Showing posts with label වීදිය. Show all posts
Showing posts with label වීදිය. Show all posts

Saturday, January 19, 2013

෴පන්දම් පෙරහරක්෴



මහා පොළවද අපිද හෙම්බත් වී ඇති කාලයක දකින්නට, සිතන්නට ඇත්තේ දුක්බර බව කැටි වු කතන්දර ය. අපි පසුකර යන්නේ පුවත්පතක තිබෙන වෙළඳ දැන්විම් තරමට භිෂණය, වැළපිම, වංචාව, දුෂණය, අරගල බහුල මෙන් ම අලාංකාර කර පෙන්වන කාලය කි.
පුවත්පත් දෙස නොබලා පුස්ථකාලය ඇතුලත පිහිටි පොත් රාක්ක වෙත මාගේ දෙනෙත් නැවතුණි.
හෙළ ජනකතා ග්‍රන්ථය
එච්.එම්.එස්. තුන්දෙණිය මහතා විසින් ජනකතාව ගලා ආ ජනවහරින් ම අකුරු කර තිබිම අගය කරමි.

෴පන්දම් පෙරහරක්෴

        පරංගීන්ගෙන් කෝට්ට රාජ්ජය බේරාගන්නට වීරිය කරපු රජෙක් තමයි, සීතාවක රාජසිංහ රජ්ජුරුවෝ. ඒ වාගේ තමයි, කන්දඋඩ පස්රටත් ඔය කිව්ව පරංගීන්ගෙන් බේරාගන්ට වැරවීරිය කරපු රජෙක් විදියට දෙවැනි රාජසිංහ රජ්ජුරුවනුත් අපට හැමදා ම සිහියට එනවා. එයා අවුරුදු දහසයක ගැටවර කාලේදී රන්දෙණිවෙලේ හටනින් පරංගි හමුදාවක් පරද්දලා තියෙනවා. දෙපැත්තක් යුද්ද කරනකොට ඒ කවුරුත් යුද්දෙන් ජයගන්නට එක එක උපක්‍රරම කරනවා. ඒක කොයි කාලේදීත්, කොයි රටේත් සිද්දවෙලා තියෙන දෙයක්. අද වුවත් ඒ වාගේ ජාති සිද්ද වෙනවා. ඔන්න ඔය විදියට දෙවැනි රාජසිංහ රජ්ජුරුවන් කරපු අර විදියේ වැඩක් ගැන මෙන්න මෙහෙම ජනකතාවක් තියෙනවා.  

ඔන්න පරංගි හමුදාවක් මහනුවර රාජ්ජය අල්ලා ගන්ට ආවා. ඔය හමුදාව කොළඹ ඉඳන් හතරකෝරළේ මැදින් ඇවිත් දන්තුරේ වෙල පහු කරලා ඕන් ගන්නෝරුවට ම ආවා. ඔය දවසේ මහවැලිගඟ පිරිලා. වතුර බහින තුරු එගොඩනේට විදියක් නෑ. ඇයි, ඒ කාලේ පාලම් තිබ්බ එකක් යෑ. රාජසිංහ රජ්ජුරුවන්ට ආරංචි වුණා, පරංගි හමුදාව මහනුවර අල්ලන්ට ඇවිත් ගන්නෝරුවේ වාඩිලාගෙන ඉන්නවා කියන එක. දැන් ඉක්මනට තුන්හාරසියයක් එකතු කරගෙන පන්දන් පත්තු කරගෙන බහිරව කන්දේ ඉඳලා මහවැලිග‍ඟේ ඉවුරට පන්දම් පෙරහරක් එන්ට සැලැස්සුවා. කට්ටියක් ඒ විදියට පන්දන් පත්තු කරගෙන ගං ඉවුරට  එනවා. ඒ ගොල්ල ඉවුරට ඇවිදින් අර ගෙනා පන්දන් නිවලා ආය ම කන්දට නඟිනවා. එතකොට තව කට්ටියක් පන්දන් පත්තු කරගෙන පහළට එනවා. ඔය විදියට පාන්දර වෙන තුරු ම ඔය පන්දන් පෙරහැර ගිහිල්ලා තියෙනවා. පරංගි හමුදාව මේ දිහා බලන් ඉන්නවා. මොන එකක්ද වැල නොකැඩි සිංහල හමුදාව ගං ඉවුරට රොක්වෙනවා. තොරතෝංචියක් නෑ. මෙච්චර විසාල හමුදාවක් ඉන්නකොට ඒ ගොල්ලන් එක්ක යුද්ද කරන්නේ කොහොමද? කියලා, පරංගි හමුදාව බයවෙලා මහනුවරට එන ගමන ටිකක් නතර කරලා තියෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි, කොහේදෝ නැති වැස්සක් වැහැලා පරංගින්ගේ වෙඩිබේත් දියබාවෙලා තියෙනවා. පහුවදා ඉර හොඳටම පායලා තියෙනවා. එතකොට ඒ වේලාගන්ට ගන්නෝරුවේ වෙලේ තුනීකරපු වේලාවේදි තමයි, රාජසිංහ රජ්ජුරුවෝ කුරුමාණන් අල්ලලා ඊතලේ අගට කරුංකා ගෙඩියක් අමුණලා, ඒකට ගිනි තියලා අර කිව්ව වෙඩිබෙහෙත් වලට විදලා තියෙන්නේ. ඉතින් මේ කියපු සිද්දි දෙකම බහිරවකන්දේ දී වුණා කියන එකයි කියන්නේ මේ වාගේ කතා ගොඩාක් බහිරවකන්ද වටේ ගෙතිලා තියෙනවා.  
Read More

Sunday, December 23, 2012

නත්තල් පණිවිඩය




         
සිංහල බ්ලොග් ලෝකයේ සෑම් සහ සීරා ඇතුළු බ්ලොග් සහෝදරයන් ගේ එකතුවෙන් පැවැත්වෙන “සුහද හමුව” දිනය  ජනවාරි මස 27 වන දින ස්ථානය ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි.

සම්බන්ධතාවයක් ශක්තිමත් විමට එකිනෙකා අතර අන්නොන්ය සුහදතායව වර්ධනය විය යුතුය. බ්ලොග් සහෝදරත්වය ශක්තිමත් කරගැනිමේ සහෘද එකතුවට, ඔබ ගේ සහභාගිත්වයද එම සම්බන්ධතාවය ශක්තිමත් විමට පුරුක කි. එම නිසා බ්ලෝග් සහෝදරයත්වය වර්ධනය කර ගැනිමට මෙම හමුව උපකාරි වන බව මාගේ හැඟිම ‍වේ.
         
විවිධාකාර අධ්‍යාපන කඩඉමි, විවිධ කුසලතා, විවිධ දේශපාලන මත නියෝජනය කරමින් තම දැනුමෙන් සහ තම අත්දැකිම් තුලින් සමාජයට හරවත් යමක් එක් කිරීමට මේ සහෘද මිනිසුන් උත්සහා ගනි. ඔවුන්ගේ දැනුමෙන් අපව පෝෂණය කරයි.එවැනි වු විවිධ   සමාජ සත්කාරයන්ද  ඔවුන් සිදු කරයි.
         
වැදගත් කරුණ නම් සිංහල බ්ලොග් ලොව තුල බහුතරය කුමන හෝ වර්ගීකරණයක් යටතේ තම අදහස් හෝ තම හැකියාවන් ඉදිරිපත් වුවද ඔවුන් සෑමගේ එකම අරමුණ කුමන අයුරකින් සමාජයට යම් සත්කාරයක් කිරීම ය.

මම මෙම බ්ලෙග් ලොවට තවම ආධුණික ය. එහෙත් එම කෙටි කාලය තුල මම දුටු යථාර්තය නම්,තම තමන් ගේ බ්ලොග් පිටුව තුල විවිධ මාතෘකා යටතේ, හේතු සාධක පෙන්වමින් සමාජය දැනුවත් කිරීමේ සාර්ථක උත්සාහක යෙදෙනවා දුටුවෙමි .තවද එම අදහස් ඔබේ අදහස් සමඟ සමාන නොවු අවස්ථා වල ඔබේ ප්‍රතිචාර සමඟ සංවාදයේ යෙදෙන විට එයින් උපයා ගත හැකි දැනුමද තර වන අවස්ථාද ඇත. බෝහෝ බ්ලොග් හිමිකරුවන් ගේ මනසේ බාහිර ලොකය පිළිබඳ උපදින සිතුවිලි සහ මනස දකින සත්‍ය තුලින් තව කෙනෙකු දැනුවත් කිරීම මිල කළ නොහැකි කටයුත්තක් ලෙස මම දකිමි. අතලොස්සක් හැරුණු කොට විශාල කොටසකගේ අරමුණ රට තුල පවතින යථාර්තය අවබෝධ කිරීම සහ ලොක‍යේ කොතැනක හෝ සිට තමා අත්දැකිම් සහ තමා ප්‍රගුණ කළ යම් විෂයයක් තුලින් සමාජය දැනුවත් කිරීමේ සත්කාරය නොවේද?

ඉතිං ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදි ඔබට මෙවැනි වටිනා අදහස් ඇති  සහෘද හඳවත් හඳුනා ගැනිමට හැකිවනු ඇත.

 මගේ මව් රටේ ඉපිද අද කොතනැක හෝ සිටින සියළු කිතුන බැතිමතුන් ටත් ඔබටත් සුභම සුභ නත්තලක් වේවා!
Read More

Friday, November 30, 2012

ජය ජය ශ්‍රි!



මේතුමිය මේ දවස් වල පුහුණු විම් වල.කැමති ම ක්‍රිඩාව.අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලි ය.ගියවර එනම්, 2011 වර්ෂයේ උතුරු මැද පළාත වෙනුවෙන් ක්‍රිඩා කරලා අනුශුරයෝ බවට පත් විමට සිදු විය. දුර්වල පන්දු යැවිම හමුවේ ජයග්‍රාහනය පෙනි පෙනි තිබියදී පරාජය උරුම විය. මෙවර නැගෙනහිර ප්‍රදේශයේ පුහුණු විධානය නියෝජනය  කරන අතර, ශුරතාවය ලබා ගැනිම තමයි එකම අරමුණ.
          තරඟාවලිය මෙවර පැවැත්වෙන්නේ රුහුණු පුරේ ඒ කියන්නේ දකුණු විධානයේදී ය. දින 10 ක් පුරා තරඟාවලිය පැවැත්වෙන නිසා අන්තර් ජාලයේ රැදි සිටිමට අවස්ථාවක් ලැබේවිද මන්දා.
          මෙය ලියන මොහෝතේදී ගියවර මතක සැමරුම් බලන්නද මම අමතක නොකරෙමි. එයින් බිඳක් ඔබටද දැක ගැනිමට සලස්වමි. එහෙනම් ඉතිං හෙට පන්දරින්ම දක්ෂිණ දීශාවට ගමන් අරඹමි. 15 දෙනෙකුගෙන් සැදුම් ලත් දක්ෂාතා වලින් පිරිපුන් කණ්ඩායමක් අප සතුව ඇති අතර, මෙවර අන්තර් විධාන ක්‍රිකට් තරඟාවලියේ ශුරියන් විමේ අධීෂ්ඨානයෙන් යුතුව දක්ෂිණ දේශය වෙත පිය නඟමි.  ඔබ සැමටත් තරඟාවලියට සහභාගි වන සියළු කණ්ඩායම් වලටත් අපි පසු කර යන කළුතර බෝ සමිදුගේ අශිර්වාදයත් කන්ද විහාරයේ අධිපතිගේ ආශිර්වාදයත් ලැබේවා!.ඔබටත් එම අශිර්වාදයේ බලයෙන්  ඔබ කරන සියළු කටයුතු සර්ථකව නිම කර ගැනිමට හැකි වේවායි මම ඒ සමඟම ප්‍රාර්ථනා ගෙන එමි.

සම්මා සම්බුදු සරණයි!
Read More

Sunday, November 25, 2012

ප්‍රථමාධාර



මගේ ගිනි නිවිමේ සටහනේ, මිනි විසිතුරු අපට ලබා දෙන සහෝදරයා   ඇසු ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස මම ඉගෙන ගත් දැනුමින් පිලිස්සුමක් ඇති වු විට දෙන ප්‍රථමාධාර පිළිබඳව දැනුවත් කිරීමක් කරන්නට සිතුණි. මේ පිළිබඳව අමතරව යමක් ඔබ දන්නේ නම් සහ විෂමතාවයක් තිබේ නම් ඒ පිළිබඳවද කරුණු ගෙන හැර දක්වන ලෙස ඉල්ලා සිටිමි.

මුලින් ම බලමු ප්‍රථමාධාරයක් යනු කුමක්ද? කියලා
          
     යම් කිසි හදිසි අවස්ථාවක දී, හදිසි රෝග තත්වයකදී වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගොස් නිසි ප්‍රතිකාර ලබා දිමට ප්‍රථම රෝගියා වෙතට කරණු ලබන ආධාරය.

ප්‍රථමාධාර දිමේ පරමාර්ථ

බිය දුරු කිරීම
රෝගියාගේ ජිවිතය බේරා ගැනිම
අතුරු ආබාධ අවම කර ගැනිම
දෙවනුව ලබාදෙන නිසි ප්‍රතිකාර වලට පහසු වීම සඳහා.

ප්‍රථමාධාර දෙන්නෙකු තුල තිබිය යුතු ගුණාංග

විෂය පිළිබඳව දැනුම
නායකත්වය ගැනිමේ හැකියාව
කාර්‍ය් ශුර බව
තැනට සුදුසු නුවණ
රෝගීන් පිලිකුල් නොකිරිම
ඉවසිලිවන්ත බව

පිළිස්සුම් සහ ප්‍රථමාධාර(BURNS AND FIRST AIDS)

          පිළීස්සිමක් යනු අධික උෂ්ණත්වයකට හෝ අධික ශීතලකට ශරීරයේ කොටස් යොමුවීම මඟින් සමේ හා අනෙකුත් ඉන්ද්‍රියන් වලට හානි සිදුවිමය.

පිළිස්සීමේ ප්‍රධාන කොටස් දෙකකි.

වියළි පිළිස්සීම  උදාඃ ගින්න,විදුලි සැර වැදිම,රත් වු ද්‍රව්‍ය ස්පර්ශ විම,අකුණු වැදිම

තෙත පිළිස්සීම  උදාඃ රසායනික ද්‍රව්‍ය (අම්ල හා භස්ම රත්වු ජලය හුමාලය වැනි දේ මඟින්)


ප්‍රථමාධාර

රෝගියා අනතුරෙන් වහා ඉවත් කිරීම(පිළිස්සීමෙන් පවතින කොටස් ඇත්නම් ගොනියකින් හෝ එවැනි ඝන ආවරණයකින් එම කොටස් වැසිම)

පහසු ඉරියව්වක තැබිම

ජලයෙන් පිළිස්සුන කොටස් නැහැවිම(අවම වශයෙන් පැය භාගයක් වත් ගලායන ජලයට යොමු කිරීම)

රෝගියා ගේ බිය දුරු කිරීම

ඇඳුම් ඇගට ඇලී ඇත්නම් ඉවත් කිරීමට උත්සහා නොකිරීම

බරපතල ලෙස පිළිස්සී ඇත්නම් මුඛයෙන් බිමට නොදිම වෛද්‍යවරයෙකු වෙත රැගෙන යාම

දිය බුබුලු ඇත්නම් ඒවා නොකඩන්න

Read More
Related Posts Plugin for WordPress, Blogger...