Monday, July 30, 2012

සොල්දාදුවා


විනය ගරුක වුවෝ මිනිසුන් අතර ශ්‍රේෂ්ඨයෝ වේ
     
 සිවිල් පුද්ගලයාත් සොල්දාදුවත් සමාජය තුල වෙන් කර හඳුනා ගැනිම එතරම් අපහසු කරුණක් නොවේ. ඔහු තුල තිබෙනා මනා විනයත් පිළිවෙලත් නිසාවෙනි. මුලික පුහුණුවේ සිටම තවත් සරලව කියනවා නම් සේවයට එක් වු දා සිටම ක්‍රමානුකුල ක්‍රියා පිළිවෙතක් ඔස්සෙ පුහුණුව ලබන ඔහු හෝ ඇය ජිවිතයෙ තමා හුරු වි සිටි චර්යාවන්ගෙන් ඈත් විමට සිදු වේ. උදාරතර හැඟිමක් පෙරදැරි කරගෙන මව් බිමෙ අඛන්ඩතාවය වෙනුවෙන් හමුදා සේවයට එක් වන පුද්ගලයෙකුට නම් තම පුරුදු වි සිටි පිළිවෙත වෙනස් කර ගැනිමට අපහසුවක් නොමැත.
එ මනද යත් හැඟිමකින් යුතුව තම වගකිම කුමක්ද යන්න වග තේරුම් ගෙන ඇති නිසාවෙනි. එහෙත් රැකියාව සහ වැටුප පමණක්ම මුලික කරගත් සිතුවිල්ලෙන් පමණක් සිටි නම් තමන් පුරුදු වි ඇති  අයහපත් පුරුදු අත් හැරිමට මැලිකමක් දක්වයි.
   පසු ගිය කාල වකවානුව තුල තිබු භිෂණකාරි යුධ සමය නිසා මිනිස් සම්පතේ අවශ්‍යතාවය බෙහෙවින් උවමනා වු කාල පරිච්ඡේදයකි. විරැකියාවෙන් සිටි බොහෝ පිරිස් හමුදා සේවයට එකවන ලදි. අතිරේක කරුණක් ලෙස මේ ගැනද සටහනක් තැබුවහොත් ඔබේ මනසද යම්තාක් අවබොධයක් ලබා ගනු ඇත. පුද්ගලයෙකුගෙ චරිතය සහ ස්වභාවය පිළිබඳ චරිත සහතිකයකින් නිගමනයකට පැමිණිම අසාර්ථක ක්‍රමවේදයකි.
   සේවයට බැඳුණු දා සිටම එකම අණකට හුරු කරවන සොල්දාදුවා කොතෙක් දුරට හික්මුණු සහ ගම්භිර,තෙජසයකින් යුත් පුද්ගලයෙකු බව නිදහස් උත්සවය දිනයේ ජාතියට පිදෙන උත්මචාරයෙදි ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා විට දැක ගැනිමට හැකිය.
     එවන් තත්වයකට රැගෙන ඒම විගසින් වන කටයුත්තක් නොවන අතර මනා කැපවිමකින් පුරුදු පුහුණු වි ගමනකි. හමුදාව තුල "විනය" ප්‍රමුඛ ස්ථානයක් ගනි. එහි පැවැත්ම රැදි තිබෙන්නේ විනය මතයි. වරදට හිස එසවිමක් නොමැති අතර, විශේෂයෙන් මේ ගැන සඳහන් කළ යුතුය. හමුදා සේවයේ යෙදි සිටින කාන්තාවකට යම් අකටයුත්තක් සිදු වේ නම් සෑම අවස්ථාවකම හමුදා නීතිය ඇය සමඟයි. මෙතනදි ඇය නිවැරදි විය යුතුයි. එහෙම නොව්නහොත් එම නීතිය ඇයටද එකහා සමානය.
   මෙම රාමුවට පිටතින් තීරණ ගන්නා කිසිදු පුද්ගලයෙකුට හමුදාව තුල පැවැත්මක් නොමැත. එවන් පුද්ගලියින් පිළිබඳ යමක් සටහන් කිරීමටයි මා මෙවන් ප්‍රවිෂ්ඨයක් ලබා ගත්තේ.
   තම ජිවිතය මව් බිම වෙනුවෙන් පරිත්‍යාග කර සදහාටම මව් බිම සිප ගත් සහ ජිවිත්ව සිටියද අබධිත තත්වයෙ පසුවන සහ තම මව් බිම වෙනුවෙන් දිවි පිදිමට සුදානමින් සිටින සොල්දාදුවා පිළිබඳ ඔබ තුල යම් අපහැදිමක්  හෝ දෝලනයක් ඇති වුවහොත්?
   බොහෝ විට ඔබ දැක ඇත හමුදාවෙන් පැන ගිය එහෙමත් නැතිනම් හමුදා පුද්ගලයෙකු මෙයට සම්බන්ධයි කියන ශිර්ෂ පාඨ යටතේ නොයෙකුත් වර්ථාවන්. ප්‍රභාකරන්ගේ ගරිල්ලා සටනට තිත තියන්න කොතෙක් නම් අපේ රණවිරුවන් පිරිසක් මව් බිම වෙනුවෙන් ලේ හෙලන්න ඇතිද?
   මා මුලින් කී පරිදි විවිධාකාර පරිසරයන් තුල හැදි වැඩි රැකියාව මතම පමණක් හමුදා සේවයට එක වන පුද්ගලයාගේ චර්යාවන් ඔහු සේවයට එක් වුවද වෙනස් නොකර ගන්නා කෙනෙකු සිටිමට හැකිය.ඔහුට හෝ ඇයට හමුදාව තුල රැදිමක්ද නැත. ඒ මන්ද යත් එවන් අයෙකු අරාක්ෂා කිරීමට තරම් හමුදා නිතීය දුර්වල නොවන නිසාය. සමාජයට පිළිලයක් වන් එවන් එකෙකු දෙන්නෙකු විසින් සිදු කරන විනාශකාරි සිදු විම් හේතුවෙන් මුළු හමුදාවම අපකිර්තියට පත්විමට ඉඩ දිය යුතු නැත. එහෙත් එවන් සමහරක් වාර්ථා තුලින් මහජනයාගේ මනස ව්‍යාකුල කරන තත්වයක් උදා විය හැකිය.එ මන්ද යත් අපි බොහෝ විට පුරුදු වි සිටින්නෙ දකින ඇසෙන දේ තුලින් පමණක් සැහිමකට පත් විමටය.එතනින් එහා එම කාරණය පිළිබඳ කරුණු සෙවිමටද සිතිමටද තරම් අපේ මනස දියුණු වි නොමැත.එම නිසා ශිර්ෂ පාඨය පමණක් සාධාරණිය කරලිම නොකළ යුතුය.   
-GM-  
5 Comments
Tweets
Fb Comments

5 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. විද්‍යා දදාති විනයං

    ReplyDelete
  2. ම්ම් ඇත්ත...එක්කෙනෙක්ගේ වැරද්දක් නිසා මුළු මහත් සමුහයක්ම නින්දාවට අපකීර්තියට ලක් කරන එක මමත් අනුමත කරන්නේ නෑ..ඒ වගේම අනිත් කිසිම රටක හමුදාවක දක්නට නොලැබෙන මානුෂිය බවක් අපේ හමුදාවේ තියනවා...තමන්ගේ දිවි හිමියෙන් මේ රට ආරක්ෂා කරපු එක සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ..එවන් පිරිසකට සමාජය තුල නිසි තැන ලැබිය යුතුමයි..

    ReplyDelete
  3. ඔයා හමුදා නිලධාරිනියක්ද?
    ඇත්තටම මං දකින විදිහට ඕක හමුදාවට විතරක් නෙමෙයි රටේ හැම රාජකාරියක් සදහාම තිබිය යුතුයි.රැකියාවක් කරන්නේ වෙනත් රැකියවක් නැති නිසා වෙන්න පුළුවන්.ඒත් හම්බවෙච්චි එක කැපවීමෙන් කරන්න ඕනි.එයට ගරු කරන්න ඕනි.නැත්නම් මේ ලංකාව මෙතනම තමා.

    ReplyDelete
  4. පුද්ගලිකව මම හමුදාවේ රැකියාවක් කිරීමට අකමැතියි. නමුත් මම දකින විදියට හමුදාවේ රැකියාවක් යනු හැමෝම ගරු කරන දෙයක්.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...