැන අනුකම්පාවක් තියෙන්නේ.

      Delete
    3. ඔබේ පුහුණු විම් ගැන හා විනය ගැන ඔබ එච්චර කථා කරන්න ඒපා.යුද්ධ දෙක තුනකටම අපි මුහුණ දුන්නා.එහෙම කථා කරන්නම ඕන ම නම් ඔබේ තැනක ඔබ කථා කරන්න.මොකද නියම සොල්දාදුවෙක් නෙමෙයි ඔබ.ඔබ හරියට පුහුණු උනා නම් මා කියු දේට ‍ඔබේ ප්‍රතිචාරය මෙච්චර විකෘති වෙන්න හේතුවක් නැ.රට වෙනුවෙන් මිය රණවිරුවාට ඔබ කරන්නේ අපහාසයක්.ඔබ කියන විදියට ඔබ ශ්‍රිලංකාවේ වෘතිමය හමුදාවක කෙනෙකු නම් වෙන්න බෑ.

      Delete
  27. නැවත ඔබේ බ්ලොගයට පැමිණීමේ බලාපොරොත්තුවක් නැත.යන්නට කලින් මේ ටික කියා යන්නෙමි.මා එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකයෙක් ලෙස ඔබ දකී.දැන් මා සක්‍රිය සේවයේ නැති නිසා මා කැමති දේශපාලනයක වුවද නිරත විය හැකිය.නමුත් වර්තමාන දේශපාලනය නරා වලක් බැවින් දේශපාලනයෙන් ඈත්ව සිටිමි.මම ඔබටද චෝදනාවක් කරමි,ඒ ඔබ නිල ඇඳුමක් දරාගෙන දේශපාලන මතිමතාන්තර ගෙන හැර දක්වන බව කියමි.දයාල් බති ගේ බ්ලොගයෙදී සරත් ෆොන්සේකා මහතා සම්බන්දව ඔබ දක්වා ඇති අදහස එක උදාහරණයකි.හමුදා විනය ගැන මහා ඉහලින් කතා කරන ඔබ එය වරදක් ලෙස දකින්නේ නැතිද?පවතින රජයට පක්ෂව හෝ විපක්ෂව දේශපාලන මතිමතාන්තර ප්‍රකාශ කිරීම ඔබට කැප නැත.

    ReplyDelete
    Replies
    1. සරත් ෆොන්සේකා මහතා/ජනාධිපති තුමාට මහින්දයා.ඔබගේ විනයත් හිතා ගත හැකිය.ඔබ සරත් ෆොන්සේකාගේ කෙනෙක් කියලා දැන්නේ දන්නේ.ඔබේ චින්තනය ගැන තවත් මොකුත් කථා එපා.මම දන්නේ නැ නේ මාව මේතරම් ප්ලෝ කරනවා කියලා.ඔබලා දේශපාලනය කරන්නේ නමක් නැතිව තියෙන බියගුළු කමයි අනුන්ට මඩ ගහන්න ලේසිවටයි.එස්එෆ් හමුදා නිළධාරියෙක් විදියට නිර්භිතයි කියන්න අපි නිහතමානි උනාට ඔබලාට නිහතමානිකමක් කියා මනුෂ්‍යකමක්වත් නැ.මම වෙන බ්ලොග් වල දාන ප්‍රතිචාරත් බලන්න තරම්?කියන්න නම් බෝහෝ ඇත.

      Delete
    2. මම දැක්කා තවත් බ්ලෝග් එකක මම දාපු ප්‍රතිචාරය යටින් ඒ වගේ ම මගේ බ්ලෝග් එකේ නම දාන්න ඒපා කියලා කියනවා.ඔබ පුහුණු ව ගැනත් මහත් වර්ණනා කරලා තිබුණට පුහුණුවේදි සික් ගිහිපු දවස් වල වෙන්න ඇති හොඳම ටික කරලා තියෙන්නේ.එහෙම නොවේ නම් එවැනි උන්මත්තක වැඩ කරන්නේ ඔබේ මානිෂිකත්වය ඔබටම හිතා ගත හැකිය.ඔබට සරත් ෆොන්සේකා මහතාට පක්ෂව කථා කළ හැකිය.එහෙත් ඔබට බැ තව කෙනෙකු ගේ අදහස් විකෘති කරලා ඔබේ නායකයා හරි කරන්න.ඔබට පුහුණුවේ එහෙමද කියලා දුන්නේ?.මනෂික ආතතීය ‍

      Delete
    3. ඔබ මේ කියන්නේ කුමක්ද?ඔබේ බ්ලොගයේ ඇති සියලුම ඇනෝ කොමෙන්ටු මා දැමු ඒවා ලෙස ඔබ සිතනවා විය හැකිය.මා කිසිවිටෙක මහින්දයා යන වදන යොදා නැත.ඒ කොමෙන්ටුව මගේ නොවේ.වෙනත් බ්ලොගයදී ඔබේ කොමෙන්ටුවකට ප්‍රතිචාර ලෙස මා එකම කොමෙන්ටුවක් දැමුවෙමි.ඒ දයාල් බතී ගේ බ්ලොගයේ ඔබ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පලකල කොමෙන්ටුවට පහතිනි.ඒ හැර ඔබට වෙනත් බ්ලොග් වල මා ප්‍රති කොමෙන්ටු දමා නැත.ඔබ දෙවනුව සදහන් කරන සික් ගැසූ විට වෙන්න ඇති හොඳම හරිය කරන්න ඇත්තේ කියන්නේ කුමක් සඳහායි මට නොවැටහේ.මගේ පුහුණුව ගැන කිසිදාක මම කිසිම බ්ලොගයක ලියා නැත.ඔබ සිටින්නේ වැරදි වැටහීමකය.ඔබට හැකිනම් ඔබ දෙවනුව පවසන කොමෙන්ටුව සහිත බ්ලොගය සදහන් කරන්න.ඔබට හැකිනම් ඔබේ බ්ලොගයේ නිර්නාමික ප්‍රතිචාර අවහිර කරන ලෙස කියමි.නැතිනම් වෙනත් කෙනෙකු යම් ලෙසකට ඔබේ බ්ලොගයේ කුණුහරුප කොමෙන්ටුවක් හෝ බරපතල දේශපාලන කොමෙන්ටුවක් දැමුවොත් එය වුවද මා දැමු දෙයක් ලෙස ඔබ ඇතුළු ඔබේ බ්ලොග් මිතුරු කණ්ඩායම වටහා ගැනීමට ඉඩ ඇති බැවිනි.නැවතත් මා කියන්නේ ඔබේ බ්ලොගයේ ඇනෝ කොමෙන්ට් අවහිර කරන ලෙසයි.

      Delete
    4. ගැටළුවක් නැ.කුණුහරුප කියන්නේ නැ හරි බ්ලොග් එකක් තියෙන නමක් ඇති කෙනෙකු ගැහැනුන්ට.ඒවගේ ඒවා කියන්න ඕන නිසා තමයි එහෙම පෙනි සිටින්නේ.ඔබ කවුද කියලාවත් වෙනත් ඇනෝ කෙනෙක් උනත් මට ප්‍රතිචාර දාපු අයට මම කිව්වේ.මට නම් කාගෙවත් සටහනක් විකෘති විදියට පෙන්නේත් නැ.මගේ චින්තනයෙන් වෙනත් සටහනක් දෙස බලන්නේත් නැ.ඔබ උනත් ඔබ ඉන්න චින්තනය මට වෙනස් කරන්න උවමනාවක්වත් ඔබට අපහස කරන්න උවමනාවක් වත් නැ.මම හැම හමුදාවකටම ගරු කරනවා.හැමදාමත් කථා කරනවා.ඔබට උනත් ඔබේ සිතැඟි කිමට අයිතියක් ඇත.මටත් එහෙමයි.නමුත් ඔබටත් මටත් තව කෙනෙකුගේ සටහනක් විකෘති ලෙස සිතින් සිතුවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න බැ.

      Delete
  28. මේ වාදය මගේ පාර්ශ්වයෙන් නවතා දමමි.දිගටම ලියන්න, ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය.ඔයාගේ සිතුවිලි සමඟ තර්ක කරා මිස ඔයාත් සමඟ මාගේ අමනාපයක් නැත.අපි දෙදෙනාම තර්ක කළාට ඒ තර්ක කරන හැමදෙයක්ම ප්‍රයෝගික වෙන්නේ නැ කියන එක නම් යථාර්ථයකි.

      Delete
  29. මම මේක කියෙව්වේ අද. මේ ඇනෝවා ගැන නම් කියන්න තියෙන්නේ එයාගෙ කතාවට මම එකඟ නැති උනත් ආදර්ශමත් ඇනෝවෙක් කියලා. බලු කතා, කුණුහරුප වපුරන්නෙ නැතුව තමන්ගෙ අදහස සදාචාරවත් විදියට කියලා දැම්ම එක ගොඩක් මානසික රෝගී ඇනෝලට ආදර්ශයක්. හැබැයි එක දෙයක්. ඇනෝගෙ කතාවෙ නම් ගන්න තියෙන්නෙ පොඩ්ඩයි. අනෙක්වා වැඩකට නෑ. ඒ වගේම මට හිතෙනවා,,, මේ ඇනෝ තවත් බ්ලොග් කරුවෙක්මයි..

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...