අනෝමා ජිනාදරිගේ "පුනරුක්‌ති" පොත මා අතට පත් වුයේ
අහම්බයකින් ය.පිතෘ මුලික සමාජයක විවේචනාත්මක කතිකාවකට සමාජ හඬ අවධි කරලිමට ගත්
උත්සහායක්ද? ඇය බොහෝ විවේචන වලට ලක් වන කාන්තාවකි.නොයෙකුත් දෙනා විවිධ දෘෂ්ඨි කෝණ
වලින් ඇයව විවේචනය කරද්දී ඇය නොසැලි ඇයගේ
ම සිතුවිල්ලක සිට ඒ සියල්ලන්ට ම පිළීතුරු ලබා
දෙයි.
ඇයගේ චින්තනය තුල නොතේරෙන ඉසව්වක්
තිබේ.එක් පැත්තකින් කාන්තා හිංසනය සහ ඔවුන්ගේ විමුක්තිය උදෙසා හඬක් අවධි කරන අතර ම
ඇයගේ නිරුවත් රඟපෑම ඇය රැකියාවේ කොටසක් විදියට
ම පමණක් සිතයි.
"පුනරුක්‌ති" කෘතිය කියවන විට සමහරක් අවස්ථා
යථාර්තය නිරුවත් කර ඇත්ද?එහෙමත් නැති නම් අතිශොක්තියෙන් කරපු විවේචනයක්ද කියලා මගේ
සිත දෝලනය විය.
“පුංවි කාලේ මම කොයි තරං නං මේ
උරපත්තේ නිදා ගන්න ඇතිද,නිදා ගන්න කොට්ටෙ ට වඩා දයාබරයි...ලෙන්ගතුයි අම්මගේ උරපත්ත”
එම කෘතියේ මෙවැනි සංවේදි ස්ථානද ඇති බව
පැවසිය යුතුය.ගැහැණු දරුවෙකුගේ කුඩා කාලය කථාවේ පරිදි අවදානමක ට භාජනය විම අවාසනාවක්
ලෙස මම දකිමි. ඇයගේ තිබු අත්ම විශ්වාසය සහ ශක්තිමත් සිත නිසා බොහෝ සිද්ධින් වු අවස්ථා
වලදී එයින් මිදිමට පුළුවන් කමක් ලැබි ඇත.එහෙත් සෑම ගැහැණු දරුවෙකු ම එවන් එඩිතර
බවකින් යුක්ත නොවේ.බොහෝ කටුක අත්විඳිම් සහ අත්දැකිම් සමඟ ජිවිතය අධිෂ්ඨාණයකින්
යුක්තව ඉදිරියට රැගෙන ආ බවක් කථාව පුරාවටම පැහැදිලිව දක්නට ඇත.
අම්මා පිළිබඳ බොහෝ කළකිරීමෙන් කථා කරන
ගමන් සමහරක් අවස්ථා වල ඇයගේ අනුකම්පාවට ලක් කිරීම තුල මට මෙහෙමත් සිතේ, අම්මා යම්
අවස්ථා වල පුරුෂාධිපත්‍යයට නතු විම නිසා අසරණ කමට යම් යම් විපර්යාශයන් වලට ගොදුරු
විමට ඇති බව.පියාගේ තිබු අලස ගති හේතුවෙන් එවන් කටුක අත්දැකීම් රැසකට මුහුණ පෑමට
දියණියටත් මවටත් සිදු වි ඇත.උගත් කමින් අඩුවක් නොව් මෙම දෙමාපියන් එවැනි ඉරණමකට
පත් විම ඇත්තටම පවුලේ සියළු දෙනා එකතු වි පෙර භවයක කර අකුසලකය විපාකද මන්දා.
ඕනෑම කරුණකදි හැම විටම අපිට ගත හැකි හිතකර
දේ ජිවිතයට යා කරගෙන අහිතකර යමක් ඇත්නම් එයින් පාඩමක් ඉගෙනිම කළ හැකිය.
මෙම කෘතිය කියවන අයෙකුට ඉගෙන ගත හැකි
බොහෝ කරුණු ඇත.හැබැයි තමන් පොත කියවන විට ඇය පිළිබඳ ද්වේශයෙන් තොරව කියවන්න.අම්මා තාත්තා
නැති අයෙකුට නම් තම ජිවිතය ජය ගන්න, මුහුණ පාන්නට සිදුවන අවස්ථා පසු කරන්නේ කෙසේද?
යන්න පිළිබඳ යම් අවබෝධයක් ගත හැකිය.
යම්
කෙනෙකුට පවසන්න පුළුවන් ඇය තමන් ගේ පමණක් නොවේ අනෙකුත් චරිත ද සදාචාර නොවන පරිදි හසුරුවා
එම චරිතද නිරුවත් කර ඇති බවක්.
මට කියන්න තියෙන්නෙ, පොත කියවන අයෙකුට එම චරිත වලට අපි පණ දිය යුතු
නැත.අවශ්‍ය වන්නේ තමන් ට එවැනි අවස්ථාවකට මුහුණ දිමට සිදුවුවහොත් ගන්න පුළුවන්
හොඳම විසදුම් මේ පොත හරහා ඉගෙන ගත් කරුණු තුලින් ගන්න කියලා.
මෙහි
ප්‍රධාන භුමිකාව ට “මෙහෙම කරන්න තිබුණා මේ අවස්ථාවේ” එහෙම තමන් ම හිතලා තමන් සමඟ
තර්කයක් ගොඩ නඟා ගනිමින් පොත කියවන්න.
ලොකය
යන දිශාවට යන්න නං වාලේ යන්න නෙමෙයි ඵල ඇති දේ පමණක් ගෙන අහිත කර දෑ මඟ හැර යන්න.ආතීතයේ
එහෙම වැරදි කරා අපිත් කරාම මොකද?මෙවැනි තර්ක ගොඩ නඟන්න උත්සහා නොකළ යුතුයි.එහෙමත්
නැති නම් දෙමාපියන් කළ වැරදි වසා ගෙන දරුවන්ට වාරණ දමන්න යනවා.ඔය වගේ තර්ක කිරීම අසුභවාදි
අකාල්පයක්ම පමණයි. වැඩිහිටියන් තමන් වරද්දා ගත් තැන් තම දරුවන්ට වරදින්නට දෙන්නේ
නැත.ඔවුන් එය සඟවාගෙන ඔබව යහ මඟට ගන්න යන අවස්ථාවක ඔබ තර්ක ගෙන්න එපා.එම උත්සහායන් වලට ඔබ උදව් කරන්න.
“ජ්‍යේෂ්ඨයා හැම විටම තමන් ලැබු මිහිරි
අමිහිරි මතකයන් තුළින් හරි මඟ පෙන්වයි”
-ජිඑම්-
පොත කියවලාම ඕනෙ බලන්න. ඒකටත් තව මාසයක් ඉවසන්න වෙනවා.
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඇයි ඒ මාසයක් ඉන්න ඕන කියන්නේ?
Deleteතව මාසෙකින් ඩුඩ් අයියා නිවාඩු එනවා ලංකාවට.
Deleteඑහෙමද.....ජය ජය.පරිස්සමින් එන්න.සම්මා සම්බුදු සරණයි!
Deleteහ්ම්ම්...පොත බලන්නනම් ආස හිතෙනවා
ReplyDeleteපොත කියවන්න සයුරි.මම කැමතියි ඔයාලගේ අදහස් දැන ගන්න.
Deleteමම නම් මේ පොත කියවලා නෑ. හොයාගෙනම බලන්න ඕනා.
ReplyDeleteබලන්න බලන්න..
Deleteපොත නම් කියෙව්වා.කාන්තාවක් හැටියට අනෝමගේ දිරිමත් බවට කැමතියි මම.ඒත් වෙලාවකට හිතෙනවා මොන අදහස් දැරුවත් ඇයත් විකිණිලා පමණයි කියන එක.
ReplyDeleteඔව් අයියේ එක තමයි මම කියලා තියෙන්නේ.ඔබ හරි.
Deleteඔය පොත් අනිවා අරන් බලන්න ඕනේ
ReplyDeleteඅනිවා බලන්න.ඒ විතරක් මදි.හිතෙන දේත් කියන්න.
Deleteහ්ම්... බලන්නම වෙනවා.
ReplyDeleteඑහි ඇති කරුණු දෙස බැලු කල අතිතයත් වර්ථමානයත් එකයි කියලා මට හැඟෙනවා.වෙනසකට ඇත්තේ ජනමධ්‍යයේ දියුණුව නිසා වර්තමානයට හැංඟිලා යමක් කිරිමට පුළුවන් කමක් නැති කමයි.
Deleteඅනෝමා ජනාදරී නම් වූ නිළියට මම හරිම කැමතියි. ඇගේ රංගන කුසලතාවට තියෙන කැමැත්ත නිසා. පොත නම් කියෙව්වේ නැහැ. ඒ නිසා ඒ ගැන යමක් කියන්න අමාරුයි. කලින් පොත ගැන බ්ලොගයක් තිබිලා කියෙව්වා.
ReplyDeleteඇයි මිස් මිස්ගේ බ්ලොග් එකේ පොස්ට් එක නැත්තේ.
Deleteඅද බලන්න ගයනි නංගී, මගෙ ඊයේ කනෙක්ශන් අවුල්.
Deleteකියවලනම් නෑ... ඒත් මේ විචාරෙ කියෙව්වම හිතෙනව මේකත් ගතානුගතික කතාවක් කියල. මේ වගේ තේමාවක් තියෙන කතාවක් මම කොහේ හරි කියවල තියෙනව.
ReplyDeleteඅපි අද මේ පැත්තට ආවේ ආ......
සහෝදරා ඔබේ පැමිණිමත් මට විශේෂයි.ඔබලා හැමෝම මට විශේෂයි.
Deleteමේ මාසේ පඩියට පොත අරගෙන කියවන්න ඕනා.
ReplyDeleteඔත්තුවට ස්තුතියි ගයනි !
ස්තුතියි යහළුවා මේ පැත්තට ආවට.සම්මා සම්බුදු සරණයි!
Deleteඒක නෙමේ ගයනි ඔයා ධනාත්මක චින්තනේ කරන කෙනෙක් ද ?
Deleteඇයි එහෙම අහන්නේ?
Deleteගොඩක් වටින ලිපියක්
ReplyDeleteමම මේ බ්ලොග් එකට ආව පළමු වතාව....... ජය
ඔබත් මට විශේෂයි.ගොඩාක් සාදරයෙන් පිළි ගනිමි.සම්මා සම්බුදු සරණයි!
Deleteමේ පොත කිවයවලා නැනේ
ReplyDeleteමම කින් ආවාද මන්දා මේ පැත්තට
"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
හුඟ දවසිකින්.........
Deleteපොත කියවල බලන්නම්කෝ හ්ම්ම්..කියවල නැහැ අක්කෝ..
ReplyDeleteබලන්න මගේ සුදු නංගියෝ....
Deleteමම අනෝමා ජනාදරී මහත්මියගේ පුනරුක්ති පොත් කියෙව්වේ නම් නැහැ. ඒත් මම අශෝක හඳගම මහත්තයාට සහ ආනෝමා ජනාදරී මහත්මියට හරිම කැමතියි. එයාලා හරිම සංවේදී අය එයාලාට මොනවා වුනාද කියලා මට දුකයි. මම හිතනවා මේ අය යළි එකතු වුනොත් දරුවන්ගේ පැත්තෙන් හොද දෙයක් කියලා. ඔබට සුබ පතමි.
ReplyDelete