සැබෑ අරුත
උදා වන හැම දවසක්ම ජිවිතයට යමක් අපට උගන්වනවා. ඒත් අපි ජිවිතය වරද්දවා ගන්නෙ ඒ හොඳ දේ ජිවිතයට යා කර ගනිමින් ජිවිතය සාර්ථක කර නොගනිමත් සහ නරක ජිවිතයෙන් බැහැර කීරිමට තරම් මනස සංවර නොවන නිසාවේනි. ඔබත් මමත් ඕනෑ තරම් ජිවිතය පිළිබඳ නොයෙකුත් කතන්දර දැක අසා ඇත. එත් ඒ කෙතරම් කථා කීවත් මෙතරම් අපි දුර්ජන වන්නේ මනසින් ජිවිතය නොදකින නිසාවෙනි.
අපේ හමුදුරුවෝ මොන තරම් බණ දේශණා කළත් අපි ඒ බණට අනුගත නොවන්නේ මනස චංචල බවින් පිරි මමත්වය තදින් අප සිත් තුල කිඳා බැස ඇති හෙයිනි. බුද්ධ දේශණා පුරාවටම තිබෙන්නේ පරාර්ථකාමය පිරුණු යහපතය. එම නිසා අප සිත් එම යතාර්ථය වෙත යන තෙක් සුදනෙකු බවට පරිවර්ථනය නොවනු ඇත.
ඔබත් මමත් කරන එකම වැරැද්ද තමයි මිනිසා වැරදි කරන විට ඉදිරියට නරක යන නාමය යටතේ විවිධ විශේෂණ එක් කරමින් වාක්ය නිර්මාණය කිරීමයි. එහෙත් ඔහු මිනිසෙකු නම් ඔහු තුල තිබිය යුත්තේ මිනිසත්කම මිස තිරිසන්කම නෙමෙයි නේද? මිනිසා ස්වභාවධර්මයට අනුගතව ජිවත් නොවන්නේ නම් ඔහු හෝ ඇය මිනිසෙකු නොවනු ඇත.
-ජිඑම්-




