Monday, April 7, 2014

කලකට පසු




            මාස කිහිපයකට පසු මට යමක් ලියන්නට සිතුණාය.

ගෙවි ගිය කාලය තුල මගේ අතීතයට එක් රැස් වු සියළුම කරුණු කාරණා නැවතත් එකින් එක මෙනෙහි කිරීමට මම පුංචි උත්සහායක් ගත්තෙමි. ඒ උත්සහාය සාර්ථක විය. ඒ නිසාවෙන්ම පුංචියට හෝ යමක් මෙසේ ලියා ගන්නට මට හැකි විය. ඒ අතීතයේ දුක සතුටු දෙකම තදින්ම දැනුණාය. එසේම සිදු වු සියල්ලටම මම අද මුහුණ දී අවසන්ය. එම නිසා ඒ ගැන මම කම්පා නොවෙමි. ඒ මන්දයාත්  මොන දේ කුමන ආකාරයට සිදු වුවාත්, මා තවමත් නොසැලි සිටින බැවින්ය.
ඇත්තටම ඒ අතීතයෙන් ගත යුතු යමක් ඇත්ද? අනිවාර්යෙන්ම ඇත.ඇත්නම් ඒ මොනවාද?

  • පුද්ගලයෙකු භුක්ති විඳිනුයේ තමන් විසින්ම කළ ක්‍රියාවල ප්‍රථිඵල වේ.

  • තරහා දුර්වලතාවයේ සළකුණකි,සතුරෙකි.

  • ශ්‍රේෂ්‍යඨ පුද්ගලයින්ගේ තරාතිරම වනුයේ අනුන්ගේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමයි.


16 Comments
Tweets
Fb Comments

16 comments:

හැදෙන විඳි පෙන්වන
නුවණ වඩවන සතරින
සරණ දෙලොවට වන
කලණ බස් දෙන කෙනෙකි ගුරුතැන

  1. ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වුනාට වැඩක් නැහැ සල්ලි නැත්නම්..

    ReplyDelete
    Replies
    1. සල්ලි කියන්නේ වෙනමම දෙයක්.මිනිසා මේ තරම් දරුණු වෙලා තියෙන්නේ සල්ලි නිසා.ශ්‍රේෂ්ඨ මිනිසුන් ළඟ ඉස්සර වෙලා සල්ලි නෙමෙයි තිබුණේ.පසුවයි සල්ලි ලැබුණේ.

      Delete
  2. වෙල්කම් බැක්..

    ReplyDelete
  3. මදෑ ලිව්ව එක.. මට මේ අන්සතු දිනපොත් බුවා කියපු දාර්ශනික වචනේ ගැන පුදුම සන්තෝසයක් තියෙන්නේ..

    ReplyDelete
  4. කාලෙකට පස්සේ හරි කමන් නෑ ලියන්න ආපු එක හොඳයි

    ReplyDelete
  5. ඉඩක්‌ ලැබෙන හැම විටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක අයියේ.ස්තුතියි මේ පැත්තට ආවට.

      Delete
  6. කරුණු සමඟ සම්පුර්ණයෙන් එකඟ වෙන්න බැහැ.සමහර විට තමන් නොකළ වැරදි සඳහා චෝදනා ලබන්න වෙන වෙලාවල් තිබේ.එසේම කෝපය සැමවිටම නරක ප්‍රතිපල ගෙන එන්නේද නැත.පුද්ගලයෙකුගේ දිරිය වර්ධනයට කෝපය ඉවහල් වෙන අවස්ථා ඕනෑතරම් ඇත.සාර්ථක මිනිසුන් හැමවිටම අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්නේ නැත.උදාහරණ ලෙස හිට්ලර්,පොල්පොට්,වැනි මිනිසුන් ගත හැකිය.

    ReplyDelete
    Replies
    1. මම ශ්‍රේෂඨ කියලා හඳුන් වන්නේ සාර්ථක පුද්ගලයින් නොවේ.බුදු රදුන්,ජේසුස් වහන්සේ,මහත්මා ගන්ධි,තේරේසා මව්තුමිය,නෙල්සන් මැන්ඩෙලා වැනි ශ්‍රේෂඨයින්.සාර්ථක වෙන්න ඕනෑම අයකෙුට පුළුවන්.එත් ශ්‍රේෂඨ වෙන්න එහෙම බැ.හොඳින් හෝ නරකින් සාර්ථක වෙන්න පුළුවන් නේද?ඒකෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්.ඔයා කියන සමරක් දේ ඇත්ත.ස්තුතියි ඔබටත් මේ පැත්තට ආවට.

      Delete
  7. aththa eth ada samajaye alpa de eyamai a alpaya api agayanna ona evitai thawa bihiwanne naga................

    ReplyDelete
  8. සැහෙන දවසකින් ලිපයක් දාලා නෑ. අයෙත් ලියන්න පටන් ගන්න.

    නෙතින් එහා බ්ලොග් කියවනයට ඔබේ අඩවියත් ඇතුල් කරන්න

    ReplyDelete
  9. oba siyalumadena mudalata yatath wanne nam meyada menawin wataha ganna

    http://adhitanemaga.blogspot.com/2012/08/blog-post_19.html

    ReplyDelete
Related Posts Plugin for WordPress, Blogger...