Saturday, October 6, 2012

නිදහස් අධ්‍යාපනය



ඇඳුරුතුමණී
අප කිසිවෙකුත් ලොකයේ ස්ථිර වුවන් නොවේ.සංසාර භව චක්‍රයේ ගමන් ගන්නා අප මොහොතකට නතර වී ගිමන් හරිනා අම්බලමක් වැනි ජිවිතය අර්ථවත්ව නිම කර, නික්ම යාම මේ සෑම දේයටම වඩා වැදගත් බව මදක් සිතුවාද?
    
ඈත ඉතිහසයේ සිට අප මෘතු භුමිය තුල දෙමාපියන්ගෙන් පසු වැදුම් පිදු ලැබු කොටස බවට පත්විමට ගුරුවරයා සමත් විය. එහෙත් වර්ථමානයේ අධ්‍යාපනය තුල සිදු වි ඇති ‍ඛේදවාචකය මේ මහපොළව තුරුල තුල සැතපෙන ආතීත ඇඳුරුතුමා දැක කඳුළු සලනවා ඇති. ආතීතයේ  මහත් ඕනෑ කමකින් ඒ උතුම් කරුණ උදෙසා ඔවුන් තම අරමුණ කර ගත්තේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යාගේ සිහිනයය.  
          එහෙත් අපි මේ තරම් උජාරුවෙන් කථා කරන ගෝලීයකරණයත් සමඟ අපි තුල තිබු මනු දම් අද වන විට මිහිදන් වි ඇත.
වර්ථමානයේ ඇඳුරු පිරිස අරගල කරන ඉල්ලිම් පිළිබඳව මම කිසිවක් කථා නොකරමි.එහෙත් උගත් බුද්ධිමත් මොවුන්ට ගන්න පුළුවන් සාධාරණම යුක්ති ගරුක තීරණයද අද අරගෙන තිබෙන්නේ?
යන ප්‍රශ්ණයක් මම ඔවුන්ගෙන් අසමි.
ඉතාමත් සංවේදිව මම මෙම සිතුවිලි අකුරු කරමී.අපි හැමදාමත් ජිවත් විමට පැමිණි පිරිසක් නොවේයි.මහ පොළව තුළ අපි ණය ගෙවිමට පැමිණි තාවකාලීක පිරිසක් මිස අයිතිකරුවෝ නොවෙති.ඒ ණය ගෙවි අවසන් වු පසු අපි ආ පසු යා යුතුව තිබේ.එය ඔබටත් මටත් වලකාලිය හැකිද?
හෙට උපදින අපේ ලේ තුල ඇති කිරීමට උවමනා උතුම් පරාර්ථකාමි අභිමාණය සහ යහපතත් මිස මමත්වය පෙරටු වු සටන්කාමි නිමා නොවන ආශාවන් ගොඩක් නොවේයි.
දේශාප්‍රේමි ජනතා නියෝජිතයනි, උතුම් සේවයක් උරුම ඇඳුරුතුමණි, ඔබ සැමගෙ අරමුණ ඔබේ දරුවා විය යුතුයි.ඔබ ඔය තරම් අරගල කරන්නේ ඔවුන් වෙනුවෙන් නොවේද? ඔබ ඔබේ දරුවාගේ අනාගතය සුපිරි කරන්න උත්සහා කරද්දි තවත් පිරිසක් ඔවුන්ගේ දරුවන් මේ රටේ යහපත් පුරවැසියෙකු ලෙස සමාජගත කිරීමට උත්සහා දරයි.
මනුෂ්‍යකම් වලින් පෝෂිත එහෙත් මුදලින් දුප්පත් මගේ දෙරණෙ අහිංසක දෙමාපියන්ගේ දරුවා වැඩි දුර අධ්‍යාපනය සඳහා විදේශිය රටක අධ්‍යාපනය ලබා ගැනිම සිහිනයකි.

නිදහස් අධ්‍යාපන ඔවුන්ගේ අයිතියකි. ඔබ දේපාර්ශවයම එම අයිතියයට කරන්නේ කුඩම්මගේ සැළකිලි බව මගේ මතය වේ.  
-ජිඑම්-
9 Comments
Tweets
Fb Comments

9 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. මම දකින්නේ නම් නිදහස් අධ්‍යාපනය සිසු අයිතියක් නෙමෙයි කියලා.ඒක රජයේ කාර්යක්.මිනිස්සුන්ට නිකන් දෙන්න ඕන කියලා නීතියක් සම්මත වෙලා නෑනේ.අනිත් එක එහෙ නිකන් දෙන්නේ සමාජවාදී රටවල් වල.ධනවාදයත් එක්ක නිදහස් අධ්‍යාපනය අහිමි වෙන එක අහන්නත් දෙයක්ද?

    ආචාර්යවරුන්ට උවමනා තම වැටුප් වැඩි කිරීමම නොමයි.මං කලින් බ්ලොග් එකකත් මේ වගේම කමෙන්ට් එකක් දැම්මා.පැහැදිලියි මේක කිසියම් සංවිධානයක් විසින් මෙහෙයවන්නක්,එයාලගේ උසි ගැන්වීම මත මෙහෙයවන්නක් කියලා.මොකද ඉතිහාසයේ මේ සදහා අම්බානක සාක්ෂි තියෙනවා.

    ReplyDelete
  2. හරි යහළුවා ෙද්ශපාලනික බලපෑම් ෙවන්න අැති.ඒක තමයි මම කියන්ෙන් කාෙග් උවමනාවට උනත් ඒක වැරදි බව අැයි බුද්ධිමතුන්ට ෙනාෙත්ෙර්න්ෙන්

    ReplyDelete
  3. ඔව්.ඔයයි මායි දරන්නේ එකම මතයක්.

    ReplyDelete
  4. දවසක මේ හැමොටම වැටහෙන දවසක් එනවා.එත් ඒ දවස පසුතැවිමක් විතරක් වේවි.

    ReplyDelete
  5. මෙකේ දේශපාලන අරමුන කෙසේ වෙතත් සරසවි සිසුන්ද මේ සරසවි ඇදුරන්ගේ අරගලයට සහය දෙන බවක් තමයි පේන්න තියෙන්නේ..

    ReplyDelete
  6. දයාන් අයියේ ඔයා හරි.ඒ මොනවා උනත් රටක් විදියට අපි හැමොටම මේ පිළිලයට මුහුණ දෙන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ප්‍රධාන වශයෙන් වටින්නේ ජනතාවගේ දැනුවත් වීම.මේක විදේශ කුමණ්ත්‍රණයක්ද නැත්නම් ඇත්තටම රටේ ආචාර්යවරු හිතලම කරනවද කියන එක ගැන.

      Delete
  7. ආචාර්වරු යනු රටේ බුද්ධිමත් පිරිස වෙයි.බුදු හමුදුරුවෝ ශාස්තෘවරයෙක් විමට නුවණ විතරක් මදි බව පෙන්වා දී ඇත.ගුරුවරයා ගුණයෙන්ද හෙබි විය යුතුය.අරගලයක මුල විනය නැති විම යැයි මට හැ‍ෙඟේ.

    ReplyDelete
  8. ඔව් එකනේ රටට අඩු බුද්ධිමතුන් කියලා කියන්නේ.උගත් කමින් ඇති වැඩක් නෑ.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...