Thursday, October 11, 2012

මඟ නැඟුම


ප්‍රවාහන ඇමතිතුමණි,

අධිවේගී ධාවනයේ ආරම්භක ස්ථානය මහරගම බස් නැවතුම් පොළය.එහි සිට ගල්ලට යාම සඳහා මම මහරගම බස් නැවතුම්පොළට යන ලදී. පැය භාගයට ආසන්න කාලයක් මට බස් රථයක් පැමිණෙන තුරු එම ස්ථානයේ රැදි සිටිමට සිදු විය. බෑග් දෙකක් අත දරා සිටි මට මහත් වෙහෙසකාරි ත්තවයක් සමඟ දැඩි අව් රශ්මියට මුහුණ දිමට සිදු විය.මම පමණක් නොව එතන සිටි දරුවන් අත දරා සිටි මව්වරු දෙදෙනෙකුද සිටියේ මහත් අපහසුවෙන් බව මම දුටුවෙමි.

        වැරදි සෙවිමක්වත් විවේචනයක්වත් නොව නීහතමානී ඉල්ලීමකී.

      සුදුසු ආකාරයට පිළිසකර වේවායි !මගේ පැතුම.
       විශාල සැලසුම් සකස් කරමින් විවෘත ආර්ථිකය ජය ගැනිමට සිහින මවන අපි මෙවන් එතරම් සැලකිල්ලට භාජනය නොවන කරුණු පිළිබඳවද  සිතිය යුතු නොවේද?දොස් ඇසිමටත් අරගල ඇති වන මං විවර විමටත් මඟ ඇත්නම් ඊට සුදුසු ක්‍රියා මාර්ගයන්ද ගෙන යා  යුතු මඟකට අපි පිවිසිය යුතුය.

විරුද්ධ පක්ෂයක් යනු රටක අවශ්‍යතාවයට නොගැලෙපෙන කටයුත්තක් සිදු වේ නම් ඒ පිළිබඳ පෙන්වා දිය යුතු මිස, තම තමන්ගේ සහ විදේශිය බලවේග වල අවශ්‍යතාවයන්ට උවමනාකාරයට මන්කල්පිත නොකල යුතුය. එහෙත් වර්ථමානයේ එවන් විපක්ෂයක් අපට තිබේද යන්න ?.

ඉතාමත් කුඩා දිවයිනක් වන අප මව් බිමට ඔරොත්තු දිය හැකි ගමනකි යා යුත්තේ.  

කඩතොළු මාර්ගය නැවත පිළිසකර කිරීම ආරම්භ කළ යුත්තේ මාර්ගයේ ආරම්භයේ සිට මිස මඟකින්නොවේ.
12 Comments
Tweets
Fb Comments

12 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. පුංචි පුංචි දේ ගැනත් අපි සැළකිලිමත් විය යුතුයි... ඒක නම් පුංචි දෙයක් නෙවෙයි හැබැයි නේද?

    ReplyDelete
  2. ඔබටත් මටත් මෙක මහ ලොකු දෙයක් උනාට තව කෙනෙකුට පුංචි දේයක්.එක නේද මේවා ගැන හිතන්නෙ නැත්තේ?

    ReplyDelete
  3. මහා දේවල් ගැන හිතන්න කලියෙන් පොඩි දෙයක් ගැන හිතන්න ඕනි.මං මේ රජයේ දකින ප්‍රධානම දුර්වලතාවය තමා සැලසුමක් නැති කම.පුළුල් සංවර්ධන ව්‍යාපෘති කරලා වැඩක් නෑ.මනා සැලසුමක් තියෙන්න ඕනි.

    ReplyDelete
  4. Thawa aluth bus 3000 genawalu..hhmm eth magiya maha maga.. Ashcharyamath lankaawak..

    ReplyDelete
  5. ඔව් සැලසුමක් නැතිව හිතුමතේට කරන දේවල් නිසා වන්දි ගෙවන්නේ මහජනතාව.

    ReplyDelete
  6. මහා ලොකු පාරවල් හැදුවත් මේ වගේ දෙයක් ගැන සැලකිලිමත් නොවුන නිසා අද මඟීන් ලොකු අපහසුතාවයකට පත් වෙනවා..

    ReplyDelete
  7. මාත් යූත් එකට යනකොට ලංකාවේ අය විතරක් නෙමේ පිටරට සංචාරකයෝ පවා බෑග් එල්ලං හිටගෙන ඉන්නවා දැකලා තියෙනවා...

    ReplyDelete
  8. අපි කථා කරන සදාචාරය ෙකා්?ෙවනත් රටවල් සමඟ සංසන්දනය කරනවා අපි මානුිය අතින්ඉහළයි කියලා.ත් ෙම් වෙෙග ෙපාඩි ෙද්යක්වත් පිළිසකර කරන්න තරම් හිතක් නැති හැටි

    ReplyDelete
  9. ඇත්ත මහරගම බෝගහ ළග දවල්ට කාන්තාරයක් වගේ අදිවේගී මාර්ගයේ යන අයට අවුවට වැස්සට හෙවනක් නෑ පාර සහ බස්එක විතරක් අධිවේගී. මගියෝ අවුවේ වේලෙනවා.

    ReplyDelete
  10. ඔව් අයියේ මොන තරම් නාස්ති කරනවද අපි නිකරුනේ.මේ දේවල් අත්යයවශ්ය දේවල්

    ReplyDelete
  11. ලංකාවේ සර්ව සම්පූර්ණ විදිහට වැඩක් අවසන් වෙනවා බලාගන්න අමාරුයි. කොහේ හරි ඌණ පූර්ණයක් කළ යුතු තැනක් තියනවා.

    ReplyDelete
  12. එක නම් ඇත්ත.අවාට ස්තුතියි මේ පැත්තට.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...