Saturday, November 10, 2012

සිහි කරමු අපි හඳවතින්ම ඔවුන්ව..!



මව් බිම වෙනුවෙන් දිවි පිදු රණවිරුවණි ඔබටයි මේ උත්මාචාරය
AT THE GOING DOWN OF THE SUN,
AND IN THE MORNING,
WE SHALL REMEMBER THEM…!


ඉතිරිව සිටිනා අප ලෙස වයසට නොම පැමිණෙති ඔහු ලොව කිසිදා
කාලය හමුවේ නොමියෙති දිරුමට නොම පිරිහෙති ඔහු වසර නිසා
හිරු බැස යද්දී හිරු පායද්දී අප සැම සිහිපත් කරමු ඔවුන්...!
SRI LANAKA NAVY 










පොපි මලේ ඉතිහසය 
1918 වසරේ නොවැම්බර් 11 වැනි දින 11 පැයට එතෙක් පැවති බිහිසුණු අත්දැකීම් ලොවට දායාද කරමින් පළමු ලෝක යුද්ධය නිමාවිය.
 ලෝක යුද්ධයට සම්බන්ධවී සිටි රාජකීය කැනේඩියානු යුද හමුදාවේ වෛද්‍ය ඒකකයේ සේවය කල ලුතිතන් කර්නල් ජෝන් මැක්ක්රේ මෙම මිනිස් ජිවිත විනාශ කරන කුරිරු යුද්ධය නිසා  මහත් කම්පාවට පත්ව සිටි අතර 1918 දෙසැම්බර් මස 08 දින මිය ගිය අතර මිය යන අවස්ථාවේදී ඔහුගේ මුවින් පිටවූ අවසන් වදන් පෙළ වූයේ කියන්න ඔවුන් හට මියැදුන අප කෙරෙහි විශ්වාසය කඩ කළොත් ඔබ වැඩුනත් පොපි ප්ලාන්ඩර් බිම් යායේ නිදි නොගන්නෙමු සදහටම අපියන්නය.
පළමු ලොක යුද්ධයෙන්  මියගිය සොල්දාදුවන්ගේ දේහයන් මිහිදන් කළ සොහොන් මත ඇතිරුණ පස් කඳු මත රත් පැහැයෙන් වර්ණ ගැන්වුණ පොපි මල් ලක්ෂ ගණනක් එක යායට පිපී මඳ සුළඟේ නැළවෙන්නට විය. බිම් බෝම්බ හෙළු, සොහොන් වලවල් මතින් ගොඩ වූ අලුත් පසෙහි මේ මල් සීරුවට පිපෙන්නට විය.( ප්‍රංශයේ උතුරු දිග ෆ්ලාන්ඩර්ස් සහ පිකාඩි)
මින් අනතුරුව පළමුවරට යුද්ධයෙන් මියගිය විරුවන් සිහිකල දිනයේදී ලුතිතන් කර්නල් මැක්ක්රේගේ සේවය ඇගයිමට ලක් කරමින් ඇමරිකානු තරුණ සංගමයක යුද ලේකම්වරියක ලෙස කටයුතු කල මොයිනා මිචෙල් මහත්මිය විසින් පොපි මලක් පැලැඳගෙන මිතුරන් අතරේ පොපි මල් විකුණා ඉන් ලද මුදල මියගිය රණවිරුවන්ගේ පවුල්වල සුභසාධනය සදහා යොදවන ලදි.
             පොපිමල් දිනයේ ඉතිහාසය මෙලෙස ආරම්භ වූ අතර මහා බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ පොපි මල් විකිණීම 1921 ප්‍රථම වතාවට ආරම්භ විය.අඛණ්ඩව ඔවුන් මෙම සත්කාරය මේ දක්වා නොකඩවා පවත්වාගෙන එන ලදි. 1919 වසරේදී ඕස්ට්‍රේලියාවේ මාධ්‍යවේදියකු වන එඩ්වඩ් ජෝර්ජ් හොනී විසින් යුද්ධයෙන් මියගිය අය සිහිකිරීම සඳහා විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් රැකීම පිළිබඳව යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම යොජනාව සම්මත කරමින් එම වසරේදීම 5 වන ජෝර්ජ් රජු විසින් විනාඩි 2 ක නිශ්ශබ්දතාවයක් රැකිය යුතු බවට නොවැම්බර් 7 වැනි දින නියෝග කළ අතර එතැන් පටන් මේ දක්වා පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල්ද එසේ නිශ්ශබ්දතාවය සුරකමින් වාර්ෂිකව යුද්ධයෙන් මියගිය අය සිහි කරමින් පොපිමල් දිනය සමරණු ලබයි.
අපටත් එවැනිම බිහිසුණු ආතීතයක් තිබුණු බව නොරහස කි. අපි මෙලොව අයිතිකාරයෝ නො‍වෙමු.අපි මෙහි තාවකාලික නවාතැන්කරුවෝ පමණි.එම නිසා මිහිපිට ජිවත් වන කිසිම පණනලක් නැසිමට කිසිම කෙනෙකුට අයිතියක් ද නොමැත.තවද රටක මිනිස් සම්පත විනාශ කිරීමට කිසියම් බලපුළුවන්කාරයෙකුට හෝ එක්තරා කොටසකට නොහැකිය.
එවන් වු යම් යම් අයහපත් මිලේච්ඡ්ඡ මිනිස් චින්තන යන් මගේ රට තුලද පිළිලයක් මෙන් පැතිරේයි.එම නිසා මව් බිමත් වටිනා මිනිස් ජිවිතත් ආරක්ෂා කර ගැනිම සඳහා ආරක්ෂක හමුදාවට අවි අත දරන්නට සිදු වේ.
අද ඇතමෙක් රජයේ හමුදාව යන ලේබලය යටතේ හමුදාව හඳුන්වා දුන් ද එය ර‍ට අරාක්ෂා කරන අරක්ෂක හමුදාව යනුවෙන් මම හඳුන්වමි. ප්‍රභාකරන් දිනවන්න රටේ සමහරක් ජන මධ්‍යයද වක්‍රාකාරව යමින් මෙම ලෙබලය යටතේ තමන්ගේ ප්‍රවෘත්ති විසුරුවා හරින ලදි.මේ අතර ඇතැම් සිංහල එහෙත් තමනුත් අපක්ෂපාති යන ලේබලය යටතේ අදටත් රජයේ හමුදා කියමින් ප්‍රභාකරන් නිර්දෝෂි කිරීමට පෙළඹෙති.
තවත් කොටසක් ඉන්නවා යුද්ධය සහ ජනවාර්ගීක ගැටළුව නොයෙකුත් සංකීර්ණ වචන යොදා ගනිමින් විවිධ අර්ථ කථන ඉදිරිපත් කරමින්.
මම මේ කථා කරන්නේ දමිල ජනතාව වෙනුවෙන් හඩක් නඟන සිංහල ජාතීවාදීන්ටයි.දමිළ ජනතාව සහ මුස්ලිම් ජනතාව වෙනුවෙන් ලොකයේ කොතැනක හෝ ඔවුන් වෙනුවෙන්  හඬක් නඟන්න පිරිසක් බලා ගෙන සිටි.එහෙත් සිංහල අපි වෙනුවෙන් ලොකයේ කොතනද ඉන්නේ හඬක් නඟන්න සිංහලයින්.යුද්ධය පවතින අවස්ථාවේදී  විදේශයන් හි වෙසෙන ශ්‍රි ලාංකීක සිංහල වැසියන් පමණක් යම් යම් අවස්ථාවල අපි වෙනුවෙන් එම රටවල් දැනුවත් කරමින් විදී පෙළපාලී යනවා අපි  මාධ්‍ය හරහා දුටුවා. අසල්වැසි ඉන්දීයාවද අපේ රටේ ගැටළු අවස්ථා වලදී කණවැන්දුම්  දෙබඩි පිළිවෙතක්  අනුගමනය කරන්නේ ය.අපේ කියන්න අපට තියෙන්නේ මේ රට පමණයි.රට තුල විවිධ විවාද,තර්ක සහ විවේචන කරන්නේ ත් රණවිරුවන් නිදහස් කර දුන් නිසාවෙන් බව ඔවුන්ට අමතකයි. ප්‍රභාකරන් මේ රට පාලනය කරා නම් ඔය කියන අපක්ෂපාතී වියතුන්ට ඉන්න පුළුවන් වෙයි.එහෙත් අහිංසක සිංහලයා මරා දමයි.කිසිත් නොදත් අහිංසක සිංහලයා පමණක් නොව සිංහලයා සමඟ සම්බන්ධ වු දමිල ජනයා පවා විනාශ කිරීමට  මේ කොටියා දෙපාරක් හිතුවේ නැත.
විජය කුමරුගෙන් පැවැතෙන නිසාද මන්දා, කන්න දුන් අත හපා කන ජාතීයක් බවට පත්ව ඇත්තේ.දේශපාලනය කළ යුත්තේ රට විනාශ කිරීමට නොව රට ගොඩ නඟන්නට ය.බලය ලබා ගැනිම සඳහා ඕනෑම මිලේච්ඡ ක්‍රියාවක් කරන පිරිසක් වර්ථමානයේ දේශපාලනය කරන්නේ ය. එම නිසා නැවත යුද්ධයක් ඇති වන්නටද බැරි කමක් නැත.
එම නිසා රණවිරුවා නිදහස් කර දුන් මේ මව්බිම අයේමත් වෙන් කිරීමට කිසිවෙකු ගේ සිතකට සිතුවිල්ලක් පහල නොවේවා! කියා මම  මළවුන් සිහි කිරීමේ දිනය වන අද  දින ප්‍රර්ථනා කරමි.2012/11/11.


Read More

Wednesday, November 7, 2012

සඳ හොරෙන් හොරෙන්...........



ඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කථා
අසා සිටිනවා අසා සිටිනවා

කඳුළු බිදු ගලා සදේ තුරුලතා පුරා
සියෝලඟම සැලී මගේ නොහිම් සිතලේ
ඔබේ නෙත යදී...ම්...ම්.. මහද වියරුවෙන්

කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා......ම්...ම්... ඔබේ සිසිලසින්

දැයේ පිනට පහල වු ගන්ධර්වයන් දෙදෙනෙකු ගේ අපූර්ව සංකලනයෙන් බිහි වු තවත් එක් අශ්චර්යකින් ඊයෙත් අදත් හෙටත් ඇවිලුණු ඇවිලෙන ඇවිලෙන්නට නියම දහසකුත් හදවත් නිවාලයි. මානවීය සංගීතය යනු ලොකයටම පොදු භාෂාවකි. එහි රසය මෙලොවදී ලබාගැනීමට හැකියාවක් නැති මිනිසා අභාග්‍ය සම්පන්න පුද්ගලයෙකි.

(පුංචි කථාවක් මට ඇසුනා)

“අපේ කේමදාස මාස්ටර් මෙම පද වැල අතේ තබාගෙන ගෙදර මිදුලේ තණ ප‍ලසේ පුටුවක් තියාගෙන වඩිවෙලා මහා රැ එකට පමණ පදවැලට තනුවක් කල්පනා කරා.පද වැල බරපතලය,මෙම පද වැලේ බැලු බැල්මට තිබෙන ගොරහැඬි බව සහ රාගීක බව මරන්න සර්ට ඕන උනා.ඔහොම කල්පනා කර කර ඉන්න කොට සර්ට පිරිතක් ඇහුණලු.ධම්සක් පැවතුම් සුත්‍රය, සර් වයලින් එකෙන් ගහලා බැලුවා. ධම්මසක් පැවතුම් සුත්‍ර‍යට ගහන්න පුළුවන් උනා ස්වර තුනේ පහේ පරාසායට. විතරාගී බවක් ඇති ධම්සක් පැවතුම් සුත්‍රයේ තනුවට හැදුවා මේ අපුරු ගීතය. දඟලන ගතිය නැති කරලා ගීතයට ගුණාත්මක බවක් ඇති කරා.” 


ළඟ ඉන්න ගැහැණු ළමයා දුෂණය කරන්න හිතෙන පද වැලක් වීතරාගී වන ලෙස තනුවක් නිර්මාණය කරපු අපුර්වත්වය.
කියඹු වැල් ඒ කියන්නේ ගැහැණු ළමයගේ කේස් සුළඟට හමාගෙන ඇවිත් පෙම්වතාගේ කොපුල් තලේ වඳින විට ඔහුගේ සිතුවිලි සසල වෙනවා.සසල වු හැඟිම් ඔහු පාලනය කර ගන්න හැටි බලන්න.
 







Read More

Saturday, November 3, 2012

හිමිදිරිය ආ බවයි.....!

ගීතය සක්‍රිය විමට සුළු මොහොතක් රැදි සිටින්න.


ප.ලි.     නාලින් අයියා විසින්, මේ ගීතය ලිව්වේ කවුද කියලා අහන කොට තමයි මට හිතුණේ යමක් සටහන් කළ යුතුමයි කියලා.හිටපු ජනාධිපතිවරයෙකු වු රණසිංහ ්‍රේමදාස මැතිතුමාගේ අභිමානවත් සිතුවිල්ලකට  සරත් දසනායකයන්ගේ මියුරු තත්සරයට ශක්තිමත් පෞර්ෂමය හඩක් උරුම එච්ආර් ජෝති පාලයන් විසින් පණ ොවන ලද ගීතයකි.
            රණසිංහ ්‍රේමදාස,ඔබතුමා දැයට කළ හෙවරට අේ ප්‍රාමය

    සෑම දිනකම උදැසන අපි පිබිදෙන්නේ මෙවන් තවත් ගීතවත්  10 ක හඩකින් ය.
 
Read More

Friday, November 2, 2012

සාමාන්‍යයෙන් බලන විට නියම ප්‍රඥාව ඔහු ගේ දැඩි අධිෂ්ඨානය යි(නැපෝලියන්)




අනෝමා ජිනාදරිගේ   "පුනරුක්‌ති" පොත මා අතට පත් වුයේ අහම්බයකින් ය.පිතෘ මුලික සමාජයක විවේචනාත්මක කතිකාවකට සමාජ හඬ අවධි කරලිමට ගත් උත්සහායක්ද? ඇය බොහෝ විවේචන වලට ලක් වන කාන්තාවකි.නොයෙකුත් දෙනා විවිධ දෘෂ්ඨි කෝණ වලින් ඇයව විවේචනය කරද්දී ඇය නොසැලි  ඇයගේ ම සිතුවිල්ලක සිට ඒ  සියල්ලන්ට ම පිළීතුරු ලබා දෙයි.
ඇයගේ චින්තනය තුල ‍නොතේරෙන ඉසව්වක් තිබේ.එක් පැත්තකින් කාන්තා හිංසනය සහ ඔවුන්ගේ විමුක්තිය උදෙසා හඬක් අවධි කරන අතර ම ඇයගේ නිරුවත් රඟපෑම  ඇය රැකියාවේ කොටසක් විදියට ම පමණක් සිතයි.
 "පුනරුක්‌ති" කෘතිය කියවන විට සමහරක් අවස්ථා යථාර්තය නිරුවත් කර ඇත්ද?එහෙමත් නැති නම් අතිශොක්තියෙන් කරපු විවේචනයක්ද කියලා මගේ සිත දෝලනය විය.
“පුංවි කාලේ මම කොයි තරං නං මේ උරපත්තේ නිදා ගන්න ඇතිද,නිදා ගන්න කොට්ටෙ ට වඩා දයාබරයි...ලෙන්ගතුයි අම්මගේ උරපත්ත”
එම කෘතියේ මෙවැනි සංවේදි ස්ථානද ඇති බව පැවසිය යුතුය.ගැහැණු දරුවෙකුගේ කුඩා කාලය කථාවේ පරිදි අවදානමක ට භාජනය විම අවාසනාවක් ලෙස මම දකිමි. ඇයගේ තිබු අත්ම විශ්වාසය සහ ශක්තිමත් සිත නිසා බොහෝ සිද්ධින් වු අවස්ථා වලදී එයින් මිදිමට පුළුවන් කමක් ලැබි ඇත.එහෙත් සෑම ගැහැණු දරුවෙකු ම එවන් එඩිතර බවකින් යුක්ත නොවේ.බොහෝ කටුක අත්විඳිම් සහ අත්දැකිම් සමඟ ජිවිතය අධිෂ්ඨාණයකින් යුක්තව ඉදිරියට රැගෙන ආ බවක් කථාව පුරාවටම පැහැදිලිව දක්නට ඇත.
අම්මා පිළිබඳ බොහෝ කළකිරීමෙන් කථා කරන ගමන් සමහරක් අවස්ථා වල ඇයගේ අනුකම්පාවට ලක් කිරීම තුල මට මෙහෙමත් සිතේ, අම්මා යම් අවස්ථා වල පුරුෂාධිපත්‍යයට නතු විම නිසා අසරණ කමට යම් යම් විපර්යාශයන් වලට ගොදුරු විමට ඇති බව.පියාගේ තිබු අලස ගති හේතුවෙන් එවන් කටුක අත්දැකීම් රැසකට මුහුණ පෑමට දියණියටත් මවටත් සිදු වි ඇත.උගත් කමින් අඩුවක් නොව් මෙම දෙමාපියන් එවැනි ඉරණමකට පත් විම ඇත්තටම පවුලේ සියළු දෙනා එකතු වි පෙර භවයක කර අකුසලකය විපාකද මන්දා.
ඕනෑම කරුණකදි හැම විටම අපිට ගත හැකි හිතකර දේ ජිවිතයට යා කරගෙන අහිතකර යමක් ඇත්නම් එයින් පාඩමක් ඉගෙනිම කළ හැකිය.
මෙම කෘතිය කියවන අයෙකුට ඉගෙන ගත හැකි බොහෝ කරුණු ඇත.හැබැයි තමන් පොත කියවන විට ඇය පිළිබඳ ද්වේශයෙන් තොරව කියවන්න.අම්මා තාත්තා නැති අයෙකුට නම් තම ජිවිතය ජය ගන්න, මුහුණ පාන්නට සිදුවන අවස්ථා පසු කරන්නේ කෙසේද? යන්න පිළිබඳ යම් අවබෝධයක් ගත හැකිය.
          යම් කෙනෙකුට පවසන්න පුළුවන් ඇය තමන් ගේ පමණක් නොවේ අනෙකුත් චරිත ද සදාචාර නොවන පරිදි හසුරුවා එම චරිතද නිරුවත් කර ඇති බවක්.
මට කියන්න තියෙන්නෙ, පොත  කියවන අයෙකුට එම චරිත වලට අපි පණ දිය යුතු නැත.අවශ්‍ය වන්නේ තමන් ට එවැනි අවස්ථාවකට මුහුණ දිමට සිදුවුවහොත් ගන්න පුළුවන් හොඳම විසදුම් මේ පොත හරහා ඉගෙන ගත් කරුණු තුලින් ගන්න කියලා.
          මෙහි ප්‍රධාන භුමිකාව ට “මෙහෙම කරන්න තිබුණා මේ අවස්ථාවේ” එහෙම තමන් ම හිතලා තමන් සමඟ තර්කයක් ගොඩ නඟා ගනිමින් පොත කියවන්න.
          ලොකය යන දිශාවට යන්න නං වාලේ යන්න නෙමෙයි ඵල ඇති දේ පමණක් ගෙන අහිත කර දෑ මඟ හැර යන්න.ආතීතයේ එහෙම වැරදි කරා අපිත් කරාම මොකද?මෙවැනි තර්ක ගොඩ නඟන්න උත්සහා නොකළ යුතුයි.එහෙමත් නැති නම් දෙමාපියන් කළ වැරදි වසා ගෙන දරුවන්ට වාරණ දමන්න යනවා.ඔය වගේ තර්ක කිරීම අසුභවාදි අකාල්පයක්ම පමණයි. වැඩිහිටියන් තමන් වරද්දා ගත් තැන් තම දරුවන්ට වරදින්නට දෙ‍න්නේ නැත.ඔවුන් එය සඟවාගෙන ඔබව යහ මඟට ගන්න යන අවස්ථාවක ඔබ තර්ක ගෙන්න එපා.එම  උත්සහායන් වලට ඔබ උදව් කරන්න.

“ජ්‍යේෂ්ඨයා හැම විටම තමන් ලැබු මිහිරි අමිහිරි මතකයන් තුළින් හරි මඟ පෙන්වයි”
 -ජිඑම්-

Read More
Related Posts Plugin for WordPress, Blogger...