Sunday, July 8, 2012

නව්‍යකරණය ගිල ගත් අපේ කාලේ ආලය




ආල වඩන අකුරු පහේ තේරවිල්ල         සකි
රෑට නිදන තනි පැදූරේ නැති සිහිනෙකි    සකි
ආලෙ බිදූණුදා කුමකට කඳූළු හෙලනු     සකි
ආල වඩන යන තේරුම බෝසත් කම     සකි

ආලය යනු උත්තරීතර හැඟීමක අධ්‍යාත්මික ස්වභාවයක් මිස ශාරීරික අවශ්‍යතාවක් නොවේ.ආදරය සහ රාගය පටලවා ගෙන ජිවිතය වරද්දවා ගන්නා පරපුරකි වර්ථමානයේ බිහි වෙමින් පවතින්නේ. යෞවනය දඟකාරයි, හැඩකාරයි, ආවෙගශිලියි, ඒ වගේම නම්‍යශිලියි.නමුත් සරාගි සහ වල්මත් වු සිතුවිලි වලින් යෞවනය අතරමන් කරවන වටපිටාවකි ගොඩනැඟෙමින් පවතින්නෙ.


    අභිමානවත් සංස්කෘතියක් අප සතු වේ.ලොවක් පිළිගත් දහමක උරුමක්කාරයෝ අපි වෙමු. ආදරයේ තිඛෙන අධ්‍යාත්මික සුන්දරත්වය නොවිඳ, නොදැනිම ශාරීරික අවශ්‍යතාවක් මත පමණක්  ගොඩනැඟි මුලාවට පත් වන්නෙ අප තුලින් දැහැමි බව පහව ගොස් ඒ වෙනුවට ජනප්‍රිය සංස්කෘතියත් සමඟ තාරුණ්‍යය අත්වැල් බැදගෙන ඇති නිසාවෙනි. මනස විකෘති කරන තුට්ටු දෙකේ සිනමා පට,ටෙලි නාටක, සඟරා සහ ජංගම දූරකථන වැනි මාර්ගයන් ඔස්සේ යෞවන සිත් වල යටපත් වි තිඛෙන හැඟිම් ඉස්මතු කරයි. බුද්ධියට නොව හදවතට පමණක් කතා කරන මෙවැනි භයංකාරයන් තුලින් තරුණිය හා තරුණයා නිරායාසයෙන්ම අයහපත කෙරෙහි නැඹුරු විමේ ප්‍රවණතාවක් පවති. කාමයෙන් තරුණ සිත ඔද්දල් වෙලා බටහිර සංස්කෘතියේ සෙවණැලි තාරුණ්‍ය සමඟ එක් වු කල තව තවත් තරුණ සිත හැඩකාර වේ. මේ ජනප්‍රිය සංස්කෘතියේ අපට නොපනෙන බලවේග තාරුණ්‍යය ගිලගෙන ඇති බව සැබෑවකි. මේ හැඩකාරකම උන්මාදයකි. ජිවිතය පිළිබඳ නිසි දැක්මක් අරමුණක් නොමැතිකම සහ ආදරය මෙසේ විලාසිතාවක් විම නිසාවෙන් ආදරය පතාගෙන එන වංචනික පෙම්වතාගේ පළමු ආයාචනයට තරුණියගේ සිත නැමෙන්නේ සිත තුල තෙරපෙන ආශාවන් සහ කැමත්ත නිසාවෙනි.
   
    වර්ථමානයේ කාන්තා අඩ නිරුවත වෙළඳපොලේ ජනප්‍රිය භාණ්ඩයක් වී හමාරය. අඩ නිරුවතින් තම පෙම්වතා ඉදිරියට යන තරුණිය උත්සාහ කරනුයේ අද බොහොමයක් ගීත වල දක්නට ලැඛෙන සංයමයක් නොමැති රූප රචන අනුනරණය කිරීමටය. තම ජිවිතයද මෙම රූප රචන මෙන් සැහැල්ලුවට ගැනිම අප කරනා බරපතල වරදකි. ආදරය යැයි පටලවා ගත් රාගය සහ ලිංගිකත්වයට පමණක් සීමා වු මෙවැනි සබඳතා වල අවසානය ඛේදවාචකයක් බව ඔවුහු නොදනි.

    වැඩිහිටි ඔවදන් අද යෞවන පරපුරේ උපහාසහට බදුන් වනවා මිස ජිවිතයට යා කර ගැනිමට මැලිකම් දක්වයි. අහිංසක දෙමාපියන්ට අධ්‍යාපනික උගත්කම නොමැති වන්නට පුළුවනි. එහෙත් ඔවුන් ලැබු ජිවිත අත්දැකිම් අප ජිවිත වලට ගලපා ගන්න පුළුවන් නම් අපේ ජිවිත අර්ථවත් බවින් යුක්ත වනු ඇත. එහෙත් අවාසනාවකට දෙමාපිය අවවාද පසෙක දමා අතරමං වු සීමාවක් නොමැති මන:කල්පිත ටෙලි නාටක වල චරිත ජිවමාන කිරීමට තාරුණ්‍යය වෙර දරයි.
   
    අද සමාජය තුල දක්නට ලැඛෙන්නේ ආදරය පෙන්විමක් පමණයි. එහෙත් ආදරය සැබවින්ම පරිත්‍යාගයකි. සිදුහත් චරිතය පසුපස පැමිණි යශෝධරාවගේ චරිතය අපට ඒ බව පසක් කර දෙයි. දෙමාපියන් අප වැඩිවියට පත් වුදා සිට පෙරට වඩා සැලකිලිමත් වි සීමා මායිම් පනවන්නේ මන්ද? මොහොතක් සිතන්න. තමන් සතුව වටිනාකමක් තිබේද එය විනාශ වු කල අවලංගු වු කාසියක් වැනිය. ලෝකය විශ්ව ගම්මානයකි. එහි සිමා මායිම් නොමැත. අන්තර් ජාලය එයට කදිම පිවිසුම් මගකි. ඒ තුලින් අප ජිවිත වලට එක් කර ගන්නේ නුහුරු නුපුරුදු නව්‍යකරණයකි. අපි ලෝකයත් සමඟ ගමන් කල යුතුයි. එහෙත් වෙනස් විම පිළි ගන්න ඔබේ දෑත දිගු කරන ගමන් ඔබේ වටිනාකම ගිලිහි යන්නට ඉඩ නොදෙන්න. අපට උරුම අපේ ධර්මය සහ (සංස්කෘතිය)සභ්‍යත්වය පිටතින් එන ඕනෑම බලවේගයක් නිවැරදි ලෙස අපේ ජිවිත ජිවිත වලට එක් කර ගැනිමට උපකාරී වේ.

    නිසි දැන හඳූනා ගැනිමකින් තොරව එකි නෙකාගේ රුචි අරුචි කම්වත් හරිහැටි නොදැන පළමු හමුවිමම යහන්ගත විමට යාමෙන් ටික කාලයකින් සබඳකම් බිඳ වැටෙයි.එයට හේතුව අනවබෝධයයි. තවද නව්‍යකරණයේ අස්ථාවර අංගයන්ගේ අනිසි ඵල දැඩි ලෙස ආලයට බලපානු ඇත.කාමුක දර්ශන ඇතුලත් නොයෙකුත්  දර්ශනපට යෞවන සිත් විකෘති කරයි. එහි ප්‍රතිඵලය වන්නේ දමනය කර ගත නොහැකි තරුණ සිත් අත්හදා බැලිමට නැඹුරු විමයි. අහිංසක දෙමාපියන් දිවි හිමියෙන් රැකගෙන ආ ගෞරවය එක මොහොතකින් තම දරුවන් විසින් විනාශ කර දමයි.

    අප සියල්ලෝම පෘථග්ජන මිනිසුන් වෙ.එම නිසාවෙන් හැඟිම්,ආශාවන් සහ බලාපොරොත්තු වලින් අප සිත් පිරිපවති. ආලයේ ස්වභාවය කැළ‍‍ඹේන, කැළතෙන සහ නිසසල සයුරක් මෙන් යැයි සිතේ.එහෙත් සියල්ල නිසි අවබෝධයකින් ධාරණය කර ගනිමින් බුදු දහමින් පෝෂණය වු කල මේ සිත් නිවි සන්සුන් වේ. ආදරය සාංසාරික පුරුද්දකි. එහෙත් වර්ථමානයේ දෙසවන් වැකෙනා මුලක් අගක් නොමැති rap song එකක් මෙන් ආලය හැඩ කර නොගත යුතුයි. තමා වෙත එන අනිසි යෝජනාවක් වුවද හදවතට පමණක් සමිප කර නොගෙන ආවේගයෙන් තොරව විචාර බුද්ධියෙන් විමසා පිළිතුරු දිමට උත්සහා කල යුතුය. අපි අපේ කම හදුනාගෙන ජිවිතය ලස්සන කර ගනිමු.

   
    අල්ලාගෙන නෙරිය අතකින් කිමිද       නගෝ
    වසාගෙන දෙතන අතකින් කිමිද           නගෝ
    හිමියකු නැති ගමන් තනි මග කිමිද       නගෝ
    අමිබලමෙි නැවතීලා යමුද                  නගෝ


            අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන    හින්දා
            වසාගෙන දෙතන  බිළිදුගෙ කිරි        හින්දා
            බාල මස්සිනා පස්සෙන් එන             හින්දා
            යන්නමි අයියණ්ඩි ගම රට දුර          හින්දා



-ජිඑම්-

7 Comments
Tweets
Fb Comments

7 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. අස්වැන්නට අවිත් සටහනක් තියා ගොස් තිබුනා. ඒ ඔස්සේ තමයි ආවේ.

    මේ අදහසට සම්පුර්ණයෙන්ම එකගයි.ලංකාව වගේ රටක මාද්‍යකලාව ගමන්ගන්නා ආකාරය අනුව මිනිසුන්ගෙ චින්තනය හැදිලා තියෙන්නේ වැරදි ආකල්පයකින්.
    අඩ නිරුවත වෙළඳ භාන්ඩයක් වුණාට එහි යටි අරුත තේරුම් නොගැනිම තමයි මේ ගැටලුව

    මේවගේ අදහස් සාකච්ඡාවට බඳුන්වෙනවට මම කැමතියි

    ReplyDelete
  2. ඔබ හරි.මම ඔබ තරම් මම පන්හි‍ඳෙන් අකරු කරන්න දක්ෂ නැ.එත් මට දැනෙන දේ මම කියනවා.පිං ඔබට

    ReplyDelete
  3. හැමදෙයක්ම වාණිජකරණය වුණු සමාජය ආදරයට ඒකෙන් මිදෙන්න පුලුවන්කමක් නැහැනේ...

    ReplyDelete
  4. හැමදේම එහෙම උනාට ආදරේ කියන එක එහෙම කරන්න බෑ නේද?එක අනිත් දේවල් වගේ සල්ලි වලට ගන්න බෑ.

    ReplyDelete
  5. අපේ සමාජය හිතන පතන විදිය වෙනස් මතු පිටින් පෙනෙන දේට වඩා යමක් ඇති බව තේරුම් ගැනිමට තරම් මනස දියුණු කරගෙන නැ.අඩ නිරුවත ගැන මිසක් එහි යටි අරුතක් ගැන හිතන්න තරම් මනස සැහැල්ලු කර ගන්න බෑ.අපේ ආකල්ප අයහපත් වේලා.අඩ නිරුවත වෙළඳ භාණ්ඩයක් විධියට හසුරුවන්නේත් මිනිස් සිත පිළිබඳව දන්නා නිසා නො‍වේද?

    ReplyDelete
  6. ආදරය කළ යුතුයි.එහි තිබෙන ආලය,දයාව,රසය,යස පිළබඳ මනා අවබොධයකින් තමන්ටත් අන් අයටත් අවැඩක් නොවන පරිදි විඳිය යුත්තකි.

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...